කටුකුරුන්ද

විකිපීඩියා වෙතින්

පිහිටීම[සංස්කරණය]

කොළඹ සිට කිලෝමීටර 45 ක් පමණ දකුණු දෙසින් ගාල්ල - කොළඹ ඒ-02 ප්රධාන මාර්ගය ආසන්නයේ පිහිටා ඇත.බෞද්ධ කතෝලික සහ මුස්ලිම් ජනතාව සහජීවනයෙන් ජීවත් වන ප්‍රදේශයකි.

ඉතිහාසය[සංස්කරණය]

කටුකුරුන්ද ග්‍රාමයේ ඉතිහාසය වීදියේ බණ්ඩාර විසූ කෝට්ටේ රාජධානි යුගයදක්වාම ඈතට දිවෙයි. වීදියේ බණ්ඩාරගේ පැළෑඳ බලකොටුව වැටලීමට පරංගි හමුදාව පැමිණි මාර්ගයේ වීදියේ බණ්ඩාර ගේ සහචරයන් කටුපඳුරු දමා අවහිර කළ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. එබැවින් මෙම ප්‍රදේශය පුරා කටුගස් ව්‍යාප්ත වූ අතර කටුකුරුන්ද යන නාමය භාවිතයට පැමිණි බව කියැවෙයි. කලමුල්ලේ සිට වීදියේ බණ්ඩාර ට ඔත්තු සැපයූ කොරමැණ්ඩල් ද්‍රවිඩයෙකු වූ සුසෙව් ද සූසා කටුකුරුන්ද ග්‍රාමයේ මුල් පදිංපදිංචිකරුවන් බව කියැවෙයි. සුසෙව් ද සූසා ගේ පුත්‍රයෙකු වූ දොන් සුසෙව් ප්‍රනාන්දු ගේ පරපුර පසු කාලයේදී කටුකුරුන්ද ප්‍රදේශයේ බලවත් බලයක් ගොඩනැගූ අතර කළුතර දිස්ත්‍රික්කයේ පළමුවන ස්කාගාර හිමියා වූ සුසෙව්හේවාගේ සල්මන් ප්‍රනාන්දු රේන්ද මහතා ඉදිකළ ලංකාවේ විශාලතම ගෘහ නිර්මාණයක් වූ "ගල්ගේ" හෙවත් "Gem Villa" මැදුර කටුකුරුන්ද ග්‍රාමය කංකා ඉතිහාසයේ සටහනක් තැබීමට සමත් විය.

"https://si.wikipedia.org/w/index.php?title=කටුකුරුන්ද&oldid=570421" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි