සිංහල සන්ධි

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
සිංහල
සිංහල siṁhala
කලාපය  ශ්‍රී ලංකාව
ස්වදේශික හසුරුවන්නන්
මිලියන 20 (date missing)
සිංහල අබුගිඩා (බ්‍රාහ්මීය අක්ෂර අබුගිඩා වලින් පැවත එයි)
නිල තත්ත්වය
නිල භාෂාව වන ජාතිය
 ශ්‍රී ලංකාව
භාෂා කේත
ISO 639-1 si
ISO 639-2 sin
ISO 639-3 sin

සිංහල භාෂාවේ සන්ධි නම් පද විශේෂයක් ඇත. මින් සිදු වන්නේ පද එකිනෙකට ගලපා පදයක් නිර්මාණය කර ගැනීමයි. සිදත් සඟරා[1] කතුවරයා මෙම ව්‍යාකරණාංගය හඳුන්වා ඇත්තේ, “පෙර පර වනන් - නිසි විදිනු ගලපනු - සඳනම්“ ලෙසයි. මෙහි අර්ථය වන්නේ “පූර්ව අපර වචන නිසි ලෙස ගැලපීම සන්ධි මඟින් සිදු වේ“ යන්නයි. සරලව කිවහොත් වෙන් වෙන්ව ඇති පද දෙකක් එකතු කර ලිවීම සන්ධි මඟින් සිදුවේ. සිංහල භාෂාවේ සන්ධි දහයක් දක්නට ලැබේ.

උදාහරණයක් ලෙස "දකුණතින් පහණද වමතින් මල් වට්ටියද ගත් උපාසක උපාසිකාවන් මලසුන වෙත ගියේය." යන වාක්‍යයයේ දකුණතින්, වමතින් සහ මලසුන යන පද සන්ධි පද වලට උදාහරණ වේ. ඉහත පද සෑදී ඇත්තේ;

දකුණු + අතින් = දකුණතින් වම් + අතින් = වමතින් මල් + අසුන් = මලසුන

ආදී ලෙස වචන දෙකක් එකට බද්ධ වීම හෙවත් සන්ධි වීම මගිනි. පද සන්ධිය උච්චාරණය පහසුව සඳහා ඇති වුවක් යයි කිව හැක.

ඉහත ආකාරයට පද අතර සන්ධි වීම සිදුවන ක්‍රම දහයකි.

  1. ස්වර සන්ධිය
  2. පූර්වස්වර (පූර්ව ස්වර) ලෝප සන්ධිය
  3. පරස්වර (පර ස්වර) ලෝප සන්ධිය
  4. ස්වරාදේශ (ස්වර ආදේශ ) සන්ධිය
  5. ගාත්‍රාක්‍ෂර (ගාත්‍රා අක්‍ෂර) ලෝප සන්ධිය
  6. ගාත්‍රාදේශ (ගාත්‍ර ආදේශ) සන්ධිය
  7. පූර්වරූප (පූර්ව රූප) සන්ධිය
  8. පරරූප (පර රූප) සන්ධිය
  9. ද්විත්වරූප (ද්විත්ව රූප ) සන්ධිය
  10. ආගම සන්ධිය


ස්වර සන්ධිය[සංස්කරණය]

සන්ධි වන පද දෙකෙන් පළමු වන පදයේ අග හල් අකුරට දෙ වන පදයේ මුල යෙදී ඇති ස්වරය එක් වීමෙන් ගැළපෙන සන්ධිය ස්වර සන්ධිය නම් වේ.

උදා: මලසුන

මල් + අසුන : ආරම්භක පද

ම (ල් + අ) සුන : පළමු පදයේ හල අකුරත් දෙවන පදයේ ස්වරයත් එකතුවී තනි අකුරක් සෑදීම

ම (ල) සුන : සන්දි වීමෙන් පසුව → මලසුන


  • ඔවුනොවුන් = ඔවුන් + ඔවුන්
  • උපනුපන් = උපන් + උපන්

පූර්වස්වර (පූර්ව ස්වර) ලෝප සන්ධිය[සංස්කරණය]

සන්ධි වන පද දෙකෙන් පළමු වන පදයේ අග ස්වරය හෙවත් පූර්ව ස්වරය ලොප් වී (ඉවත්වී) දෙවන පදයේ මුල් ස්වරය හා ගැළපීම.

උදා: නැණැති

නැණ + ඇති : ආරම්භක පද

නැ (ණ් + ) + ඇති  : පළමු පදයේ අග අකුරේ ඇති ස්වරය ලොප් වීම

නැ (ණ් + ඇ) ති : දෙවන පදයේ මුල ඇති ස්වරය සමග පළමු පදයේ අග අකුර එකතු වීම

නැ (ණැ) ති : සන්දි වීමෙන් පසුව → නැණැති


  • දකුණැස (දකුණු + ඇස)
  • ගමනාගමනය (ගමන+ආගමනය)
  • සුරිඳු (සුර+ඉඳු)
  • නිරිඳු (නර+ඉඳු)
  • යනෙන (යන+එන)
  • කර්ණාභරණ (කර්ණ+ආභරණ)
  • උදරාබාධ (උදර+ආබාධ)
  • සියැසින් (සිය+ඇසින්)

පරස්වර (පර ස්වර) ලෝප සන්ධිය[සංස්කරණය]

සන්ධි වන පද දෙකෙන් දෙවන පදයේ මුල්ස්වරය හෙවත් පර ස්වරය ලොප් වී (ඉවත්වී) පළමු පදයේ අග ස්වරය හා ගැළපීම.

උදා: මුනිතුමා

මුනි + උතුමා : ආරම්භක පද

මුනි + () + තුමා  : පළමු පදයේ අග අකුරේ ඇති ස්වරය ලොප් වීම

මුනි + තුමා  : සන්දි වීමෙන් පසුව → මුනිතුමා

  • ගුරුතුමා (ගුරු + උතුමා)

ස්වරාදේශ (ස්වර ආදේශ ) සන්ධිය[සංස්කරණය]

එක් ස්වරයක් වෙනුවට වෙනත් ස්වරයක් ආදේශ වීමෙන් සැකසෙන සන්ධිය මෙයයි. සිදත් සඟරාවේ මෙය සිදුවන ආකාර තුනක් දක්වා ඇත.

සන්ධි වන පද දෙකෙහි පූර්ව ස්වරට "අ" වන අතර, පරස්වරය "ඉ" වන විට ඒ සඳහා "එ" ආදේශ කිරීම සිදුවේ.

උදා: මහ + ඉසුරු → මහ් + අ + ඉ + සුරු → මහ් + + සුරු → මහෙසුරු


සන්ධි වන පද දෙකෙහි පූර්ව ස්වරට "අ" වන අතර, පරස්වරය "උ" වන විට ඒ සඳහා "ඔ" ආදේශ කිරීම සිදුවේ.

උදා: වට + උර → වට් + අ + උ + ර → වට් + + ර → වටොර


සන්ධි වන පද දෙකෙහි පූර්ව ස්වරට "අ" වන අතර, පරස්වරය "උ" වන විට ඒ සඳහා "ඕ" ආදේශ කිරීම සිදුවේ.

උදා: සහ + උදර -> සහ් + අ + උ + දර -> සහ් + + දර = සහෝදර

ගාත්‍රාක්‍ෂර (ගාත්‍රා අක්‍ෂර) ලෝප සන්ධිය[සංස්කරණය]

සිංහල භාෂාවේ සඤ්ඥක අකුරු පහක් දක්නට ඇත. (ඟ,ඦ,ඬ,ඳ,ඹ) මින් ඦ හා ඬ යන අක්ෂර දෙක හැර ඉතිරි අක්ෂර තුන මෙම සන්ධියට මුල් වේ. මෙහි දී සඤ්ඥක අකුර තුළ ඇති අකුරු දෙකෙන් එකක් ලොප් වීම සිදුවේ.

උදා:

  • ගඟ + වතුර → ග + o + + වතුර → ගංවතුර
  • කොළඹ + තොට → කොළොම් + + තොට → කොළොම්තොට

ගාත්‍රාදේශ (ගාත්‍ර ආදේශ) සන්ධිය[සංස්කරණය]

ගාත්‍රාදේශ සන්ධිය යනු ගාත්‍රාක්ෂරයක් (ව්‍යංජනයක්) වෙනුවට වෙනත්ම අකුරක් ආදේශ වී සන්ධි පදයක් සෑදීමයි. මෙය ක්‍රම තුනක් ඔස්සේ සිදුවේ.

සන්ධි වන පද දෙකේ පසු පදයේ මුල් අකුර “ක“ නම්, “ය“ හෝ “ව“ ආදේශ වේ.

උදා: ගිනි + කම් → ගිනි + + + ම් → ගිනියම්


සන්ධි වන පද දෙකේ පසු පදයේ මුල් අකුර “බ්“ නම්, ඒ සඳහා “ප්“ ආදේශ වේ.

උදා: කබ් + පිල → ක + බ් + ප් + පිල → කප්පිල (මොණර පිහාටුව)


සන්ධි වන පද දෙකේ මුල් පදයේ පසු අකුර “ද්“ නම්, ඒ සඳහා “ත්“ ආදේශ වේ.

උදා: බුද් + සරණ → බු + ද් + ත් + සරණ → බුත්සරණ

පූර්වරූප (පූර්ව රූප) සන්ධිය[සංස්කරණය]

මෙහි දී පූර්වරූපය (මුල් පදයේ අග අකුර) පරරූපය (පසු පදයේ මුල් අකුර) ඇති තැනට ගොස් සම්බන්ධ වේ.

උදා:

  • වත් + කම් → වත් + + + ම් → වත්තම්
  • අත් + කම් → අත් + + + ම් → අත්තම්

පරරූප (පර රූප) සන්ධිය[සංස්කරණය]

මෙහි දී පරරූපය (පසු පදයේ මුල් අකුර), පූර්වරූපය (මුල් පදයේ අග අකුර) ඇති තැනට ගොස් සම්බන්ධ වේ.

උදා:

  • අත් + සන → අ + ත් + ස් + සන → අස්සන
  • ලක් + ගල → ල + ක් + ග් + ගල → ලග්ගල

ද්විත්වරූප (ද්විත්ව රූප ) සන්ධිය[සංස්කරණය]

සන්ධි වීමට නියමිත පද දෙකේ මුල් පදයේ අග අකුරේ ස්වරය ලොප් කළ යුතුය. පසුව ඉතිරිවන හල් අකුර ද්විත්ව කර පසු පදය හා සම්බන්ධ කරයි.

උදා: වැද්දා

වැදි + ආ : ආරම්භක පද

වැද් + + ද් + ආ : පළමු පදයේ අග අකුරේ ඇති ස්වරය ලොප් වේ. “ද්“ ද්විත්ව කර පසු පදය හා සම්බන්ද වේ.

වැද් + දා : සන්දි වීමෙන් පසුව → වැද්දා

ආගම සන්ධිය[සංස්කරණය]

මෙහි දී සිදුවන්නේ සන්ධි වන පද අතරට වෙනත්ම අකුරක් පැමිණීමයි. මෙය ව්‍යඞජනයක් නම් “ව්‍යංජනාගමනය“ ලෙස හඳුන්වන අතර, පැමිණෙන අකුර ස්වරයක් නම් “ස්වරාගමනය“ ලෙස හඳුන්වයි. ව්‍යංජනාගමනයේ දී ව, ය, ර යන අක්ෂර තුන ආගමනය වේ.

උදා:

  • පිරි + අත් → පිරි + (ය් + අ) + ත් → පිරියත් (පර්යන්ත)
  • දැන් + දු → දැ (න් + ) + දු → දැනුදු

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

යොමුව[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

තව දුර කියවීමට[සංස්කරණය]

බැහැර පිටු[සංස්කරණය]

  • සිදත් සඟරාව
"https://si.wikipedia.org/w/index.php?title=සිංහල_සන්ධි&oldid=402214" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි