Jump to content

පුරාතන කාර්තේජ්

විකිපීඩියා වෙතින්
කාර්තේජ්

කාට්-හැඩෂ්ට්
ක්‍රිපූ 814–ක්‍රිපූ 146
ක්‍රිපූ 264දී කාර්තේජය සහ එහි යටත් ප්‍රදේශ
ක්‍රිපූ 264දී කාර්තේජය සහ එහි යටත් ප්‍රදේශ
අගනුවරකාර්තේජ්
පොදු භාෂාවන්පියුනික්, ෆනේෂියානු, බර්බර්, නියුමිඩ්, පුරාතන ග්‍රීක භාෂාව
ආගම
පියුනික් ආගම
ජාති නාම(ය)කාර්තජේනියානු
රජයක්‍රිපූ 480 දක්වා රාජාණ්ඩුව, ඉන්පසුව ජනරජය
රජ, පසුව ෂොෆට් ("විනිශ්චයකාරයා") 
ඓතිහාසික යුගයපුරාතනය
• කාර්තේජය පිහිටුවීම
ක්‍රිපූ 814
ක්‍රිපූ 146
ව්‍යවහාර මුදලකාර්තජේනියානු ෂෙකල්
පූර්වප්‍රාප්ති වනුයේ
අනුප්‍රාප්ති වනුයේ
ෆනේෂියාව
අප්‍රිකාව (රෝමානු පළාත)
සිසිලියා (රෝමානු පළාත)
හිස්පානියා
වර්තමානයේ මෙය අයත් වන්නේ

පුරාතන කාර්තේජ් යනු, කාර්තේජ් නම් ෆනේෂියානු පුර-රාජ්‍යය විය. ක්‍රිපූ 7වන සහ 3වන සියවස අතරතුර කාලයේදී, එහි බල ඉම් ගෝලය, එනම් ඊනියා කාර්තජේනියානු අධිරාජ්‍යය වෙත, උතුරු අප්‍රිකාවේ වෙරළබඩ තීරයෙන් මහත් කොටසක් මෙන්ම වෙරළබඩ අයිබීරියාවේ සහ බටහිර මධ්‍යධරණියේ දිවයින් වල සැලකිය යුතු කොටස්ද අයත් විය. [1]

කාර්තේජය ප්‍රතිස්ථාපනය කෙරුණේ ක්‍රිපූ 814 වසරෙහිදීය. [2][3] එකල, ටයියර් නම් ෆනේෂියානු රාජ්‍යයේ පරායත්තයක් වූ කාර්තේජය, 650 පමණ වත්ම නිදහස ලබා ගත් අතර, බටහිර මධ්‍යධරණිය පුරා අනෙකුත් ෆනේෂියානු ජනාවාස මත පවත්වා ගත් එහි දේශපාලනමය ආධිපත්‍යය ක්‍රිපූ 3වන සියවස කෙළවර වන තුරුම පැවතිණි. නගරයෙහි ප්‍රමුඛත්වයෙහි උච්චතම අවස්ථාවෙහිදී, ප්‍රදේශය පුරා පැතිරුණු වෙළෙඳ මධ්‍යස්ථාන සමගින් ප්‍රධාන වෙළෙඳ කේන්ද්‍රයක් ලෙසින් පැවතිණි.

එහි ඉතිහාසයෙන් බොහෝ කාලයක්, සිසිලියේ සිටි ග්‍රීකයන් සහ රෝමානු ජනරජය හා සමගින්, එදිරිවාදී තත්ත්වයක කාර්තේජය සිටි අතර, මේ නිසාම පිළිවෙලින් ග්‍රීක-පියුනික් යුද්ධ (ක්‍රිපූ 600-265 පමණදී) සහ පියුනික් යුද්ධ (ක්‍රිපූ 264-146) ලෙසින් හැඳින්වෙන සන්නද්ධ ගැටුම් මාලාවකට මුහුණ දුන්නේය. කාර්තේජය තැනුනු ප්‍රදේශයේ සිටි ආදිවාසිකයන් වූ විභව්‍ය එදිරිවාදී බර්බර්වරුන්,[4] හා සමගද පලහිලව් විසඳා ගැනුමට නගරයට සිදු විය.

ක්‍රිපූ 146 දී, තුන්වන සහ අවසාන පියුනික් යුද්ධයෙන් පසුව, රෝමානු සේනාවෝ කාර්තේජය විනාශ කොට ඉන්පසුව එය අධිවාසනය කලහ.[5] අනෙකුත් ෆනේෂියානු පුර රාජ්‍යයන් සහ පූර්ව කාර්තජේනියානු පරායත්තයන් සියල්ලම පාහේ ඉන්පසුව රෝමානුවන් වෙතට පත් වූහ.

ඉතිහාසය[සංස්කරණය]

ෆනේෂියානු ජනාවාසයන්ගේ පැතිරීම[සංස්කරණය]

ඔවුන්ගේ වෙළෙඳ නෞකා සමූහ සඳහා ආරක්ෂිත වරායන් සැපයීම සඳහාද [6], ප්‍රදේශයේ ස්වභාවික සම්පත් සඳහා ඒකාධිකාරියක් පවත්වාගෙන යෑම සඳහා සහ පිටස්තර මැදිහත්වීම් වලින් තොරව නිදහස් වෙළෙඳාමක් පවත්වා ගෙන යෑම සඳහාත්, ෆනේෂියානුවන් විසින් මධ්‍යධරණී වෙරළ දිගට බොහෝ ජනපද නගර පිහිටවූහ [7]. [8] වෙළෙඳ භාණ්ඩ සඳහා ඉල්ලුමක් සපුරාලීම සඳහාද, ටයියර්, සයිඩ්න්, සහ බිබ්ලෝස් පාලනය කල අධිරාජ්‍යයන් අනුපිළිවෙල වෙත කප්පම් ගෙවීමේ අවශ්‍යතාවයෙන් [9]මිදීමටද සහ, වාණිජ්‍ය්‍ය සඳහා සුදුසු මධ්‍යධරණියෙහි එම ප්‍රදේශය මුළුමනින් ග්‍රීක ජනපදකරණයට ලක්වේද යන බිය නිසාද, මෙම නගර පිහිටුවීමට පොළඹවන ලදහ.[10] විශාල ස්වයං-පෝෂිත නගර, එතෙර පිහිටුවීමට අවශ්‍ය ජනගහණය සහ ඇවැසිතාවයන් සැපයීමට ෆනේෂියානුවන් අපොහොසත් වීම නිසා, ඔවුන්ගේ බොහෝ ජනපද නගරවල වැසියන් සිටියේ 1,000 කට අඩු ගණනක් වුවද, කාර්තේජය සහ අනෙකුත් නගර කිහිපයක් තුල විශාල ජනගහණයක් පවත්වාගෙන යෑමට ඔවුහූ සමත් වූහ.[11]

කාර්තජේනියානු පාලනය[සංස්කරණය]

ටයියරියානුවන් විසින් බටහිර අප්‍රිකානු වෙරළ තීරයෙහි ජනපද තුන්සියයක් පිහිටවූ බවට ස්ට්‍රාබෝගේ ප්‍රකාශය පැහැදිලි අතිශයෝක්තියක් වුවද, ටියුනීසියාව, මොරොක්කෝව, ඇල්ජීරියාව, අයිබීරියාව, තුලද[12] ශුෂ්ක ලිබියානු වෙරළ තීරයෙහි අඩු ප්‍රමාණයකටද ජනපද පිහිටවූ බව සත්‍යයකි.

ආශ්‍රිත[සංස්කරණය]

  1. ග්ලෙන් මාර්කෝ (2000). ෆනේෂියන්ස්. කැලිෆෝනියා විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. p. 55. ISBN 978-0-520-22614-2. සම්ප්‍රවේශය 11 පෙබරවාරි 2013.
  2. සැබටිනෝ මොස්කාටි (12 ජනවාරි 2001). "කොලොනයිෂේසන් ඔෆ් ද මෙඩිටරේනියන්". In සැබටිනෝ මොස්කාටි (ed.). ද ෆනේෂියන්ස්. අයි.බී.ටවුරිස්. p. 48. ISBN 978-1-85043-533-4. සම්ප්‍රවේශය 12 පෙබරවාරි 2013.
  3. මාරියා ඉයුජීනියා ඕබට් (2008). "පොලිටිකල් ඇන්ඩ් ඉකනොමික් ඉම්ප්ලිකේෂන්ස් ඔෆ් ද නිව් ෆනේෂියන් ක්‍රොනොලොජීස්" (PDF). උනිවර්සිඩැඩ් පොම්පෙයූ ෆබ්රා. p. 179. සම්ප්‍රවේශය 24 පෙබරවාරි 2013. කාර්තේජයේ ඈත අතීතම මට්ටම් සඳහා මෑතදී ලබා ගත් රේඩියෝකාබන් දින නියමයන් අනුව මෙම ටයියරියානු ජනපදය සඳහා කාල නිර්ණය වනුයේ ක්‍රිපූ 835–800 වන අතර, නගරය ආරම්භ කෙරුණු වකවානු සඳහා ෆ්ලාවියුස් යෝසේෆුස් සහ ටිමේයුස් විසින් ලබාදුන් දින වකවානු හා සීහෙයි.
  4. ජෝන් ඉලිෆ් (13 අගෝස්තු 2007). ඇෆ්රිකන්ස්: ද හිස්ට්‍රි ඔෆ් අ කන්ටිනන්ට්. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. p. 31. ISBN 978-1-139-46424-6. සම්ප්‍රවේශය 25 පෙබරවාරි 2013.
  5. එච්.එච්. ස්කලර්ඩ් (1 සැප්තැම්බර් 2010). ෆ්‍රොම් ද ග්රක්කි ටු නීරෝ: අ හිස්ට්‍රි ඔෆ් රෝම් 133 බීසි ටු ඒඩී 68. ටේලර් ඇන්ඩ් ෆ්‍රැන්සිස්. p. 4. ISBN 978-0-415-58488-3. සම්ප්‍රවේශය 12 පෙබරවාරි 2013.
  6. සුසන් රෙබෙකා මාටින් (2007). "හෙලෙනයිෂේසන්" ඇන්ඩ් සදර්න් ෆනේෂියා: රීකන්සිඩරිං දි ඉම්පැක්ට් ඔෆ් ග්‍රීස් බිෆෝ ඇලෙක්සැන්ඩර්. ෆ්‍රෝක්වෙස්ට්. p. 115. ISBN 978-0-549-52890-6. සම්ප්‍රවේශය 22 පෙබරවාරි 2013.
  7. හොඩෝස්, ටාමර් (ජූනි 2009). "කෙලෝනියල් එන්ගේජ්මන්ට්ස් ඉන් ද ග්ලෝබල් මෙඩිටරේනියන් අයන් ඒජ්". කේම්බ්‍රිජ් ආකියලොජිකල් ජර්නල්. 19 (02): 221–241. doi:10.1017/S0959774309000286.
  8. ඒ. ජේ. ග්‍රැහැම් (2001). කලෙක්ටඩ් පේපර්ස් ඔන් ග්‍රීක් කොලනයිෂේසන්. බ්‍රිල්. p. 226. ISBN 978-90-04-11634-4. සම්ප්‍රවේශය 24 පෙබරවාරි 2013.
  9. එරික් එච්. ක්ලයින්; මාක් ඩබ්. ග්‍රැහැම් (27 ජූනි 2011). ඒන්ෂන්ට් එම්පයර්ස්: ෆ්‍රොම් මෙසපොටේමියා ටු ද රයිස් ඔෆ් ඉස්ලාම්. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. p. 70. ISBN 978-0-521-88911-7. සම්ප්‍රවේශය 24 පෙබරවාරි 2013.
  10. ෆ්‍රෙඩ් ඉයුජින් රේ (2012). ග්‍රීක් ඇන්ඩ් මෙසඩෝනියන් ලෑන්ඩ් බැට්ල්ස් ඔෆ් ද ෆෝර්ත් සෙන්චරි බී. සී.: අ හිස්ට්‍රි ඇන්ඩ් ඇනෑලිසිස් ඔෆ් 187 එන්ගේජ්මන්ට්ස්. මැක්ෆාර්ලන්ඩ්. p. 358. ISBN 978-1-4766-0006-2. සම්ප්‍රවේශය 5 මාර්තු 2013.
  11. මෝගන්ස් හර්මන් හැන්සන් (2000). "කන්ක්ලූෂන්: දි ඉම්පැක්ට් ඔෆ් සිටි-ස්ටේට් කල්චර්ස් ඔව් වර්ල්ඩ් හිස්ට්‍රි". අ කම්පැරටිව් ස්ටඩ් ඔෆ් තර්ටි සිටි-ස්ටේට් කල්චර්ස්: ඇන් ඉන්වෙස්ටිගේෂන්. Kgl. Danske Videnskabernes Selskab. pp. 601–602. ISBN 978-87-7876-177-4. සම්ප්‍රවේශය 5 අප්‍රේල් 2013.
  12. ෆිලිප් චිවිගේස් නේලර් (1 ජූලි 2009). නෝර්ත් ඇෆ්රිකා: අ හිස්ට්‍රි ෆ්‍රොම් ඇන්ටික්විටි ටු ද ප්‍රසන්ට්. ටෙක්සාස් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. p. 25. ISBN 978-0-292-77878-8. සම්ප්‍රවේශය 23 පෙබරවාරි 2013.

ඛණ්ඩාංක: 36°50′38″N 10°19′35″E / 36.8439°N 10.3264°E / 36.8439; 10.3264

"https://si.wikipedia.org/w/index.php?title=පුරාතන_කාර්තේජ්&oldid=398316" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි