ශ්‍රී ලංකා ගුවන් හමුදාව



ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවන්ගෙන් එකකි. ගුවන් හමුදාවක් ලංකාවේ මුලින්ම ස්ථාපිත කරන ලද්දේ රාජකීය ලංකා ගුවන් හමුදාව නමින් 1951 මාර්තු 2 වනදාය. ශ්‍රි ලංකාව ජනරජයක් බවට පත්වීමෙන් අනතුරුව ශ්‍රි ලංකා ගුවන් හමුදාව ලෙස පාර්ලිමේන්තු ව්‍යවස්ථානවේ ව්‍යවස්ථා ගත විය. රාජකීය ලංකා ගුවන් හමුදාවේ ප්‍රථම ගුවන් හමුදාපති බවට පත්වූයේ, ගුවන් කොමදෝරු ජී. සී. බේලේඩන් මහතාය. ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ ප්‍රථම ගුවන් හමුදාපති බවට පත්වූයේ, එයාර් මාෂල් ජී. එම්. මෙන්ඩිස් ය. ආරම්භයේ සිට අද දක්වා ගුවන්හමුදාව තුළින් ලංකාවේ ආරක්ෂක කටයුතු වෙනුවෙන් ඉතා විශාල මෙහෙයක් ඉටු කෙරිණි. විශේෂයෙන් ශ්‍රි ලංකා යුධ හමුදාව සහ ශ්‍රි ලංකා නාවික හමුදා මෙහෙයුම් උදෙසා ගුවන්හමුදාවෙන් අති විශාල මෙහෙයක් ඉටු කෙරේ.
ඉතිහාසය
[සංස්කරණය]මහා බ්‍රිතාන්‍යය රාජකීය ගුවන් හමුදාව
[සංස්කරණය]1914 දී පළමුවන ලෝක සංග්‍රාමය හේතුකොට ගෙන ලොව රටවල් ගණනාවක් එකිනෙකට විරුද්ධව යුද වදින ලදී. එලෙසම සංග්‍රාමයට සක්‍රීයවම දායක වීමට මහා බ්‍රිතාන්‍යයට සිදුවූ අතර, තමන් සතුව සවිමත් ගුවන් හමුදාවක් නොතීබීම හේතුවෙන් විවිධ අපහසුතා විඳීමට සහ පසුබෑම් වලට ලක්වීමට සිදුවිය. මෙම අඩුව මනා ලෙස තේරුම් ගත් මහා බ්‍රිතාන්‍යය 1948-04-01 දින ස්වාධීන හමුදාවක් ලෙස රාජකීය ගුවන් හමුදාව (Royal Air Force) පිහිටුවන ලදී.
ශ්‍රී ලංකාව වසර 450 කට අධික කාලයක් පෘතුගීසීන් ලන්දේසීන් හා ඉංග්‍රීසීන්ගේ යටත් විජිතයක් ලෙස පැවතුනි. බ්‍රිතාන්‍යයන් හෙවත් ඉංග්‍රීසීන් යටතේ ලංකාව පාලනය වන සමයේ දෙවන මහා ලෝක යුද්ධය ආරම්භ විය. 1939 දී දෙවන මහා ලෝක යුද්ධය ඇතිවන විට සතුරු බෝම්බ ප්‍රහාර හමුවේ ලංකාව ආරක්ෂා කිරිම බ්‍රිතාන්‍ය අවශ්‍යතාවක් විය. ලංකාව උපායමාර්ගිකව වැදගත් ස්ථානයක පිහිටා තිබීම එයට හේතුව යි. මේ අවශ්‍යතාව මනා ලෙස තේරුම් ගත් එංගලන්ත මහ රජු විසින් ජෙෂ්ට් ඩේකන් නැමැති නිළධාරියාගේ ප්‍රධානත්වයෙන් බ්‍රිතාන්‍ය ලංකාවේද රාජකීය ගුවන් හමුදා කඳවුරු පිහිටුවන ලදී. මොවුන් මුල දී කොළඹ, කටුනායක, චීන වරාය, මන්නාරම, කොග්ගල, මින්නේරිය සහ සීගිරිය යන ස්ථානවල තම ගුවන් කටයුතු ආරම්භ කළ අතර පසු කලෙක චීන වරාය හා කටුනායක යන ස්ථානවල ස්ථිර ගුවන් කඳවුරු පිහිටුවන ලදී.
රාජකීය ලංකා ගුවන් හමුදාව
[සංස්කරණය]1948 දී ලද නිදහසෙන් පසුව ශ්‍රි ලංකාවට ස්වදේශීය ආරක්ෂක හමුදාවක් ලෙස ගුවන් හමුදාවක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව විශාල ලෙස දැනුනි. මේ අතර මෙය අවබෝධකරගත් එවක සිටි පාලකයින් එතෙක් පැවැති ආරක්ෂක හමුදාව, ලංකා යුධ හමුදාව, රාජකීය ලංකා හමුදාව ලෙස 1949 දී පනත් අංක 41 මගින් පාර්ලිමේන්තුවේ නීතිගත කරන ලදී, එහෙත් රාජකීය ලංකා ගුවන් හමුදාව ආරම්භ වූ දිනය ලෙස සැලකෙන්නේ, 1951 මාර්තු පළමුවනදාය.
පියාසර පාඨමාලාව හා වර්තමානයේ භාවිතා වන ගුවන් යානා
[සංස්කරණය]රාජකීය ලංකා ගුවන්හමුදාවේ මූලික පුහුණු පියාසර කටයුතු රාජකීය ගුවන් හමුදාව මගින් සිදුකරන ලදී. පසුකලෙක මෙම පුහුණූ කටයුතු කටුනායක ගුවන් හමුදා කඳවුරේ දී සිදුකරන ලදී. මේ සඳහා මුලදී චීප්මන්ක් (chipmunk) ගුවන් යානා යොදාගන්නා ලදී. රාජකීය ලංකා ගුවන් හමුදාවේ ඇතිවූ දියුණුවත් සමග පහත ඇති ගුවන් යානා පියාසර කටයුතු සඳහා යොදාගන්නා ලදී.
අවුරුදු 50 ක කාලයක් තුළ සීඝ්‍ර දියුණුවක් ලද රාජකීය ලංකා ගුවන් හමුදාව හා පසු කලෙක එම තත්වයට පත්වූ ශ්‍රි ලංකා ගුවන් හමුදාව වර්තමානයේ භාවිතා කරන ගුවන්යානා හා හෙලිකොප්ටර් යොදාගෙන ඇත. එම වර්තමානයේ භාවිතා වන ගුවන්යානා හා හෙලිකොප්ටර් පහත දැක්වේ.
| ගුවන්යානා | හෙලිකොප්ටර් යානා |
|---|---|
| AN - 32 | Bell Jetranger 206 |
| Y - 12 | Bell 212 |
| Y - 8 | Bell 412 |
| F - 7 | MI 17 |
| Kfir C2/C7 | MI 24 |
| MI - 27 | |
| Cessna | |
| PT-6 | |
| C - 130 | |
| Euro | |
| Mig - 27 | |
| Mig - 23UB | |
| Kelama |
1951 වසරේ මුල්භාගයේ දී රාජකීය ගුවන් හමුදාවේ ප්‍රථම උසස් නිලධාරීන් හා ආධුනික නිලධාරී පිරිස කොමිෂන් නිලධාරීන් බවට පත්කරන ලද අතර ඔවුන්ගේ පුහුණුවීම් කටයුතු සඳහා මහා බ්‍රිතාන්‍යයට පිටත්කර හරින ලදී. 1952 වසරේ දී ප්‍රථම පියාසර ආධුනික නිලධාරීන් පුහුණු කරන ලදී. මෙලෙස පුහුණු කරන ලද නිලධාරීන් 1953 අගෝස්තු 01 දින එවකට සිටි අග්‍රාමාත්‍ය ජෝන් කොතලාවලගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයේ දී තම දක්ෂතා එළි දක්වන ලදී. ප්‍රථම නිලධාරී කණ්ඩායමේ මූලික යුධ පුහුණු කටයුතු රාජකීය ලංකා ගුවන් හමුදා කඳවුරේ දී සිදුකරන ලදී.
ගුවන් හමුදාවේ ආරම්භයේ සිට සිටි හමුදාපතිවරු
[සංස්කරණය]| ශ්‍රී ලංකා ගුවන් හමුදාව |
|---|
| අංශ |
| සාමාන්‍ය තොරතුරු |
| ඉතිහාසය |
| ගුවන්යානා |
| පිරිස් |
| නම | නිලයේ සිටි කාලය |
|---|---|
| ගුවන් කොමදෝරු ජී. සී. බ්ලේඩන් | 1950-1958 |
| එයාර් වයිස් මාර්ෂල් ජේ. එල්. බාකර් | 1958-1961 |
| එයාර් වයිස් මාර්ෂල් ඊ. ආර්. අමරසේකර | 1961-1970 |
| එයාර් වයිස් මාර්ෂල් ජී. එම්. මෙන්ඩිස් | 1970-1976 |
| එයාර් වයිස් මාර්ෂල් බී. එච්. එස්. ගුණතිලක | 1976-1981 |
| එයාර් වයිස් මාර්ෂල් සී. සී. පෙරේරා | 1981-1985 |
| එයාර් වයිස් මාර්ෂල් ඒ. ඩබ්. ප්‍රනාන්දු | 1985-1990 |
| එයාර් වයිස් මාර්ෂල් එම්. ජේ. එස්. ගුනවර්ධන | 1990-1994 |
| එයාර් වයිස් මාර්ෂල් ඩී. එම්. රණසිංහ | 1994-1998 |
| එයාර් මාර්ෂල් ජයලත් වීරක්කොඩි | 1998-2002 |
| එයාර් මාර්ෂල් ඩොනල්ඩ් පෙරේරා | 2002-2006 |
| මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක | 2006-2011 |
| එයාර් මාර්ෂල් හර්ෂ දුමින්ද අබේවික්‍රම | 2011-2012 |
| එයාර් චීෆ් මාර්ෂල් ගගන් බුලත්සිංහල | 2012-2016 |
| එයාර් චීෆ් මාර්ෂල් කපිල ජයම්පති | 2016-2019 |
| එයාර් චීෆ් මාර්ෂල් සුමංගල ඩයස් | 2019-2020 |
| එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ | 2020 සිට |
ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ වර්තමාන කඳවුරු හා ඒකක
[සංස්කරණය]| කඳවුරු | ඒකක |
|---|---|
| කටුනායක | කොළඹ, පලාළි |
| රත්මලාන | ඒකල ,දියතලාව |
| අනුරාධපුරය | පුලියන්කුලම, මොරවැව |
| වව්නියාව | කොග්ගල,සීගිරිය |
| හිඟුරක්ගොඩ | වීරවිල,මඩකලපුව |
| චීන වරාය | කටුකුරුන්ද,අම්පාර,පාලවි |
ශ්‍රී ලංකා ගුවන් හමුදා ව්‍යුහය
[සංස්කරණය]- විධායක මාන්ඩලික නිලධාරී - එයාර් වයිස් මාර්ෂල ඩී.එල්.එස් ඩයස් RSP and Bar, MSc (Def Strat Stu), ndc, psc
- උප විධායක මාණ්ඩලික නිළධාරී - එයාර් වයිස් මාර්ෂල් ඒ.එම් ද සොයිසා ndc, psc, ctf-ndu(USA), MSc(Def-Ind), MSc(NSW-Pak)
- ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂක - එයාර් වයිස් මාර්ෂල් එස් කේ පතිරණ RWP and Bar, RSP and three Bars, USP, MSc (MOA), MSc (Def Stu) in Mgt, M Phil, ndc, psc, qfi, MIM(SL)
- මෙහෙයුම් භූමි අධ්‍යක්ෂක - එයාර් වයිස් මාර්ෂල් කේ.එෆ්.ආර් ප්‍රනාන්දු RSP, USP, MDS, psc, ctf-ndu
- ගුවන්යානා ඉංජිනේරු අධ්‍යක්ෂ - එයාර් වයිස් මාර්ෂල් එල් එච් ඒ සිල්වා USP,MAIAA, AMRAeCS, EDBA, PGDiplE, DipQM, psc,z
- සාමාන්‍ය ඉංජිනේරු අධ්‍යක්ෂක - එයාර් කොමඩෝර් එම්.ඩී රත්නායක MSc (Def Stu) in Mgt, MDS, psc
- විද්‍යුත් හා විදුලි සංදේශ අධ්‍යක්ෂක - එයාර් වයිස් මාර්ෂල් ජේ පී වනිගතුංග USP, BSc, MSc(Def Stu) in Mgt, psc
- සැපයුම් අධ්‍යක්ෂක - එයාර් වයිස් මාර්ෂල් එච්.එම්.එස්.කේ.බී කොටකදෙනිය WWV, RWP, RSP, USP, MSc (Def Strat Stu), psc, fndu
- පාලන අධ්‍යක්ෂ - එයාර් වයිස් මාර්ෂල් සී පී වැලිකල USP
- සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂක - ගුවන් කොමදෝරු එම් ආර් කේ සමරසිංහ, B.Sc. (Def Stu)
- සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක - එයාර් කොමඩෝර් එල් ආර් ජයවීර MBBS (SL), Dip Av Med (USA), MSc (D & SS), psc
- පුහුණු අධ්‍යක්ෂක - එයාර් වයිස් මාර්ෂල් ඒ එම් ද සොයිසා ndc, psc, ctf-ndu(USA), MSc(Def-Ind), MSc(NSW-Pak)
- සුභසාධක අධ්‍යක්ෂක - එයාර් වයිස් මාර්ෂල් එච් එම් එස් කේ බී කොටකදෙනිය WWV, RWP, RSP, USP, MSc(Def Strat Stu), psc, fndu
ගුවන් නිලයන්
[සංස්කරණය]ගුවන් නිලයන් හදුනාගැනීම
[සංස්කරණය]පහළ ගුවන් නිලයන් (අධිකාරී නොලත් නිලයන්)
[සංස්කරණය]- ගුවන් භට (Aircraftsman)
- නායක ගුවන්භට (Leading Air Craftsman),
- කෝප්‍රල් (Corporal),
- සාජන්ට් (Sergeant),
- බලපන්ති සැරයන් (Flight Sergeant),
- බලලත් නිලධාරි (Warrant Officer),
- ප්‍රධාන බලලත් නිලධාරි (Master Warrant Officer).
ඉහළ ගුවන් නිලයන් (අධිකාරී ලත් නිලයන්)
[සංස්කරණය]- නියමු නිලධාරි (Pilot Officer),
- පියාසර නිළධාරි (Flying Officer),
- බලපන්ති ලුතිනන් (Flight Lieutenant),
- බලඝන නායක (Squadron Leader),
- පක්ෂාංග අණ ෙදණ නිළධාරි (Wing Commander),
- සමූහ කපිතාන් (Group Captain),
- ගුවන් කොමදෝරු (Air Commodore),
- එයාර් වයිස් මාර්ෂල් (Air Vice Marshal),
- එයාර් මාර්ෂල් (Air Marshal),
- එයාර් චීෆ් මාර්ෂල් (Air Chief Marshal).
ගුවන් නිලයන් අතර සම්බන්ධය
[සංස්කරණය]ආරක්ෂාව හා සම්බන්ධ සියලු කටයුතුවල දී නිලයන් අතර සම්බන්ධය ඉතා වැදගත් වේ. ඒ අතර අරමුණු කිහිපයක් ද වේ. වගකීම සුපරික්ෂාකාරීව බෙදා ගැනීම, ඉහළ නිලයන්ට වගකීමට බැදී සිටීම, පොදු පරමාර්ථ ඉටුකරගැනීමට උදව්වීම යනාදිය වේ. නිලයන් අතර මෙසේ සම්බන්ධයක් ඇතිකිරීම මඟින් බලාපොරොත්තු වනුයේ, වගකීම් හා යුතුකම්වලින් පරිපූර්ණ වූ ආරක්ෂක සේනාංකයකි.
ගුවන් හමුදා භටයකු සතු වගකීම
[සංස්කරණය]ගුවන් භටයකු යනු ශ්‍රි ලංකාවේ ගුවන් හමුදාවේ ඉදිරි කාර්යන් සාර්ථක කරගැනිමට බඳවාගන්නා ලද පුද්ගලයෙකි. මොහු ශ්‍රි ලංකා නිතියට අනුව බඳවා ගන්නා ලද පුද්ගලයෙකු වේ. සියලුම විනය හා ගුවන් හමුදාවේ ඉදිරි අනාගතය සාර්ථකව ගෙනයාමට මූලික විනය පුහුණුව ලත් පුද්ගලයෙකු ලෙස ගුවන් හමුදා භටයෙකු යනු ඉතා සුවිශේෂී පුද්ගලයෙකි. මේ අනුව ගුවන් හමුදා භටයෙකු ලෙස තමා ලබා සිටින වෘත්තීමය දැනුම තුළින් තම සේවා ස්ථානයේ ඉදිරි පැවැත්මට කටයුතු කරන පුද්ගලයෙක් ගුවන් භටයකු වේ.ගුවන් භටයකු සෑම මොහොතකම පවතින රජයට රාජ පාක්ෂික විය යුතුය. පැය 24 පුරා දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට බැඳී සිටීම, රට දැය උදෙසා විනය ගරුකව සේවය කිරීම, උසස් නිළයන්ට ගරු කිරීම ,ගුවන් හමුදාවේ රහස්‍ය තොරතුරු රැකගැනීම, සාමාන්‍ය ගුවන් හමුදා නීතියට හා සිවිල් නීතියට ගරු කිරීම, යන වගකීම් ගුවන් හමුදා භටයකු සතු වගකීම් වේ.
ගුවන් හමුදා නීතිය
[සංස්කරණය]කිසියම් රාජ්‍යයක හෝ සංවිධානයක බලයේ සිටින පුද්ගලයෙකු හෝ පිරිසක් විසින් නියම කරනු ලබන කාර්‍යයන් "නීතිය" ලෙස හදුන්වයි. යුධ නාවික හෝ ගුවන් හමුදාවන් වෙනම සේවාවක් ලෙස පිහිට වූ පසු එම සේවාවල විනය නිසි අයුරින් පවත්වාගෙන යාමට 1948 අංක 01 දරණ ගුවන් හමුදා ආඥා පනත සම්මත කරන ලදී. ගුවන් හමුදා නීතියට අනුව ගුවන් හමුදා භටයකු සාමාන්‍ය නීතියට ද අනිවාර්යයෙන් යටත් වේ. ගුවන් හමුදා නීතිය සාමාන්‍ය නීතිය ද රටේ ස්ථාවර නිති පද්ධතියේ කොටසකි. රටේ සාමාන්‍ය අපරාධ නීතිය මෙන් ම ගුවන් හමුදා නීතිය ද සාක්ෂි මත පදනම් වූවකි. ගුවන් හමුදා නීතියක් තිබීමේ අරමණු කිහිපයකි. එනම් අධිකාරියක් මගින් දැඩිවිනයක් පවත්වාගෙන, යාම ගුවන් හමුදාවේ නීතිගරුකබව රැක ගැනීම, නීතියට පටහැනි අපරාධ සඳහා ගුවන් හමුදාව මඟින් දඬුවම් ලබාදීම යනාදිය වේ. ගුවන් හමුදා අධිකරණ වර්ග දෙකකි. එනම්
- . පරීක්ෂණ අධිකරණ
- . පුනරීක්ෂණ අධිකරණ
නඩු විභාග වර්ග: ගුවන් හමුදා නීතියේ 40 වන වගන්තියට යටතේ නඩු විභාග ගුවන් හමුදාපතිතුමාට යවයි. අනදෙණ නිළධාරී විසින් පත්කරන ලද නිළධාරියෙකු විසින් ඉහත කාර්යයට පෙර පරීක්ෂණ සිදුකරයි. ගුවන් හමුදා නීතියට අනුව අයත් නොවන වැරදි සම්බන්ධව ක්‍රියාකිරීම (සිවිල් වැරදි) යුද හමුදා නීතියේ 123-i වගන්තිය යටතේ සිදුකරයි.
- උදා:මිනී මැරුම් ,ස්ත්‍රි දූෂන
ගුවන් හමුදා නීතිය තුළ මූලිකවම අඩංගු වන්නේ ගුවන් හමුදා භටයෙකු විසින් අනුගමනය කළ යුතු නිසි ක්‍රියාමාර්ගයන් අනුගමනය නොකළ විට පැනවිය හැකි දඬුවම් ක්‍රම ආදිය වේ.
- ශ්‍රීලංකා ගුවන් හමුදා විශේෂ බළකායන්.(Y.W.B).
=======================
[සංස්කරණය]- 1.ශ්‍රීලංකා ගුවන් හමුදා විශේෂ ගුවන් මෙහෙයුම් බලකාය-වි.ගු.මෙ.බ
- Sri Lanka Air Force Special Air Borne Force-(SABF).
======================================
[සංස්කරණය]- විශේෂ ගුවන් මෙහෙයුමි බලකාය යනු කුමක්ද...?.
=========================
[සංස්කරණය]- 1990 දී ආරම්භ කරන ලදි.
- ගුවන් හමුදාව තුළ පිහිටවූ පළමු විශේෂ බලකායයි(මීට පෙර 80 දශකයේ මුල් කාර්තුවේ කුඩා කමාන්ඩෝ අනුකණ්ඩයක් ගුවන් හමුදාව තුළ පිහිටවූ නමුත් එය එහි පුරෝගාමීන්ගේ සමු ගැනීමත් සමගම ටික කලෙකින්ම ඉබේටම අක්‍රීය තත්ත්වයට පත් වුණි.එනිසා එය බලකායක් ලෙස වර්ග නොකෙරේ).
- 1990 දී පිහිටවූ නමුත් අනෙකුත් හමුදාවන්හී හා පොලීසියේ විශේෂ බලකායන් තරම් කරළියට ආවේ හෝ ප්‍රශිද්ධ වූයේ නැත.2003 දී පිහිටවූ රෙජිමේන්තු විශේෂ බලකාය පිළිබදව ප්‍රසිද්ධියක් ලැබුණු නමුත් මෙම බලකාය ප්‍රසිද්ධ වූයේ නැත.කොටින්ම ගුවන් හමුදාව තුළ පවා මම බලකාය පිළිබදව ප්‍රචාරය වූයේ නැත.
- විශේෂ ගුවන් මෙහෙයුමි පුහුණුව.
=============
[සංස්කරණය]- විශේෂ ගුවන් මෙහෙයුමි පාඨමාලාව ගොඩබිම,ගුවන සහ දියඹේ ඇති ඕනෑම ක‍්‍රියාන්විතයකට මුහුණ දිය හැකි අයුරින් දීර්ඝ කාලීන අති දුෂ්කර පුහුණුව
- දේශීය විදේශීය ප‍්‍රභූූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා විශේෂ පුහුණුවක් ලබා ඇත.
- මූලික පුහුණුවෙන් පසුව වැඩිදුර පුහුණුව වෙනත් හමුදාවන් හී විශේෂ බලකායන්ගෙන් හා විදේශයන්ගෙන් ලබා දේ.
- කාර්යය භාරය.
=
[සංස්කරණය]- මූලිකම කාර්යය වන්නේ ගුවන් හමුදාවේ ඉහළම නිලයන්ට ප්‍රභූ ආරක්ෂාව සැපැයීමයි.
- ගුවන් හමුදාවේ ජ්යෙෂ්ඨ නිලධාරීන්ට ආරක්ෂාව සැපයිම.
- ගුවන් යානයක් සතුරැ ග්‍රහණයනට පත්වුවහොත් ක්ෂනිකව නැවත මුදා ගැනිම.
- ගුවන් යනා හෝ ගුවන් නියමුවන්/භටයන් සතුරැ ග්‍රහණයනට පත්වුවහොත් ක්ෂනිකව නැවත ඔවුන්ව මුදවාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරිම.
- ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම හෙවත් ප්‍රති පැහැර ගැනීම්.
- වෙනත් හමුදාවන්හී විශේෂ බලකායන් සමග තෝරාගත් විශේෂ මෙහෙයුම් වලට සම්බන්ධ වීම.(Y.W.B).
- 2.ශ්‍රීලංකා ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකාය-රෙ.වි.බ.
- Regiment Special Force-RSF .(Y.W.B).
==================================
[සංස්කරණය]- රෙජිමේන්තු විශේෂ බලකාය යනු කුමක්ද...?.
========================
[සංස්කරණය]- ශ්‍රීලංකා ගුවන් හමුදා රෙජිමේන්තුවේ කොටසක් වන අතර ගුවන් හමුදාවෙ විශේෂ ක්‍රියාන්විත ඒකකය වේ.
- මෙය 2003 ජූලි 7 වන දින ගුවන් හමුදා කඳවුරැ ආරක්ෂා කිරිමෙ හා මුදවාගැනීමේ බලඝණය ලෙස ස්ථාපිත කරන ලද අතර මෙම ගුවන් හමුදා ඒකකය පිහිටුවිමට මුලිකම හේතුව වුයේ කොටි සංවිධානය විසින් 2001දි බණ්ඩාරනායක ගුවන් තොටුපොළ වෙත එල්ලකරන ලද දරැණු ප්‍රහාරයයි.
- එ්කකයේ පුධාන කර්තව්යයන් සහ කාර්යභාරය.
==========================
[සංස්කරණය]• ගුවන් කඳවුරක් සතුරැ ග්‍රහණයනට පත්වුවහොත් ක්ෂනිකව නැවත මුදා ගැනිම.
• සතුරැ ප්‍රහාරයකදි ක්ෂනික විහිදුම් බලකායක් ලෙස යොමු කරනු ලබන ඔනෑම ස්ථානයකට ආරක්ෂාව ලබා දීමට ක්රියා කිරිම.
• සතුරැ හෝ මිතුරැ ප්‍රදේශයන් වෙත කඩා වැටුනු ගුවන් යනා හෝ ගුවන් නියමුවන්/භටයන් මුදවාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරිම.
• ගුවන් හමුදාවේ ජ්යෙෂ්ඨ නිලධාරීන්ට ආරක්ෂාව සැපයිම.
• ජාතික ආපදා හෝ හදිසි තත්වයකදි සිවිල් බලධාරීන්ට සහාය වීම.(Y.W.B).