සෙමිටික් භාෂා
සෙමිටික් | |
---|---|
භූගෝලීය බෙදා හැරීම | බටහිර ආසියාව, උතුරු අප්‍රිකාව, අප්‍රිකානු අඟ, මෝල්ටාව |
භාෂාමය වර්ගීකරණය | ඇෆ්‍රෝ-ආසියාතික |
මූල භාෂාව | මූල සෙමිටික් |
අනු කොටස් | |
ISO 639-2 / 5 | sem |
ග්ලෝටෝලොග් | semi1276 |
ELP | අක්ෂර දෝෂය: සැබෑ මොඩියුලක් නොමැත. |
සෙමිටික් භාෂාවන් හී වර්තමාන ව්‍යාප්තිය | |
සෙමිටික් භාෂාවන් හී ඓතිහාසික ව්‍යාප්තිය (දල වශයෙන්) |
සෙමිටික් භාෂා යනු ඇෆ්‍රෝ-ආසියාතික භාෂා පවුලේ ශාඛාවකි. එයට අරාබි, ඇම්හැරික්, ඇරමයික්, හීබෲ, මෝල්ටීස් සහ තවත් බොහෝ පැරණි සහ නව භාෂා ගණනාවක් ඇතුළත් වේ. බටහිර ආසියාව, උතුරු අප්‍රිකාව, [a] අප්‍රිකාවේ අඟ, [b] [c] මෝල්ටාව, [d] සහ බටහිර ආසියාව මෙන් ම උතුරු ඇමරිකාවේ, යුරෝපයේ සහ ඕස්ට්‍රේලියාවේ සිටින විශාල සංක්‍රමණික සහ විදේශගත ප්‍රජාවන් ද ඇතුළු ව මිලියන 330 කට අධික ජනතාවක් ඇෆ්‍රෝ-ආසියාතික භාෂා කතා කරති. මෙම පාරිභාෂිතය ප්‍රථම වරට 1780 ගණන්වල දී භාවිතා කරන ලද්දේ ගොටිංඤන් ඉතිහාස පාසලේ සාමාජිකයින් විසින් වන අතර, උත්පත්ති පොතේ නෝවාගේ පුතුන් තිදෙනාගෙන් කෙනෙකු වන ෂෙම්ගේ නාමයෙන් "සෙමිටික්" යන වදන ලබා ගන්නා ලදී.
සෙමිටික් භාෂා ඉතා ඈත කාලයේ සිට ම බටහිර ආසියාව තුළ ලිඛිත ස්වරූපයෙන් පැන නැගී ඇති අතර, නැගෙනහිර සෙමිටික් ඇකේඩියානු (ඇසිරියානු සහ බැබිලෝනියානු ලෙස ද හැඳින්වේ) සහ එබ්ලයිට් පාඨ (සුමේරියානු කියුනිෆෝමයෙන් උකහා ගත් අක්ෂර මාලාවකින් ලියා ඇත) ක්‍රි.පූ. 2600 දී පිළිවෙළින් මෙසපොතේමියාවේ සහ ඊසානදිග ලෙවන්ට් කලාපයේ පැන නැගී ය. දැනට තහවුරු කර ඇති පරිදි පැරණිතම භාෂා ලෙස සුමේරියානු සහ එලමයිට් (ක්‍රි.පූ. 2800 සිට ක්‍රි.පූ. 550) යන හුදෙකලා භාෂා මෙන් ම ඊජිප්තු (ක්‍රි.පූ. 3000 දී පමණ) යන සෙමිටික් භාෂාවන්ට ඥාතීත්වයක් දරන නමුත් එම ශාඛාවේ කොටසක් නොවන ඇෆ්‍රෝ-ආසියාතික පවුලේ සහෝදර ශාඛාවක සාමාජිකයෙක් වන භාෂාව ද දැක්විය හැකි ය. ඇමොරයිට් භාෂාව ක්‍රි.පූ. 2100 දී පමණ මෙසපොතේමියාවේ සහ උතුරු ලෙවන්ට් ප්‍රදේශයේ පැන නැගුණු අතර, පසුව අන්‍යෝන්‍ය අවබෝධතාවෙන් යුක්ත කානානීය භාෂා (හීබෲ, ෆිනීෂියානු, මෝවබයිට්, එදොමයිට්, සහ අම්මොනයිට් හා, සමහර විට එක්‍රොනයිට්, අමලෙකිට් සහ සූටීයානු ඇතුළුව), සහ ක්‍රි.පූ. 2 වැනි සහස්‍රයේ තවමත් ව්‍යවහාර වන ඇරමයික් සහ උගරිටික් භාෂා පැන නැගී ය.
