Jump to content

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල

විකිපීඩියා වෙතින්
(දකුණු ආසියානු ක්‍රීඩා වෙතින් යළි-යොමු කරන ලදි)

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල (පෙර හැදින්වීම දකුණු ආසියා සංගමයේ ක්‍රීඩා උළෙල) යනු දකුණු ආසියාව රටක් තුල වර්ෂ දෙකකට වරක් පවත්වන ක්‍රීඩා උළෙලකි. 1983 දී පිහිටුවා ගත් දකුණු ආසියානු ක්‍රීඩා කවුන්සිලය (SASC) මගින් මෙය සංවිධානය කරයි. මෙම ක්‍රීඩා උළෙලේ වර්ථමාන සාමාජිකයන් වන්නේ ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මාල දිවයින, නේපාලය, පකිස්ථානය සහ ශ්‍රී ලංකාවයි.

සහභාගීත්ව රටවල්.

පලමු දකුණු ආසියානු ක්‍රීඩා උළෙල 1984 දී නේපාලයේ, කත්මණ්ඩු අග නුවරදී පැවැත්විණි. එතැන් සිට වර්ෂ දෙකකට වතාවක් ක්‍රීඩා උළෙල සාමාජික රටවල් තුලදී සංවිධානය විය. 2004 වසරේදී 32 වන වතාවට රැස් වූ දකුණු ආසියානු ක්‍රීඩා කවුන්සිලය විසින්, එතෙක් ක්‍රීඩා උළෙල හැඳින්වූ දකුණු ආසියා සංගමයේ ක්‍රීඩා උළෙල යන නම වෙනස් කොට දකුණු ආසියානු ක්‍රීඩා උළෙල යන නම පවත්වා ගන්නා ලදී.[1] මෙම ක්‍රීඩා උළෙල දකුණු ආසියාවේ ඔලිම්පික් ක්‍රීඩා උළෙළ ලෙස ද හඳුන්වයි.

ක්‍රීඩා උළෙල පැවැත්වූ රටවල්

[සංස්කරණය]
වසර වාරය සත්කාරක නගරය රට
1984 I කත්මණ්ඩු  නේපාලය
1985 II ඩකා  බංග්ලාදේශය
1987 III කොල්කටා  ඉන්දියාව
1989 IV ඉස්ලාමාබාද්  පාකිස්ථානය
1991 V කොළඹ  ශ්‍රී ලංකාව
1993 VI ඩකා  බංග්ලාදේශය
1995 VII මැඩ්‍රාස්  ඉන්දියාව
1999 VIII කත්මණ්ඩු  නේපාලය
2004 IX ඉස්ලාමාබාද්  පාකිස්ථානය
2006 X කොළඹ  ශ්‍රී ලංකාව
2010 XI ඩකා  බංග්ලාදේශය
2016 XII ගුවහටි  ඉන්දියාව
2019 XIIII කත්මණ්ඩු  නේපාලය

දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල

[සංස්කරණය]
වසර වාරය සත්කාරක නගරය රට
2011 I හම්බන්තොට  ශ්‍රී ලංකාව

දකුණු ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල

[සංස්කරණය]
වසර වාරය සත්කාරක නගරය රට
2011[2] I Dehradun සහ ඕලි  ඉන්දියාව

ශූරතා සටහන

[සංස්කරණය]
රට සමස්ථ ශූරතාවය අනු ශූරතාවය තෙවන ස්ථානය
 ඉන්දියාව
13 වතාවක්
-
-
 පකිස්තානය
-
7 වතාවක්
4 වතාවක්
 ශ්‍රී ලංකාව
-
4 වතාවක්
7 වතාවක්
 නේපාලය
-
2 වතාවක්
-
 බංග්ලාදේශය
-
-
2 වතාවක්

සමස්ථ පදක්කම් සටහන

[සංස්කරණය]
ස්ථානය රට සහභාගීත්වය රන් රිදී ලෝකඩ එකතුව
1 ඉන්දියාව1312747443902408
2 පාකිස්ථානය133604584571275
3 ශ්‍රී ලංකාව132604446901394
4 නේපාලය13130182367679
5 බංග්ලාදේශය1387210491788
6 ඇෆ්ගනිස්තානය4202654100
7 භූතානය1302236691
8මාල දිවයින් මාල දිවයින130141318

මේවාද බලන්න

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. It will be South Asian Games.Rediff news.April 2, 2004.
  2. "South Asian Winter Games to have two opening and closing". The Times of India. 2010-11-25. සම්ප්‍රවේශය 2011-08-01.

බාහිර සබැදි

[සංස්කරණය]