Jump to content

දෝව රජ මහා විහාරය

විකිපීඩියා වෙතින්
Dhowa rock temple
දෝව රජ මහා විහාරය
දෝව රජ මහා විහාරයේ වූ අර්ධ ලෙස වැඩ නිමවූ බුද්ධ ප්‍රථිමාව
මූලික තොරතුරු
පිහිටීමදෝව, බණ්ඩාරවෙල, ශ්‍රී ලංකාව
අනුබැඳියාවබුදු ධහම
දිස්ත්‍රික්කයබදුල්ල
පළාතඌව පළාත
උරුම නාමකරණයපුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරකය[1] (1 නොවැම්බර් 1996)
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයබෞද්ධ විහාරය

බණ්ඩාරවෙල පිහිටි දෝව රජ මහා විහාරය වළගම්බා යුගයට අයත් විහාරයක් බව සදහන්වේ. වළගම්බා රජු කලක් සැඟවී සිටි ස්ථානයක් ලෙස මෙය සැලකේ. මෙහි අඩි 38 ක ගල් ප්‍රපාතයෙහි කැටයම් කළ අසම්පූර්ණ බුද්ධ ප්‍රතිමාවක් දක්නට ඇත. එසේම වළගම්බා රජු භාවිතා කල රහස් උමගක්ද මෙහි දක්නට ඇති අතර එහි අවසානයක් මේ දක්වා සොයාගෙන නැත. මෙම විහාරය බණ්ඩාරවෙල සිට බදුල්ල මාර්ගයේ කි.මී. 6 පමණ ගිය විට පිහිටා ඇත.

අමතර:

දෝව රජමහා විහාරය බදුල්ල බන්ඩාරවෙල මාර්ගයේ බන්ඩාරවෙල නගරයට ආස්න්නව ප්‍රධාන මාර්ගය ආසන්නයේ සුන්දර ස්ථානයක දෝව රජමහා විහාරය පිහිටා තිබේ.වලගම්බා රජු මෙම ස්තානයේ සැගවී සිටි බවටත්, විහාරයේ වැදුම් පිදුම් කල බවත් කියවේ. මෙහි ඇති විශේෂත්වය නම් මෙම ස්ථානය මාර්ගයට ආසන්නයේ පිහිටියද, එම ස්ථානයේ විහාරයක් ඇතැයි කිසිවෙකුටත් කිව නොහැකි ලෙස වඩාත් සූක්ශම ආකාරයෙන් බෑවුමට වන්නට විහාරය නිර්මාණය කර තිබේ. අවුරුදු 2105ක් පැරණි විහාරයකි. මෙම විහාරය සියවටක සහ අග්ඝෝර යන යක්ෂ සෙන්පතියන් විසින් හැදූ විහාරයකි.එම යක්ෂ සෙන්පතිවරුන්ගේ චිත්‍ර 2ක් විහාරස්තානයට ඇතුල් වීමේ දොරටුව දෙපස දැක ගත හැකිය. විහාර මන්දිරයට ඇතුලු වීමීදී දක්නට ලැබෙන ගල් උලුවස වසර 1800ක් පමන පැරණිය. විහාර මන්දිරයේ චිත්‍ර වළගම්බා සමය මෙන්ම මහනුවර යුගයට අයත්ය.විහාර මන්දිරයේ පලමු කොටසේ බිත්ති මත වසර 400ක් පැරැනි තේලපත්ත ජාතකය, ධර්මපාල ජාතකය මෙන්ම වෙස්සන්තර ජාතකය ශාක සාර භාවිතයෙන් සිත්තම් කර තිබේ. මකර තොරණ ක්‍රි ව 1880 නිර්මාණය කර තිබේ. මකර තොරණේ මකරා නිර්මාණය කර ඇත්තේ සත්වයන් 07 දෙනෙක් ආශ්‍රයෙනි.ඇස් දෙක වදුරා, කට කිබුලාගෙ, පිහාටු මොණරාගෙ, කලුල් දෙක සින්හයාගෙ, බඩ මාලුවාගෙ.හොඩය අලියගෙ, කන් දෙක ඌරගෙ නි. වෘෂභකුන්ච එසෙම මෙම විහාරස්ථානයේදී පමණක් දැක ගත හැකි වෘෂභකුන්ච නැමැති සිතුවම මෙහිදී දැක ගත හැකිය. වෘෂභකුන්ච යනු එක් පසකින් බැලූ කල ඇතකුද, අනෙක් පසින් බැලූ කල ගවයකුද දැක ගත හැකි සිතුවමකි. මෙම සත්වයින් දෙදෙනාගේ සම්මිශ්‍රනයෙන් මෙමම වෘෂභකුන්ච සිතුවම නිර්මාණය කර තිබේ. මහනුවර යුගයේ මෙන්ම අනුරාධපුර යුගයේ නිර්මානය කළ බුදු පිලිම වහන්සේලා විහාර මන්දිරයේ දෙවනි කොටස තුල දැක ගත හැකිය.වළගම්බා රජු මෙම විහාරයේ සැගවී සිටි සමයේ මෙම ස්ථානයේ පිහිටි ගලෙහි අඩි 36ක් උස හිටි පිලිම වහන්සෙ නමක් අඹා තිබේ. මෙම පිලිමය වසර 2105ක් පැරනිය පිලිම නිර්මානය කිරීමේදී පෙර කියූ යක්ෂයින්ගේ මෙන්ම එකල වූ යෝදයින්ගේද සහය ලබා ගත් බවද ජනප්‍රවාදයේ කියවෙ.මෙම හිටි පිලිම වන්සේ නිර්මානය කිරීමේදී පලන්චියට ගත් ලීයක් මහ ගසක් ලෙස පිලිමයට යාබදින් දැක ගත හැකිය. වලගම්බා රජු මෙම විහාරස්තානයේ සැග සිටි කාලයේ සතුරන්ගෙන් බේරී පලා යාමට මෙහි වූ උමන් මාර්ගයන් භාවිතයට ගත් බව කියවේ. මෙම උමන් මාර්ග මගින් රාවන ඇල්ලේ විහාරයට මෙන්ම ඇල්ල වැල්ලවාය පාරේ රක්කිතාකන්ද රජමහා විහාරයට, හාලි හාලිඇල බොපත් විහාරයටද පහසුවෙන් යා හැකිව තිබින. විහාර මන්දිරයේ උමන් මාර්ගයට පිවිසෙන ස්ථානයට ආසන්නයේ රජු විසින් කුඩා චෛත්‍යයක් සාදවා වැදුම් පිදුම් කල බවද කියවේ. එම චයිත්යය අදද දැක ගත හැකිය. වළගම්බා රජු සතුරන්ගෙන් සැගවී මෙම ස්ථානයේ සේනා සංවිධානය කල බවද කියවේ. දෝව රජමහා විහාරයට ආසන්නයෙන් බදුළු ඔය මනරම්ව ගලා බසී.මෙම විහාරස්ථානයේ නාගරාජයෙක් වෙනුවෙන් සෑම සැප්තැම්බර් මසකම පූජවක් පවත්වයි. විටෙක ඝන අව් රශ්මියෙන් කර වන පොළොව, මොහොතකින් සුදු සේද සලුවකින් වැසී යයි, එවන් සුන්දර පරිසරයක පිහිටි පුද බිමට ඔබත් දිනය එන්න වැලළුනු උරුමයන් දැක ගන්න.

Info from ශාලක මිල්ලෑවගේ

Suලාශ්‍ර

[සංස්කරණය]
  1. "Protected Monument List 2012-12-12" (PDF). පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. 12 December 2012. සම්ප්‍රවේශය 27 මාර්තු 2016.
"https://si.wikipedia.org/w/index.php?title=දෝව_රජ_මහා_විහාරය&oldid=795331" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි