නිරය

විකිපීඩියා වෙතින්
ත්‍රිපිටකය/බුදු දහම වෙනස් කළ නොහැක. පහසුවෙන් වෙනස් කළ හැකි විකිපීඩියාව හරහා ත්‍රිපිටක ධර්මයට හානි විය/කළ හැක.

මුල් ත්‍රිපිටකය ලබා දෙන මූලාශ්‍ර හා වෙනත් විශ්වාසවන්ත අඩවිවලට බාහිර යොමු, ත්‍රිපිටක දහම් පිළිබඳ අදහස් හා සාකච්ඡා පමණක් විකිපීඩියාවට එක් කරමු.
බුද්ධ ධර්මය හැදෑරීමට විකිපීඩියාව භාවිත නොකරමු.

ත්‍රිපිටක ධර්ම කරුණු නිර්මලව ම මතු පරපුරට උරුම කරමු!

නරකයේ දඩුවම් විදහා දැක්වෙන බුරුම චිත්‍රයක්.

නිරය හෙවත් නරකය සඳහා පරමත්ථජෝතිකාව නම් විනය අටුවාවේ විස්තර කර ඇත්තේ සතුට හෝ සැපත මුළුමනින් ම තොර වූ ස්ථානය යනුවෙනි. වැරැදි කරන්නවුන් මරණයෙන් පසු ඔවුන්ගේ පාපකාරී ක්‍රියා නිසා නැවත උපදින අපාය භූමිවලින් එකක් වන්නේ නිරය යි.

ඒ ඒ පුද්ගලයා විසින් කරන ලද පව්කම්වල ප්‍රමාණය හා ඒවායේ විපාක දීමේ ශක්තිය අනුව නිරයට වැටෙන ඇතැම්හු ඉතා සුළු කාලයක් ද, ඇතැම්හු ගණනය කළ නොහැකි තරම් දිගු කාලයක් ද නිරයෙහි දුක් විඳිති. මේ සඳහා හොඳ උදාහරණයක් ලෙස දෙව්දත් තෙරණුවන් පෙන්වා දිය හැකි ය. උන් වහන්සේ බුදු රජාණන් වහන්සේට ද, සංඝ සමාජයට ද එරෙහි ව යෑම හේතුවෙන් මරණින් මතු ඉතා දරුණු දුක් ලබා දෙන අවීචි මහා නරකයෙහි උපන් සැටිත්, පැවිදි ව සිට රැකි සීලාදි ගුණධර්මයන්ගේ යහපත් විපාක වශයෙන් ඉතා දීර්ඝ කාලයකට පසු අවීචි මහා නරකයෙන් මිදී අවුත් අනාගතයේදී සට්ඨිස්සර නම් පසේබුදුවරයකු වන බවත් සම්බුදු මුවින් ම ප්‍රකාශ කොට ඇත.

මහා නරක[සංස්කරණය]

නරකය තුල මහා නරක 8කි. මේ මහා නිරය අට නම්:

  1. සංජීවය
  2. කාළසුත්තය
  3. සංඝාතය
  4. රෞරවය
  5. මහාරෞරවය
  6. තාපය
  7. ප්‍රතාපය
  8. අවීචිය

ඔසුපත් නරක[සංස්කරණය]

මහා නරකයක් හතරෑස් ස්වරුපයක් ගන්නා අතර එක් නරකයට ඔසුපත් නරක නම් කුඩා නරකයෝ 16කි. ඒ අනුව අට මහා නරකයන් හැරුණු කොට තවත් ඔසුපත් නරක 128ක් පවතී. ඔසුපත් නරක 128 නම්:

  1. අබ්බුද
  2. නිරබ්බුද
  3. අබබ
  4. අටට
  5. අහහ
  6. කුමුදු
  7. සෞගන්ධික
  8. උප්පල
  9. පුණ්ඩරික
  10. පදුම
  11. ඛාරෝදිකා
  12. සෝණඛාදක
  13. ගිප්ඣකාක
  14. සත්තිසුල
  15. බග්ගසීරු
  16. පහාස
  17. සිත්
  18. අඟුරුමැල
  19. දළකොහොල්මැළ
  20. පොකුරුපත්
  21. සාකුණික
  22. ඕරම්භීත
  23. අසීලෝම
  24. සත්තිලෝම
  25. උසුලෝම
  26. රථාවාරික
  27. සුවක
  28. ගාමකූට
  29. ගූථකූප
  30. මිල්හගබ්භ
  31. පාණහිංස
  32. කාකෝල
  33. වේලුනද
  34. සඤ්විච්චි
  35. මහාජාල
  36. ඒකකල්ප
  37. ද්විකල්ප
  38. තයෝකල්ප
  39. චතුකල්ප
  40. පඤ්ජකල්ප
  41. බාරසකල්ප
  42. තේරසකල්ප
  43. චුද්දකල්ප
  44. පඤ්වදසකල්ප
  45. සෝළසකල්ප
  46. අචිවන්ත වන්තර
  47. උච්චාරුල්හ
  48. ආරාමදුසක
  49. හිදග්ගි
  50. ගොමුත්තග්ගි
  51. තසිතග්ගි
  52. සයනග්ගි
  53. තෙලග්ගි
  54. නූට්ඨූභග්ගි
  55. පරභණ්ඩාහර
  56. විරහිතග්ගි
  57. කෝධග්ගි
  58. එරුසග්ගි
  59. විලසග්ගි
  60. උභතග්ගි
  61. තෙලහත
  62. ඝටිතග්ගි
  63. යක්ඛග්ගි
  64. මූසග්ගි
  65. නිවාරිතග්ගි
  66. උරචක්‍රමාලා
  67. සුමතාප
  68. නපුජග්ගි
  69. තිප්පා කටුකග්ගි
  70. කූක්කූටග්ගි
  71. ලාභූපක්කම
  72. කිලෙසග්ගි
  73. ඉන්ද්‍රිය අගුත්තද්වාර
  74. කුසග්ගි
  75. මංසපේශී
  76. සුනඛ
  77. කාලහත්ථි
  78. මහායන්ත
  79. සජෝති
  80. සංසවක
  81. අංගාර පබ්බත
  82. ථූසනදි
  83. කූටකාරි
  84. සීතනදි
  85. ගූථ
  86. කුක්කුල
  87. කුළුහිඹුල්වන
  88. අසිපත්‍රවන
  89. වේතරණි
  90. ලෝකුඹු
  91. අලුකුඹු
  92. කිහිරඟුරු
  93. රෝරුව
  94. ගොපාන
  95. පසුඝාත
  96. සීතතරච්ජි
  97. නිච්ජවි
  98. මංකුලිත්ථාකා
  99. ශකිලිනී
  100. අසීසක
  101. පරලාභ
  102. නච්චවාදක
  103. ඡකල්ප
  104. සප්ත කල්ප
  105. අට්ඨ කල්ප
  106. නව කල්ප
  107. දශ කල්ප
  108. ඒකාදශ කල්ප
  109. මුත්තකරිසග්ගි
  110. දුසමාලග්ගි
  111. අනුපට්ටිතග්ගි
  112. භූතග්ගි
  113. විපරිතග්ගි
  114. කුම්භග්ගි
  115. මහඟුලෝම
  116. දිට්ඨානුගතග්ගි
  117. හස්සාධිප්පාය
  118. පතිතාන දේහග්ගි
  119. උදුන්ජාරිකා
  120. මුප්පමුසලග්ගි
  121. පත්තග්ගි
  122. එලමූලග්ගි
  123. ජඩ්ඩිතග්ගි
  124. ඔසක්කතාප
  125. අපච්චවෙක්ඛිතග්ගි
  126. කුලදූසනග්ගි
  127. වෙරළ
  128. අයෝගුල

නිරයේ දුක්විඳින්නෝ සදාකාලිකවම එහි සිරවී නොසිටිති. සිය අකුසල කර්ම සියල්ලම දුක්විඳ ගෙවා අවසාන් වූ පසු ඔවුහු වෙනත් භවයක උපත ලබති.

"https://si.wikipedia.org/w/index.php?title=නිරය&oldid=354084" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි