සිංහල පද

විකිපීඩියා වෙතින්

යුගල පද[සංස්කරණය]

  1. ණය - තුරුස්
  2. බල - තල
  3. වැඩක් - පලක්
  4. ලෙහෙසි - පහසු
  5. වඳින - පුදන
  6. අරුම - පුදුම
  7. වත් - පොහොසත්
  8. අතුරු - ආන්තරා
  9. රැකී - රක්ෂා
  10. වග - විභාග
  11. වෙර - වීරිය
  12. ඇත්ත - නැත්ත
  13. ගහක් - කොළක්
  14. ඇප - කැප
  15. වස් - දොස්
  16. අග - හිඟ
  17. කොට්ට - මෙට්ට
  18. සැර - වැර
  19. සුන් - බුන්
  20. යමක් - කමක්
  21. ඇද - කුද
  22. බණ - දහම්
  23. අවුල් - වියවුල්
  24. අරුම - පුදුම
  25. කෙළි - සෙල්ලම්
  26. උස් - පහත්
  27. යන - එන
  28. ලොකු - කුඩා
  29. දිනුම් - පැරදුම්
  30. රළු - පරළු
  31. ලට - පට
  32. වදෙන් - පොරෙන්
  33. තද - බද
  34. පරක් - තෙරක්
  35. නැටුම් - ගැයුම්
  36. ඉන්න - හිටින්න
  37. උස - මහත
  38. හිතක් - පපුවක්
  39. අකට - විකට
  40. අතට - පයට
  41. අතුරු - සිදුරු
  42. අර - පරිස්සම්
  43. දුර-දිග
  44. අනේ-අපොයි
  45. දුක-සතුට
  46. බෙර-පදය
  47. කන්න-බොන්න
  48. තක්කු-මුක්කු
  49. කෑම් - බීම්
  50. රෙදි - පෙරෙදි
  51. ඉඳුම් - හිටුම්
  52. කාලා - බීලා
  53. කවා - පොවා
  54. යාම් - ඊම්
  55. හාවක් - හුවක

සමාන පද[සංස්කරණය]

  1. අම්මා: දිනිති, මාතෘ, මෑණි ,ජනනි, ජනිතා, මෝ, මාතා, මෑණියෝ, මෑණිතොමෝ, මව්තොමෝ, මාතාවෝ
  2. කාන්තාව: ලිය, ලලනාව, මියුලැසිය, ලතා, අඟන, අංගනාව, මහිලාව, ස්ත්‍රිය, දිගැස, මාගම, වනිතාව, නාරී
  3. මහී කාන්තාව: මිහිකත, මහී, භූමි
  4. පියා: පියාණෝ, අප්පච්චි, තාත්තා, පියා, පියතුමා, පියතුමෝ
  5. ගස: තූර, රුක, වෘක්ෂය
  6. කැමැත්ත:රැචිකත්වය, ප්‍රියතාවය, ඇල්ම, ඡන්දය, මනාපය, ලොල්බව, ආශාව
  7. හිරු: ඉර, රිවි, දිනිඳු, සූර්යයා, දිවාකර, දිනකර, රවිඳු, රවි,
  8. සඳ: සොමි, සිසි, හඳ, චන්ද්‍රයා, තරිඳු, තරුපති, සිසිරකර, තාරපති
  9. ලස්සන: පියකරු, ප්‍රියංකර, මනහර, අලංකාර, ප්‍රසන්න, සුන්දර, විචිත්‍ර, දැකුම්කළු, මනරම්, දර්ශනීය
  10. වතුර: ජලය, පැන්, උදක, අඹ, දිය
  11. කුරුල්ලෝ: පක්ෂීන්, සියොතුන්, විහඟුන්, සකලයන්, සකුණයින්
  12. උපකාරය: උදවිව, පිහිට, සරණ, රුකුල, පිටිවහල
  13. අහස: නුබ, ආකාශය, අඹර, ගුවන, ගගන, නබෝගැබ
  14. පාසල: විදුහල, ඉස්කෝලය, සිප්හල, විද්‍යාලය, පාඨශාලාව
  15. සංගීතය: සත්සරය, මියැසිය,
  16. වහල: පිය
  17. නෙළුම්ප: ද්ම, පියුම, පංකජ, තඹර, සියපක, අරවින්දකමල සිදාදිය
  18. සිංහයා: සීහ, සී, මිගිඳු, මෘගේන්ද්‍ර, කෙසරිඳු, මිගිඳා

උපමා/ඉඟිවැකි[සංස්කරණය]

  1. ගොලුබෙලි ගමන ' ඉතා සෙමෙන් ගමන් කිරීම
  2. හැටට හැටේ : ඉතා වේගයෙන් යමක් කිරීම
  3. වැදි බණ : තමා වැරදි කරමින් අන් අයට වැරදි නොකිරීමට කීම
  4. අවසන් නින්ද : මිය

තනි පද[සංස්කරණය]

වචන කිහිපයක් වෙනුවට යොදන තනිවචන සිංහල භාෂාවේ දක්නට ලැබේ.

  1. පාද හතරක් ඇති - සිවුපා
  2. පොත් ගබඩාකර ඇති ස්ථානය - පුස්තකාලය
  3. දෑසම නොපෙනෙන - අන්ධ
  4. ප්‍රගතියට යාමට කැමති - ප්‍රගතිශීලී
  5. බිය උපදුන සුළු - බියජනක
  6. පවුලක උපන් පළමු දරුවා - කුළුඳුල්
  7. සමාජයට කැමති - සමාජකාමී
  8. මිලකළ නොහැකි - අමිල
  9. දොළොස්මසකට වරක් - වාර්ෂික
  10. ගසක අතු බෙදෙන තැන - දෙබල
  11. ජනතාව අඩු - ජනහීන
  12. ජනතාව නැති - ජනශුන්‍ය
  13. මෙරටට ගෙන එන - ආනයන
  14. මෙරටින් විදේශවලට යවන - අපනයන
  15. ඇඳුම් මසන්නා - සන්නාලියා
  16. කොණ්ඩය කපන්නා - කරණවැමියා
  17. කෑම උයන්නා - අරක්කැමියා
  18. සපත්තු මහන්නා - සපතේරුවා
  19. ගමෙහි වාසයකරන - ගැමියා
  20. රජුට ප්‍රශස්ති(පැසසුම්) ගී ගයන්නා - වන්දිභට්ටයා
  21. ස්වාමියා මල ස්ත්‍රිය - වැන්දඹුව
  22. හිසින් වෙන්වූ මළ කද - කවන්ධය

වැඩි විස්තර සඳහා සිංහල භාෂාවේ තනි වචන වෙත යන්න

විරුද්ධ පද[සංස්කරණය]

  1. කළු-සුදු
  2. සමාන-අසමාන
  3. වැරදි-නිවැරදි
  4. උඩ-යට
  5. පිරිසිදු-අපිරිසිදු
  6. ඉහළ-පහළ
  7. උසස්-පහත්
  8. ධාර්මික-අධාර්මික
  9. මතක-අමතක
  10. ලස්සන-අවලස්සන
  11. උස්-මිටි
  12. දිග-කොට
  13. කසල-නිකසල
  14. සරු-නිසරු
  15. සංයෝග - වියෝගය
  16. අවමාන - සම්මාන
  17. අන්ත - අනන්ත
  18. අල්ප - අනල්ප
  19. අභ්‍යන්තර - බාහිර
  20. අතිරික්ත - ඌණ
  21. අවම - උපරිම
  22. සසල - නිසල
  23. අනුමැතිය - විරෝධය
  24. ආනයන අපනයන

ස්වභාවික - කෘතිම

"https://si.wikipedia.org/w/index.php?title=සිංහල_පද&oldid=656158" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි