ජේසුස් වහන්සේ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
Jesus
Jesus as Good Shepherd.
උපත 7–2 BC/BCE[1]
Bethlehem, Judaea, Roman Empire (traditional);
Nazareth, Galilee (modern critical scholarship)[2]
මරණය 30–36 AD/CE[3][4][5][6][7]
Calvary, Judaea, Roman Empire (according to the New Testament, he rose on the third day after his death.)
මරණයට හේතුව Crucifixion
අවසන් කටයුතු Traditionally and temporarily, a garden tomb in Jerusalem[8]
ජාතිකත්වය Israelite
වාර්ගිකත්වය Jewish
වාස නගරය Nazareth, Galilee, Roman Empire
ආගම Judaism
(s) Father: God (Christian view)
virginal conception (Islamic view)
මව: Sent Mery
Adoptive father: Saint Joseph

කිතුනු දහම පවසන ලෙසට, කිතුනුවන් අදහන ලෙසට, විශ්වය මවා පාලනය කරන එකම දෙවියන් වැඩසිටින එක් ස්වරූපයකි, පුද්ගල භාවයකි එසේම දෙවියන්ගේ පුතු ද වේ. ඉතිහාසය උදව් කර ගනිමින් ජේසුස් වහන්සේගේ සම්භාවී ප්‍රතිසංවිධානයක් වියතුන් විසින් ගොඩ නංවන ලදී. අවුරුදු 2000 කට ඈත අතීතයේ විසූ ජේසුස් වහන්සේ පිළිබඳව ඉතිහාසඥයන් විසින් ප්‍රතිරූපයක් මවා ගත්තේය. නමුත් මෙම ප්‍රතිරූපය ශුභාරංචිය වටා ගෙතුණු පොදු ස්වරූපයට බොහෝ සෙයින් වෙනස්ය. ඇතැම් වියතුන් ඉතිහාස පිළිවෙත් අනුව ප්‍රතිසංවිධානය වු ජේසුස් වහන්සේ සහ දේව ධර්මයන් අනුව අවබෝධ කරගන්නාවූ ජේසුස් වහන්සේත් අතර වෙනස් ආකල්ප දැරූහ.ඇතැමෙක් දේව ධර්මානුකූල ජේසුස් වහන්සේව ඉතිහාස ස්වරූපයකින් නිරුපණය වන බවට ආකල්ප දැරූහ. ජේසුස් වහන්සේගේ ජීවිතය හා ඉගැන්වීම් ගැන තොරතුරු දක්වන ප්‍රධානතම මුලාශ්‍රය වන්නේ ශුභාරංචියයි. බයිබලයට අදාල වියතුන් හා ඉතිහාසඥයින් ජේසුස් වහන්සේගේ ඉතිහාසගත පැවැත්ම ඉතා ඉහලින් පිළිගත්හ.


ඇල්බට් ප්වෙයිට්සර්ගේ ඉංග්‍රීසි කෘතිය (1906 දී) “ද ක්සේට් ඔෆ් ද හිස්ටොරික්ල් ජීසස්”, ජේසුස් වහන්සේගේ විවේචනාත්මක ඉතිහාස ක්‍රම පිළිවෙත විස්තර කරයි.එය ක්‍රිස්තියානි පුනර්ජීවයට පෙර දක්වන ලද උත්සාහයෙන් ගොඩනැඟූ ලාංඡනයකි. 18 වැනි සියවසේ අවසානය පටන්, වියතුන් ශුභාරංචිය අධ්‍යයනය කර එමඟින් ජේසුස් වහන්සේගේ ඉතිහාස ජීවින චරිතය විධිමත්ව සකස් කර ගැනීමට උත්සාහ ගත්හ. සමකාලීන උත්සාහයන් ඵල දරන්නේ පළමුවන සියවසේ යුදෙව් ආගම, රෝමානු කතෝලික බයිබලයේ උගත්කම් යළි පිහිටු වීම්, විවේචනාත්මක ඉතිහාස ක්‍රම පිළිවෙත පිළිගැනීම, සමාජ විද්‍යාව පිළිබඳ නුවන සහ ජේසුස්ගේ කියමන් වල සාහිත්‍යමය විශ්ලේෂණය යන මේවාහි අවබෝධයෙනි.


ඉතිහාසික මතයන් ගොඩ නැංවිම[සංස්කරණය]

ඉතිහාසඥයෝ ශුභාරංචි විශ්ලේෂණය කිරීමෙන්, ඉතිහාසය තුළ මිනිසා හා ඔහු වටා ගෙතුණු කතාවන්ගෙන්,බොහෝ තොරතුරු සංජානනය කරගත්හ. ශුභාරංචිය විසින් ඓතිහාසික සිදුවීම් සම්බන්ධව දුන් අදහස් සහ ඊට අදාළව ශුභාරංචිය ලියු කාල පරිච්ඡේද හා ස්ථාන සැසඳුහ. ඔවුන් ජේසුස් වහන්සේ කුරුසයේ ඇණ ගසා මැරීම වැනි ඓතිහාසික ප්‍රශ්නවලට පිළිතුරු දීමට උත්සාහ දරන්නේය.


මාක්ගේ ශුභාරංචිය, ටයිටස්ගේ මුලිකත්වය ඇතිව රෝමවරුන් ජු‍දා දේව මාලිගය විනාශ කළ කාල පරිච්ඡේදයේ දී ලියු බවට බොහෝ වියතුන් පිළිගන්නා කරුණකි. ඒ සමඟම වෙනත් ශුභාරංචි වසර 70-100 ක් අතර කාලයේ ලියු බවට ද පිළිගෙන ඇත. ජේසුස් වහන්සේ පිළිබඳව ඉතිහාස ආකල්ප, බයිබලයේ ශුභාරංචිය මත යැපේ. ඊශ්‍රායලයේ සමකාලීන දේශපාලනික, සංස්කෘතික හා ආගමික අදහස් (ගලීලය හා ජුදෙව් අතර වෙනස්කම්, පර්සිවරුන්, සදිසිවරුන්, එසිනවරුන්, ජවලිතයන් යන විවිධ ගුරුකුල හා රෝමානු රැකියා සම්බන්ධව යුදෙව්වන් අතර හැල හැප්පීම්) සැලකිල්ලට ගනිමින් බො‍හෝ වියතුන් එමඟින් ජේසුස් වහන්ගේ ජීවිතය ප්‍රතිසංවිධානය කරන ලදි.


පීටර් කර්බිගේ “හිස්ටොරිකල් ජිසස් තියරීස්” යන ග්‍රන්ථයෙන් නුතන ලේඛකයෝ මෙහි අසන ප්‍රශ්න වලට දුන් විරුද්ධ අදහස් පිළිබඳව විමසා බැලිය හැක. මෙහි දැක් වු අදහස් වියතුන්ගේ පොදු එකඟතාවය මත පල කළ අදහස් බවට පිළිනොගනි.

ජේසුස් වහන්සේ සහ මේරී තුමිය ක්‍රිස්තොෂොවාහි කළු මැඩෝනා

පෙළපත සහ පවුල[සංස්කරණය]

කිතුනු දහම පිළිබඳ ලියවුණු පොත් සතරින් මැතිව් සහ ලුක් පමණක් ජේසුස් වහන්සේගේ පෙළපත පිළිබඳ විස්තර සපයයි. මෙම කිතුනු දහම පිළිබඳ ලියවුණු පොත් දෙකෙහි බොහෝ දුරට වෙනස් සහ වෙනස් වූ මත මෙම ප්‍රභේදනයන් විස්තර කිරීමට යෝජනා කර තිබේ. කෙසේ වුවත් මෙම විස්තර කිරීම් දෙකෙහිම මෙම විස්තර කිරීම් දෙකෙහිම ඩේවිඩ් රජුගේ මුල කාලය දක්වා සහඑතැන් සිට ඒබ්‍රහම් රජු දක්වා විස්තර කර තිබේ. මෙම ලැයිස්තුවේ ඩේවිඩ් සහ එබ්‍රහම් අතර සර්වසම වන අතර ඩේව්ඩ් සහ ජෝශප් අතර වෙනස්කම් ඇත.මැතිව් සොලමන් (Soloman) ගෙන්පටන්ගෙන ජුදා (Judah) රජුන් හරහා අවසාන රජුවන ජේකොනියා (Jeconiah) දක්වා ඉදිරියට ගෙන යයි. ජෙකොනියාට පසු රජවරුන්ගේ පරම්පරාව බෙබිලෝන් ජුදා යටත් කළ පසු (Babylon Conqueend Judah) අවසන් විය. මෙලෙස, මැතිව්, ජේසුස් වහන්සේ යනු ඊශ්‍රායලයේ සිංහාසනයේ නිත්‍යානුකූල උරුමක්කාරයා ලෙස පෙන්වා දෙයි. ලුක් ගේ පෙළපත මැතිව්ගේ විස්තර කිරීම්වලට වඩා දිගු වේ. එය ඇඩම් (Adam) දක්වා විහිදෙන අතර එමගින් ඩේව්ඩ් සහ ජේසුස් වහන්සේ අතර විශාල නම් ප්‍රමාණයක් සපයයි.

මේරිගේ ස්වාමියා වන ජෝශප් , ජේසුස්ගේ කුඩා කාලයේ විස්තර කිරීම්වල දිස් වේ. කෙසේ වුවත් ජේසුස් වහන්සේගේ දේව ගැති ධූරය කාලයේදී ජෝශප් ගැන කිසිදු සඳහනක් නැත.

මැතිව්, මාක් සහඉගැලතියෙන්ස්‍ගේ අලුත් තෙස්තමේන්තුවෙහි ජේසුස් වහන්සේගේ සහෝදර , සහෝදරියන් ද ඇතුළත්ව ද ඥාතීන් පිළිබඳ ප්‍රකාශ කරයි. ග්‍රීක වචනයක් වන ඇඩෙල් ෆොස් බොහෝ විට පරිවතනය වනුයේ සහෝදරයා වශයෙනි. එය ඕනෑම පවුල් ඥාති සම්බන්ධතාවක් සඳහා යොමු කරනවා හැකිය. බොහෝ කතෝලිකයන් සහ පෙරදිග සම්මත ක්‍රිස්තියානුවන් මෙම වචනය “ඥාතියා” හෝ “ මස්සිනා” ලෙස පරිවර්තනය කරනු ලැබේ. (මේරී‍ගේ සදාතනික කන්‍යාභාවය බලන්න) තවද, බැප්ටිස්ට් නිකායට අයත්වන ජෝන් ගේ මව වන එලිසබෙත් (Elizabeth) මේරි තුමියගේ “නෑනා කෙනෙකු‍” හෝ “ඥාතීන්” පව ලුක් සඳහන් කරයි. එමගින් ජෝන් ජේසුස් වහන්සේගේ දුර ඥාති සම්බන්ධතාවක් ගොඩනගයි.


ජුදාස් ඉස්කාරියොට් විවේචනය කිරීම[සංස්කරණය]

අවසාන රාත්‍රි භෝජනය

ගුප්ත කණ්ඩායම් (ඥෙයවාදී කණ්ඩායම් ආදි) ජුදාස්ගේ චරිතය සම්බන්ධයෙන් මහත් උනන්දුවක් ගනුයේ දෙවියන් වහන්සේට ද්‍රෝහි වීම විද්‍යාමානව පරස්පරයකින් යුත් කරුණක් වුණු නිසාය. මුලික ප්‍රශ්න ලෙස සලකා බැලුවේ මේවාය.


  • දිවැස්වැකි මුල පිරීමට ජේසු‍ස්ට ද්‍රෝහි වීම සඳහා ජුදාස් සිටියේ ඔහු ජීවත්ව සිටි කාලයේ පමණක්ද?
  • ජේසුස් වහන්සේ තමන්ව ජුදාස්ට පාවා දීම සඳහා හේතු වු කරුණු,
  • ජේසුස් වහන්සේ මෙම පාවාදීම වළක්වාලීමට බැරිවුයේ ද?
  • ජේසුස් වහන්සේ තම කැමැත්තෙන්ම මෙම පාවා දීමට දායක වුයේද?
  • ජේසුස් වහන්සේ තම කැමැත්තෙන්ම මෙම පාවා දිමට ක්‍රියාවන් අනුගමනය කෙරුවේද?
  • මාක් සිට ජෝන් දක්වා කියවීමේදී ජුදාස්ගේ දුෂ්ට හැසිරීම වඩාත් ප්‍රබල සහ ප්‍රකාශිතයට පත් වීමට හේතුව කුමක්ද?


ඉරේනියස් එක් ඥෙයවාදී නිකාය කැනිටිස් (Cainites) විශ්වාස සම්බන්ධව වාර්තා තැබුවේය. එනම් ජුදාස් සොටියාගේ ආයුධයක් ‍(දේව ඥානය) වනුයේ ඩෙමියුර්ජ්ගේ තන්හාව පෙර දැරි කොටගෙන යන්නයි. ශුභාරංචියේ කියු පරිදි රිදීමය කාසි ගණනය කරන්නා ජුදාස් බව හෙබ්රව් බයිබ‍ලයේ දෙවියන් වහන්සේගේ ගෝලයෙක් බව කියැවේ. පසු කාලයේදී කැනිටිස් (Cainites) කණ්ඩායම් දෙකකට බෙදුනි. ඊට හේතුව ‍ ජේසුස්ගේ විශ්ව විද්‍යාව සමඟ එකඟතාවයකට පත් නොවීම නිසාය.

ඔරිජින් සම්ප්‍රදායක් දැන සිටියේය. එය ජුදාස්ට පමණක් සම්බන්ධ නොවුන අතර ජේසුස් වහන්සේගේ ශ්‍රාවකයෝ සියළුදෙනාම උන් වහන්සේගේ පාවාදීමට හවුල් වු බවට යන්නෙනි. තවද ජුදාස්ව කරදර (කෲර) පුද්ගලයෙකු හැටියට ඔරිජින් විනිශ්චය නොකළේය.

ක්‍රිස්තු විරෝධිතයෙකු වු සෙල්සස්, ප්‍රායෝගික කියවීම විනිශ්චය කිරීමෙන් මෙම දාර්ශනික කතාවන් අසම්මත බව ප්‍රකාශ කළේය. ඊට හේතුව වුයේ ජේසුස් වහන්සේ තමාව පවා ‍දෙනු ලබන පුද්ගලයා කවුරුන්ද කියා යුදෙව් වසන්ත උත්සවයේදි හැඟ වීමයි.

මරණය සහ උට්ඨානය[සංස්කරණය]

ජේසුස් වහන්සේගේ උට්ඨානය සහ ස්වර්ගා රෝහණය.

දියගෝ වෙලාස්කෙස් විසින් රචිත කුරුසයේ ඇණ ගැසීම (17 වන සියවස) 96%ක් ජේසුස් වහන්සේගේ උට්ඨානය විශ්වාස කරයි. ක්‍රිස්තියානු විශ්වාසයන්හි ප්‍රධාන අංග ඇතුළත්ව, ජේසුස් වහන්ගේ මරණීය සහ උට්ඨානය යනු ක්‍රිස්තියානු ධර්මය සහ දේව ධර්මය රඳා පවතින මූලික සිද්ධීන් වේ. අලුත් තෙස්තමේනතුවට අනුව කිතු ධර්මයේ ප්‍රධාන පුද්ගලයා වන ජේසුස් වහන්සේ කුරුසයේ ඇණ ගසනු ලැබීය, මිය ගියේය. සොහොන් තුල වළලනු ලැබූ අතර දවස් 3කට පසු උට්ඨානය කරනු ලැබීය. අලුත් තෙස්තමේන්තුවේ ජේසුස් වහන්සේ ස්වර්ගරෝහණයට පෙර වෙනස් වූ අවස්ථාවන්වල දී ඔහුගේ ‍දොලොස් සඟයයන්ට සහ අනුගාමිකයන්ට හා 500කට පමණ නිකාය සමාජිකයන් ජේසුස් වහන්සේගේ උට්ඨානයේ දී කිහිපසැරයක් පෙනී සිටි බවයි. ජේසුස් වහන්සේගේ මරණය සහ උට්ධානය ක්‍රිස්තියානු විශ්වාසයෙහි අවශ්‍යම කිතු දහම වන අතර මහ සිකුරාදා සහ පාස්කු කාලය අතර ක්‍රිස්තියානු බැතිමතුන් එය සමරනු ලැබේ. විශේෂයෙන් ශුද්ධ සතිය අතරතුර යාඥාය කරන කාලය තුළයි. උට්ඨානය සහ මරණය වටා වූ විවිධ විවාදයන් සිදුවනුයේ ආගමික විවාදයන් සහ අන්තර්සම සංවාදවලදීය. දොලොස් සඟයන්ගෙන් කෙනෙකු වන පෝලට අනුව මුල් කාලීන ක්‍රිස්තු භක්තිකයන් ලියා තැබුවේ “ජේසුස් වහන්සේ නැවත නැගිටියේ නැති වුවහොත් අපගේ කිතු දහම පිළිබඳ ඉගැන්වීම් වැඩකට නැති වෙන්නේය, එලෙසම ඔබගේ දෙවියන් පිළිබඳ විශ්වාසය ද නිෂ්ඵල වන්නේය” ජේසුස් වහන්සේගේ මරණය සහ උට්ඨානය ක්‍රිස්තියානු ධර්මයේ වඩාත් වැදගත් අවස්ථාවේ එලෙස ජේසුස් වහන්සේ ඔහුගේ මූලික නිරූපණයන් වන ඔහුට මරණය සහ ජීවිතය පිළිබද බලයක් ඇති අතර එමඟින් මිනිසාට සදාකාලික ජීවිතයක් ලබා දීමට හැකියාව ඇති බව ප්‍රකාශ කරමිනි බයිබලය සකස් කරනු ලැබීය. සාමාන්‍යයෙන් නව තෙස්තමේන්තුවේ දැක්වෙන පරිදි ජේසුස් වහන්සේගේ උට්ඨානය ක්‍රිස්තියානු පල්ලිය පිළිගන්නා අතර එය උගන්වනු ලැබේ. සමහර නවීන උගතුන් ජේසුස් වහන්සේගේ අනුගාමිකයන්ගේ විශ්වාසයන් යොදා ගන්නා අතර එය ඓතිහාසික ජේසුස් වහන්සේගේ සන්නතිය නව ප්‍රවේශයක් ස්ථාපිත කෙරෙන කරුණක් ලෙස සහ මුල් කාලීන පල්ලිය පිළිබඳ ප්‍රකාශ කරන කරුණක් වශයෙන් යොදා ගනී. සමහර නිදහස් ක්‍රිස්තියානි භක්තිකයන් මෙම කථාව සංකේතමය වශයෙන් පො‍හො‍සත් වූ සහ අධ්‍යාත්මිකව පෝෂණය වූ මිත්‍යාවක් ලෙස සලකා ප්‍රායෝගිකව ශරීරමය උට්ඨානයක් පිළිගනු ලබන්නේ නැත.

උරුමය[සංස්කරණය]

පියේනා, මයිකල් ඇන්ජෙලෝ, 16 වන සියවස ජේසුස් වහන්සේගේ මව මේරි ඇගේ මිය ගිය පුත්‍ර‍යාගේ දේහය දරා සිටියි.


බයිබලයේ බොහෝ ක්‍රිස්තියානි අර්ථ දැක්වීම්වලට අනුව ජේසුස් වහන්සේගේ ඉගැන්වීම්වල තේමාව වූයේ පශ්චාත්තාපය කොන්දේසි රහිත ආදරය පවුවලට සමාව දීම, කරුණාවසහ දෙවියන්ගේ රාජධානියට පැමිණීමයි. කුඩා යුදෙව් නිකායන් වශයනේ ආරම්භ වීමත් සමඟ ජේසුස් වහන්සේගේ මරණයන් දශකයන් කිහිපයකට පසු එය යුදෙව් ආගමෙන් ප්‍රභේදය වූ ආගමක් වශයෙන් දියුණුවට පත් විය. කිතු දහම නිසෙන් කිතු දහම ලෙස හඳුන්වන සංස්කරණයක් යටතේ රෝමානු අධිරාජ්‍ය පුරාවට ව්‍යාප්ත විය. 1වන නියෝඩොසියස් යටතේ ස්ථිර ආගමක් බවට පත් විය. ශතවර්ෂ මුළුල්ලේ, බොහෝ යුරෝපීය රටවල ද පසුව ලෝකය පුරා ද ප්‍රචලිත විය.

ජේසුස් වහන්සේ චිත්‍රයට නගමින් සිතුවම් කරමින්, කැටයම් කරමින් සිනමා පටවල සහ වේදිකාවේ විවිධ වූ ක්‍රමයන්ට එනම් ගැඹුරු සහ හාස්‍යමය යන දෙආකාරය‍මෙන්ම නිරූපණය කරමින් ඇත්තේය. ජේසු තුමන්ගේ රූපය ප්‍රකටව චිත්‍ර කලාවේ සහ සාහිත්‍යයේ විදහා දක්වයි. ඩා වින්සි කොඩ් වැනි ප්‍රසිද්ධ නවකථාවන් ද ජේසු තුමන් පිළිබඳ විවිධ වූ අදහස් නිරූපණය කර තිබේ. ද පැෂන් ඔෆ් ද ක්‍රියිස්ට් වැනි සිනමා කෘතීන්හි ද ඔහුගේ ජීවිතය, මරණය සහ උට්ඨානය නිරූපනය කර තිබේ. ජේසුස් වහන්සේට වෙනුවෙන් ඇති බොහෝ කියමන් බටහිර ශිෂ්ටාචාර සංස්කෘතියෙහි කොටසක් බවට පත් වී තිබේ. ජේසුස් වහන්සේ වෙනුවෙන් ඇති බොහෝ කියමන් බටහිර ශිෂ්ටාඨාර සංස්කෘතියෙහි කොටසක් බවට පත්වී තිබේ. ජේසුස් වහන්සේගේ පූ‍ජනීය කෞතුක වස්තු අපේක්ෂා කරන බොහෝ අයිතමක් ඇත. එයින් වඩාත්ම ප්‍රසිද්ධියක් උසුලනුයේ ටියුරින් හි මිනී වැස්ම සහ ඕමිඉඩොහි ය.

දෙවියන් පිළිබඳ වු අනෙකුත් උරුම්යන් හි දැක්ම වූයේ දෙවියන් වඩාත් ආදරබර දෙමාපිය, කරුණාවන්ත සහ සමාව දිය හැකි නැවත උට්ඨානය පිළිබඳ වූ විශ්වාසයන් වර්ධනය වීමයි. ඔහුගේ ඉගැන්වීම්, පොදුවේ පහත් පුද්ගලයන් ලෙස සැලකූ පුද්ගලයන්ගේ වටිනාකම වර්ධනය කෙරුණි. කාන්තාවන්, දුප්පතුන්, වාර්ගික පිටස්තරයන්, ළමයින්, ගණිකාවන්, රෝගීන්, හිරකාරයන් ඒ අතර වෙති. අවුරුදු දහස් ගණනක් යනතුරු ජේසුස් වහන්සේ සහ ඔහුගේ පණිවිඩය බොහෝ මිනිසුන් අර්ථ දක්වමින්, පැහැදිලි කරමින් හා තේරුම් ගනිමින් ඇත. ටාර්සස්හි පොල්, පල්ලියේ පූජකවරුන් ඔගස්ටස් ඔෆ් හිපෝ, මාටින් ලූතර් සහ මෑතක දී සී.එස්. ලුවිස් සහ II පොප් ජොන් පොල් විසින් ජේසුස් වහන්සේ පිළිබඳ සැලකිය යුතු ආකාරයෙන් පැහැදිලි කළේය. තෝමස් ජෙෂසන් ජේසුස් වහන්සේගේ ඉගැන්වීම් “මිනිසාට සදාකල්හිම පිලිගැන්වූ වඩාත්ම උත්කෘෂ්ට සහ ත්‍යාගශීලී සදාචාරයන්හි සංකේතයක් ලෙස විශ්වාස කළේය. සමහර යුදෙව්වන්ට විනාශ වූ ක්‍රිස්තියානි කණ්ඩායම් පිබිදීමත් සමඟ ඔවුන් යුදෙව්වන් සමඟ සැලකිය හැකි දුරකට මිතුරුවන්නට හා අන්තර් සමය සංවාදය සහ අනන්‍ය ගෞරවය දැක්වීම දියුණු කළත්, ජේසුස්ගේ උරුමය ක්‍රිස්තියානි යුදෙව් විරෝධී ඉතිහාසයක් ‍වේ. අනෙක් අයට කිතු දහම බොහෝ විට යුරෝපීය යටත් විජිතකරණයත් සමඟ සම්බන්ධ වීමකි. සමහර පුද්ගලයන් විවාද කරනුයේ බරිතොලෝමේ ද ලස් කසස් ගේ ස්පාඤ්ඤයේ නව ලෝක අධිරාජ්‍යයේ දේශීය වාසය කරන්නන්ගේ ආරක්ෂාව හරහා ‍ජේසුස් වහන්සේගේ උරුමයන්ගෙන් එකක්, විශ්ව මිනිස් අයිතිවාසිකම්වල මතයක් ලෙසයි.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Rahner (page 731) states that the consensus among historians is c. 4 BC/BCE. Sanders supports c. 4 BC/BCE. Vermes supports c. 6/5 BC/BCE. Finegan supports c. 3/2 BC/BCE. Sanders refers to the general consensus, Vermes a common 'early' date, Finegan defends comprehensively the date according to early Christian traditions.
  2. "Our conclusion must be that Jesus came from Nazareth." Theissen, Gerd; Merz, Annette (1998). The historical Jesus: A comprehensive guide. Minneapolis: Fortress Press. Tr from German (1996 edition). p. 165. ISBN 9780800631239
  3. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Kostenberger140 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  4. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Barnett19 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  5. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; ChronosPaul නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  6. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Sanders නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  7. Vermes, Geza (2004). The authentic gospel of Jesus. London: Penguin Books. ISBN 9780141003603
  8. Eusebius, (trans. Cameron, Averil; Hall, Stuart G.) (1999). Life of Constantine. Oxford: Clarendon Press; New York: Oxford University Press. ISBN 9780198149170
"https://si.wikipedia.org/w/index.php?title=ජේසුස්_වහන්සේ&oldid=341461" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි