Jump to content

මොණරාගල පරිපාලන දිස්ත්‍රික්කය

විකිපීඩියා වෙතින්
(මොණරාගල දිස්ත්‍රික්කය වෙතින් යළි-යොමු කරන ලදි)
මොණරාගල දිස්ත්‍රික්කය
පරිපාලන දිස්ත්‍රික්කය
මොණරාගල දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක්
මොණරාගල දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක්
ඛණ්ඩාංක: 6°40′N 81°20′E / 6.667°N 81.333°E / 6.667; 81.333ඛණ්ඩාංක: 6°40′N 81°20′E / 6.667°N 81.333°E / 6.667; 81.333
රට ශ්‍රී ලංකාව
පළාතඌව පළාත
විශාලතම නගරයමොණරාගල
සරිය[1]
 • මුළු5,639 කිමී2 (2,177 සතරැස් සැත)
 • භූමිය5,508 කිමී2 (2,127 සතරැස් සැත)
 • ජලය131 කිමී2 (51 සතරැස් සැත)
ජනගහණය(2012)[2]
 • මුළු448,194
 • ඝණත්වයBad rounding here79/කිමී2 (Bad rounding here210/වර්ග සැත)
වේලා කලාපශ්‍රී ලංකාව (UTC+05:30)
ISO 3166 කේතයLK-82

මොණරාගල දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ ඌව පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි ප්‍රමාණය 5,639 km2 (2,177 sq mi)[1] ක් වන අතර සම්පූර්ණ ජනගහණය 2012 වන විට 448,194[2] ක් විය. මොණරාගල දිස්ත්‍රික්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 කින් සමන්විත වේ.

මොණරාගල දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25න් දෙවන විශාලතම දිස්ත්‍රික්කයය වේ. වර්ග ප්‍රමාණය 5,636 km2 (2,176 sq mi)කි. මෙහි අගනගරය වනුයේ මොණරාගල නගරයයි. සෙසු ප්‍රධාන නගර ලෙස කතරගම, වැල්ලවාය, බුත්තල, තණමල්විල, බඩල්කුඹුර, සියඹලාණ්ඩුව, බිබිල, සෙවනගල දැක්විය හැකිය.

අමතර තොරතුරු

[සංස්කරණය]
  • මොණරාගල දිස්ත්‍රික්කයේ ඇති ප්‍රධාන ජලාශ කිහිපයක් ලෙස සේනානායක සමුද්‍රය, මුතුකණ්ඩිය ජලාශය, වෙහෙරගල ජලාශය, හදපානාගල ජලාශය හා උඩවලව ජලාශය ආදිය දැක්විය හැකිය. මෙම දිස්ත්‍රික්කය හරහා ගලා බස්නා ගංඟා ලෙස මැණික් ගඟ, හුලංදා ඔය, ගල් ඔය, හැඩ ඔය, කුඹුකන් ඔය හා කිරිඳි ඔය දැක්විය හැකිය. මෙම දිස්ත්‍රික්කයේ ඇති ජාතික වනෝද්‍යාන ලෙස යාල ජාතික වනෝද්‍යානය, ගල් ඔය ජාතික වනෝද්‍යානය හා උඩවලව ජාතික වනෝද්‍යානය දැක්විය හැකිය. මෙම ජාතික වනෝද්‍යාන ඇතුලුව තවත් බොහෝ සංචාරක කලාප වලට මොණරාගල දිස්ත්‍රික්කය නිවහන සපයයි.
  • කතරගම පූජා නගරය - මෙය දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන පූජා භූමියකි. ලොව ඇති අතලොස්සක් වූ සර්ව ආගමික මධ්‍යස්ථාන අතරින් එකකි. මෙම පූජා භූමිය තුල කතරගම මහා දේවාලය, කිරි වෙහෙර ආදී ඓතිහාසික වටිනාකමක් සහිත ස්ථාන පිහිටා ඇත. මෙය මූලිකවම ලාංකික බෞද්ධයන්ගෙ හා ලාංකික දමිළ, දකුණු ඉන්දියානු දමිළ ජනතාවගේ පූජා භූමිකකි. මේ ආශ්‍රිතව ඇති සෙල්ල කතරගම හා වැඩහිටි කන්දද තවත් වැදගත් ස්ථාන කිහිපයක් වේ. එමෙන්ම කතරගම මහ දේවාලයේ පෙරහැරද මෙහි වූ තවත් විශේෂත්වයකි.
  • මරගල කදු පන්තිය - මෙය මොණරාගල නගරයට පිටුපසින් අභිමානවත්ව නැගී සිටින කදු පංතියකි. මරගල කදු වැටිය 25km2 භූමියක් පුරා විසිරී පවතින අතර 10km දිගකින් යුක්ත වේ.

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ a b "පළාත් සහ දිස්ත්‍රික්ක අනුව ශ්‍රී ලංකාවේ මුළු භූමි ප්‍රමාණය" (PDF). ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව. 2010. 2013-09-03 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2013-02-06.
  2. ^ a b "දිස්තික්ක අනුව ජනගහන ව්‍යාප්තිය" (PDF). ජන හා නිවාස සංගණනය 2011. ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව. 2012-04-20. 2013-09-27 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2013-02-06.