Jump to content

ජර්මානු භාෂාව

විකිපීඩියා වෙතින්
(German language වෙතින් යළි-යොමු කරන ලදි)
ජර්මානු භාෂාව
Deutsch
උච්චාරණය[dɔʏtʃ]
ස්වදේශික වන්නේPrimarily German-speaking Europe, also in the worldwide German-speaking diaspora
ස්වදේශික හසුරුවන්නන්
90 million (2010)[1] to 95 million (2014)[2]
L2 speakers: 10–15 million (2014)[2][3]
ආදි ස්වරූප
සම්මත ස්වරූප
Latin (German alphabet)
German Braille
Signed German, LBG
(Lautsprachbegleitende / Lautbegleitende Gebärden)
නිල තත්ත්වය
නිල භාෂාව වන ජාතිය


Several international institutions
හඳුනාගත් සුළුතර
භාෂාවක් වන ජාතිය
යාමනය කරනු ලබන්නේNo official regulation
(German orthography regulated by the Council for German Orthography[4]).
භාෂා කේත
ISO 639-1de
ISO 639-2ger (B)
deu (T)
ISO 639-3Variously:
deu  German
gmh  Middle High German
goh  Old High German
gct  Colonia Tovar German
bar  Bavarian
cim  Cimbrian
geh  Hutterite German
ksh  Kölsch
nds  Low German[a]
sli  Lower Silesian
ltz  Luxembourgish[b]
vmf  Mainfränkisch
mhn  Mòcheno
pfl  Palatinate German
pdc  Pennsylvania German
pdt  Plautdietsch[c]
swg  Swabian German
gsw  Swiss German
uln  Unserdeutsch
sxu  Upper Saxon
wae  Walser German
wep  Westphalian
hrx  Riograndenser Hunsrückisch
yec  Yenish
ග්ලොටෝලොග්high1287  High Franconian[6]
uppe1397  Upper German[7]
ලින්ග්වාස්ෆියර්
further information
52-AC (Continental West Germanic)
> 52-ACB (Deutsch & Dutch)
> 52-ACB-d (Central German incl. 52-ACB–dl & -dm Standard/Generalised High German)
+ 52-ACB-e & -f (Upper German & Swiss German)
+ 52-ACB-h (émigré German varieties incl. 52-ACB-hc Hutterite German & 52-ACB-he Pennsylvania German etc.)
+ 52-ACB-i (Yenish);
Totalling 285 varieties: 52-ACB-daa to 52-ACB-i
  (Co-)Official and majority language
  Co-official, but not majority language
  Statutory minority/cultural language
  Non-statutory minority language
මෙම ලිපියෙහි IPA ෆෝනටික සංකේත ඇතුළත් වේ. නිසි පරිවර්තන සහාය නොමැති විට, යුනිකේත අක්ෂර වෙනුවට ඔබට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ වෙනත් සංකේත දර්ශනය විය හැක. IPA සංකේත පිළිබඳ හැඳින්වීම් මාර්ගෝපදේශනයක් සඳහා, Help:IPA බලන්න.

“ජර්මානු” හෙවත් අලමානී බස (Deutsch /ඩොඉට්ශ්/) යනු බටහිර ජර්මානුක භාෂාවලට (Germanic Languages) අයත් ඉන්‍දු-යුරෝපීය භාෂාවකි. මෙම භාෂාව ප්‍රධාන වශයෙන් මධ්‍යම යුරෝපයේ කථා කරයි. එය ජර්මනිය, ඔස්ට්‍රියාව, ස්විට්සර්ලන්තය, ඉතාලියේ දකුණු ටයිරෝල්, ජර්මානු බස කතා කරන බෙල්ජියමයේ ප්‍රජාව සහ “ලීඛ්ටෙන්ස්ටීන්” ( Liechtenstein ) යන ප්‍රදේශ සහ රටවල වැඩිපුර ම කතා කරන හා නිල හෝ සම-නිල භාෂාව වේ. එය ලක්සම්බර්ග්හි නිල භාෂා තුනෙන් එකක් වන අතර පෝලන්තයේ ඔපෝල් වොයිවොඩිෂිප් (Opole Voivodeship) හි සම-නිල භාෂාවකි. ජර්මන් භාෂාව එය අයත් බටහිර ජර්මානු භාෂා ශාඛාව තුළ අප්‍රිකානු, ලන්‍දේසි, ඉංග්‍රීසි, ෆ්‍රීසියානු භාෂා, ලක්සම්බර්ග් සහ යීදිෂ් ඇතුළු අනෙකුත් භාෂාවන්ට වඩා බොහෝ සෙයින් සමාන ය. තවද උතුරු ජර්මානු ශාඛාවට අයත් ඩෙන්මාර්ක්, නෝර්වේජියානු සහ ස්වීඩන් යන භාෂාවලට වාග්විද්‍යාත්මක ව සමානකම් දක්‍වයි. ජර්මන් භාෂාව යනු ඉංග්‍රීසි භාෂාවෙන් පසුව ලොව වැඩිපුරම කතා කරන දෙවන ජර්මානුක භාෂාවයි. ලෝකයේ ප්‍රධාන භාෂාවක් වන ජර්මානු භාෂාව ලොව පුරා මිලියන 100 කට ආසන්න ජනතාවකට ආවේණික භාෂාවක් වන අතර යුරෝපා සංගමයේ වැඩිපුරම කතා කරන ස්වදේශීය භාෂාව වේ. ඉංග්‍රීසි සහ ප්‍රංශ භාෂාවෙන් පසු යුරෝපා සංගමයේ බහුලව කථා කරන විදේශීය භාෂාව ජර්මන් බස වන අතර එය සමස්ත කථිකයින් අනුව යුරෝපා සංගමයේ දෙවන විශාලතම භාෂාව වේ. ප්‍රාථමික පාසල් මට්ටමින් ඉංග්‍රීසි භාෂාවෙන් පසු යුරෝපා සංගමයේ වැඩිපුරම උගන්වනු ලබන දෙවන විදේශීය භාෂාව ජර්මානු භාෂාවයි. එමෙන් ම ඉංග්‍රීසි හා රුසියානු භාෂාවෙන් පසු වෙබ් අඩවි වල බහුලව ම භාවිතා වන දෙවන විද්‍යාත්මක භාෂාව සහ තෙවනුව වැඩිපුරම භාවිතා වන භාෂාවයි. නව පොත් වාර්ෂික ප්‍රකාශනය අනුව ජර්මානු භාෂාව කතා කරන රටවල් පස්වැනි ස්ථානයට පත්‍ව ඇති අතර ලෝකයේ සියලුම පොත් වලින් දහයෙන් එකක් (ඊ-පොත් ඇතුළුව) ජර්මානු භාෂාවෙන් ප්‍රකාශයට පත් කෙරේ. එක්සත් රාජධානියේ, ජර්මානු සහ ප්‍රංශ ව්‍යාපාර සඳහා වඩාත්ම ඉල්ලුම් කරන විදේශීය භාෂාවන් වේ (ව්‍යාපාර වලින් 49% සහ 50% පිළිවෙලින් මෙම භාෂා දෙක වඩාත් ප්‍රයෝජනවත් යැයි හඳුනා ගනී).

ජර්මානු යනු නාමපද, සර්‍වනාම සහ නාමවිශේෂණ සඳහා අවස්ථා හතරක් ඇති, උද්ධෘත භාෂාවකි. එනම් ලිංගභේද තුනක් (පුරුෂ, ස්ත්‍රී, නපුන්සක) සහ සංඛ්‍යා දෙකක් (ඒකීය, බහු) සහිත භාෂාවකි. එය එහි වචන මාලාවෙන් වැඩි ප්‍රමාණයක් ලබා ගන්නේ ඉන්‍දු-යුරෝපීය භාෂා පවුලේ පුරාණ ජර්මානු ශාඛාවෙනි. එහි සමහර වචන මාලාව ලතින් සහ ග්‍රීක භාෂාවෙන් ව්‍යුත්පන්න වී ඇති අතර ප්‍රංශ සහ නූතන ඉංග්‍රීසි භාෂාවෙන් වචන අඩු ප්‍රමාණයක් ලබාගෙන ඇත. ජර්මානු යනු “බහුභාෂා” (pluricentric language) භාෂාවක් වන අතර එහි ප්‍රමිතිගත ප්‍රභේද වන්නේ ජර්මානු, ඔස්ට්‍රියානු සහ ස්විස් සම්මත ජර්මානු භාෂා ය. ඉතාලිය සිය භූමියේ සිටින සියලුම ජර්මානු කතා කරන සුළු ජාතීන් “ජාතික‌ ඓතිහාසික සුළුතරයන්” ලෙස පිළිගන්නා අතර දකුණු ටයිරෝල් හැරුණු විට උතුරු ඉතාලියේ කලාප කිහිපයක ජර්මානු කතා කරන ප්‍රභේද ආරක්‍ෂා කරයි.

අමතර අවධානයට

[සංස්කරණය]

සටහන්

[සංස්කරණය]
  1. The status of Low German as a German variety or separate language is subject to discussion.[5]
  2. The status of Luxembourgish as a German variety or separate language is subject to discussion.[2]
  3. The status of Plautdietsch as a German variety or separate language is subject to discussion.[5]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. Mikael Parkvall, "Världens 100 största språk 2010" (The World's 100 Largest Languages in 2010), in Nationalencyklopedin
  2. 1 2 3 Ammon, Ulrich (2014). Die Stellung der deutschen Sprache in der Welt (German බසින්) (1st ed.). Berlin: de Gruyter. ISBN 978-3-11-019298-8. සම්ප්‍රවේශය 24 July 2015.{{cite book}}: CS1 maint: unrecognized language (link)[page needed]
  3. "Special Eurobarometer 386: Europeans and their languages" (PDF) (report). European Commission. ජූනි 2012. 6 January 2016 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 24 July 2015.
  4. "Rat für deutsche Rechtschreibung – Über den Rat". Rechtschreibrat.ids-mannheim.de. සම්ප්‍රවේශය 11 October 2010.
  5. 1 2 Jan Goossens: Niederdeutsche Sprache: Versuch einer Definition. In: Jan Goossens (Hrsg.): Niederdeutsch: Sprache und Literatur. Karl Wachholtz, 2. Auflage, Neumünster 1983, S. 27; Willy Sanders: Sachsensprache, Hansesprache, Plattdeutsch: sprachgeschichtliche Grundzüge des Niederdeutschen. Vandenhoeck & Ruprecht, Göttingen 1982, ISBN 3-525-01213-6, S. 32 f.; Dieter Stellmacher: Niederdeutsche Sprache. 2. Auflage, Weidler, Berlin 2000, ISBN 3-89693-326-4, S. 92.
  6. Nordhoff, Sebastian; Hammarström, Harald; Forkel, Robert; Haspelmath, Martin, eds. (2013). "High Franconian". Glottolog 2.2. Leipzig: Max Planck Institute for Evolutionary Anthropology. {{cite book}}: Invalid |display-editors=4 (help); Unknown parameter |chapterurl= ignored (help)
  7. Nordhoff, Sebastian; Hammarström, Harald; Forkel, Robert; Haspelmath, Martin, eds. (2013). "Alpine Germanic". Glottolog 2.2. Leipzig: Max Planck Institute for Evolutionary Anthropology. {{cite book}}: Invalid |display-editors=4 (help); Unknown parameter |chapterurl= ignored (help)

භාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ජර්මානු_භාෂාව&oldid=722694" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි