රොඩී

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

රොඩී ‌හෙවත් ගාඩි ලෙස හැඳින්‌වෙන්‌නේ ශ්‍රී ලංකා‌වේ පහත් යයි සලකනු ලැබූ ජන ප්‍රජාවකි.

වෙනත් යෙදුම්[සංස්කරණය කරන්න]

ඔවුන් හට 'හුලවාලි'සහ 'ගහලයා' යන නම් ද ව්‍යවහාර වෙයි.

ආරම්භය[සංස්කරණය කරන්න]

ආරම්භය ජනප්‍රවාද‌යේ ‌ලෙස ‌රොඩී රැලට නායක රත්නවල්ලි යයි කියනු ලැ‌බේ. රත්නවල්ලී ‌ලෙසින් හඳුන්වන්‌නේ මහා පැරකුම්බා රජුන් ගේ දියණිය ‌යයි කියනු ලැ‌බේ.

පුරාතණ‌යේ පටන් ‌කොළපතකට සිඟමන් යදිමින් ජීවත් වූ ‌‌රොඩිහූ, බෙර සෑදීම, ‌කොහු ඉදල් සෑදීම වැනි දැ‌තෙහි කර්මාත කළ හ. යන්ත්‍රමන්ත්‍ර, ‌කොඩිවිණ, හූනියම් සඳහා දක්ෂයන් ‌ලෙස සැල‌කෙන ‌මොවුන් ආනන්ද හාමුදුරුවන්ට ද, වශි ගුරුකමක් කළ බව පැව‌සේ. ආනන්ද හාමුදුරුවන් පිඬුසිඟා වඩින කල්හි ‌රොඩී ස්ත්‍රියක් විසින් ‌දෙනු ලැබූ ජලය පානය කිරී‌මෙන් පසුව කරන ලද බන්ධනයකින් ආනන්ද හිමියන් වශි වූ බවත්, එය කැපීමට ජලනන්දන නැමැති පිරිත බුදුන් ‌දේවා වදාළ බවත් ප්‍රකට ය.‌මේ කතාවස්තුව පසුකාලයක නිර්මාණය වූ‌යේයයි සැලකිය හැකි ‌පෙ‌නෙන නමුත් එයින් ‌රොඩීන් ‌කෙ‌රෙහි වූ සමකාලීන සමාජ‌යේ වූ බිය මැනවින් මතු වී ‌පෙ‌නේ.ඔවුන් විසින් කරනු ලබනු යයි සැල‌කෙන බලවත් මන්ත්‍ර ‌ලෙස 'නීච කුල බන්ධනය' සහ 'මහා මාතාංග' නමින් හඳුන්වනු ලැ‌බේ.

පුරාණ රජදව‌සේ පටන් ‌රොඩීන් හට අහිකුණ්ඨක ස්ථාවර නිවාස තනා ගැනීමට ‌හෝ ගම්වැද ජීවත්වීමට ‌හෝ අවසර තිබූ‌‌ණේ නැත. එ‌හෙත් පසුකාලීන ව, ඔවුන්ට ම ‌වෙන් වූ ගම්මාන තිබිණි. ඒවා 'ඟුබ්බෑයම්' ලෙසින් හඳුන්වනු ලැ‌බේ.

මේ රොඩී කුලය කවදා කෙසේ ආරම්භ වුයේදැයි කිසිවෙකුට කිව නොහැකිය. ගෙරි මස් කෑම එහි මුල පිරීමට හේතු වූ බව සමහරු පවසති. තවත් අයගේ මතයක් වන්නේ අතීතයේදී නීච නින්දිත අපරාධ කළවුන් රොඩී රැහැට දැමු වගය. සර් ජෝන් ඩොයිලිගේ ග්‍රන්ථ වලින්ද ඒ බව මොනවට පැහැදිලි වේ. දුටුගැමුණු රජුගේ පුත්‍ර සාලිය කුමාරයා රොඩී කෙල්ලක සමගින් ප්‍රේම සම්බන්ධයක් ඇතිකර ගත් බවත් ඒ හේතුවෙන් පිය රජුගේ ඇවෑමෙන් ලැබෙන්නට තිබුණු රජකමද නැති වූ බවත් මහා වංශයේ සඳහන් වෙයි.

අතීතයේදී අනුරාධපුරයේ විසු මවක් තම බල දියණියත් කැටුව තෙල් මල් හා සුවඳ දුම් රැගෙන අභයගිරි චෛත්‍ය වැඳ පුදා ගැනීමට ගියාය. මෑණියෝ දියණිය සෑ මළුවේ නවත්වා පැන් ටිකක් ගෙනෙනු පිණිස අසල පොකුණකට ගියාය. ඒ අතරතුර කාලයේහි මලස්න නොසෝදා අත දෝවනය නොකොට මේ දැරිය මල් මිට චෛත්‍යයට පිදු බව සද්ධර්මාලංකාරයෙ ස්වර්ණලතා කතා වස්තුවෙන් පෙනේ. මලස්න නොසෝදා අත දෝවනය නොකොට මල් පුජා කිරීම ගැන උදහස් වූ මෑණියෝ, දියණියට වගවිත්ති කියමින් බැන වැදුනාය. " තී නම් සැඩොලියක්ම තමා යි " අම්ම කී වචනයකට කෝපාවිෂ්ට වූ දියණිය " මං නොවෙයි උබයි සැඩොලිය " කියා බැන වැදීමේ පාප කර්මය හේතු කොටගෙන ඈ මිය ගොස් දබදිව සැඩොල් කුලයක උපත ලැබූ බව කියා තිබේ. නමුත් රොඩී කුලයේ උපත සෙවීමට මෙයද කරුණක් හැටියට සැලකිය නොහැක.

අතීතයේ ( රජ දවස ) රොඩී ජන ජීවිතය[සංස්කරණය කරන්න]

මහනුවර රජ කාලයේ ලංකාවේ රොඩී කුප්පායම් කිහිපයක් තිබුන බවත්, ඒවා පාලනය කිරීමට නිලධාරීන් යොදා සිටිය බවත් ශ්‍රීමත් ජෝන් ඩොයිලි පවසා ඇත. කුප්පායම් ගෙවල් එහි පදිංචිකාරයින්ට මනාප අන්දමට ඉදිකරගත නොහැකිය. ගෙයක ජනේල, දොර ආදිය වෙනුවට ඇත්තේ පැලලි පමණකි. මේ පැලලි කොළ අතුවලින් හෝ සමකින් සාදා ගත හැකිය. තවද රොඩීන්ට ඔරුවක නැගී ගඟක් තරණය කල නොහැක. වෙල්යායක විශේෂයෙන්ම රාජකීය වෙල්යායක නියරක් දිගේ යාම පවා ඔවුන්ට තහනම්ය.

මංකොල්ලයක් ,සොරකමක් හෝ මිනීමැරුමක් සම්බන්ධයෙන් රොඩීයකු චෝදනා ලැබූ කල්හී කුප්පායමේ හුලවාලියා ( නායකයා ) මේ කරණය සිරගෙයි කංකානමට දැන්විය යුතුය. ඉක්බිති සිරගෙයි කංකානම ඒ චුදිතයා තොටුපොලට කැඳවාගෙන එන ලෙස දිනයක් නියම කරයි. මෙසේ කිරීමට හේතුව රොඩීයකු ගඟෙන් මෙගොඩට ගෙන්වා ගැනීමට නීතියෙන් බලයක් නැතිකමය. නඩු දිනයෙහි චුදිතයා පමණක් නොව, ඔහුගේ නෑදෑයන් ද පවුල් පිටින් තොටුපොළට රොක්වන්නේ නඩුව විසඳෙන හැටි නරඹන්නටය. ඉක්බිති සිරගෙයි කංකානම ඔරුවක නැග ගඟින් මෙහා තොටුපොළේ නැවතී නඩුව විසඳන්නට පටන් ගන්නේය. චුදිතයගේ වරද ඔප්පු වූ කල්හී ඔහුට කටුසැමිටි වලින් තලන්නට නියම කරනු ලැබේ. මේ දඬුවම් දීම සඳහා වැඩිපුරම පාවිච්චි කොට ඇත්තේ ගැට සහිත එරමිනියා පොල්ලක් හෝ කැප්පෙට්ටියා පොල්ලකි. ඇතැම්විට ඒ දඬුවම් දීම සඳහා අලුගෝසුවකු වෙනින් රොඩී ගමකින් කැඳවනු ලබයි. උඩරට ප්‍රදේශයන්හි කුරහන්පිටිය , කොස්කොටේ යන දෙගම්හි විශාල රොඩී කුප්පායම් දෙකක් තිබුණු බව පැරණි පොත පතේ සඳහන් වෙයි. ඒවා පාලනය කරන ලද්දේ මහා අධිකාරම් විසිනි.

සැබවින්ම එකල රොඩී නම්වූ කුලය පහත් ලෙස සැලකුවද වර්තමානය වනවිට එහි පහත් බව නුතන ජනයා එතරම් සලකන්නේ නැත. එය හොඳ ප්‍රවණතාවයකි. සතුටට කරුණකි. බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ කෙනකු උපතින් වසලයකු හෝ බ්‍රාහ්මණයකු වන්නේ නැත. ක්‍රියාවෙන්ම බ්‍රාහ්මණයෙක් හෝ වසලයෙක් වෙත්මැයි.

උප ගෝත්‍ර[සංස්කරණය කරන්න]

  1. නාහල්ල හෙවත් උඩකටුව රොඩී
    1. තිරිංග රොඩී පෙලපත
    2. හල්පේ රොඩී පෙලපත
  2. නවරත්නවල්ලි හෙවත් වන්නි රොඩී

නාහල්ල හෙවත් උඩකටුව රොඩී[සංස්කරණය කරන්න]

නවරත්නවල්ලි හෙවත් වන්නි රොඩී[සංස්කරණය කරන්න]

රොඩී භාෂාව[සංස්කරණය කරන්න]

ඥාතීත්වය හඟවන පද

  • මව - හිදලු ගෑවී, මවුආ, අම්මා
  • පියා - හිසලු ගෑවා, පියා, අප්පොච්චි
  • සැමියා - ගැඬියා, ගාඩියා, පුරුසයා
  • බිරිඳ - ගැඬී කෙවෙනි, ගාඬි කෙවන්නි, පල්ලි, ගෑනි
  • පිරිමියා - ගාව, අන්ගයා
  • ගැහැණිය - ගාවි, අන්ගියා
  • බිලිඳා - බිලැන්දා
  • බිලිඳිය - බිලැන්දි
  • පුතා - ගැඩී (හෝ ගාඩි)බිලින්ඳා, බිලිඳු අන්ගයා, පුතා
  • දුව - ගැඩී (හෝ ගාඩි)බිලින්ඳි, බිලිඳු අන්ගි, දුව
  • සහෝදරයා - එකන්ගෙ ගැඬියා, එකන්ගෙ අන්ගයා
  • සහෝදරිය - එකන්ගෙ අන්ගි
  • අයියා - එකන්ගෙ ගාඬියා, අයියා
  • අක්කා - එකන්ගෙ ගැඬී, අක්කා
  • මල්ලි - එකන්ගෙ ගාඬියා, මල්ලි
  • නංගි - එකන්ගෙ ගැඬී, නංගි
  • මාමා - ලොකු අප්පා, මාමා
  • නැන්දම්මා - නැන්දා
  • බාප්පා - හීන් තාත්තා, හීන් අප්පා
  • පුංචි අම්මා - බාලම්මා, පුංචි අම්මා
  • ලොකු අම්මා - ලොකු අම්මා
  • කුඩම්මා - හීනම්මා
  • ආතා - ඉලයත් හිදුලු ගැවා, මුත්තා, ආතා
  • ආච්චි - ඉලයත් හිදුලු ගැවී, ආච්චි, ආත්තා

විවිධ ජනයා හදුන්වන පද

  • රජතුමා - තෙරි බකුරා
  • බිසව - තෙරි බකුරු පල්ලා
  • දෙවියා - බකුරා
  • යක්‍ෂයා - මුනුසා
  • පාලකයා - ඉලයත් තෙරි ගාවා
  • නිලදාරියා - තෙරි කද්දියා
  • පැවිද්දා - නවතා, ගැවා
  • වෙදැදුරු - මුලුහුන් අන්ගයා
  • මරක්කලායා - හුරුබුවා
  • ආචාරියා - දුලුමුවා
  • වඩුවා - වඩුකත්තියා
  • රජකයා - පොතියා, තෝක්කා
  • බෙරවායා - නල්ලයා
  • වහුම්පුර ඇත්තා - ගල්මීරි තෝක්කා
  • තොටියා - දිය පිට කුකුළා
  • සන්නාලියා - ගෙත්තම් කටුවා (කටුව - ඉඳිකටුව)
  • හොරා - පත්තිලියා, පතිලිගැවා

සතුන් හදුන්වන නම්

  • ඇතා - පලානුවා
  • ඇතින්න - පලානුවදෙන්
  • බල්ලා - බුස්සා
  • බැල්ල - බුස්සි
  • බළලා - බුහැක්කා, බුහාකවන්නා
  • හරකා - ලුද්දි
  • එළදෙන - ලුද්දි
  • වස්සා - ලුහු බිලැන්දා
  • මී හරකා - ලුහුටු ලුද්දා, පඟුරු ලුද්දා
  • කුලු මී හරකා - රලුවෙ ලුද්දා
  • අග්වයා - තෙරු ලුද්දා
  • වෙළඹ - තෙරි ලුද්දා
  • වඳුරා - බූලෑවා
  • නරියා - පඟුරුල්ල, බුස්සා
  • කොටියා - රලුවා, රලුවෙ බුස්සා
  • වලසා - මුරුති විගනන්ගයා (මස් බුදින්නා)
  • මුවා, ගෝනා - රලුවෙ ලුද්දා
  • ගම් ඌරා - හාප මුරුතයා, ගල් මුරුතයා
  • වල් ඌරා - රලුවෙ ගල් මුරුතයා
  • කුකුළා - පතිලියා
  • කිකිළි - පතිලි කෙක
  • කුරුල්ලා - පතිලියා, (කුරුළු කූඩ්ව - පතිලින්ගෙ දුමන)
  • තලගොයා - බිම්පල්ලා
  • කිඹුලා - නිලාටු තෙරිපයා
  • ඉබ්බා - පේලාවා
  • කිරි ඉබ්බා - හිදුලු පේලාවා
  • සර්පයා - ඉලයා
  • හූනා - අගරුබුලුවා
  • මාළුවා - නිලාතුවා
  • උකුණා - කෙරඬියේ පතිලියා
  • බලු මැක්කා - හාප අන්ගයා
  • මකුළුවා/මඳුරුවා - හාපයෝ, හාපන්ගෝ
  • කලාමැදිරියා - දුලුමු අන්ගේ
  • බිජුවට - ලාවන්ගේ

සිරුරේ කොටස් හගවන පද

  • සිරුර - අන්ගය
  • හිස - කෙරඬිය
  • නළල, මුහුණ - කෙරඬිය
  • රටා යෙදූ ලැයිස්තු අයිතමය
  • හිසකේ - කළුවැලි
  • කන - ඉරවුව, දන්ගුලු අන්ගෙ (බිහිරා - ඉරවු හාපයා)
  • ඇස - ලාවටේ, ලාඹටේ
  • කඳුලු - ලාවටේ නිලාටු
  • දත් - ගල්ලෙ බොරලු (මුවෙහි ගල්)
  • මුව, කට - ගල්ල
  • නාසය - නිලාටු අන්ගෙ, ඉරවුව
  • දිව - ගල් ගවුන, ගලෙ ගෙවන්න
  • නිකට - අල්ලෙ අන්ගය
  • රුවුල - ගල්ලෙ කලුවැලි
  • කෙළ - ගල්ලෙ ලතු (එනම්, මුවෙහි ලෙය = බුලත් කෙළ)
  • මස් - මුරුතයන්, මුරුතුන්, අන්ගෙ මුරුතයන්
  • ලේ - ලතු
  • පපුව - පෙකිනිත්ත
  • හදවත - පෙකිරිත්ත, පිකිරිත්ත
  • බඩ - පෙකිරිත්ත, පිකිරිත්ත
  • සම - පිටවන්න, මුරුතු ගැවිල්ල
  • අත - දැඟුල්, වාමේ
  • දකුණු අත - දකුණේ වාමේ
  • වම් අත - වාමේ වාමේ
  • පියවුරු - හිදුල්ල
  • කකුල - දැඟුල
  • පතුල - බින්තලව්ව, දැඟුල
  • දහඩිය - නිලාටු

ශාක වර්ග හා ඒවායේ කොටස්

  • ගස - උහැල්ල
  • පත්‍රය, කොළය - රබොත
  • අත්ත - මතිල්ල, උහැල්ලෙ මතිල්ල
  • මල - උහුලිල් අන්ගෙ
  • ගෙඩිය - ලාවුනු
  • ගසේ මුල - බින්තලව්වෙ මතිල්ල
  • පොල් - මටුබු ලාවුනු, මටුලාවුනු
  • පොල් ගස - මටුබු ලාවුනු උහැල්ල
  • පුවක් - පොන්ගලන්
  • බුලත් - තබල (සංස්, තාම්බුල)
  • ගොයම් - ඇතු
  • බත් - මිහිටි
  • වී - ඇතු මදු, ඇතු මද
  • සහල් - මදු, මද
  • පිදුරු - පන්ගරන්
  • කුරහන් - හීන් කෙවුන
  • දොඩම් - ඇඹරලු
  • කොස් - වෙට්ටි අන්ගවල්, මුරුතයන් ලාවුනු
  • මිරිස් - ගල්ල ඩැවුන්
  • කෙසෙල් - පබ්බරුකන්, පත්බරුකන්
  • දුම්කොළ - දුම්රබොත, දුලුමොර

ගෘහාශ්‍රිත දේ, අහාරපාන සහ අඳුම් පැලඳුම්

  • ගම - රලුවෙ දුමන
  • නගරය - තෙරි දුමන
  • ගෙපැල - දුමන
  • සිර ගෙය - හාප දුමන
  • දොර - දිග්ගුව, දුමන මතිල්ල
  • වහලය - වහල්ල, පල
  • ඇඳ - ලාවට අන්ගේ මතිල්ල
  • පුදුර - පිටවන්න
  • දැව - මතිලි
  • කළය, හැලිය - වාමේ
  • වතුර කළය - නාලාටු වාමේ
  • බත් හැලිය - මිගිටි වාමේ
  • කෝප්පය - නිලාටු මිගන වාමේ, නිලාටු මිගන අන්ගෙ
  • පිඟාන - මිගිටි මිගන වාමේ
  • පිහිය - නාඩුව
  • පොරොව - මතිලි ලුක්කන නාඩුව, මතිලි හාප කරන නාඩුව
  • බෝතලේ - අතු, අන්ගෙ
  • පෙට්ටිය - බිලිඳු අන්ගෙ
  • මෝල් ගස සහ වංගෙඩිය - ලුක්කන අන්ගවල්
  • කඹය - ගැවිල්ල (ගව සම්පටින් අඹරාගත් දේ)
  • කඩුව - තෙරි නාඩුව
  • ඊතලය - පට්ටිකම, පත්තිකාව
  • තුවක්කුව - පත්තිකාව, ගලු කරන මතිල්ල
  • ගින්දර - දුලුමු
  • වතුර - නිලාටු
  • ලිප - දුලුමු අන්ගෙ
  • දර - හාප මතිලි
  • කිරි - හිදුලු
  • තෙල්/ගිතෙල් - මාටුබු
  • වෙඬරු - ලුදුදන්ගෙ මාටුබු
  • කැවුම් - ගල් මිරි
  • පිසු ආහාර - මුරුතයන්, මුර්තින්
  • හරක් මස් - ලුද්දු මුර්තින්
  • ලුණු - හුරුඹු

පරිසරය අශ්‍රිත දේ

  • පොළොව - බින්තලව්ව
  • දෙව්ලොව - බින්ගිරි(බිම්ගිරි) උහැල්ල
  • හිරු - ඉලයත්තෙරි අන්ගෙ

විශේෂණ පද

  • රතු - ලතු
  • සුද - හිදලු
  • කළුවර - කලුවැලි
  • හොඳ, මහා, දිග, ලස්සන - තෙරි
  • නරක, කුඩා, පොඩි, අවලස්සන - හාප

ලෝහ වර්ග, අවිආයුධ, විවිධ මෙවලම් ආදිය හදුන්වන නම්

  • රන් හා රිදී - තෙරි දුලුමු
  • රන් හා රිදී කාසි - තෙරි ගලවු, තෙරි අන්ගවල්
  • තඹ - හාප දුලුඹු
  • තඹ කාසි - හාප ගලටු
  • තුවක්කුව - පත්තිකාව, ගලු කරන මතිල්ල (හඬ නගන දණ්ඩ)
  • වෙඩි බෙහෙත් - මුලුහුන්
  • ගොන් කරත්තය - ලුද්දන්ව බන්දන ගහන අන්ගෙ, (ලුද්දු - කරත්තෙ)
  • වියගහ - ලුද්දන් දෙ-ගිරාව
  • බෝල්ලීය - බොම්බුලීය
  • නඟුල - ලුද්දන් හාප කරන අන්ගෙ
  • කෙවිට - ලුද්දන් ලුක්කන අන්ගෙ
  • ඔරුව - නිලිටුවෙ යැපෙන අන්ගෙ
ක්‍රියා පද
  • යනවා - තැවින්නෙනවා
  • එනවා - තැවින්නෙනවා
  • පලයන්, වරෙන් - තැවින්නියන්
  • අරගෙන යනවා - යප්පාගෙන තැවින්නෙනවා
  • නිදා ගන්නවා - ලාවට තෙරී වෙනවා
  • හොඳට නිඳා ගනින්! - ලාවට තෙරි වෙයන්!
  • දකිනවා, බලනවා - පෙකනවා
  • පෙන්නවනවා - පෙකවනවා
  • අහනවා - ඉගිල්ලනවා
  • සිඹිනවා - හාචි කරනවා
  • මැරෙනවා - ලික්කෙනවා
  • මැරුණා - ලික්කුණා
  • මරණවා - ලුක්කනවා
  • මැරුවා - ලික්කුවා
  • වළලනවා - තාවනවා
  • ගී කියනවා - කල්ලැති ඉගිල්ලනවා
  • නටනවා - කූටාටු කරනවා
  • සිනා වෙනවා - ගලු පානවා
  • දුවනවා - හී සැරෙන් තැවින්නෙනවා (හී සැරෙන් - හීයේ වේගයෙන්)
  • ඉකිමන් කරපන් - හී සැරෙන් තැවින්නියන්
  • කතා කරනවා - ගලු කරනවා
  • කෑගසනවා - ඉරච්ච ලුක්කනවා
  • අහනවා - ඉගිල්ලනවා
  • කියවනවා - අකුරු කියනවා
  • තේරුම් ගන්නවා - තෙරි වෙනවා
  • කපනවා - නාඩුවෙන් ලුක්කනවා
  • ඉරනවා - හාප කරනවා
  • අල්ලනවා - දැගුලු ගහනවා
  • පිසිනවා - තවත් කරනවා
  • මිල දී ගන්නවා - ගලටුවලට යප්පනවා
  • කිරි දොවනවා - හිදුලු හාප කරනවා
  • දොර අරිනවා - දිග්ගුව හාප කරනවා
  • දොර වහනවා - දිග්ගුව තෙරි කරනවා
  • ගිනි නිවනවා - දුලුමු හාප කරනවා
  • වහිනවා - නිලාටු තෙරි කරනවා
  • විදුලි කොටා ගොරවනවා - පතිතිකාව තෙරි වෙනවා

ඇඳුම් පැලඳුම්[සංස්කරණය කරන්න]

මුල් කාලීන ඡායාරූප අධ්‍යයනය දී ‌පෙනියන්‌නේ ‌බො‌හෝ‌ ‌රොඩී කාන්තාවන් උඩුකය නිර්වස්ත්‍රව සිටි බව කි. ඒ ඡායාරූපයන් අතර නිර්වස්ත්‍ර රුප ද දක්නට ඇති බැවින්, ඔවුන්‌ගේ හීන කුලතාවය නිසා නිර්වස්ත්‍රවීම ලැජ්ජාවක් ‌ලෙස ‌නොසිතූ බව ය.

මූලාශ්‍ර[සංස්කරණය කරන්න]

මූලාශ්‍රය: ඇස්. ආර්. දි‌යොනිස් , රවින් කල්‌දේරා සහ ඩි. ඩබ්ලිව්. සේනාධිර (කල්පනා මාසික සඟරාව 1989 ඔක්තෝබර් )

"https://si.wikipedia.org/w/index.php?title=රොඩී&oldid=362243" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි