ද්වාරය:පුරාතන ඊජිප්තුව/තෝරාගත් චරිතාපදානය
තෝරාගත් චරිතාපදාන
අක්නාටන් යනුවෙන් හැඳින්වුණේ වසර 17ක් රාජ්‍ය පාලනය ගෙනගිය ඊජිප්තුවේ දහඅටවන රාජවංශයේ පාරාවෝවරයකු වන අතර, ඔහු මියගියේ ක්‍රි.පූ. 1336 හෝ ක්‍රි.පූ. 1334දී ය. ඔහු වඩාත්ම වැදගත් වන්නේ සම්ප්‍රදායික ඊජිප්තු බහුදේවවාදය අත්හැර ආටන් දෙවියන් කේන්ද්‍ර කරගත් නව ආගමික සම්ප්‍රදායයක් හඳුන්වා දීම නිසායි. මෙය ඇතැම්විට ඒකදේවවාදයක් හෝ සමේශ්වරවාදයක් ලෙස හඳුන්වනු ලැබේ. මුල්කාලීන ශිලා ලේඛනයක ඔහුව තරු හා සැසඳීමේ දී සූර්යයා ලෙස දක්වා ඇත. නමුත් පසුකාලීන නිල භාෂාව තුළ ආටන් දෙවියකු ලෙස හඳුන්වා නොමැති අතර, මෙම සූර්ය දෙවියන්හට සාමාන්‍ය දෙවිවරුන්ට ඉහළ තත්ත්වයක් ආරෝපණය කොට ඇත.
සම්ප්‍රදායික ආගම අත්හැරීමට අක්නාටන් උත්සාහ දැරී ය. නමුත් අවසානයේ එය අනුමත වූයේ නැත. ඔහුගේ මරණින් පසු සම්ප්‍රදායික ආගමික වන්දනා ක්‍රම නැවත ස්ථාපනය කෙරිණි. වසර දොළහකට පමණ පසුව, දහඅටවන රාජවංශයේ පැහැදිළි අනුප්‍රාප්ති අයිතියක් නොමැති පසුකාලීන පාලකයින් නව රාජවංශයක් ස්ථාපනය කොට අක්නාටන්ව නිගරුවට ලක්කළහ. අක්නාටන් සහ ඔහුගේ අනුප්‍රාප්තිකයින් හෙළා දුටු ඔවුන් සිය ලේඛනවල අක්නාටන් හඳුන්වා ඇත්තේ 'සතුරා' යන නාමයෙනි.[1]
19 වන සියවසේ දී අක්නාටන් විසින් ආටන් වෙනුවෙන් ඉදිකළ නගරය වූ අක්ටාටන් හෙවත් අමර්ණ භූමිය යළි සොයාගන්නා තෙක්ම, අක්නාටන් පිළිබඳ තතු ඉතිහාසයෙන් සැඟව ගොස් තිබිණි. අමර්ණ නගරයේ ෆ්ලින්ඩර්ස් ප්‍රෙටී විසින් සිදුකළ මුල්කාලීන කැනීම් හේතුවෙන් මෙම පාරාවෝවරයා පිළිබඳවූ උනන්දුව වැඩි විය. මෙය තවදුරටත් තීව්‍ර වූයේ ලුක්සෝර්හි රජුන්ගේ නිම්නයෙන් ටූටන්ඛාමූන් රජුගේ සොහොන්ගැබ සොයාගැනීමත් සමගයි. 2010දී කයිරෝවේ ආචාර්ය සාහි හවාස් විසින් සිදුකළ DNA පරීක්ෂණ අනුව, ටූටන්ඛාමූන් අක්නාටන්ගේ පුත්‍රයකු විය හැකි බැව් සනාථ විය. අක්නාටන් සේම ඔහුගේ අගබිසව වූ නෙෆර්ටිටි ද පුරාවිද්‍යාඥයන්ගේ උනන්දුවට ලක්වූ චරිත වේ. ඔවුන් පිළිබඳ නූතන අවධානය යොමුව ඇත්තේ ටූටන්ඛාමූන් සමග ඔහුගේ සම්බන්ධය, ඔහු අනුග්‍රහ දැක්වූ කලා නිර්මාණවල වූ අනන්‍ය කලා ලක්ෂණ හා උස්ස ගුණාත්මකභාවය මෙන්ම ඔහු ස්ථාපනයට උත්සාහ දැරූ ආගම නිසාවෙනි.
ආශ්‍රේයයන්
- ^ Trigger et al. (2001), pp.186-7
ද්වාරය:පුරාතන ඊජිප්තුව/තෝරාගත් චරිතාපදානය/2
ද්වාරය:පුරාතන ඊජිප්තුව/තෝරාගත් චරිතාපදානය/3
ද්වාරය:පුරාතන ඊජිප්තුව/තෝරාගත් චරිතාපදානය/4
ද්වාරය:පුරාතන ඊජිප්තුව/තෝරාගත් චරිතාපදානය/5
ද්වාරය:පුරාතන ඊජිප්තුව/තෝරාගත් චරිතාපදානය/6
Iවන තුත්මෝස් (ඇතැම්විට Iවන තොත්මෙස්, තුත්මොසිස් හෝ ටුත්මොසිස් ලෙස ද හඳුන්වයි, අරුත තොත්ට-උපන්) යනු පුරාතන ඊජිප්තුවේ 18වන රාජවංශයේ තුන්වන පාරාවෝවරයායි. ඔහු සිහසුනට පත් වූයේ Iවන අමෙන්හොටෙප් රජුගෙන් පසුවයි. ඔහුගේ රාජ්‍ය සමය තුළ දී, ඔහු නැගෙනහිර මධ්‍යධරණි පෙදෙස සහ නුබියාව වෙත යුධ ව්‍යාපාර මෙහෙයවමින් ඊජිප්තුවේ දේශසීමා පෙර නොවූ තරම් දුරකට ව්‍යාප්ත කළේ ය. එසේම ඔහු ඊජිප්තුව තුළ නොයෙකුත් දේවස්ථාන ඉදි කළ අතර, රජුන්ගේ නිම්නයේ තමන් සඳහා සොහොනැගැබක් ද ඉදිකළේ ය. රජුන්ගේ නිම්නයේ මෙසේ සිය සොහොන්ගැබ ඉදිකරගත් පළමු රජු ඔහු යැයි සැලකේ. (ඇතැම්විට Iවන අමෙන්හොටෙප් ද ඔහුට පෙර එසේ සිදු කරන්නට ඇත).
ඔහුගෙන් පසු ඔහුගේ පුත් IIවන තුත්මෝස් ද, අනතුරුව IIවන තුත්මෝස්ගේ සොයුරිය වූ හට්ෂෙප්සුට් ද සිහසුනට පත් විය. ඔහුගේ රාජ්‍ය සමය සාමාන්‍යයෙන් ක්‍රි.පූ. 1505-1493 යැයි නිර්ණය කොට ඇත. නමුත් ඇතැම් විද්වතුන්—පුරාතන ඊජිප්තු වාර්තාවල කාලරේඛාව නිර්ණයට යොදාගත් ජ්‍යොතිශ්‍යමය නිරීක්ෂණ තීබ්සයේ නොව මෙම්පිස් නගරයේ සිට සිදු කළ බව සිතන විද්වතුන්—ඔහුගේ රාජ්‍ය සමය ලෙස ක්‍රි.පූ. 1526–1513 ලෙස දක්වා ඇත.[1][2]
ආශ්‍රේයයන්
- ^ නිකොලස් ග්‍රිමල්, අ හිස්ට්‍රි ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්, Librairie Arthéme Fayard, 1988, පි. 202.
- ^ ඒන්ෂන්ට් ඊජිප්ටියන් ක්රෝනොලොජි, පරිච්ඡේදය 10: "ඊජිප්ටියන් සිරියස්/සොතික් ඩේට්ස් ඇන්ඩ් ද ක්වෙස්ෂන් ඔෆ් ද සිරියස්–බේස්ඩ් ලූනාර් කැලැන්ඩර්", රොල්ෆ් ක්‍රවුස්, 2006, පිටු. 439–57.
ද්වාරය:පුරාතන ඊජිප්තුව/තෝරාගත් චරිතාපදානය/8