බෝගොඩ ලී පාලම

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
බෝගොඩ ලී පාලම
Bogoda wooden bridge 1.JPG
Crossesගල්ලන්ද ඔය
ස්ථානයබෝගොඩ, බදුල්ල
ද්‍රව්‍යදැව
සම්පූර්ණ දිගමීටර 15
පළලමීටර 1.5

බෝගොඩ ලී පාලම 16 වන සියවසෙහි ශ්‍රී ලංකාවේ දඹදෙණි රාජධානි යුගය තුල ඉදිකරන ලද දැව පාලමකි. එය ශ්‍රී ලංකාවේ දැවයෙන් ඉදිකරන ලද පැරණිතම පාලමක් ලෙස සැළකේ.[තහවුරු කරන්න] පාලම, බදුල්ල නගරයේ සිට කිලෝ මීටර 13 ක් දකුණු දිගින් පිහිටා ඇත. පාලමේ කොටස් එකිනෙක සම්බන්ධ කරන ඇණ ඇතුළුව එහි සියළුම කොටස් දැවයෙන් නිර්මාණය කොට තිබේ. එහි වහලයට යොදා ඇති උළු මහනුවර යුගයේ බලපෑම ඉස්මතු කරයි. අතීත බදුල්ල හා මහනුවර මං යා කරමින්, පාලම ගල්ලන්ද ඔය හරහා නිර්මිතය.

පාලම[සංස්කරණය]

වසර 400කටත් වඩා පැරණි මෙම පාලම සම්පූර්ණ වශයෙන් දැවයෙන් නිමවා තිබෙන අතර පාලම තැනීමට යොදාගෙන ඇත්තේ එක් ගසක් පමණක් යැයි පැවසේ.[තහවුරු කරන්න] මීටර 15ක් පමණ දිගින් යුතුව තනා ඇති පාලම මීටර 1.5 ක පමණ පළලකින් සමන්විත වේ. මීටර 2.4 ක පමණ උසකින් යුතුව පාලමට සම්බන්ධ කොට වහළයක් නිර්මාණය කොට තිබීම බෝගොඩ පාලමෙහි සුවිශේෂත්වය වැඩිකිරීමට හේතු සාධක වී තිබේ. පාලමෙහි දැවමය වැට පැරණි කැටයම් වලින් අලංකෘත කොට තිබේ. මීටර 11 ක උසකින් යුතු විශාල දැව කඳක් මත පාළම පිහිටුවා තිබේ.

මේවාද බලන්න[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=බෝගොඩ_ලී_පාලම&oldid=402242" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි