Jump to content

හැමිල්ටන් ඇල

විකිපීඩියා වෙතින්
Negombo Dutch Canal
Map
Specifications
Length14.5 km (9.0 miles)
StatusOpen
History
Former namesHamilton Canal
Principal engineerGeorge Atkinson
Construction began1802
Date completed1804
Geography
Start pointPuttalam
(originally Puttalam Kalapuwa at Near the Karamba Road)
End pointColombo
(originally Kelani River at colombo)

හැමිල්ටන් ඇල, පුත්තලම සිට කොළඹ දක්වා දිවෙන 14.5 km (9.0 mi) දිගැති ඇල මාර්ගයකි.

ඕලන්ද ජාතිකයින් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කරනා කාලයේ ඔවුන්ගේ ප්‍රධාන පරිපාලන මධ්‍යස්ථානය උනේ කොළඹ නගරයයි. කුරුඳු වෙළඳාම මගින් අධික ලාභයක් උපයා ගත් ලන්දේසි ජාතිකයින් තම වෙළඳ භාණ්ඩ පිට පළාත් වලින් කොළඹට ගෙන ඒමට ඇල මාර්ග කීපයක් නිර්මාණය කලා ඒ අතරින් එකක් තමයි හැමිල්ටන් ඇල නැතිනම් ඕලන්ද ඇල (Dutch Canel) මේ ඇල මාර්ගය කැළණි නදිය මුහුදට වැටෙනා කොළඹ මෝදර ප්‍රදේශයේ සිට දිවයිනේ වයඹ ප්‍රදේශයේ පුත්තලම දක්වා දිව යන කිලෝමීටර් 100 ක් පමණ දිග ඇල මාර්ගයක්. ඕලන්ද ජාතිකයින් කල්පිටිය, පුත්තලම, මීගමුව ආදී ප්‍රදේශ වලින් එකතු කොටගත් කුරුඳු සහ පුවක් වැනි වෙළඳ දව්‍ය කොළබ දක්වා ගෙන ආවේ මෙම ඇල මාර්ගයෙන් බව කිය වෙනවා. පසු කලෙකදී ඉංග්‍රීසි ජාතිකයින්ගේ පාලනයට ශ්‍රී ලංකාව පත්වීමත් සමග මෙම ඇල නැවත සංවර්ධනය කොට තිබෙනවා. හැමිටන් ඇල යන නාමය ලැබුනේ ශ්‍රී ලංකාවේ යටත්විජිත දේශීය ආදායම් සහ වාණිජ කටයුතු බාර නිලධාරිවරයා වශයෙන් සිටි Gavin Hamiltonගේ අධීක්ෂණය යටතේ Etkinson නම් පුද්ගලයාගේ මෙහෙයවීමෙන් සිදුවූ ප්‍රතිසංස්කරණ වලට ලක්වීමෙන් පසුව බව පැවසෙනවා. කෙසේ වෙතත් මෙම ජල මාර්ගය තැනීමත් සමග ලවන ජලය ඇල මාර්ගය ඔස්සේ රට තුල පැමිණීම හේතුවෙන් මුතුරාජවෙල භූමිය ආශ්‍රිතව පැවැති සස්ශ්‍රීක කුඹුරු ඉඩම් වගාකල නොහැකි තත්වයට පත්වූ බවත් ඒ හේතුවෙන්ම ඒ ප්‍රදේශයේ ජනයා අතර මෙම ඇල මාර්ගය මෝඩ ඇල ලෙස නාමකරණය වූ බවත් සඳහන්

"https://si.wikipedia.org/w/index.php?title=හැමිල්ටන්_ඇල&oldid=438468" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි