දේවී භාගවත පුරාණ

විකිපීඩියා වෙතින්
(දේවී-භගවත පුරාණය වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search

දේවී භාගවත මහාපුරාණය / දේවී භාගවතම් යනු හින්දු ආගමේ ව්‍යාස මුණිවරයන් විසින් සංස්කෘත භාෂාවෙන් රචිත පුරාණ ග්‍රන්ථ 18න් එකකි.[1] නමුත් වර්තමානයේ ඇතැම් හින්දූන් උප පුරාණයක් ලෙස සළකන මෙය ශක්ති වාදය ප්‍රධාන පුරාණය ලෙසින් සළකයි. හින්දු විශ්වාසය අනුව පරම දෙවිඳුන්ගේ ලිලාවන් වර්ණනා කරන්නා වූ පුරාණ ග්‍රන්ථය වන්නේ භාගවත පුරාණය යි. වර්තමානයේ භාගවත පුරාණ ද්විත්වයක් දැකිය හැකි අතර එනම් විෂ්ණු භාගවත පුරාණය සහ දේවී භාගවත පුරාණය යි. ඇතැම් විද්වතුන්ට අනූකූලව ව්‍යාස විසින් රචනා කළ සත්‍ය භගවත මහාපුරාණය දේවී භාගවත පුරාණය වන අතර ශිව පුරාණය, ස්කන්ධ පුරාණය,කුර්ම පුරාණය, වරහා පුරාණය එයට මැනවින් සාධක සපයයි. එය භගවති දේවිය මෙන්ම කෘෂ්ණ දෙවිඳුන්වද මැනවින් වර්ණනා කරනු ලබයි. විෂ්ණු භාගවත පුරාණය මෑතකදි බෝපදේව නම් කතුවරයෙකු විසින් රචනා කෙරු මුලාශ්‍රයක් බවත් ඇතැම් විද්වතුන්ගේ මතයයි.

දේවී_භාගවතම්

අථෝ භාගවතම් දේව්‍යාහ් පුරාණම් ප්‍රථහ පරම් | ධර්මාර්ථකාමමෝක්ශාණාමුත්තමම් සාධනම්මතම් || (ස්කන්ධ පුරාණම්:දේවී භාගවත මහත්‍යම්:පරි1:37ස්ලෝක)

භාගවත එනම් දේවී පුරාණය ධර්ම අර්ථ කාම මෝක්ශ යන මහා ගුණයන් අඩංගු වන්නා වූ සියලු මුලාශ්‍රයන් පරයන්නා වූ පරම මුලාශ්‍රයයි.

මෙම පුරාණය ස්ලෝක 18,000 සහ සර්ග 12කින් සමන්විත වේ. විශ්වයේ ප්‍රාථමික නිර්මාතෘ සහ බ්‍රහ්මන් (අවසාන සත්‍යය සහ යථාර්ථය) ශක්ත නිකායේ මූලිකම ග්‍රන්ථයක් වන මෙය විශ්ව මාතාව පිළිබඳව මූලිකවම අවධානය යොමු කරයි. එය දිව්‍ය ස්ත්‍රීත්වය සඳහන් වන්නේ සියලු පැවැත්මේ ආරම්භය, මැවුම්කරු, ආරක්ෂා කරන්නා සහ සියල්ල විනාශ කරන්නා මෙන්ම මුක්තිය ප්‍රධානය කරන්නිය ලෙසය.

ව්‍යුහය[සංස්කරණය]

දේවී භාගවත පුරාණයේ සර්ග 12ක් සහ පරිච්ඡේද 318ක් ඇත.

දේවී භාගවත පුරාණයේ පරිච්ඡේද[2]
සර්ග # 1 2 3 4 5 6 7 8 9 10 11 12 එකතුව
පරිච්ඡේද 20 12 30 25 35 31 40 24 50 13 24 14 318


References[සංස්කරණය]

Bibliography[සංස්කරණය]

  1. Dalal 2014, p. 117.
  2. Rocher 1986, pp. 168-170.
"https://si.wikipedia.org/w/index.php?title=දේවී_භාගවත_පුරාණ&oldid=459809" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි