Jump to content

ආනන්ද - නාලන්ද මහා ක්‍රිකට් තරගය

විකිපීඩියා වෙතින්
(ආනන්ද - නාලන්ද මහා ක්‍රිකටි තරගය වෙතින් යළි-යොමු කරන ලදි)
ආනන්ද - නාලන්ද
ක්‍රීඩාව ක්‍රිකට්
කාලානුරූපය 1924 – අද දක්වා
තරගාවලි ආකෘතිය වාර්ෂික දෙදින තරගය
සහභාගි වන්නෝ 25px ආනන්ද විද්‍යාලය කොළඹ
25px නාලන්දා විද්‍යාලය, කොළඹ

ආනන්ද - නාලන්ද යනු කොළඹ ආනන්ද විද්‍යාලය හා කොළඹ නාලන්දා විද්‍යාලය අතර පවත්වන වාර්ෂික මහා ක්‍රිකටි තරගයයි. ප්‍රථම වතාවට මෙය 1924 දී පවත්වන ලදී.

ආනන්ද - නාලන්ද වැදගත් සංසිද්ධි.

[සංස්කරණය]
  • ශ්‍රී ලංකා ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්නපුර ආදි නාලන්දියකි. ලංකාවට ප්‍රථම ලෝක කුසලානය 1996 දී ගෙන දුන් ක්‍රිකට් කණ්ඩායමෙහි නායකයා වූයේ ආදි ආනන්දීය අර්ජුන රණතුංගයි.
  • ශ්‍රී ලංකා පිලට ප්‍රථම අර්ධ ශතකය, ශතකය හා ද්විත්ව ශතකය ලබා දුන්නේ ආදි ආනන්දීය අර්ජුන රණතුංග, සිදත් වෙත්තමුනි හා බ්‍රෙන්ඩන් කුරුප්පුයි.
  • අද දක්වා මෙම විදුහල් දෙක ශ්‍රී ලංකා ජාතික ටෙස්ට් ක්‍රිකට් පිලට අති දක්ෂ ක්‍රීඩකයින් 30 දෙනෙක් දායාද කර ඇත.
  • ශ්‍රී ලංකාවෙ ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයට මෙම විදුහල් දෙකෙන් ක්‍රීඩකයන් පස් දෙනෙක් විය. එනම් ආන්දයේ අර්ජුන රනතුංග, සිදත් වෙත්තමුනි, අජිත් ද සිල්වාත් නාලන්දාවේ බන්දුල වර්නපුර හා ලලිත් කලුපෙරුමත්ය.
  • 1996 හි ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩල සභාපති ආදි ආනන්දීය අනා පුංචිහේවාවූ අතර උප සභාපතිවූයේ ආදි නාලන්දීය ගෞරවණීය තිලංග සුමතිපාල මැතිතුමායි.
  • වර්තමාන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ආදි නාලන්දියකි.
  • ලෝකයේ ප්‍රථමයෙන්ම ගුවන් විදුලියෙන් සිංහල බසින් ක්‍රිකට් ක්‍රීඩා විචාරයක් පැවැත්වූයේද ආදි නාලන්දයීය කරුණාරත්න අබේසේකර මහතායි.
  • ආදි නාලන්දියයන් වන හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක රොෂාන් මහානාම අද ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල එලයිට් පැනල් විනිසුරුවරයෙක් වන අතර හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක කුමාර ධර්මසේන ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල විනිසුරුවරයෙකි.

ආනන්ද - නාලන්ද මහා ක්‍රිකට් තරගයට ක්‍රීඩා කල ශ්‍රී ලංකා ප්‍රකටයන්

[සංස්කරණය]

ආදි ආනන්දීයයන්:
  • ගෞරවණීය පිලිප් ගුනවර්ධන - හිටපු ඇමති
  • ගෞරවණීය රොබට් ගුනවර්ධන - හිටපු ඇමති
  • ගෞරවණීය ආචාර්ය ඇන්. ඇම් පෙරේරා - හිටපු මුදල් ඇමති
  • ගෞරවණීය අර්ජුන රණතුංග - පාර්ලිමේන්තු මංත්‍රී

ආදි නාලන්දියයන්:

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිලට ආනන්ද නාලන්ද දායකත්වය

[සංස්කරණය]

ආදි ආනන්දයීය ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින්
  • සිදත් වෙත්තමුනි
  • මිත්‍ර වෙත්තමුනි
  • අජිත් ද සිල්වා
  • අර්ජුන රණතුංග
  • සංජීව රනතුංග
  • ධම්මික රනතුංග
  • මාවන් අතපත්තු
  • බ්‍රෙන්ඩන් කුරුප්පු
  • දුලිප් සමරවීර
  • මාවන් සමරවීර
  • අවිෂ්ක ගුනවර්ධන
  • චරිත් සේනානායක
  • චන්දික හතුරුසිංහ
  • දිනුක් හෙට්ටිආරච්චි
  • සංජීව වීරසිංහ
  • දිනේෂ් චන්දිමාල්
  • සචිත්‍ර සේනානායක


ආදි නාලන්දයීය ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින්

තවද බලන්න

[සංස්කරණය]

ආශ්‍රිත

[සංස්කරණය]