ජර්මානු භාෂාව
“ජර්මානු” හෙවත් අලමානී බස (Deutsch /ඩොඉට්ශ්/) යනු බටහිර ජර්මානුක භාෂාවලට (Germanic Languages) අයත් ඉන්‍දු-යුරෝපීය භාෂාවකි. මෙම භාෂාව ප්‍රධාන වශයෙන් මධ්‍යම යුරෝපයේ කථා කරයි. එය ජර්මනිය, ඔස්ට්‍රියාව, ස්විට්සර්ලන්තය, ඉතාලියේ දකුණු ටයිරෝල්, ජර්මානු බස කතා කරන බෙල්ජියමයේ ප්‍රජාව සහ “ලීඛ්ටෙන්ස්ටීන්” ( Liechtenstein ) යන ප්‍රදේශ සහ රටවල වැඩිපුර ම කතා කරන හා නිල හෝ සම-නිල භාෂාව වේ. එය ලක්සම්බර්ග්හි නිල භාෂා තුනෙන් එකක් වන අතර පෝලන්තයේ ඔපෝල් වොයිවොඩිෂිප් (Opole Voivodeship) හි සම-නිල භාෂාවකි. ජර්මන් භාෂාව එය අයත් බටහිර ජර්මානු භාෂා ශාඛාව තුළ අප්‍රිකානු, ලන්‍දේසි, ඉංග්‍රීසි, ෆ්‍රීසියානු භාෂා, ලක්සම්බර්ග් සහ යීදිෂ් ඇතුළු අනෙකුත් භාෂාවන්ට වඩා බොහෝ සෙයින් සමාන ය. තවද උතුරු ජර්මානු ශාඛාවට අයත් ඩෙන්මාර්ක්, නෝර්වේජියානු සහ ස්වීඩන් යන භාෂාවලට වාග්විද්‍යාත්මක ව සමානකම් දක්‍වයි. ජර්මන් භාෂාව යනු ඉංග්‍රීසි භාෂාවෙන් පසුව ලොව වැඩිපුරම කතා කරන දෙවන ජර්මානුක භාෂාවයි. ලෝකයේ ප්‍රධාන භාෂාවක් වන ජර්මානු භාෂාව ලොව පුරා මිලියන 100 කට ආසන්න ජනතාවකට ආවේණික භාෂාවක් වන අතර යුරෝපා සංගමයේ වැඩිපුරම කතා කරන ස්වදේශීය භාෂාව වේ. ඉංග්‍රීසි සහ ප්‍රංශ භාෂාවෙන් පසු යුරෝපා සංගමයේ බහුලව කථා කරන විදේශීය භාෂාව ජර්මන් බස වන අතර එය සමස්ත කථිකයින් අනුව යුරෝපා සංගමයේ දෙවන විශාලතම භාෂාව වේ. ප්‍රාථමික පාසල් මට්ටමින් ඉංග්‍රීසි භාෂාවෙන් පසු යුරෝපා සංගමයේ වැඩිපුරම උගන්වනු ලබන දෙවන විදේශීය භාෂාව ජර්මානු භාෂාවයි. එමෙන් ම ඉංග්‍රීසි හා රුසියානු භාෂාවෙන් පසු වෙබ් අඩවි වල බහුලව ම භාවිතා වන දෙවන විද්‍යාත්මක භාෂාව සහ තෙවනුව වැඩිපුරම භාවිතා වන භාෂාවයි. නව පොත් වාර්ෂික ප්‍රකාශනය අනුව ජර්මානු භාෂාව කතා කරන රටවල් පස්වැනි ස්ථානයට පත්‍ව ඇති අතර ලෝකයේ සියලුම පොත් වලින් දහයෙන් එකක් (ඊ-පොත් ඇතුළුව) ජර්මානු භාෂාවෙන් ප්‍රකාශයට පත් කෙරේ. එක්සත් රාජධානියේ, ජර්මානු සහ ප්‍රංශ ව්‍යාපාර සඳහා වඩාත්ම ඉල්ලුම් කරන විදේශීය භාෂාවන් වේ (ව්‍යාපාර වලින් 49% සහ 50% පිළිවෙලින් මෙම භාෂා දෙක වඩාත් ප්‍රයෝජනවත් යැයි හඳුනා ගනී).
ජර්මානු යනු නාමපද, සර්‍වනාම සහ නාමවිශේෂණ සඳහා අවස්ථා හතරක් ඇති, උද්ධෘත භාෂාවකි. එනම් ලිංගභේද තුනක් (පුරුෂ, ස්ත්‍රී, නපුන්සක) සහ සංඛ්‍යා දෙකක් (ඒකීය, බහු) සහිත භාෂාවකි. එය එහි වචන මාලාවෙන් වැඩි ප්‍රමාණයක් ලබා ගන්නේ ඉන්‍දු-යුරෝපීය භාෂා පවුලේ පුරාණ ජර්මානු ශාඛාවෙනි. එහි සමහර වචන මාලාව ලතින් සහ ග්‍රීක භාෂාවෙන් ව්‍යුත්පන්න වී ඇති අතර ප්‍රංශ සහ නූතන ඉංග්‍රීසි භාෂාවෙන් වචන අඩු ප්‍රමාණයක් ලබාගෙන ඇත. ජර්මානු යනු “බහුභාෂා” (pluricentric language) භාෂාවක් වන අතර එහි ප්‍රමිතිගත ප්‍රභේද වන්නේ ජර්මානු, ඔස්ට්‍රියානු සහ ස්විස් සම්මත ජර්මානු භාෂා ය. ඉතාලිය සිය භූමියේ සිටින සියලුම ජර්මානු කතා කරන සුළු ජාතීන් “ජාතික ඓතිහාසික සුළුතරයන්” ලෙස පිළිගන්නා අතර දකුණු ටයිරෝල් හැරුණු විට උතුරු ඉතාලියේ කලාප කිහිපයක ජර්මානු කතා කරන ප්‍රභේද ආරක්‍ෂා කරයි.
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ Mikael Parkvall, "Världens 100 största språk 2010" (The World's 100 Largest Languages in 2010), in Nationalencyklopedin
- ↑ 2.0 2.1 2.2 Ammon, Ulrich (2014). Die Stellung der deutschen Sprache in der Welt (German බසින්) (1st ed.). Berlin: de Gruyter. ISBN 978-3-11-019298-8. සම්ප්‍රවේශය 24 July 2015.
{{cite book}}
: CS1 maint: unrecognized language (link)[page needed] - ↑ "Special Eurobarometer 386: Europeans and their languages" (PDF) (report). European Commission. ජූනි 2012. 6 January 2016 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 24 July 2015.
{{cite web}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) (help) - ↑ "Rat für deutsche Rechtschreibung – Über den Rat". Rechtschreibrat.ids-mannheim.de. සම්ප්‍රවේශය 11 October 2010.
- ↑ 5.0 5.1 Jan Goossens: Niederdeutsche Sprache: Versuch einer Definition. In: Jan Goossens (Hrsg.): Niederdeutsch: Sprache und Literatur. Karl Wachholtz, 2. Auflage, Neumünster 1983, S. 27; Willy Sanders: Sachsensprache, Hansesprache, Plattdeutsch: sprachgeschichtliche Grundzüge des Niederdeutschen. Vandenhoeck & Ruprecht, Göttingen 1982, ISBN 3-525-01213-6, S. 32 f.; Dieter Stellmacher: Niederdeutsche Sprache. 2. Auflage, Weidler, Berlin 2000, ISBN 3-89693-326-4, S. 92.
- ↑ Nordhoff, Sebastian; Hammarström, Harald; Forkel, Robert et al., eds (2013). "High Franconian". Glottolog 2.2. Leipzig: Max Planck Institute for Evolutionary Anthropology. http://glottolog.org/resource/languoid/id/high1287.
- ↑ Nordhoff, Sebastian; Hammarström, Harald; Forkel, Robert et al., eds (2013). "Alpine Germanic". Glottolog 2.2. Leipzig: Max Planck Institute for Evolutionary Anthropology. http://glottolog.org/resource/languoid/id/uppe1397.