ඔගී ඇන්ඩ් ද කොක්‍රෝචස්

විකිපීඩියා වෙතින්
ඔගී ඇන්ඩ් ද කොක්‍රෝචස්
Oggy and the Cockroaches
ප්‍රභේදයහාස්‍යමය
වික්‍රමාන්විත
ආකෘතියAnimated television series
තැනුවේJean-Yves Raimbaud
අධ්‍යක්ෂණය කලේOlivier Jean-Marie
සම්භව රට ප්‍රංශය
කථාවාර සංඛ්‍යාව4
කථාංග ගණන269
නිෂ්පාදනය
විධායකනිෂ්පාදක(යෝ)Marc du Pontavice
ධාවන කාලයදල වශයෙන් මිනිත්තු 7 යි
නිෂ්පාදන සමාගමGaumont Film Company (Season 1-2)
Xilam (Season 3-present)
ප්‍රචාරණය
මුල් නාලිකාවFrance 3
Canal+
Fox Kids
රූප ආකෘතියSDTV (Season 1-3)
(HDTV) (Season 4)
මුල් ධාවනය1998 නොවැම්බර් 28 – වර්ථමානය තෙක්
කාලානුක්‍රමය
සබැඳි දර්ශනSpace Goofs
Ratz
Zig and Sharko

ඔගී ඇන්ඩ් ද කොක්‍රෝචස් (ඔගී සහ කැරපොත්තෝ) යනු සීලාම් (Xilam) සහ ගෝමන්ට් ෆිල්ම් කම්පනි (Gaumont Film Company) විසින් නිශ්පාදිත සජීවීකරණය කරන ලද හාස්‍යමය ප්‍රංශ කාටූන් මාලාවකි.

සාරාංශය[සංස්කරණය]

කථාව කේන්ද්‍රගත වන්නේ ඔගී නම්, කෑමට හා රූපවාහිනිය නැරඹීමට කැමති, නිල් පැහැ පූසෙකු සහ එම නිවසේම වසන කැරපොත්තන් තිදෙනෙකු වන ජෝයි, ඩිඩී සහ මාකි වටායි. මේ කැරපොත්තන් තිදෙනා නිතරම ඔගීව කරදර වල පටලවමින් සතුටු වෙයි. බොහෝ විට කථාව අවසන් වන්නේ ඔගී ජයගන්නා ආකාරයෙනි. නමුත් ඔගී ජය නොගන්නා අවස්ථාද ඇත.

වර්ථමානයේ ඔගී ඇන්ඩ් ද කොක්‍රෝචස් කාටූන් මාලාව දරුවන් අතර පමණක් නොව තරුණ පිරිස් අතරද අතිශය ජනප්‍රිය වී තිබෙන්නේ එහි තිබෙන හාස්‍යජනක බව නිසා සහ අනන්‍ය ලක්ෂණ නිසාවෙනි. කාටූනයේ දෙබස් භාවිතය අවම අතර සියළු විස්තර, රූප හා පසුබිම් සංගීතය ආශ්‍රයෙන් හුවා දක්වයි.

ප්‍රධාන චරිත[සංස්කරණය]

  • ඔගී තරමක් තරබාරු නිල් පැහැ පූසෙකි. ඔගී සාමාන්‍යයෙන් කෑමට හා රූපවාහිනිය නැරඹීමට කැමති, නිතරම කැරපොත්තෝ තිදෙනා පසුපස පන්නන චරිතයකි.[1]
  • ජෝයි, දම් පැහැ ශරීරයක්, දම් පැහැ දකුණු ඇසක් හා කහ පැහැ වම් ඇසක් හිමි, බොහෝ විට කැරපොත්තන් තිදෙනා අතර නායකයා ලෙස පෙනී සිටින චරිතයකි.
  • මාකි අළු පැහැ ශරීරයක්, කොළ පැහැ හිසක් හිමි, කැරපොත්තෝ තිදෙනා අතර උසම චරිතය වෙයි.
  • ඩිඩී තැඹිලි පැහැ හිසක්, තරබාරු ශරීරයක්, හිමි කැරපොත්තෙකු වෙයි.
  • ජැක් යනු කෙළ පැහැ ශරීරයක් හිමි ඔගී ගේ ඥාතියෙකු වන අතර ඔගී ට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් චරිතයකි.
  • බොබ් යනු දුඹුරු පැහැ නපුරු බුල්ඩෝග් කෙනෙකි. ඔගී ගේ අසල්වැසියාද වෙයි.
  • මොනිකා යනු ඔගීගේ නිවුන් සහෝදරියයි.
  • ඔලිවියා ඔගී ගේ නව අසල්වැසියෙකු වන අතර ඔගී ගේ ආදරවන්තිය ලෙස හුවා දක්වයි.
  • ලේඩි කේ සමහර කථාංග තුල දැකගත හැකි චරිතයකි.
  • ටෙරා සමහර කථාංග තුල දැකගත හැකි චරිතයකි.

අනෙකුත් මාධ්‍ය[සංස්කරණය]

ඇල්බම[සංස්කරණය]

2010 සැප්තැම්බර් 6 වන දින නිකුත් කල ප්‍රංශ ඇල්බමයකි.[2] [3]

සඟරා කලාප[සංස්කරණය]

2009 දී සහ 2011 දී ප්‍රංශයේ ඔගී සම්බන්ද සඟරා කලාප 3 ක් නිකුත් විය.[4]

  • n°1 : 11 ජුලි 2009
  • n°2 : 21 ඔක්තෝම්බර් 2009[5]
  • n°3:[6] 14 ජනවාරි 2011[7]

චිත්‍රපට[සංස්කරණය]

2013 අගෝස්තු 7 දින ඔගී ඇන්ඩ් ද කොක්‍රෝචස් නමින් චිත්‍රපටයක් නිකුත් විය.

ජාත්‍යන්තර විකාශය[සංස්කරණය]

රට ජාලය
 ප්‍රංශය France 3, Canal+, Gulli
 ඇල්ජීරියාව Algérie 3
 ඕස්ට්‍රේලියාව ABC1, ABC3
 බෙල්ජියම Ketnet
 බොලිවියාව Cadena A
 බොස්නියා සහ හර්සෙගොවිනා TVSA, Televizija OBN
 බ්‍රසීලය Cartoon Network
 බල්ගේරියාව Diema Family
 කාම්බෝජය Disney Channel, Cartoon Network
 කැනඩාව YTV, VRAK.TV, Netflix
 චෙක් ජනරජය Nova
 ඩෙන්මාර්කය DR1, DR Ramasjang
 එස්ටෝනියා Kanal 2
 ෆින්ලන්තය Nelonen,Sub, MTV3 Juniori
 ජර්මනිය Super RTL, ProSieben
හොංකොං TVB Pearl
 ඉන්දියාව Nickelodeon, Cartoon Network
 ඉන්දුනීසියාව Cartoon Network
 ඉරානය Tehran TV
 ඊශ්‍රායෙලය Arutz HaYeladim
 ඉතාලිය Italia 1,Hiro, K2, Boomerang සහ DeA Kids
 මලයාසියාව TV3, Cartoon Network
 මෙක්සිකෝව Canal 5
 නෝර්වේ NRK Super
 පාකිස්ථානය Cartoon Network (Season 1)
 පෙරූ Unitel
 පිලිපීනය TV5, Cartoon Network
 පෝලන්තය Fox Kids, Jetix, TV6, TV4, Puls 2, TVP3
 රුසියාව REN TV
 ස්ලොවෙනියාව POP TV, Kanal A
 දකුණු අප්‍රිකාව SABC 1
 ශ්‍රී ලංකාව හිරු ටීවී, Cartoon Network
 ස්වීඩනය Kanal 5
 තුර්කිය TRT Çocuk
 යුක්රේනය Novyi Kanal
 එක්සත් රාජධානිය ITV, Fox Kids, POP
 ඇමරිකානු එක්සත් ජනපද Fox Kids, Nickelodeon, Nicktoons

මේවාද බලන්න[සංස්කරණය]


මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Interview with Marc du Pontavice" (French බසින්). සම්ප්‍රවේශය 2014-01-14.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  2. Jeansanteuil (2010-12-29). "Oggy et ses cafards, le dessin animé culte enfin en cd et dvd !" (French බසින්). සැකිල්ල:Link-interwiki. සම්ප්‍රවේශය 2012-11-30.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  3. "Nouveau en DVD et CD : Oggy et les cafards !" (French බසින්). Fémin Actu. 2010-07-15. සම්ප්‍රවේශය 2012-11-30.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  4. "NoOok - L'Atelier graphique des éditeurs". NoOok.fr (French බසින්). සම්ප්‍රවේශය 2012-11-30. {{cite web}}: Cite has empty unknown parameters: |day= and |month= (help)CS1 maint: unrecognized language (link)
  5. "1 - Magazine Oggy et les Cafards en commande sur ZePresse.fr" (French බසින්). ZePresse.fr. සම්ප්‍රවේශය 2012-11-30. {{cite web}}: Cite has empty unknown parameters: |day= and |month= (help)CS1 maint: unrecognized language (link)
  6. "Picture of the n°1 of 2011 of the magazine Oggy et les Cafards, le mag". sc.turbopige.com (French බසින්). සම්ප්‍රවේශය 2012-11-30. {{cite web}}: Cite has empty unknown parameters: |day= and |month= (help)CS1 maint: unrecognized language (link)
  7. "2 - Magazine Oggy et les Cafards en commande sur ZePresse.fr" (French බසින්). ZePresse.fr. සම්ප්‍රවේශය 2012-11-30. {{cite web}}: Cite has empty unknown parameters: |day= and |month= (help)CS1 maint: unrecognized language (link)

භාහිර සබැදි[සංස්කරණය]