බැබිලෝනියාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

බැබිලෝනියාව යනු මධ්‍යම-දක්ෂිණ මෙසපොටේමියාව (වර්තමාන ඉරාකය) පදනම්ව පැවැති පුරාතන සෙමිටික් ජාතික රාජ්‍යයක් සහ සංස්කෘතික ප්‍රදේශයක් වෙයි. ක්‍රිපූ 1894 පමණ වන විට එය ස්වාධීන රාජ්‍යයක් ලෙසින් නැගී ආ අතර, බැබිලන් නගරය එහි අගනුවර විය. හමුරාබි (රාජ්‍ය. මධ්‍ය කාලානුක්‍රමය පරිදී ක්‍රිපූ 1792- 1752 පමණ, හෝ කෙටි කාලානුක්‍රමය පරිදී ක්‍රිපූ 1696 – 1654 පමණ) විසින් පූර්ව ඇකැඩියානු අධිරාජ්‍යයේ බල ප්‍රදේශයන් භාවිතා කරමින් අධිරාජ්‍යයක් නිර්මාණය කිරීමෙන් අනතුරුව ප්‍රදේශයෙහි ප්‍රමුඛ බලවේගයක් බවට බැබිලෝනියාව පත් විය.

එහි ඇමරයිට් ප්‍රාරම්භකයෝ සහ කැසයිට් අනුප්‍රාප්තිකයෝ දේශීය ඇකැඩියානුවන් නොවුනද, බැබිලෝනියාව විසින් එහි නිල භාවිතය සඳහා (එහි ස්වදේශීය මහජනයාගේ භාෂාව ලෙසින්), සෙමිටික් ඇකේඩියානු භාෂාව නියුක්ත කර ගන්නා ලදි. ආගමික භාවිතය සඳහා සුමේරියානු භාෂාව නියුක්ත කර ගත් නමුදු, බැබිලන් නගරය පිහිටුවා ගත් කාලය වන විට එය තව දුරටත් වාචික භාෂාවක් නොවීය. මුල් ඇකේඩියානු සහ සුමේරියානු සම්ප්‍රදායයන් බැබිලෝනියානු (සහ ඇසිරියානු) සංස්කෘතියෙහි ඉමහත් භූමිකාවක් ඉටු කල අතර, බොහෝ කල් පැවති පිටස්තර පාලනය යටතේදී පවා, ප්‍රදේශය වැදගත් සංස්කෘතික කේන්ද්‍රස්ථානයක් ලෙසින් පැවතිණි.

බැබිලන් නගරය පිළිබඳ ආදිතම සටහන හමුවන්නේ ක්‍රිපූ 23වන සියවස දක්වා කාල නිර්ණය වන ඇකාඩ්හී සාගෝන් (ක්‍රීපූ 2334- 2279) රාජ්‍ය සමයෙහි පුවරුව කය. මෙම කාල සීමාව වන විට බැබිලන් නගරය හුදෙක් ආගමික සහ සංස්කෘතික කේන්ද්‍රස්ථානයක් පමණක් වූ අතර ස්වාධීන රාජ්‍යයක් නොවීය; මෙසපොටේමියාවේ සෙසු පෙදෙස් මෙන්ම එයද, ඇකේඩියානු සහ සුමේරියානු කථකයන් එක් සේසත් කල ඇකේඩියානු අධිරාජ්‍යය යටතේ පාලනය විය. ඇකේඩියානු අධිරාජ්‍යය බිඳවැටීමත් හා සමගම දශක කිහිපයක කාල සීමාවක් තුල දකුණු මෙසපොටේමියානු ප්‍රදේශය අභිභවනය කලේ ගූටියන්වරු විසින් වන අතර ඉන් අනතුරුව බැබිලන් ඇතුළු සමස්ත මෙසපොටේමියාව ආවරණය කල සුමේරියානු තෙවන ඌර් රාජවංශයෙහි නැග සීටීම සිදුවිය. ඊළම්වරුන් (ක්‍රිපූ 2002 සාම්ප්‍රදායික, ක්‍රිපූ 1940 කෙටි) හමුවේ "ඌර්-III" රාජවංශය බිඳවැටීමත් හා සමගම, වෙනත් සෙමිටික් ජනකොටසක් වූ ඇමරයිට්වරු, කුඩා රාජධානි මාලාවක් පිහිටුවාලීම තුලින් දකුණු මෙසපොටේමියාවේ බොහෝ පෙදෙස් මත ක්‍රමයෙන් සිය අණසක පතුරුවාලූ අතර, ඇසිරියානුවෝ උතුරු පෙදෙස්හී ඔවුන්ගේ ස්වාධීනත්වය යළි තහවුරු කර ගත්හ. "ඇමරයිට් යුගය" ලෙසින් හැඳින්වුනු කාලසීමාවෙහි මුල් සියවස් තුලදී, පළමුවන ෂම්සි-අඩාඩ් විසින් ඇසිරියාවේ රාජාසනය පැහැරගෙන උතුරෙහි මන්දායුෂ්ක අධිරාජ්‍යයක් පිහිටවුවද, දකුණෙහි බෙහෙවින් බලගතු නගර රාජ්‍යයන් වූයේ ඉසින් සහ ලාර්සා යන ඒවාය.

පුරාණ සංවර්ණන එල්ලෙන උයන, ජල සම්පාදනය සඳහා මිනිසා විසින් බෑවුම් සකසා ඇත

බැබිලෝනියානු කලාව හා ගෘහ නිර්මාණකරණය[සංස්කරණය]

බැබිලෝනියානු ඉදිකිරීම් වල ප්‍රධාන වශයෙන් මැටි භාවිතා කර ඇති අතර පාෂාණ භාවිතා කිරීමක් එකල දක්නට නොලැබේ. මැටි පාලම්, ආරුක්කු හා කාණු පද්ධති මේ සදහා නිදර්ශන ලෙස ගෙනහැර දැක්විය හැක.

බැබිලෝනියාෙවි ඇති ත්‍රිමාණ ඉදිකිරීම් අතර පැරණිතම නිර්මාණය ලෙස ටෙලෝ (ඔැකකදය) ප්‍රතිමාව සැලකිය හැක. එරට තිබූ පාෂාන වල හිඟකම නිසා ඒවාට විශාල වටිනාකමක් තිබිණි. එමෙන්ම මැණික් කැපීම වැනි ශිල්පයන්ගේද විශාල දියුණුවක් තිබිණි.

ජෝතිශය/තාරකා විද්‍යාව[සංස්කරණය]

බැබිලෝනියානු සමාජයේ ජෝතිශය විද්‍යාව හා තාරකා විද්‍යාව වඩාත් ප්‍රචලිතව පැවතිණි. වර්තමානයේ භාවිතාවන රාශි චක්‍රය ද බැබිලෝනියාවෙන් බිහිවූ දෙයකි. ඔවුන් පුරාණයේ සිටම අහසේ තරු වල පිහිටීම අධ්‍යයනය කර ඒවායේ තොරතුරු රජතුමා හට දැන්වීය. තවද බැබිලෝනියානුවන් එකල දින දර්ශනයක් භාවිතා කර ඇති අතර එහි දින හතකින් යුත් සති ද දින පහකින් යුත් සතිද දක්වා ඇත.

පුරාණ බැබිලෝනියානු සෙල්ලිපි වල දක්වා ඇතිපරිදි ඔවුන් එකල විවිධ ගණිත ක්‍රම උපයෝගී කර තාරකා විද්‍යාව සම්බන්ධ විවිධ ගණනය කිරීම් සිදුකර ඇත. තවද ඔවුන්ට ග්‍රහලෝකවල චලිතය පිළිබඳවත් මනා අවබෝධයක් තිබුනු බවටද සාක්ෂි ඇත. මීට හොඳම නිදසුන වනුයේ ඔවුන් පෘථීවිය සිය අක්ෂය වටේ භ්‍රමණය වෙමින් සූර්යයා වටේ පරිභ්‍රමණය වන බවත් එකල සොයාගෙන තිබීමයි.

බැබිලෝනියානු සෞඛ්‍යය[සංස්කරණය]

පුරාණ බැබිලෝනියානු වෛද්‍ය ග්‍රන්ථවල සඳහන් කරුණු වලට අනුව ක්‍රි.පු 2 හි පමණ පැවති රාජ පරම්පරාව දක්වාම දිවයන ඉතිහාසයක් වෙදකමට ඇත. එකල වෛද්‍ය එසාගිල් කින් අජලි වැනි විද්වතුන් අතින් ලියැවුනු බොසිප්පා (ඊදරිසචච්) වැනි වෙදපොත් මීට නිදර්ශන ලෙස ගෙන හැර දැක්විය හැක.

සමකාලීන ඊජිප්තු වෙදකම හා සබැදුනු පුරාණ බැබිලෝනියානු වෛද්‍ය විද්‍යාව රෝග නිවාරණය පිණිස ඉතාමත් දියුණු ක්‍රමවේදයන් අනුගමනය කර ඇති බවට සාක්ෂි ඇත. ඉහත දී සඳහන් කල බොඩිප්පා වෛද්‍ය ග්‍රන්ථයේ මේ පිළිබඳ වැඩිදුරටත් දීර්ඝ ලෙස විස්තර කර ඇත.

සාහිත්‍යය[සංස්කරණය]

එකල බැබිලෝනියාවේ සෑම ප්‍රධාන නගරයකම පාහේ පුස්තකාල පැවති බවට සාධක ඇත. මෙකල බිහිවූ සාහිත්‍ය නිර්මාණ අතර බොහොමයක් සුමේරියානු පරිවර්තනයන්ය. ව්‍යාකරණ ආදි වූ භාෂාමය නීතීරිති වලින් මනාව පෝෂණය වූ නිර්මාණ එකල ඔවුන් ලේඛනගත කොට ඇත. ගිග්ලමේෂ් (ටසකට්පැිය) මහා කාව්‍ය වැනි නිර්මාණ ආදි බැබිලෝනියාවේ පැවති සාහිත්‍යමය දියුණුව මොනවට විදහාපායි.

බැබිලෝනියාවේ එල්ලෙන උයන[සංස්කරණය]

බැබි‍ලෝනියාවේ එල්ලෙන උයන, සෙමිරමිස් හි එල්ලෙන උයන යනුවෙන්ද හඳුන්වයි. එය අතීත ලෝක පුදුම හතෙන් එකක් ලෙස ද සැලකිණි. ක්‍රි.පූ. 600 ට ආසන්න කාලයේ දී ගොඩනැගුනු එය ඉදිකරන ලද්දේ දෙවන නෙබුකැඩ්නෙසර් රජතුමා විසිනි. ඓතිහාසික තොරතුරුවල සඳහන් වන පරිදි එය ඉදිකර ඇත්තේ ඔහුගේ බිරිඳ වන මිඩියා හී ඇමිටිස් රුජිනගේ තෘප්තිය සඳහාය. එම උයන් සමුහය ක්‍රි.පූ. දෙවන ශතවර්ෂයේ ඇති වූ භූමිකම්පාවක් හේතුවෙන් විනාශයට පත්විය. එම එල්ලෙන උයන් පිළිබඳ සවිස්තරාත්මක වාර්තා ග්‍රීක ඉතිහාසඥයන් වන, ස්ට්‍රෝබෝ හා ඩ්‍රයඩෝරස් සික්සුලස් විසින් ඉදිරිපත් කරනු ලැබීය. කල්යත්ම එම උයන්වල සැබෑ පිහිටීම, නයින්වේ(Nineveh) ප්‍රදේශයේ පිහිටි උයන් සමූහයෙන් වෙන්කර හඳුනාගැනීමට අපහසු වී ඇත. මන්දයත් එම ප්‍රදේශයේ තිබු සෙල්ලිපි වලත්, උයන් සමුහය පිළිබඳව සඳහන් වී තිබිණි. එම උයන් නිර්මාණයේදී ජලය ඉහළ තැනකට එසවීම සඳහා ආකිමිඩිස් ඉස්කුරුප්පු මුලධර්මයට සමාන වූ ක්‍රමවේදයක් භාවිතා කළ බව එම සෙල්ලිපි වල තවදුරටත් විස්තර වේ.


මෙහි පැවැත්ම පිළිබඳ ඇතිවු මතවාද[සංස්කරණය]

සෙමිරමිස් හි එල්ලෙන උයන, 20 වන ශතවර්ෂය

බැබිලෝනියාවේ එල්ලෙන උයන් හි පැවැත්ම පිළිබඳ මතවාද රාශියකි. එම මතවාද සඳහා මුලික වී ඇත්තේ එය සත්‍යය නිර්මාණයක් ද, නැතහොත් කාව්‍යමය නිර්මාණයක් ද යන්නයි. එයට ප්‍රධාන හේතුව වන්නේ බැබිලෝනියානු ඉතිහාසයේ මෙම උයන් පිළිබඳව අඩු වශයෙන් සඳහන් වී තිබීමයි. මෙම එල්ලෙන උයන් පිළිබඳව පළමුවෙන්ම සඳහන් කරන්නේ 4 වන ශතවර්ෂයේ ජීවත් වූ බෙරෝසස් නම් පූජකතුමාය. පසුකාලීනව එම වාර්තා සහතික කළ ග්‍රීක ඉතිහාසඥයෝ ඒ සම්බන්ධයෙන් තවත් බොහෝ විචාර ඉදරිපත් කළහ.


ඉරාකයේ රජමාළිගාව ආසන්නයේ මෑතකදී පැවති පුරාවිද්‍යාත්මක කැණීම් වලින් අනාවරණය වී ඇත්තේ එය සේප්පු හා ළිං සහිත විශාල ගොඩනැගිල්ලක් බවය. එහෙත් එම ගොඩනැගිල්ලේ පිහිටීම එල්ලෙන උයන් වල පිහිටීම තුළින් වාර්තා වූ පිහිටීමට පටහැනි වේ. ග්‍රීක ඉතිහාසඥයන් මෙම එල්ලෙන උයන යුෆ්‍රටීස් ගඟ අසබඩ ගොඩනැගිල්ලක් ලෙස වාර්තා කිරීම එයට හේතුවයි . නමුත් මෙම ගොඩනැගිල්ල පිහිටා ඇත්තේයුෆ්‍රටීස් ගංගාවට මදක් දුරින් ය.

නව බැබිලෝනියානු යුගය (චාල්දියන් යුගය)[සංස්කරණය]

නියෝ බැබලෝනියානු අධිරාජ්‍යය (Neo-Babylonian Empire)

මෙසපොටේමියානු පාලන සමයේ බැබිලෝනියාව යනු ප්‍රබල යටත් විජිතයකි. නමුත් ක්‍රි.පු 627 දී අෂුර් බනිපාල්(Asburbanispul ) නැමැති මෙසපෝටේනියානු නායකයාගේ මරණින් පසුව මෙම තත්ත්වය වෙනස් විය. මෙම සමයේදී මෙසපෝටේනියාවට එරෙහිව බැබලෝනියාව කැරළි ගසන ලදී. ඒ අනුව ක්‍රි.පු. 612 දී බැබිලෝනියාව නැවත නිදහස් රාජ්‍යයක් ලස බලයට පත් විය.

නිදහස් බැබිලෝනියාවේ ප්‍රථම අධිරාජ්‍යයා වශයෙන් නිදහස් සටනේ පුරෝගාමියා ලෙස කටයුතු කළ නැබෝපොලොසිසාර් (Nabopolassar ) බලයට පත් විය. ඉන්පසු ඔහුගේ පුත් නොවුඩ් නෙසාර් II (Nebuckaclenezzar II) අධිරාජ්‍යයා විය. පොයනිෂියා (Phoenicia) සහ ඊජිප්තුව ආක්‍රමණය කළ ඔහු බැබිලෝනියාව නැවතත් ශිෂ්ඨ ලොව ප්‍රධානතම රාජ්‍යයක් බවට පත් කළේය.

නමුත් ක්‍රි.පු 539 දී සයිරස් නම් ඊලාම් දේශයේ සිට පැමිණි අධිරාජ්‍යයා විසින් බැබිලෝනියාව නැවතත් ආක්‍රමණය කළේය. මේඩිස් රාජ්‍යයේ සහ මෙසපෝටේනියානු රාජ්‍යයන්හි පාලකයා වු ඔහු බැබිලෝනියාව අත්පත් කර ගැනිමෙන් පසුව මුළු මහත් පර්සියාවේම අධිරාජ්‍යය බවට පත් විය.

ක්‍රි.පු. 529 දී සයිරස් අධිරාජ්‍යයා මිය යෑමට වසරකට පෙර ඔහු තම පුත් කැබිඩියස් II Camvses බැබිලෝනියාවේ රජතුමා බවට නම් කළේය. ඉන්පසු ඩාර්යස් හිස්ටස්පිස් (Dariues Hystaspis) නම් සොරාස්ට්‍රිස් (Zorastrian) ප්‍රදේශයෙන් පැමිණි කැරළිකරුවෙකු පර්සියාවේ ඔටුන්න දැරීය ඩාරියස් පර්සිාව යටතේ කරගත් පසුව බැබිලෝනියාව හට ඉතා කෙටි කාලින නිදහසක් හිමි විය. මෙම කලාවකවානුවේදී නිඩින්ටා බෙල් හෙවත් නඩුබන්ඩිනෝසාර් III (Nebuckaclenezzar III) රජතුමා විසින් රාජ්‍යය කරන ලදි. ඔහු ක්‍රි.පු. 522 සිට ක්‍රි.පු 520 අගෝස්තු මස දක්වා ඩාරිසයස් බැබිලෝනියානු අක්‍රමණය කරන තෙක් රාජය පාලනය කළේය. ඉන්පසු ක්‍රි.පු 514 දී බැබිලෝනියාව අරකාත් (Arakka) නම් කැරළිනායකයා යටතේ නැවතත් පර්සියාවට එරෙහිව සටන් වැදුණාහ.

"https://si.wikipedia.org/w/index.php?title=බැබිලෝනියාව&oldid=353551" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි