Jump to content

යාන් ඔය

විකිපීඩියා වෙතින්
යාන් ඔය
යාන් ඔය is located in Sri Lanka
යාන් ඔය
පිහිටීම
භෞතික ලක්ෂණ
ජල මූලාශ්‍රය 
 - locationRitigala
ගං මෝය 
 - location
Pulmoddai
 - ඛණ්ඩාංක
08°55′04″N 81°00′58″E / 8.91778°N 81.01611°E / 8.91778; 81.01611ඛණ්ඩාංක: 08°55′04″N 81°00′58″E / 8.91778°N 81.01611°E / 8.91778; 81.01611
 - elevation
Sea level
දිග142 km (88 mi)
Discharge 
 - maximum412 106Sq.m

යාන් ඔය, ශ්‍රී ලංකාවේ පස්වෙනියට (5) දිගම ගංගාව (ඔය) වේ. දිග ආසන්න වශයෙන් 142 km (88 mi) වේ.

මාතලේ දිස්ත්‍රික්කයේ සීගිරිය ආහ්‍රයෙන් ආරම්භ වන ‌ෙම ගංගාව ත්‍රික්‍රණාමලය දිස්ත්‍රික්කයේ පුල්මුඩේ ප්‍රදේශයෙන් ඉන්දියන් සාගරයට ප්‍රවේශ ‌ෙයි. රජරට වියළි කලාපය ඈත අතීතයේ සිටම ‌ෝෂණය කළ ‌ෙම ගංගාව ශ්‍රී ලාං‌කේය ශිෂ්ඨාචාරයේ බිහිදොරක් ‌ලෙසද සැළකිය හැකිය. ක්‍රිස්තු පූර්ව සියවස්වලට අයත්වන ඉපැණි සුසානභූමි යාංඔය නිම්නයෙන් සොයාගෙන ඇත. ආසන්තම එවන් සුසාන භූමියක් ගෝමරන්කඩවල ප්‍රාදේශීය ‌ලේකම් ‌කොට්ඨාසයේ පඹුරුගස්වැව ග්‍රාම නිලධාරි වසමේ දික්වැව - පුලියංකුලම ගම්මාන අතර කැලෑව තුළින් ‌සොයා ගන්නා ලදි.( යාංඔය ජලාශයට යටව ඇත) යාන් ඔය නිම්නය තුළ පූර්ව ඉතිහාසයට අයත් සුසාන ස්ථාන 34ක් කාලරක්ත වර්ණ මැටි මෙවලම් හමුවන ස්ථාන 6ක් පමණ පවතින බව පුරාවිද්‍යාඥයින් හඳුනාගෙන ඇත.

යාංඔය ගංගාව ඊෂාන දිග මෝසම් වර්ෂාවෙන් උතුරා පිටාර ගලන අතර අනෙක් වියළි කාලය තුළදී ගංගාව දිය සිදී කුඩා ජල කඩිති බවට පත්වෙයි. (යාංඔය ජලාශයෙන් බොහෝ දුරට මෙම තත්ත්ව මගහැරී ගොස් ඇත)

යාංඔය ගංගාවේ ජලය දිගු කලක් හුරුලු වැව හරහා පමණක් පෝයෝජනයට ගනු ලැබූ අතර, වර්තමානයේ එය යාංඔය ජලාශය හරහා පුළුල් ලෙස කෘකර්මාන්තය සඳහා භාවිත කිරීම සිදුකරයි.‍ ශ්‍රී ලංකාවේ පස්වන දිගම ගංගාව වන යාන් ඔය සීගිරිය ප්‍රදේශයෙන් ආරම්භ වී හුරුළු වැව හරහා 90km පැමිණි තැන වාහල්කඩ ප්‍රදේශයෙන් හරස්කර ශ්‍රී ලංකාවේ දිගම පස් පිරවූ වේල්ල සහිත ජලාශය ඉදිකර ඇත.

ඩොලර් මිලියන 150ක් වැය කර ශ්‍රී ලංකාවේ ඊසාන දිග ප්‍රදේශයේ ජල අවශ්‍යතාව සපුරාලීම සඳහා මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත. ව්‍යාපෘතිය මගින් ත්‍රිකුණාමලය සහ අනුරාධපුරේ වගාවන් සඳහා අවශ්‍ය ජලය සම්පාදනය කෙරේ.

මෙම ව්‍යාපෘතිය මගින් හෙක්ටයාර 6000 වගා බිම් ප්‍රමාණය ජලය සැපයෙන අතර ඉන් සෙත සලසන පවුල් ගණන 14,000

ජල ධාරිතාවය - ඝනමීටර් මිලියන 169

ප්‍රධාන වැව් බැම්මේ දිග - 2.34km

සඳලි බැම්මේ දිග - 3.56km

දකුණු ඉවුර ඇළ දිග - 14km

දකුණු ඇළ ඉවුරේ පෝෂක ප්‍රදේශය - 1812ha

ජල පෝෂක ප්‍රදේශය - 1500 වර්ග කිලෝමීටර්

මුළු ව්‍යාපෘතිය වගා බිම් ප්‍රමාණය - අක්කර 20,000

"https://si.wikipedia.org/w/index.php?title=යාන්_ඔය&oldid=692039" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි