කලා වැව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(Kala Wewa වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, සොයන්න

Coordinates: 8°01′N 80°31′E / 8.017°N 80.517°E / 8.017; 80.517 කලා වැව යනු ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති පුරාණ ජලාශයක් වේ. කලා-බලලු වැවු යුග්මයේ ප්‍රධාන වැව මෙය වන අතර තිසා වැවට ජලය ගෙනයනු ලබන සැතපුම් 54 (86.9 කි.මි) පමණ දිගු පුරාණ ඇල මාර්ගයක් වූ ජය ගඟ නැතහොත් යෝධ ඇළ මාර්ගය ආරම්භවන්නේද මෙම කලා වැවෙන් වේ. ශෙෙලමය හිටි බුද්ධ ප්‍රථිමාවක් වූ අවුකන බුදු පිළිමයද කලා වැවට ආසන්නයේ පිහිටා තිබේ.[1]

කලා වැවේ ආකර්ශණීය බව

ගමන් මාර්ගය[සංස්කරණය]

දඹුල්ල හරහා අනුරාධපුර මාර්ගයේ කැකිරාව ප්‍රදේශීය ලේකම් කාර්යාලයට අයත් කැකිරාව නගරයේ සිට සැත්පුම් 6 ක් (9.7 කි.මි.) දුරින් මෙම වැව පිහිටා ඇත.[1]

ඉතිහාසය[සංස්කරණය]

ක්‍රි.ව. පස්වන ශතවර්ශයේ රජකම් කෙරූ ධාතුසේන රජු විසින් කලා වැව ඉදිකරන ලදී.[2] කලා වැවේ ඉදිකිරීම් වලින් අනතුරුව රජු විසින් ඊට ආසන්නයේම බලලු වැව නමින් තවත් වැවක් ඉදිකරනු ලබූ අතර එම වැව් දෙක එක්කිරීමෙන් ශ්‍රී ලංකාවේ විශාලතම වැව නිර්මාණය කෙරිණි. ධාතුසේන රජුගෙන් අනතුරුව ඔහුගේ පුත් වූ දෙවන මහින්ද රජු (ක්‍රි.ව. 777-797) විසින්ද තවදුරටත් මෙම වැව පුළුල් කරනු ලැබීණි.

අතීත සබැඳි[සංස්කරණය]

කලා වැව ඉදි කෙරෙමින් පවතින කාලයේ කාල නම් කොළුගැටයෙක්ද මේ හා සම්බන්ද වෙමින් කටයුතු කල බව පැවසෙයි.

පිළිසකර කිරීම්[සංස්කරණය]

කලා වැව 12 වන ශතවර්ෂයේ සිටි පරාක්‍රමබාහු රජු විසින් ප්‍රථිසංස්කරණය කෙරූ බව ප්‍රකාශ වේ.[3] මෙරට සිටි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරුන් වූ සර් විලියම් හෙන්රි ගෙග්‍රරි (1872-1877)[2] සහ සර් අාතර් හැමිල්ටන් - ගෝඩන් (1883-1890) [4] සිටි සමයේදීද කලා වැව කිහිපවරක් පිලිසකර කොට ඇත. රට තුල බ්‍රිතාන්‍ය පාලනයෙන් පසුව 1958 දී, වැව් බම්ම බලලු වැව හා සම්බන්ද කර නැවත ගොඩනගා තිබේ.[5]

වැවෙහි ප්‍රමාණය[සංස්කරණය]

වැවෙහි වට ප්‍රමාණය සැතපුම් 40ක් (කි.මි. 64.4) පමණ වන අතර මුළු වර්ගඵලය වර්ග සැතපුම් 7 ක් (වර්ග කි.මි. 18.1) පමණ වේ.[2] අමුණේ දිග අඩි 22,572 ක් (6,879.9 මි) හා එහි උස අඩි 48 ක් (14.6 මී) පමණ වේ.[6] පිටවාන අඩි 216 පළලකින්ද අඩි 170 දිගකින්ද යුක්ත වේ. කලා වැවේ ඉවුර උසින් අඩි 60ත් 80ත් අතර අගයක් වන අතර පළල අඩි 200ක් පමණ වේ. එය දිගින් සැතපුම් 3ක් පමණ වේ.

අරමුණු[සංස්කරණය]

කලා වැවේ පිහිටීම

පුරාණයේ පැවති විශාලතම වැවක් සේ සලකණු ලබන මෙම වැව මගින් ඊට ආසන්නයේ පිහිටි කුඩා වැව් සදහාද ජලය සපයා තිබේ. අනුරාධපුර අගනගරයේ පිහිටි ජනතාවට ජලය සැපයීමට කලා වැවේ සිට ජලය ජය ගඟ හරහා තිසා වැවට රැස් කර ඇත. මහවැලි ජලාප්‍රවාහන යොජනා ක්‍රමයේ ප්‍රධාන රැදවුම් ස්ථානයක් වන මෙම වැව 1976 සිට ශ්‍රී ලංකාවේ[5] උතුරු මැද පළාතේ ජනතාවට ජලය සපයා ඇත. මිරිදිය මත්ස්‍ය කර්මාන්තය, වෘක්ෂලතා සදහා විශේෂයෙන්ම මිටියාවත් පිහිටි තණකොළ සදහා ජලය සැපයීම ආදිය සඳහා වැවෙහි ජලය භාවිතා කරයි.[2]

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 කලා වැව. කිරිගල්පොත්ත. සම්ප්‍රවේශය 5 අප්‍රේල් 2012. 
  2. 2.0 2.1 2.2 2.3 තිංග්ස් ටු ඩූ - එක්ස්කර්ෂන්ස්: කලා වැව. ද එලිෆන්ට් කොරිඩෝර්. සම්ප්‍රවේශය 5 අප්‍රේල් 2012. 
  3. කුරුණෑගල, යාපහුව ඇන්ඩ් කලාවැව. TourismSriLanka.org. සම්ප්‍රවේශය 2 අප්‍රේල් 2012. 
  4. ඒන්ෂියන්ට් සිංහලීස් ඉරිගේෂන්. mysrilankaholidays.com. සම්ප්‍රවේශය 5 April 2012. 
  5. 5.0 5.1 කලා වැව. ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය. සම්ප්‍රවේශය 5 අප්‍රේල් 2012. 
  6. ලංකා ලයිබ්‍රරි ෆෝරම් :: වීව් ටොපික් - කලා වැව (රිසවයර්) - 470 AD
"https://si.wikipedia.org/w/index.php?title=කලා_වැව&oldid=385475" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි