පරිශීලක සාකච්ඡාව:Singhalawap/ක්‍රි.ව.2015

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

සුභ නව වසරක් වේවා[සංස්කරණය]

සුභ නව වසරක් වේවා
ලැබුවා වූ 2015 නව වසර සුභම සුභ නව වසරක් වේවා. -- L Manju (talk) 19:29, 31 දෙසැම්බර් 2014 (යූටීසී)[reply]
එසේ ම වේවායි පතමි ! Singhalawap (talk) 04:14, 1 ජනවාරි 2015 (යූටීසී)[reply]

පරිපාලක Singhalawap, ඉහත පිටුව ඔබ විසින් තනා ඇති බව දුටිමි. එහෙත් මාගේ අදහස නම් එවන් ලිපියක් තැනීමට කිසිදු වුවමනාවක් තවමත් නොමැති බව යි. අප රටේ එවන් ජනාධිපතිවරණයක් කැඳවීමට ද තවත් වසර හතරක් ඇති බැවිනුත් එම කාලයෙන් පසු කුමන වසරේ එය පැවැත්වේදැ යි අප තවමත් නිශ්චිතව ම නොදන්නා බැවිනුත් (මා දන්නා පමණින් කිසිදු නිල ලත් ආරංචියක් නැත) මෙම ලිපියේ කරුණු කිසිවක් අපට තහවුරු කළ නොහැක. එහෙත් විශාලම පැනය නම් විධායක ජනපති ධූරය අහෝසි කරන බව පත් වූ ජනපති අවධාරණය කර ඇති පසුබිමක දී නැවත මෙරට ජනාධිපතිවරණයක් පැවැත්වීමට ඇති හැකියාව යි. මෙම පිටුව මකා දැමිය යුතු යැයි සිතමි. -- හරිත (talk) 08:16, 9 ජනවාරි 2015 (යූටීසී)[reply]

මෙයා හරීම කරදරයක් අප්පා. --175.157.227.252 13:09, 16 ජනවාරි 2015 (යූටීසී)[reply]

"වරයා" භීතිය[සංස්කරණය]

"වරයා" යන පදය සිංහල විකිපීඩියා ලිපි තුල භාවිතා කිිරීම (විශේෂයෙන් මාතෘකාවන්හී) පිළිබඳ කිසියම් භීතියක් ඔබ තුල ඇතිවී ඇති බව ඔබතුමාගේ මෑත කාලීන ක්‍රියා කාරකම් වලින් නිරික්ෂණය කලෙමි. "ජනාධිපතිවරයා" යන්න "ජනාධිපති" ලෙස වෙනස් කරන ඔබ "ජනාධිපතිවරිය" යන්නද "ජනාධිපති" වෙත යළියොමු කරයි. "ආණ්ඩුකාරවරයා" යන්න "ආණ්ඩුකාර" වෙතට ගෙන යන ඔබ "ආණ්ඩුකාරවරිය" යන නව ලිපියක් තනා එය "ආණ්ඩුකාර" වෙත යළියොමු කරයි. "අග්‍රාමාත්‍යවරයා" ආදි අනෙකුදු "වරයා" යන්නෙන් කෙළවර වන මාතෘකාද ඉහත ඉරණමට ඔබ වෙතින් අත් පත් වෙයි. "ගුරුවරයා" යන්නෙහිද "ගුරුවරිය" යන ස්ත්‍රී-ලිංගික පදයක් සිංහලයෙහි ඇති බැවින් මෙම ගුරුවරයා ලිපියට කුමක් කරමුද? මෙයට "ගුරුතුමා" යන්න පවා භාවිතා කල නොහැක. මන්ද, "ගුරුතුමිය" යයි පදයක් ඇති බැවිනි. "ගුරුවරු" හෝ "ගුරුවරයෝ" යැයි මාතෘකාව වෙනස් කිරීමටද බැරිය. "ගුරුවරියෝ" යැයි ස්ත්‍රී ලිංග පසයට වෙනම බහුවචන පදයත් ඇති බැවිනි. මෙම ලිපිය "ගුරු" යන්නට ගෙන යමුද? කරුණාකාර විගසින් අදහස් දක්වන්න. --- Shwetha (talk) 19:50, 15 ජනවාරි 2015 (යූටීසී)[reply]

රෝගයක් ඇති බව ඉක්මනින්ම වැටහේවා --175.157.227.252 13:11, 16 ජනවාරි 2015 (යූටීසී)[reply]

සිංහලවැප් මහතාණෙනි, ශ්වේත මහතා විසින් දක්වා ඇති ඉහත කරුණ සම්බන්ධව සියල්ලන්ටම අදහස් දැක්විය හැකි පොදු ස්ථානයක (කෝපි කඩේ (යෝජනා) වැනි) කතාබහක් ඇතිකිරීම අපට මෙන්ම අනාගත පරිශීලකයින් හටද වැදගත් වේ යැයි සළකමි. මෙම ගැටළුව විසදී නොතිබීමත් ඉන් පරිශීලකයෝ අතර ප්‍රශ්නාර්ථයක් ඉතිරිවීමත්, සැබැවින්ම මෙය සංවාදයට සුදුසු කරුණක් වීමත්, එසේම පොදු ස්ථානයක් ලෙස විකිපීඩියාව තුල සියළු අදහස් කෙරේ ඉඩ සැකසීම සඳහා එය හේතුවන බැවිනුත් හා නිර්නාමිකව මුහුණ පමණක් වසා ගනිමින්, නිරුවත එලියේ දමාගෙන සිටින සමහර ලේඛනගත පරිශීලකයින් සිදුකරන (ඉහත 16 ජනවාරි 2015 ප්‍රතිචාරය වැනි) අපරිණත අසංවර බස්වහර එල්ල වීම වැළැක්වීමටත් එය හේතුවක් වේ යැයි සිතමි. --- L Manju (talk) 06:59, 18 ජනවාරි 2015 (යූටීසී)[reply]
හිතවත් L Manju
ඔබගේ යෝජනාව ඉතා හොඳ යෝජනාවකි. Singhalawap (talk) 18:29, 18 ජනවාරි 2015 (යූටීසී)[reply]

"වරයා" භීතිය_1[සංස්කරණය]

"වරයා" යන පදය සිංහල විකිපීඩියා ලිපි තුල භාවිතා කිිරීම (විශේෂයෙන් මාතෘකාවන්හී) පිළිබඳ කිසියම් භීතියක් ඔබ තුල ඇතිවී ඇති බව ඔබතුමාගේ මෑත කාලීන ක්‍රියා කාරකම් වලින් දැනටමත් අවබෝධ කර ඇත්තෙමු. "ජනාධිපතිතුමා" යන්නද "ජනාධිපති" ලෙස වෙනස් කරන ඔබ "ජනාධිපතිතුමිය" යන්නද "ජනාධිපති" වෙත යළියොමු කරයි. සමහරක් පුරුෂ ලිංග මාතෘකා යෙදූ ලිපි වලින් අදාළ ස්ත්‍රී ලිංගික විෂයයන්ද ආවරණය වන බව වටහා ගැනුමට ඔබගේ බුද්ධිය ප්‍රමාණවත් නොවීම පිළිබඳ කණගාටු වෙමු. ඔබ සිංහල විකිපීඩියාවේ පරිපාලක වරයෙක් වීම නිසා සමබර ආකල්ප සහිත විය යුතු වුවද පැත්තකට නැඹුරු වී එහිද එල්බගෙන සිටීම ගැන නැවතත් කණගාටු වෙමු. "වරයා" යන්නෙන් කෙළවර වන මාතෘකාද ඉහත ඉරණමට ඔබ වෙතින් අත් පත් වෙයි. "වෛද්‍යවරයා" යන්නෙහිද "වෛද්‍යවරිය" යන ස්ත්‍රී-ලිංගික පදයක් සිංහලයෙහි ඇති බැවින්, ඔබගේ ආකල්ප පරිදී "වෛද්‍යවරිය" යයි ලිපියක්ද තිබිය යුතුය. එවිට මෙම වෛද්‍යවරයා ලිපියට කුමක් කරමුද? මෙම ලිපිය "වෛද්‍ය" යන්නට ගෙන යමුද? කරුණාකාර විගසින් අදහස් දක්වන්න. -- Shwetha (talk) 01:21, 17 ජනවාරි 2015 (යූටීසී)[reply]

A beer for you![සංස්කරණය]

ගොඩක් මහන්සිත් ඇතිනෙ? කෙටි විරාමයකට සුභපැතුම්! raju (talk) 05:51, 17 ජනවාරි 2015 (යූටීසී)[reply]

සයන්ස්, විද්‍යාව සහ නවීන විද්‍යාව[සංස්කරණය]

සයන්ස්, විද්‍යාව සහ නවීන විද්‍යාව පිළිබඳ සටහනක් කොපි කඩේ තුල බහා ලන ලදි. කරුණාකර එය පරිශීලනය කරන්න. --- Shwetha (talk) 05:41, 19 ජනවාරි 2015 (යූටීසී)[reply]

සතියේ තෝරාගත් ඉගිය...

විකිපීඩියා:තෝරාගත් ඉගිය/13

මෙම ස්වයංක්‍රියව යාවත්කාලීන වන සැකිල්ල ඔබගේ පරිශීලක පිටුවට එක් කර ගැනීම සදහා, {{තෝරාගත් ඉගිය}} භාවිත කරන්න.
විකිපීඩියා තොරතුරු සපයන්නෙකු වන්න
දැනුම් දීමට තුති !
Singhalawap (talk) 13:28, 20 ජනවාරි 2015 (යූටීසී)[reply]

මුල් පිටුව[සංස්කරණය]

දැනට ප්‍රදර්ශනය වෙමින් තිබෙන මුල් පිටුවේ අන්තර්ගතය සම්බන්ධවයි. එහි පුවතින් බිදක් යටතේ 'මෛත්‍රීපාල සිරිසේන' සහ 'කුට්ටන්' ආදී ලෙස අගෞරවයෙන් ලියා ඇති බව පෙනේ. 'ප්‍රැන්සිස් පාප්' යනුවෙන් නොයොදා 'වහන්සේ' ලෙස යෙදීමෙන් ඒ බව තහවුරු වේ. මෙවැනි දේවල් ඔබත් අනුමත කරන්නේද?--raju (talk) 15:40, 19 ජනවාරි 2015 (යූටීසී)[reply]

හිතවත් රාජු
විකිය ඇතුළු ඇතුළු සියළු විශ්වකෝෂවල කරුණු මිස ගෞරවාර්භ නොයෙදීම සාමාන්‍ය ක්‍රමයයි.
එබැවින් Mr. Dr. මහතා ආදිය යොදා නොගැනේ.
වසර 2 තුනකට පෙර වරින්වර මේ පිළිබඳ සාකච්චා සිදුවූ අතර මාගේ මතකයේ පරිදි විරුද්ධත්ව නොමැතිව පහත පරිදි දළ එකඟතාවක් ඇතිවිය.
  • පුද්ගල ගෞවරාර්භ සම්මතයක් ලෙස නොයෙදීම
  • අති විශේෂ අවස්ථාවලදී පමණක් එම සම්මතයට පිටින්ගොස් (exception) සීමා සහිතව ගෞරවාර්භ භාවිතය.

කලක පටන් පවතින පරිදි exception සඳහා නිදසුන් කීපයක් මෙසේය.

මේ ගැන ඔබ දැක්වූ උනන්දුව ගැන සතුටු වෙමි.
Singhalawap (talk) 13:52, 20 ජනවාරි 2015 (යූටීසී)[reply]
රටේ නායකයෙකුට හෝ වයසක මිනිසෙකුට මහතා යැයි ඇමතීම සුද්දන්ට බැරි වූවාට ශ්‍රී ලාංකිකයන්ට පුළුවන් යැයි සිතමි. --- Shwetha (talk) 14:13, 20 ජනවාරි 2015 (යූටීසී)[reply]
හිතවත් ශ්වේත
මමත් එසේම සිතමි.
Singhalawap (talk) 14:17, 20 ජනවාරි 2015 (යූටීසී)[reply]
හිතවත් ශ්වේත
මමත් එසේම සිතමි කියූ පමණින් විකිය වෙනස් කිරීම නුසුදුසුය. මන්ද යත් සිංහල විකිය ශ්‍රී ලාංකිකයන්ගේ නොව සිංහල ලියන කිියවන සැමගේ බැවිනි. එයට ශ්‍රී ලංකික හෝ නොවන සිංහල හෝ නොවන සියල්ලන් අයත්ය.
අනෙක මහතා යැයි ඇමතීම එකකි. මහතා යැයි විශ්වකෝශයක යෙදීම තවෙකකි.
Singhalawap (talk) 15:22, 20 ජනවාරි 2015 (යූටීසී)[reply]
Singhalawapගේ කරුණු දැක්වීම ඉතා පැහැදිලි අතර එකඟතාවය පළ කරමි.----Randeerjayasekara (talk) 14:26, 20 ජනවාරි 2015 (යූටීසී)[reply]
මෙහි එකඟතාවයකට ඒමට පෙර දැනගත යුතු හිස්තැන් කීපයක් පවතී. විදෙස් ඉංග්‍රීසි මාධ්‍යයන්හීද (රූපවාහිනී, ගුවන්විදුලි හා අනෙකුත්) ඉහත අාකාරයේ අාමන්ත්‍රණ රටාව (ඉංග්‍රීසි විකිපීඩියාව අනුගමනය කරන) අනුගමනය කරයි. දන්නා පරිදි කිසිදු මහතා/මහත්මිය වැනි ආමන්ත්‍රණ යොදා නොගනියි. (නමුත් සිංහලවැප් මහතා දක්වා ඇති ඉහත විශේෂ අවස්ථා සියල්ලම ඒ අයුරින්ම එම මාධ්‍යයන්හීද අනුගමනය කරයි. එනම් විශේෂ වූ ආමන්ත්‍රණ පද යොදා ගැනීම) මෙය ඉංග්‍රීසි භාෂාවේ වූ සුවිශේෂීත්වයයි. අපේ සිංහල මාධ්‍යය සැළකූ විට, පුද්ගල කරුණක් ගැන කීමේදී රටට අයත්වන සියළුම ප්‍රභූවරුන්ට හා අදාල සුවිශේෂ පුද්ගලයින්ට සෑම විටම පාහේ සුදුසු ආමන්ත්‍රණ පද යොදනු දැකගත හැකිවේ. එසේම අප රටට අයිති නොවන පුද්ගලයින් ගැනි කීමේදීත්, බොහෝ විට සුදුසු ආමන්ත්‍රණ පද යොදනු දැකගත හැකිවේ (දේශපාලන කරුණු හැරුණු විට). නමුත් ත්‍රස්ථවාදීන්ට, නොමනා පුද්ගලයින්ට මහතා වැනි ආමන්ත්‍රණ යොදා ඇති තැන් දැකීමට අපහසුයි නේද. මෙය අද සමාජය සිංහල භාෂාව භාවිතා කරන ආකාරයයි. එබැවින් ඉංග්‍රීසී විකිය පරිදිම සිංහල විකියත් එම රටාව අනුගමනය කල යුතුද. මෙරට මාධ්‍ය (රූපවාහිනී, ගුවන්විදුලි හා අනෙකුත්), ඉංග්‍රීසි මාධ්‍ය රටාව අනුගමනය නොකරන්නේ ඇයි. (සංවාද වන්නේ පුවතකින් බිදක් (පුවත් මාධ්‍ය) යන කොටස ගැනයි) --- L Manju (talk) 06:31, 21 ජනවාරි 2015 (යූටීසී)[reply]
ප්‍රකට ලෝක ප්‍රවෘත්ති සේවයක් වන බීබීසී ප්‍රවෘත්ති සේවය 'කූට්ටන් මහතා' ගේ අභාවය වාර්ථා කර තිබුනේ මෙසේය.
BBC News - 18 November 2014 Last updated at 17:26
Sri Lanka's famous Galle Face Hotel doorman dies
By Charles Haviland BBC News
එහි කුට්ටන් මහතා යනුවෙන් සඳහන් තැන් කීපයක් මෙසේය.
1).Mr Kuttan carried on greeting guests almost until his death;
2).Mr Kuttan's Sri Lankan wife;
3).The hotel held a minute's silence as a tribute to Mr Kuttan, a devout Hindu, who will be cremated on Wednesday.
http://www.bbc.com/news/world-asia-30104851
අවුරැදු 90 කට වැඩි වයසක් ඇති දෙමල ජාතික(?) ජ්‍යාත්‍යන්තර අවධානයට ලක්වූ (රැජිණ ඇතුලු රාජ්‍ය නායකයින්ගෙන් පවා)ඔහූ ලබාඇති ඇගයීම් සළකා බලා 'කුට්ටන් මහතා' යන සාමාන්‍ය ආමන්ත්‍රණ පදය වත් යොදමින් විකිපීඩියාවේ පරිණත බව රැකගැනීම අප කාගෙත් යුතුකමයි.--raju (talk) 11:54, 21 ජනවාරි 2015 (යූටීසී)[reply]
You have reverted my edit citing norms of Sinhala Wiki. Quote or Show the link to so called norms. --- Shwetha (talk)
Dear Shwetha
Sinhala wikipeda is a small wikipedia that do not codify all the agreements.
Things has been eveloved for for years slowly. It is the common usage, discussed several times in several places & agreed in general & in use.
Such could be changed slowly with agreement if there is a reason.
Sudden change in 1st page is not appropriate.
You can search the history & archive if you are interested. I would like if I could do that for you as a help but unfortunately I have no time for such.
Happy editing !
Singhalawap (talk) 15:16, 20 ජනවාරි 2015 (යූටීසී)[reply]
I do not want to search Wikipedia from its beginning. You are the one who quoted a so-called norm. If you are unable to show it. I assume that it is non-existent. Then, you have tried to misguide another user & you have behaved in a manner unworthy of an Administrator. Please show the norm or I will revert your edit. --- Shwetha (talk) 15:35, 20 ජනවාරි 2015 (යූටීසී)[reply]
හිතවතුනි මෙතැන තර්‍කය වන්නේ විකිපීඩියාවේ අන්තර්ගතය ගැන නොව මුල් පිටුවේ ප්‍රවෘත්ති විශේෂාංගය යි.--raju (talk) 15:57, 20 ජනවාරි 2015 (යූටීසී)[reply]
විකිපීඩියාවේ අන්තර්ගතයට මුල් පිටුවේ ප්‍රවෘත්ති විශේෂාංගයත් අයිතියි නේද? ---- Shwetha (talk) 16:31, 20 ජනවාරි 2015 (යූටීසී)[reply]
අන්තර්ගතය යනු ලිපි නම් ඒවායේදී ගෞරවාර්ථ පද අනිවර්‍ය්‍ය විය යුතු නැත. අවශ්‍යවිට සුදුසු පරිධි යොදාගත හැකිවිය යුතුය. මුල් පිටුවේ ප්‍රවෘත්ති විශේෂාංගයේ තාවකාළික වැකි අන්තර්ගතයට අයත් නොවේ නම් ඒවායේදී ගැලපෙන අන්දමින් ගෞරවාර්ථ පද යෙදීම සුදුසුය. ප්‍රවෘත්ති තාවකාළිකයැයි ද, කාළීනවිය යුතු යැයිද සැලකීමෙනි.

එසේ සැලකීමෙන් වසර 2 කට පමණ පෙර එළබී ඇති

  • පුද්ගල ගෞවරාර්භ සම්මතයක් ලෙස නොයෙදීම
  • අති විශේෂ අවස්ථාවලදී පමණක් එම සම්මතයට පිටින්ගොස් (exception) සීමා සහිතව ගෞරවාර්භ භාවිතය.

යන කරුණු ද උල්ලංගනය නොවේ. --raju (talk) 10:36, 21 ජනවාරි 2015 (යූටීසී)[reply]

පුද්ගල නාමය පමණක් භාවිතය අගෞරවයක් ලෙස සැලකීම යුතු නොවේ. නමුත් සිංහල සමාජය අතීතයේ සිට හුරු වී ඇත්තේ එලෙස කිරීමටයි. හිටපු ජනාධිපතිතුමා පවා මැතිවරණ වේදිකාවේ පුද්ගල නාම පමණක් (ගෞරවාර්භ රහිතව) භාවිත කළ අයුරු මුළු රටේම ජනතාව දුටුවහ. එය අගෞරවයක් නොවන නමුත් හුරු වී ඇති ක්‍රමය අනුව ඇතැම් අය එය වරදක්/අගෞරව කිරීමක් ලෙස දකිති. මෙතැන ගැටළුව බවට පත්ව ඇත්තේ අගෞරව කිරීම නොව විශේෂ ගෞරවයක් නොදැක්වීමයි. එසේ නම් අවැසි අය එය භාවිත කිරීමත් අවැසි නැතැයි සිතන අය එය භාවිත නොකිරීමත් සිදු කිරීමට විකිපීඩියාවේ ඉඩ හසර වෙන් විය යුතුව ඇත.----Randeerjayasekara (talk) 12:39, 21 ජනවාරි 2015 (යූටීසී)[reply]
අප මෙහි සාකච්ජා කරනු ලබන්නේ දේශපාලන භාවිතයන් හෝ ගෞරව දැක්වීම පිළිබදව නොව විකිපීඩියාවේ මුල් පිටුවේ 'පුවතකින් බිදක්' විශේෂාංගයෙහි ප්‍රදර්ශනය වන කාළීන ප්‍රවෘත්ති පලකිරීමේදී යොදාගත යුතු සම්මුතිය කුමක්ද යන්නයි. විශ්වකෝෂ ලිවීමේ සම්මතයන් හා ප්‍රවෘත්ති පළකිරීමේදී පුවත්පත් හා සගරා අනුගමනය කරන සම්මතයන් එකිනෙකට වෙනස් වූ භාවිත දෙකක්ය, යන්නයි අප පැහැදිලි කරගැනීමට උත්සාහ දරනුයේ. වැඩිදුරටත් කියනවානම් පුවත්පත් වල හා ප්‍රවෘත්ති ප්‍රකාශයන් හිදී පුද්ගලයන් පිළිබදව සදහන් කිරීමේදී 'මහතා', 'මහත්මිය' වැනි යෙදීම් යොදාගන්නේද? යන්නයි.--raju (talk) 13:15, 21 ජනවාරි 2015 (යූටීසී)[reply]

සිංහල විකිපීඩියාව තුල එකඟතා වලට එළැඹීමට ඡන්ද භාවිතා කිරීම[සංස්කරණය]

සිංහල විකිපීඩියාව තුල එකඟතා වලට එළැඹීමට ඡන්ද භාවිතා කිරීම ගැන යෝජනාවක් මෙහි ඉදිරිපත් කරමි. අවධානය යොමුකරන ලෙස කාරුණිකව ඉල්ලමි. --- L Manju (talk) 17:45, 20 ජනවාරි 2015 (යූටීසී)[reply]

Translating the interface in your language, we need your help[සංස්කරණය]

Hello Singhalawap, thanks for working on this wiki in your language. We updated the list of priority translations and I write you to let you know. The language used by this wiki (or by you in your preferences) needs about 100 translations or less in the priority list. You're almost done!
සියලු විකියන් පරිවර්තන සඳහා එකතු කිරීමට හෝ වෙනස් කිරීමට, translatewiki.net, මීඩියාවිකි ප්රාදේශීයකරන ව්යාපෘතිය භාවිතා කරන්න.

Please register on translatewiki.net if you didn't yet and then help complete priority translations (make sure to select your language in the language selector). With a couple hours' work or less, you can make sure that nearly all visitors see the wiki interface fully translated. Nemo 14:06, 26 අප්‍රේල් 2015 (යූටීසී)[reply]

"දේශීය අල වර්ග" වල සිට "ලක්දිව ආහාරමය අල වර්ග" ලෙස වෙනස් කිරීම[සංස්කරණය]

පිටුවේ මාතෘකාව,ඔබ , Singhalawap විසින් මෙසේ "දේශීය අල වර්ග" වල සිට "ලක්දිව ආහාරමය අල වර්ග" ලෙස වෙනස් කිරීම ලිපියට හානියකි . දේශීය ලෙස තිබු විශේෂණය වෙනුවට අහාරාමය ලෙස විශේෂණයක් යෙදීමෙන් පලක් නොවේ සියලු දෙනාම පාවිච්චි කරනුයේ "දේශීය අල" ලෙසය ,මාතෘකාවට වඩාත් උචිත වන්නේ එයයි.

හැකිනම් පිටුවේ අල වර්ග සම්බන්දව වැඩියමක් එක්කර දායකවන්න.

ආයුබෝවන් වැප්.[සංස්කරණය]

කලකට පසුව විකියට ආවෙමි. -- බිඟුවා සාකච්ඡාව 09:18, 17 ජූනි 2015 (යූටීසී)[reply]

එල එල
Singhalawap (talk) 10:47, 25 ජූනි 2015 (යූටීසී)[reply]

ඓතිහාසික මාතලේ අලුවිහාරය පිටුව මකාදැමීම .මගේ පිටුව මකාදම්මේ ඇයි?[සංස්කරණය]

මා අදුනිකයෙකි මකාදැමීමට හේතු කවරේද යන්න ප්‍රකාශ කලේනම් මැනවි, අපිට අකැපද මෙම විකිපීඩියාව අප්ඩේට් කරන එක? අදයිරය නොකිරීම පරිපාලක වරයෙකුගේ වගකීම නේද ? Eakmedhawi (talk)


මා ආධුනිකයෙකි .කරුණාකර මට පහත කරුණු පහදාදෙනවාද? මා වයස අවුරුදු 15 කෙනෙකි.

තරු ගන්නේ කොහොමද? ඇඩ්මින් කෙනෙක් වෙන්නේ කොහොමද ? පිටු මකා දමන්නේ මොන පදනමින්ද? පින්තුර ඇතුලත්කරන ක්‍රමවෙධය කුමක්ද ? තරු දෙන්නේ කවුද ? ඓතිහාසික මාතලේ අලුවිහාරය ලෙස මා පිටුවක් නිර්මාණය කරනු ලැබුවා.පසුව එය Singhalawap ,ඔබ විසින් මාතලේ අලුවිහාරය ලෙස යොමු කරන ලද බව ම වෙත පණිවිඩයක් දී මකාදමා තිබුනා.

මෙම පිටුව නැවත බැලිය හැකිද ? මකන්න හේතුව කුමක්ද නොකියා මකන එක හොදද ? එසේනම් ,මකාදැමීම නිර්දේශ කරන්නේනම් .මා විසින් එකතුකරන ලද තොරතුරු අලුත් ලිපියට ඇතුලත් නොවන්නේ ඇයි? මට පහදාදෙන්න. පින්තුර උඩුගත කරන්න සපුරන්න ඕන මොනවාද ? --Eakmedhawi (talk) 14:06, 6 ජූලි 2015 (යූටීසී) @Eakmedhawi තරු ගන්න ක්‍රමේ සරලවම කිව්වොත් I scratch your back you scratch mine--Rsekanayake (talk) 02:02, 23 නොවැම්බර් 2015 (යූටීසී)[reply]

මම අමාරුවෙන් ටයිප් කරපු එක මට නැවත ගන්න පුලුවන්ද? මාතලේ අළුවිහාරේ පේජ් එක අප්ඩේට් කරන්න යන්නේ. මැකුණ එක කොපි කරලා ගන්න ඕන .දෙනවාද ?පුලුවන්නම්. --ඊ.ඒ.කේ.මේධාවී (talk) 14:27, 7 ජූලි 2015 (යූටීසී)[reply]

මම අමාරුවෙන් ටයිප් කරපු එක මට නැවත ගන්න පුලුවන්ද?[සංස්කරණය]

මාතලේ අළුවිහාරේ පේජ් එක අප්ඩේට් කරන්න යන්නේ. මැකුණ එක කොපි කරලා ගන්න ඕන .දෙනවාද ?පුලුවන්නම්. --ඊ.ඒ.කේ.මේධාවී (talk) 14:24, 7 ජූලි 2015 (යූටීසී)[reply]

මට උදව්වක් අවශ්‍යයි..[සංස්කරණය]

ගොනුවක් උඩුගත කරන්නේ කොහොමද කියන්න පුලුවන්ද?(පින්තුරයක්.)[සංස්කරණය]

පුතේ
මේක බලන්න
https://commons.wikimedia.org/wiki/Special:UploadWizard
Singhalawap (talk) 08:16, 12 ජූලි 2015 (යූටීසී)[reply]

A barnstar for you![සංස්කරණය]

The Original Barnstar
ඔබගේ සේවය අගය කරනුවස් මෙය ප්‍රධානය කරමි. Buddhikadissanayake (talk) 16:30, 14 ජූලි 2015 (යූටීසී)[reply]
හිතවත් Buddhikadissanayake
තරු අගැයීම ඉතා සතුටින් බාරගනිමි Singhalawap (talk) 02:51, 16 ජූලි 2015 (යූටීසී)[reply]

I wish to draw your attention to සාකච්ඡාව:අඡටාකාශගාමියා and my comments therein. Please consider whether you could intervene as an Admonistrator and move the article without a re-direction. Thanks. ---- Shwetha (talk) 06:32, 27 සැප්තැම්බර් 2015 (යූටීසී)[reply]

Thank you Shwetha for drawing my attention that important issue.
Singhalawap (talk) 11:53, 8 නොවැම්බර් 2015 (යූටීසී)[reply]

මාධ්‍යවිකි:Common.js පිලිබද[සංස්කරණය]

සිංහල විකියේ ඇති මාධ්‍යවිකි:Common.js පිටුව වසර දෙකකින් පමන යාවත්කාලීන වී නොමැති නිසා සමහර විකි කේත (codes) නිසියාකාරව ක්‍රියාත්මක නොවේ. කරුනාකර ඉංග්‍රීසි විකියේ ඇති (MediaWiki:Common.js) පරිදිවත් එය යාවත්කාලීන කල හැකිද. -- Mr. 1100100 (Talk) 10:37, 30 සැප්තැම්බර් 2015 (යූටීසී)[reply]

හිතවත් Mr. 1100100 වෙත
ඔබ පැවසූ ගැටළුව මමද හඳුනාගෙන ඇත්තෙමි.
ප්‍රශ්නෙ මෙකයි .... මගෙ IT දැනුම අන්තිම අඩුයි. මම Technical pages වලට අත තියන්න බයයි තියන ටිකත් නැතිවෙයි කියලා.
ඕක විසඳන්න Admin rights ඕනෙමද? ඔනෙම නං මට කරන්න ඕනෙ දේ හරියටම කිවුවොත් කරලා දෙන්නං
මං හිතන්නෙ පරිශීලක:Lee නං IT කාරයා. එතුමාට කියලා බලමු.
Singhalawap (talk) 11:03, 8 නොවැම්බර් 2015 (යූටීසී)[reply]

Unused images without license[සංස්කරණය]

Hello, I made a list of images without licensing information (probably unfree) which are also unused. They must be deleted per wmf:Resolution:Licensing policy, unless they have a valid free license. Where can I ask deletion? Nemo bis (talk) 14:48, 2 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

Invitation to Wikiproject Featured articles

Hello, Singhalawap.

You are invited to join Wikiproject Featured articles, a WikiProject and resource dedicated to improving Wikipedia's number of Featured articles and related topics.

To join the project, just add your name to the member list. Randeer (talk) 14:04, 15 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

If this is the first article that you have created, you may want to read the guide to writing your first article.

You may want to consider using the Article Wizard to help you create articles.

A tag has been placed on උපහමුදා requesting that it be speedily deleted from Wikipedia. This has been done under section A1 of the criteria for speedy deletion, because it is a very short article providing little or no context to the reader. Please see Wikipedia:Stub for our minimum information standards for short articles. Also please note that articles must be on notable subjects and should provide references to reliable sources that verify their content.

If you think that this notice was placed here in error, you may contest the deletion by adding {{hang on}} to the top of the page that has been nominated for deletion (just below the existing speedy deletion, or "db", tag; if no such tag exists, then the page is no longer a speedy delete candidate and adding a hang-on tag is unnecessary), coupled with adding a note on the talk page explaining your position, but be aware that once tagged for speedy deletion, if the page meets the criterion, it may be deleted without delay. Please do not remove the speedy deletion tag yourself, but don't hesitate to add information to the page that would render it more in conformance with Wikipedia's policies and guidelines. If the page is deleted, you can contact one of these administrators to request that the administrator userfy the page or email a copy to you. L Manju (talk) 09:05, 17 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

විකිපීඩියා ආසියානු මාසයට ආරාධනා[සංස්කරණය]

විකිපීඩියා ආසියානු මාසය

විකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය යනු, ආසියානු විකිපීඩියා ප්‍රජාවන් අතර අවබෝධය පුළුල් කරලීමේ අරමුණින් 2015 නොවැම්බරයේ ක්‍රියාත්මක කරනු ලබන සංස්කරණ ව්‍යාපෘතියක් වේ. වෙනත් ආසියානු භාෂා විකිපීඩියා ගණනාවක් සමග සමගාමීව සිංහල විකිපීඩියාව තුලද ක්‍රියාත්මක වන මෙහි අරමුණ වන්නේ අපගේ විකිපීඩියාව තුල ආසියානු රටවල් පිළිබඳව පවතින ලිපි සංඛ්‍යාව හා ඒවායේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම වේ. මෙම ව්‍යාපෘතිය සාර්ථක ව්‍යාපෘතියක් ලෙස නිමකිරීමට දායකවන ලෙස ඔබටද ආරාධනා කරමු.
ස්තූතියි -- L Manju (talk) 14:00, 26 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

පිළිගත් මුලාශ්‍ර වලට අනුව “මහමෙවුනා මහා විහාරය” නොහොත් “මහාවිහාරය” යනු “මහමෙවුනා උයන” නොහොත් “මහාමේඝ වනෝද්‍යානය” තුල එකල්හි පිහිටි අනුරාධපුර යුගයෙදී තිබුණු විහාර සංකීර්ණයකි.යථාර්තය යනු එයයි. එබැවින් මහමෙව්නාව මහා විහාරය ලෙස පවතින ලිපියත් මහා විහාරයලෙස පවතින ලිපියත් මහමෙව්නාව ලෙස පවතින ලිපියත් වෙන් වෙන්ව පවත්වාගෙන පෝෂණය කලයුතු බව මගේ අදහසයි.මෙම ලිපි එකිනෙක අතර ඒකාබද්ධ කිරීමටද සුදුසු නොවේ. මේම මතභේදය නිරාකරණය වී නොමැති බැවින් මේ ලිපි එකක්වත් සංවර්දනය කිරීමට නොහැකි තත්වයක දැනට ඇත. මෙය වසරක් පුරාවට පැවති ගැටලුවකි.ඒ අතරතුර සංවර්දනය වු මහමෙව්නාව මහා විහාරය, අපරැක්ක ලෙසද ලිපියක්ද ඇත. මෙම ගැටලුව නිරාකරණය කර ලිපි වල මාතෘකා නිදහස්කර සංස්කරණය කිරීම පිණිස හැකිනම් එහි විශ්වාසනීත්වය ගොඩනගා දෙන්න. මේ සම්භන්දයෙන් වෙනත් අයගේ මත වාද ඇත්නම් සංවාදය සදහා ඉදිරිපත් කරන්නේ නම් මෙය ඉක්මනින්ම නිරාකරණය කල හැකිය. (මේ සම්බන්දයෙන් වු විකි ක්‍රම සහ මෙවලම් භාවිතයේ දෝෂ මවිසින් සිදුකර ඇත්නම් එය නොදනුවත්කමින් බවද කරුණාවෙන් සලකන්න.මත සම්භන්දයෙන් නොව මෙවලම් භාවිතයේ අඩුපාඩු විය හැක.) ස්තුතියි. --Rsekanayake (talk) 12:53, 12 දෙසැම්බර් 2015 (යූටීසී)[reply]

හිතවත් Rsekanayake
මහමෙවුනා උයන” නොහොත් “මහාමේඝ වනෝද්‍යානය” තුල “මහාවිහාරය” පිහිටා තිබූ බවට මා හටද පිළිගත හැකි මුලාශ්‍ර හමුවියත එනමුත් “මහාවිහාරය” ට “මහමෙවුනා මහා විහාරය” ලෙස යෙදූ බවට පිළිගත හැකි මුලාශ්‍ර හමුනොවුනි. අදාල මූලාශ්‍ර පෙන්වා දෙන්නේනම් මැනවි. Singhalawap (talk) 08:40, 15 දෙසැම්බර් 2015 (යූටීසී)[reply]

හිතවත් ,Singhalawap , ඔබගේ ඉක්මන් ප්‍රතිචාර දැක්වීමට ස්තුතියි!ඔබ විසින් අපේක්ෂිත පරිදි “මහාවිහාරය” ට “මහමෙවුනා මහා විහාරය” ලෙස යෙදූ බවට මුලාශ්‍ර ගෙනහැර දැක්වීමට තරම් මා විසින් ඉතිහාසය ගවේෂණය කර නොමැත.මේ සදහා බුද්ධිමය සංවාදයක්, කතිකාවතක් පළමුව ඇති කළ යුතුය.(L Manju විසින් මහමෙව්නාව ලිපිය මහා විහාරය ලිපිය සමග ඒකාබද්ධ කිරීමට යෝජනා කිරීම තුල මෑතදී මෙම ගැටලුව පැන නැගුණ බව සලකන්න ,එය අනුමත කල නොහැක ) කෙසේ වෙතත් මා පෙන්වාදෙමින් සිටින මතවාදයේ හරය වනුයේ "මහමෙවුනාව" හෝ "මහාවිහාරය" හෝ "මහමෙව්නා මහා විහාරය"..... යන ආදී පෞරාණික එතිහාසිකත්වය සිංහල "විකීපීඩියා නිදහස් සංචලනය" නැමැති අවිය උපයෝගී කරගෙන දැනුවත්ව හෝ නොදැනුවත්ව අපහරණය වන බවයි.මෙවැනි තත්වයක් වලක්වාගැනීම පිණිස විකීපීඩියාවේ රීති ප්‍රතිපාදන තිබේද නැද්ද යන්න මා නොදනී.මහමෙව්නාව මහා විහාරය, අපරැක්ක යන නාමය ගෙන ෛඑතිහාසික යතාර්ථය භක්ෂණය කිරීම අනුමත කල නොහැක,"මහාවිහාරය" යන නම ගැනීමම සුදුසු නොවේඉහත ෛඑතිහාසික නාමයන් වීකිපීඩියා වැනි විශ්වාශනීයත්වය ගොඩනගාගෙන ඇති අඩවීන් තුල ලබා දීමේදී විශේෂ අවධානයක් යොමු කර ලබාදිය යුතුය.එකගතාවයක් ඇතිකරගෙනම ලබාදිය යුතුය.එය මංකොල්ල කෑමට ඉඩ නොදිය යුතු යනු පොදු අදහසයි. ප්‍රමුකත්වය දිය යුත්තේ බුද්දිමතුන් අතර ප්‍රචලිත මතවාදයටමය.ඔබට ස්තුතියි --Rsekanayake (talk) 18:17, 21 දෙසැම්බර් 2015 (යූටීසී)[reply]