සෙමිටික් භාෂා ලිවීමට භාවිතා කරන බොහෝ අක්ෂර මාලා අබ්ජාද් වේ. මේවා ස්වර කිහිපයක් හෝ සියල්ල ඉවත් කරන අකාරාදී අක්ෂර මාලා විශේෂයක් වන අතර ව්‍යාංජනාක්ෂර සෙමිටික් භාෂාවල අර්ථයේ ප්‍රධාන වාහකයන් වන බැවින් මෙම භාෂා සඳහා උචිත වේ. මේවාට උගරිටික්, ෆිනීෂියානු, ඇරමයික්, හීබෲ, සිරියැක්, අරාබි සහ පැරණි දකුණු අරාබි හෝඩීන් ඇතුළත් වේ. ඉතියෝපියාවේ සහ එරිත්‍රියාවේ සෙමිටික් භාෂා ලිවීම සඳහා භාවිතා කරන ගි'ඒස් අක්ෂර මාලාව රීත්‍යනුකූලව අබුගිඩාවකි: එනම් අවශ්‍යතාවය මත හෝ හඳුන්වාදීමේ අරමුණු සඳහා ස්වර දක්වන අනෙකුත් සෙමිටික් භාෂාවල හෝඩීන්ට වඩා වෙනස්ව, සෑම විටම ව්‍යාංජනාක්ෂරවලට එකතු කරන ලද පිල්ලම් ලකුණු භාවිතයෙන් ස්වර සටහන් කරන, නවීකරණය කරන ලද අබ්ජාදයකි. ලතින් අක්ෂරවලින් ලියනු ලබන එකම සෙමිටික් භාෂාව මෝල්ටීස් වන අතර, එය යුරෝපීය සංගමයේ නිල භාෂාවක් වන එකම සෙමිටික් භාෂාව වේ.
සෙමිටික් භාෂාවන් ඒවායේ සංයුක්ත නොවන පද විචාරය නිසා ප්‍රසිද්ධියක් උසුළයි. එනම්, මේ භාෂාවල වචන මූලයන් යනු හුදෙක් අක්ෂර හෝ වචන නොව, ස්වාධීන ව්‍යාංජනාක්ෂර කට්ටලයන් ය (සාමාන්‍යයෙන් කට්ටල තුනක් එක් වී, ඊනියා ත්‍රිත්ව මූලයක් සෑදීම සිදු වේ). බොහෝ විට උපසර්ග සහ ප්‍රත්‍ය වවන මූලයන් එක් කිරීම වෙනුවට, මූල ව්‍යාංජනාක්ෂර අතර ස්වර පිරවීමෙන් වචන උත්පාදනය කර ගනී. එහෙත් උපසර්ග හෝ ප්‍රත්‍ය එකතු කිරීම ද සිදු වේ. උදාහරණයක් ලෙස, අරාබි භාෂාවෙන් "ලියන්න" යන අර්ථය ඇති වචන මූලයේ k-t-b (ක්-ත්-බ්) ආකෘතිය ඇත. මෙම මූලයෙන් වචන සෑදෙන්නේ ව්‍යංජනාක්ෂර අතර ස්වර පිරවීමෙන් හා සමහර විට මූලයට වෙනත් ව්‍යාංජනාක්ෂර ද එකතු කිරීමෙනි. උදාහරණ ලෙස: كِتاب kitāb (ක් + ඉ + ත් + ආ + බ් = කිතාබ්) "පොත", كُتُب kutub (ක් + උ + ත් + උ + බ් = කුතුබ්) "පොත්", كاتِب kātib (ක් + ආ + ත් + ඉ + බ් = කාතිබ්) "ලේඛකයා", كُتّاب kuttāb (ක් + උ + ත් + ආ + බ් = කුතාබ්) "ලේඛකයෝ", كَتَب kataba "ඔහු ලිව්වා", يكتُب yaktubu "ඔහු ලියනවා" යනාදිය දැක්විය හැකි ය.
නම සහ හඳුනාගැනීම
[සංස්කරණය]හිබෲ, අරාබි සහ ඇරමයික් භාෂාවල සමානාත්මතාවය මධ්‍යතන යුගයේ සිට සියලුම විද්වතුන් විසින් පිළිගෙන ඇත. මෙම භාෂා අසල්වැසි ආසන්න පෙරදිග රටවල් සමඟ පැවතී ඓතිහාසික සම්බන්ධතා සහ බයිබල් අධ්‍යයනයන් හේතුවෙන් බටහිර යුරෝපීය විද්වතුන්ට හුරුපුරුදු ව පැවතී අතර, හිබෲ, අරාබි සහ ඇරමයික් පිළිබඳ සංසන්දනාත්මක විශ්ලේෂණයක් ලතින් භාෂාවෙන් 1538 දී Guillaume Postel විසින් ප්‍රකාශයට පත් කරන ලදී. [4] සියවස් දෙකකට පමණ පසුව, Hiob Ludolf මෙම භාෂා තුන සහ ඉතියෝපියානු සෙමිටික් භාෂා අතර සමානකම් විස්තර කළේ ය. [5][page needed][ පිටුව අවශ්‍ය ] කෙසේවෙතත්, මෙම භාෂා කාණ්ඩය "සෙමිටික්" ලෙස කිසිදු විශාරදයෙක් නම් කළේ නැත. [5][page needed]
"සෙමිටික්" යන පදය නිර්මාණය කරන ලද්දේ මූලික ව අගෝස්තු ලුඩ්විග් වොන් ෂ්ලෝසර් (1781) ඇතුළු ගොටිංඤන් ඉතිහාස පාසලේ සාමාජිකයින් විසින් අරාබි, ඇරමයික් සහ හීබෲවලට සමීප සම්බන්ධ භාෂා නම් කිරීම සඳහා ය. [6] [7] මෙම තෝරා ගත් නාමය ව්‍යුත්පන්න කර ඇත්තේ බයිබලයේ උත්පත්ති පොතේ වංශාවලියේ සඳහන් නෝවාගේ පුතුන් තිදෙනාගෙන් එක් අයෙකු වන ෂෙම්ගෙන්, [8] හෝ වඩාත් නිවැරදිව නම් කොයිනේ ග්‍රීක බයිබල් පරිවර්තනයේ එන, Σήμ (Sēm/සීම්) ගෙනි. යෝහෑන් ගොට්ෆ්‍රීඩ් අයිෂ්හෝන් (Johann Gottfried Eichhorn) මෙම පදය ප්‍රචලිත කිරීමේ ගෞරවයට පාත්‍ර වේ; [9] [10] [8] විශේෂයෙන්ම 1795 දී "Semitische Sprachen" (සෙමිටික් භාෂා) ලිපිය හරහා ඔහු, ජාතීන්ගේ වගුවේ "හැමිටික් " ලෙස කානාන්වරු හඳුන්වා තිබිය දීත්, 'හීබෲ සහ කානානයිට් යනු එකම භාෂාවක්'යැයි යන විවේචනයට එරෙහි පාරිභාෂිතය සාධාරණීකරණය කළේය.[11]
මොසයික් ජාතීන්ගේ ලැයිස්තුවේ සෙමිටික් ලෙසින් නම් කර ඇති ප්‍රජාවන්, හුදෙක් ඊනියා ප්‍රාචීන භාෂා වහරනු ලැබූ නිරිතදිග ආසියාවේ ජීවත් වූ ගෝත්‍රිකයන්ගේ නාමයන් ය. අපට සොයා යා හැකි ඈත ඉතිහාසයේ පටන්, මෙම භාෂා ලේඛනය කර ඇත්තේ මාත්‍රාක්ෂරවලින් (Syllabogram) හෝ ඇල්ෆබෙටික් (Alphabetic) අක්ෂරමාලාවලින් (කිසිවිට හයිරොග්ලිෆ්ස් හෝ රූපාක්ෂරවලින් නොවේ) වන අතර; ඇල්ෆබෙටික් හෝඩීන් හා මාත්‍රාක්ෂරවල සොයා ගැනීමේ පුරාවෘත්තයන් මෙම සෙමිටික් ප්‍රජාවන් දක්වා දිව යයි. එහෙත්, සෑම ඊනියා හැමිටික් ජනගහණයන් මුලික වශයෙන් හයිරොග්ලිෆ්ස් (ඊජිප්තු රූපාක්ෂර) භාවිත කළ අතර, පසුව ඔවුහු සෙමිටික් ප්‍රජාවන් සමඟ සම්බන්ධ වීම නිසා හෝ ඔවුන්ගේ ප්‍රදේශ ජනාවාස කිරීමේ ප්‍රතිඵලයක් ලෙස හෝ මෙම ඇල්ෆබෙටික් හෝඩීන්ට හා මාත්‍රාක්ෂරවලට හුරුපුරුදු වී අර්ධ වශයෙන් මේවා භාවිතයට යොමු විය. මෙම ආකාරයෙන් ප්‍රජාවන් භාවිතා කළ හෝඩීන් බැලූ කල ද, "සෙමිටික් භාෂා" යන වදන භාවිතා කිරීම උචිත බව සම්පුර්ණයෙන් ම පැහැදිලි ය. [12]
මීට පෙර මෙම භාෂා යුරෝපීය සාහිත්‍යයේ "ප්‍රාචීන භාෂා" ලෙස පොදුවේ හැඳින්විණි. [13] 19 වන සියවසේදී, "සෙමිටික්" යන්න ගතානුගතික නාමය බවට පත් විය; කෙසේ වෙතත්, පසුව විකල්ප නාමයක් වන "සිරියෝ-අරාබි භාෂා" යන්න ජේම්ස් කවුලස් ප්‍රිචර්ඩ් විසින් හඳුන්වා දුන් අතර සමහර ලේඛකයින් විසින් එය භාවිතා කරන ලදී.[10]
ඉතිහාසය
[සංස්කරණය]පුරාණ සෙමිටික් භාෂා ව්‍යවහාරකයෝ
[සංස්කරණය]ලෝකඩ යුගයේ සහ යකඩ යුගයේ මැදපෙරදිග සහ සුළු ආසියාවේ බොහෝ ප්‍රදේශවල සෙමිටික් භාෂා ව්‍යවහාර කර සහ ලේඛනය කර ඇති අතර, ආදිතම සාක්ෂිය වන්නේ ක්‍රි.පූ තුන්වන සහස්‍රයේ දි මෙසපොතේමියාවේ වූ (අක්කාඩ්, ඇසිරියාව, ඉසින්, ලාර්සා සහ බැබිලෝනියාව) නැගෙනහිර සෙමිටික් ඇකේඩියානු භාෂාවයි.[14]
සෙමිටික් කතා කරන ජනයාගේ සම්භවය තවමත් සාකච්ඡාවට බදුන් වෙමින් පවති. සෙමිටික් කතා කරන ජනයාගේ ප්‍රාග් ඓතිහාසික සම්භවයක් ඇති ස්ථාන ලෙස ස්ථාන කිහිපයක් යෝජනා කරනු ලැබී ය. ඒවා නම්, මෙසපොතේමියාව, ලෙවන්ට් ප්‍රදේශය, ඉතියෝපියාව, [16] නැගෙනහිර මධ්‍යධරණී කලාපය, අරාබි අර්ධද්වීපය සහ උතුරු අප්‍රිකාව යි. 2009 කළ අධ්‍යයනයකට අනුව, සෙමිටික් භාෂා ආරම්භ වූයේ ක්‍රි.පූ. 3750 දී පමණ ලෙවන්ට් ප්‍රදේශයෙනි. අප්‍රිකාවේ අඟ වෙත මෙම භාෂා හඳුන්වා දෙනු ලැබුවේ ක්‍රි.පූ. 800 දී පමණ දකුණු අරාබි අර්ධද්වීපයේ සිට වන අතර, ආසන්න වශයෙන් එම කාලයේ දී ම ෆිනීෂියානු ජනපදවාසීන් හරහා උතුරු අප්‍රිකාවට ව්‍යාප්ත විය. [17] [18] සමහරෙක් සෙමිටික් කථිකයන්ගේ අප්‍රිකාවේ අඟ ප්‍රදේශයට පැමිණීම බොහෝ පෙර දිනයකට පවරති. [19] තවත් උපකල්පනයකට අනුව, සෙමිටික් උතුරු අප්‍රිකාවේ තවත් පැරණි භාෂාවක ශාඛාවකින් ආරම්භ වූ අතර, කාන්තාරකරණය ක්‍රි.පූ හතරවන සහස්‍රයේ දී එහි වැසියන්ගෙන් ඇතැමෙකු වර්තමාන ඉතියෝපියාවට සංක්‍රමණය වීමට සලස්වන ලදී. අනෙක් අය අප්‍රිකාවෙන් වයඹ දෙසින් බටහිර ආසියාවට සංක්‍රමණය විය.[20]
වයඹදිග සෙමිටික් භාෂාවල ශාඛාවක් වන අතිශයින් සමීපව ඥාතීතවයක් දැරූ සහ අන්‍යෝන්‍ය අවබෝධතාවයෙන් යුක්ත විවිධ කානානයිට් භාෂාවලට එදොමයිට්, හීබෲ, ඇමෝනයිට්, මෝවබයිට්, ෆීනීෂියානු (පියුනික්/කාර්තේජිනියානු), සමරිතානු හීබෲ සහ එක්රොනයිට් ඇතුළත් විය. මේවා වර්තමාන ඊශ්‍රායලය සහ පලස්තීන ප්‍රදේශ, සිරියාව, ලෙබනනය, ජෝර්දානය, උතුරු සිනායි අර්ධද්වීපය, අරාබි අර්ධද්වීපයේ ඇතැම් උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල, තුර්කියේ නිරිතදිග මායිම්වල සහ ෆිනීෂියානු භාෂාව සම්බන්ධයෙන් නම්, ටියුනිසියාවේ වෙරළබඩ ප්‍රදේශවල (කාර්තේජය), ලිබියාව, ඇල්ජීරියාව සහ එහි කොටස්, මොරොක්කෝව, ස්පාඤ්ඤය, සහ ඇතැම්විට මෝල්ටාවේ සහ අනෙකුත් මධ්‍යධරණී දූපත්වල ව්‍යවහාර කරන ලදී. වයඹ දිග සිරියාවේ උගරිට් රාජධානියේ ව්‍යවහාර කරන ලද වයඹදිග සෙමිටික් භාෂාවක් වන උගරිටික්, කානානියානු කණ්ඩායමට ඥාතී සම්බන්ධයක් ඇති නමුත් ඒවාට වඩා වෙනස් භාෂාවකි.
කැල්ඩියන් භාෂාව (එම නාමයෙන් ම හඳුන්වන ඇරමයික් හෝ එහි බයිබල් ප්‍රභේදය සමග පටලවා නොගන්න.) වයඹදිග සෙමිටික් භාෂාවක් වූ අතර බොහෝ විට ඇරමයික් භාෂාවට සමීප ඥාතීත්වයක් දරන්නට ඇත. කැල්ඩියන්වරු ක්‍රි.පූ. 9 වෙනි සියවසේ දී ලෙවන්ට් ප්‍රදේශයේ සිට අග්නිදිග මෙසපොතේමියාවට සංක්‍රමණය වී ජනාවාස වූ පසු ස්වදේශීය මෙසපොතේමියානුවන්ගේ භාෂා වූ ඇකේඩියානු හා ඇරමයික් භාෂා ශීඝ්‍රයෙන් වැළඳ ගැනීමක් නිරීක්ෂණය වන අතර, එය කැල්ඩියන් බසේ ලිඛිත සාක්ෂි නොපැවතීමට හේතු වන්නට ඇත.
පුරාණ දකුණු අරාබි භාෂා (දකුණු සෙමිටික් ලෙස වර්ගීකරණය කර ඇති අතර එම නිසා මධ්‍යම-සෙමිටික් අරාබිවලින් වෙනස් ය.) ව්‍යවහාර කරන ලද්දේ ඩිල්මුන්, ෂීබා, උබර්, සොකොත්‍රා සහ මාගන් යන රාජධානිවල වන අතර එම ප්‍රදේශ වර්තමානයේ සෞදියේ නැගෙනහිර වෙරළ තීරයේ කොටසක්, බහරේනය, කටාර්, ඕමානය සහ යේමනය ආවරණය කරයි. දකුණු සෙමිටික් භාෂා ගි'ඒස් භාෂාව මතු වූ අප්‍රිකාවේ අඟ වෙත ක්‍රි.පූ 8 වැනි සියවසේ පමණ කාලයේ දී ව්‍යාප්ත වන්නට ඇතැයි සැලකේ (එහෙත් එහි බලපෑමේ දිශාව තවමත් අවිනිශ්චිත ය.)
නූතන යුගය
[සංස්කරණය]ක්‍රි.ව. 200 දී පමණ නැගෙනහිර මධ්‍යම ඇරමයික් උපභාෂාවක් ලෙස පැවතී සම්භාව්‍ය සිරියැක් භාෂාව, මෙසපොතේමියාව, ලෙවන්ට් සහ ඉන්දියාවේ කේරළ යන ප්‍රදේශවල පූජනීය භාෂාවක් ලෙස භාවිතා කරන ලදී, මුල් ක්‍රිස්තියානි ධර්මයේ සාහිත්‍ය භාෂාවක් ලෙස ක්‍රි.ව. 3 වන සියවසේ සිට පස්වන සියවස අතර කාලයේ දී වැදගත් වූ අතර මෙහි භාවිතය මුල් ඉස්ලාමීය යුගය දක්වා පැවතුනි.
සෙමිටික් ව්‍යවහාර කරන ජනතාව
[සංස්කරණය]පහත දැක්වෙන්නේ සමහර නව සහ පැරණි සෙමිටික් භාෂා කතා කරන ජනයා සහ ජාතීන් ලැයිස්තුවකි:'
මධ්‍යම සෙමිටික්
[සංස්කරණය]- අමෝරිවරු
- අරාබි
- අලවිවරු
- පුරාණ උතුරු අරාබි- කතා කරනවා බඩූන්වරු
- ඉටියුරියන්ස්
- නබටේනියානුවන්
- ටයි
- සමුද් – ක් රි. ව. 2 සිට 5 වන සියවස දක්වා
- ආරාමිකයන් – පුරාණ උතුරු බටහිර සෙමිටික් ජනතාවක්. ඔවුන් විවිධ රාජධානි සහ නගර රාජ් යයන් ඇති අතර තිහාසිකව ගෝත් රික ව් යුහයන් තුළ සංවිධානය වී ඇත.
- අහ්ලමු
- ආරාමිකයන් (සිරියානුවන්) – ප් රදේශයේ සුළුතර ජනවර්ගයක් කලුමූන් කඳු තවමත් කතා කරන අය බටහිර ආරාමීය.
- මාලමි
- කානානි භාෂාව කතා කරන මුල් යකඩ යුගයේ ජාතීන්:
- ඇම්මොනයිට්
- ඒදොමිවරුන් – ක් රිස්තු පූර්ව 11 වන සියවස සිට 2 වන සියවස දක්වා ජෝර්දානයෙන් එපිට දිස් විය. අවසානයේදී හස්මෝනියානු යටත් විජිතය තුළ යුදෙව් ජනගහනය සමඟ සමමුහුර්ත විය.
- හෙබ් රෙව්/ඊශ් රායෙල්වරු – ජාතිය ආරම්භ කළා ඊශ් රායලය පසුව රාජ් යයන් බවට බෙදී ගිය ඊශ් රායලය සහ ජුදා.
- යුදෙව්වන්
- සමාරියන්
- මෝවබ්වරු
- ෆීනීකියානුවන් – මධ් යධරණී කලාපයේ ජනපද පිහිටුවා ඇත ටයර්, සීදොන් සහ පුරාණ කාතිජය/පනික්. මෙම ජනයාගේ ඉතිරි කොටස ලෙබනනයේ නූතන වැසියන් බවට පත් විය.
- කල්දියා – දකුණු මෙසපොතේමියාවේ ආ. 1000 BC අවසානයේදී බබිලෝනියානු ජනගහනය අතරට අතුරුදහන් විය.
- ඩ් රූස්
- මෝල්ටානු
- මැන්ඩියන්
- මාරෝනයිට්වරු
- සමාලියානුවන්
- උගරිට් – ක් රිස්තු පූර්ව 14 සිට 12 වන සියවස දක්වා
සමුදේශ
[සංස්කරණය]- ^ Owens 2013, පිටු අංකය: 2.
- ^ Hudson & Kogan 1997, පිටු අංකය: 457.
- ^ Hudson & Kogan 1997, p. 424; Austin 2008, p. 74
- ^ Kuntz 1981.
- ^ a b Ruhlen 1991.
- ^ https://books.google.com/books?id=B1nxCQAAQBAJ&pg=PT252.
{{cite book}}
:|archive-date=
requires|archive-url=
(help); Missing or empty|title=
(help) - ^ Kiraz 2001; Baasten 2003
- ^ a b Kiraz 2001.
- ^ Baasten 2003.
- ^ a b Kitto 1845.
- ^ Eichhorn 1794; Baasten 2003
- '^ Johann Gottfried Eichhorn, Semitische Sprachen, 1795
- ^ Kiraz 2001; Kitto 1845
- ^ [1] සංරක්ෂණය කළ පිටපත 2020-07-31 at the Wayback Machine Andrew George, "Babylonian and Assyrian: A History of Akkadian", In: Postgate, J. N., (ed.), Languages of Iraq, Ancient and Modern. London: British School of Archaeology in Iraq, pp. 37.
- ^ Brandão 2020.
- ^ Murtonen, A. (1967). "Early Semitic. A diachronical inquiry into the relationship of Ethiopic to the other so-called South-East Semitic languages". 13 May 2023 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 March 2023.
- ^ Kitchen, Ehret & Assefa 2009.
- ^ "Semite". Encyclopædia Britannica. http://www.britannica.com/EBchecked/topic/534157/Semite. ප්‍රතිෂ්ඨාපනය 24 March 2014.
- ^ . 2012. p. 11 https://www.cambridge.org/core/books/foundations-of-an-african-civilisation/085D477B9A156FEE4C8D1A3128B9B52A.
{{cite book}}
:|archive-date=
requires|archive-url=
(help); Missing or empty|title=
(help) - ^ "The Origin of the Jews: The Quest for Roots in a Rootless Age By Steven Weitzman page 69". 16 July 2023 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 14 March 2023.
''''''''''
- ^ Arabic is one of the world's largest languages, spoken natively in West Asia and Africa by about 300 million speakers, and as a second language by perhaps another 60 million.[1]
- ^ Amharic has perhaps fifteen million speakers, in Africa probably fewer than only Arabic, Swahili, Hausa, and Oromo, and is the second most populous Semitic language, after just Arabic. It is the lingua franca and constitutionally recognized national language of Ethiopia, and the national language of instruction of Ethiopian public education in the primary grades.[2]
- ^ Tigrinya, not to be confused with the related but distinct language Tigre, is, like Amharic, a northern Ethiopian Semitic language, is spoken as a native language by the overwhelming majority of the population in the Tigre province of Ethiopia and in the highland part of Eritrea (the provinces of Akkele Guzay, Serae and Hamasien, where the capital of the state, Asmara, is situated). Outside of this area Tigrinya is also spoken in the Tambien and Wolqayt historical districts (Ethiopia) and in the administrative districts of Massara and Keren (Eritrea), these being respectively the southern and northern limits of its expansion. The number of speaker of Tigrinya has been estimated at 4 million in 1995; 1.3 million of them live in Eritrea (around 50 percent of the population of the country), in 2008 by an estimated 5 million.[3] Hebrew speaking about ~5 million native/L1 speakers,[තහවුරු කර නොමැත] Gurage has around 1.5 million speakers,[තහවුරු කර නොමැත] Tigre has c. ~1.05 million speakers,[තහවුරු කර නොමැත] Aramaic is spoken by around 575,000 to 1 million largely Assyrian speakers).[තහවුරු කර නොමැත]
- ^ Maltese has around 483,000 speakers,[තහවුරු කර නොමැත]
මූලාශ්‍ර
[සංස්කරණය]
- Afsaruddin, Asma; Zahniser, A. H. Mathias (1997). Humanism, Culture, and Language in the Near East: Studies in Honor of Georg Krotkoff. Winona Lake, Ind.: Penn State University Press. doi:10.5325/j.ctv1w36pkt. ISBN 978-1-57506-020-0. JSTOR 10.5325/j.ctv1w36pkt. 27 March 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 27 March 2022.
- Austin, Peter K., ed. (2008). One Thousand Languages: Living, Endangered, and Lost. Berkeley: University of California Press. ISBN 978-0-520-25560-9. 26 May 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 19 December 2021.
- Baasten, Martin F. J. (2003). "A Note on the History of 'Semitic'". In Baasten, M. F. J.; Van Peursen, W. Th. (eds.). Hamlet on a Hill: Semitic and Greek Studies Presented to Professor T. Muraoka on the Occasion of His Sixty-fifth Birthday. Peeters. pp. 57–73. ISBN 90-429-1215-4.
- Bennett, Patrick R. (1998). Comparative Semitic Linguistics: A Manual. Winona Lake, Indiana: Eisenbrauns. ISBN 1-57506-021-3.
- Blau, Joshua (2010). Phonology and Morphology of Biblical Hebrew. Winona Lake, Indiana: Eisenbrauns. ISBN 978-1-57506-129-0.
- Coghill, Eleanor (2016). The Rise and Fall of Ergativity in Aramaic: Cycles of Alignment Change. Oxford: Oxford University Press. ISBN 978-0-19-872380-6.
- Davies, John (1854). "On the Semitic Languages, and their relations with the Indo-European Class. Pt I. On the Nature and Development of Semitic Roots". Transactions of the Philological Society (10). 25 February 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 21 September 2018.
- Davies, John (1854). "On the Semitic Languages, and their relations with the Indo-European Class. Pt II. On the Connection of Semitic Roots with corresponding forms in the Indo-European Class of Languages". Transactions of the Philological Society (13). 25 February 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 21 September 2018.
- Dolgopolsky, Aron (1999). From Proto-Semitic to Hebrew. Milan: Centro Studi Camito-Semitici di Milano.
- Eichhorn, Johann Gottfried (1794). Allgemeine Bibliothek der biblischen Literatur [General Library of Biblical Literature] (ජර්මන් බසින්). Vol. 6. 26 May 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 26 August 2020.
- Brock, Sebastian (1998). "Syriac Culture, 337–425". In Cameron, Averil; Garnsey, Peter (eds.). The Cambridge Ancient History. Vol. 13: The Late Empire, A.D. 337–425. Cambridge: Cambridge University Press. pp. 708–719. ISBN 0-521-85073-8. 26 May 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 19 December 2021.
- Greenberg, Joseph H. (1999). "The Diachronic Typological Approach to Language". In Shibatani, Masayoshi; Bynon, Theodora (eds.). Approaches to Language Typology. Oxford: Oxford University Press. pp. 145–166. ISBN 0-19-823866-5. 26 May 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2 January 2022.
- Bergsträsser, Gotthelf (1995). Introduction to the Semitic Languages: Text Specimens and Grammatical Sketches. Translated by Daniels, Peter T. Winona Lake, Indiana: Eisenbrauns. ISBN 0-931464-10-2.
- Garbini, Giovanni (1984). Le lingue semitiche: studi di storia linguistica [Semitic languages: studies of linguistic history] (ඉතාලි බසින්). Naples: Istituto Orientale.
- Garbini, Giovanni; Durand, Olivier (1994). Introduzione alle lingue semitiche [Introduction to Semitic languages] (ඉතාලි බසින්). Brescia: Paideia.
- Goldenberg, Gideon (2013). Semitic Languages: Features, Structures, Relations, Processes. Oxford University Press. ISBN 978-0-19-964491-9.
- Hackett, Jo Ann (2006). "Semitic Languages". In Keith Brown; Sarah Ogilvie (eds.). Concise Encyclopedia of Languages of the World. Elsevier. pp. 929–935. ISBN 9780080877754. 26 May 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 26 August 2020 – via Google Books.
- Harrak, Amir (1992). "The ancient name of Edessa". Journal of Near Eastern Studies. 51 (3): 209–214. doi:10.1086/373553. JSTOR 545546. S2CID 162190342.
- Hetzron, Robert (1997). The Semitic Languages. Routledge. ISBN 978-0-415-05767-7.
- Hetzron, Robert; Kaye, Alan S.; Zuckermann, Ghil'ad (2018). "Semitic Languages". In Comrie, Bernard (ed.). The World's Major Languages (3rd ed.). London: Routledge. pp. 568–576. doi:10.4324/9781315644936. ISBN 978-1-315-64493-6. 19 December 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 19 December 2021.
- Hudson, Grover; Kogan, Leonid E. (1997). "Amharic and Argobba". In Hetzron, Robert (ed.). The Semitic Languages. New York: Routledge. pp. 457–485. ISBN 0-415-05767-1. 26 May 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 26 August 2020.
- Izre'el, Shlomo (1987c), Canaano-Akkadian, https://www.tau.ac.il/~izreel/publications/CanAkkMethRequisites_2007.pdf, ප්‍රතිෂ්ඨාපනය 10 August 2020
- Kiraz, George Anton (2001). Computational Nonlinear Morphology: With Emphasis on Semitic Languages. Cambridge University Press. p. 25. ISBN 9780521631969.
The term "Semitic" is borrowed from the Bible (Gene. x.21 and xi.10–26). It was first used by the Orientalist A. L. Schlözer in 1781 to designate the languages spoken by the Aramæans, Hebrews, Arabs, and other peoples of the Near East (Moscati et al., 1969, Sect. 1.2). Before Schlözer, these languages and dialects were known as Oriental languages.
- Kitchen, A.; Ehret, C.; Assefa, S. (2009). "Bayesian phylogenetic analysis of Semitic languages identifies an Early Bronze Age origin of Semitic in the Near East". Proceedings. Biological Sciences. 276 (1668): 2703–10. doi:10.1098/rspb.2009.0408. PMC 2839953. PMID 19403539.
- Kitto, John (1845). A Cyclopædia of Biblical Literature. London: W. Clowes and Sons.
That important family of languages, of which the Arabic is the most cultivated and most widely-extended branch, has long wanted an appropriate common name. The term Oriental languages, which was exclusively applied to it from the time of Jerome down to the end of the last century, and which is even now not entirely abandoned, must always have been an unscientific one, inasmuch as the countries in which these languages prevailed are only the east in respect to Europe; and when Sanskrit, Chinese, and other idioms of the remoter East were brought within the reach of our research, it became palpably incorrect. Under a sense of this impropriety, Eichhorn was the first, as he says himself (Allg. Bibl. Biblioth. vi. 772), to introduce the name Semitic languages, which was soon generally adopted, and which is the most usual one at the present day. [...] In modern times, however, the very appropriate designation Syro-Arabian languages has been proposed by Dr. Prichard, in his Physical History of Man. This term, [...] has the advantage of forming an exact counterpart to the name by which the only other great family of languages with which we are likely to bring the Syro-Arabian into relations of contrast or accordance, is now universally known—the Indo-Germanic. Like it, by taking up only the two extreme members of a whole sisterhood according to their geographical position when in their native seats, it embraces all the intermediate branches under a common band; and, like it, it constitutes a name which is not only at once intelligible, but one which in itself conveys a notion of that affinity between the sister dialects, which it is one of the objects of comparative philology to demonstrate and to apply.
- Kogan, Leonid (2012). "Proto-Semitic Phonology and Phonetics". In Weninger, Stefan (ed.). The Semitic Languages: An International Handbook. Walter de Gruyter. ISBN 978-3-11-025158-6.
- Kuntz, Marion Leathers (1981). Guillaume Postel: Prophet of the Restitution of All Things His Life and Thought. The Hague: Nijhoff. ISBN 90-247-2523-2. 26 May 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 17 December 2021.
- Kogan, Leonid (2011). "Proto-Semitic Phonology and Phonetics". In Weninger, Stefan (ed.). The Semitic Languages: An International Handbook. Walter de Gruyter. ISBN 978-3-11-025158-6. 18 October 2023 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 7 May 2017.
- Levine, Donald N. (2000). Greater Ethiopia: The Evolution of a Multiethnic Society (2. ed.). University of Chicago Press. ISBN 978-0-226-22967-6. 26 May 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 17 December 2021.
- Lipiński, Edward (2001). Semitic Languages: Outline of a Comparative Grammar (2nd ed.). Leuven: Peeters. ISBN 90-429-0815-7.
- Mustafa, Arafa Hussein. 1974. Analytical study of phrases and sentences in epic texts of Ugarit. (German title: Untersuchungen zu Satztypen in den epischen Texten von Ugarit). Dissertation. Halle-Wittenberg: Martin-Luther-University.
- Moscati, Sabatino (1969). An Introduction to the Comparative Grammar of the Semitic Languages: Phonology and Morphology. Wiesbaden: Harrassowitz.
- Moscati, Sabatino (1958). "On Semitic Case-Endings". Journal of Near Eastern Studies. 17 (2): 142–144. doi:10.1086/371454. S2CID 161828505.
- Müller, Hans-Peter (1995). "Ergative Constructions In Early Semitic Languages". Journal of Near Eastern Studies. 54 (4): 261–271. doi:10.1086/373769. JSTOR 545846. S2CID 161626451.
- Nebes, Norbert (2005). "Epigraphic South Arabian". In Uhlig, Siegbert (ed.). Encyclopaedia Aethiopica. Wiesbaden: Harrassowitz. ISBN 978-3-447-05238-2.
- Ullendorff, Edward (1955). The Semitic Languages of Ethiopia: A Comparative Phonology. London: Taylor's (Foreign) Press.
- Owens, Jonathan (2013). The Oxford Handbook of Arabic Linguistics. Oxford University Press. ISBN 978-0199344093. 26 May 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 26 August 2020.
- Phillipson, David (2012). Foundations of an African Civilization, Aksum and the Northern Horn 1000 BC-AD 1300. Boydell & Brewer. ISBN 9781846158735. 26 May 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 6 May 2021.
The former belief that this arrival of South-Semitic-speakers took place in about the second quarter of the first millennium BC can no longer be accepted in view of linguistic indications that these languages were spoken in the northern Horn at a much earlier date.
- Ruhlen, Merritt (1991). A Guide to the World's Languages: Classification. Stanford, California: Stanford University Press. ISBN 0-8047-1894-6. 26 May 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 26 August 2020.
The other linguistic group to be recognized in the eighteenth century was the Semitic family. The German scholar Ludwig von Schlozer is often credited with having recognized, and named, the Semitic family in 1781. But the affinity of Hebrew, Arabic, and Aramaic had been recognized for centuries by Jewish, Christian and Islamic scholars, and this knowledge was published in Western Europe as early as 1538 (see Postel 1538). Around 1700 Hiob Ludolf, who had written grammars of Geez and Amharic (both Ethiopic Semitic languages) in the seventeenth century, recognized the extension of the Semitic family into East Africa. Thus when von Schlozer named the family in 1781 he was merely recognizing genetic relationships that had been known for centuries. Three Semitic languages (Aramaic, Arabic, and Hebrew) were long familiar to Europeans both because of their geographic proximity and because the Bible was written in Hebrew and Aramaic.
- Sánchez, Francisco del Río (2013). Monferrer-Sala, Juan Pedro; Watson, Wilfred G. E. (eds.). Archaism and Innovation in the Semitic Languages. Selected Papers. Córdoba: Oriens Academic. ISBN 978-84-695-7829-2. 11 September 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 19 February 2022.
- Smart, J. R. (2013). Tradition and modernity in Arabic language and literature. Smart, J. R., Shaban Memorial Conference (2nd : 1994 : University of Exeter). Richmond, Surrey, U.K.: Taylor & Francis. ISBN 978-1-13678-812-3.
- Versteegh, Kees (1997). The Arabic Language. New York: Columbia University Press. ISBN 978-0-231-11152-2. 26 May 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 21 December 2018.
- Waltke, Bruce K.; O'Connor, Michael Patrick (1990). An Introduction to Biblical Hebrew Syntax. Vol. 3. Winona Lake, Indiana: Eisenbrauns. ISBN 0-931464-31-5. 26 May 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 17 December 2021.
- Watson, Janet C. E. (2002). The Phonology and Morphology of Arabic (PDF). New York: Oxford University Press. ISBN 0-19-824137-2. 2016-03-01 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. – via Wayback Machine.
- Woodard, Roger D., ed. (2008). The Ancient Languages of Syrio-Palestine and Arabia (PDF). Cambridge: Cambridge University Press. 11 November 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 17 May 2017.
- Wright, William; Smith, William Robertson (1890). Lectures on the Comparative Grammar of the Semitic Languages. Cambridge: Cambridge University Press. [2002 edition: ISBN 1-931956-12-X]