Jump to content

සිංහල ඉලක්කම්

විකිපීඩියා වෙතින්

නවතම අධ්‍යයනයන් තුළින් සිංහලයට ආවේණික වූ ඉලක්කම් සොයාගෙන ඇත. ලෝකයේ විවිධ භාෂා සතුව විවිධ ඉලක්කම් ක්‍රම පවති. ඒ අතරින් හින්‍දු,අරාබි හා රෝම ඉලක්කම් ප්‍රමුඛ වේ. ඈත අතීතයේ සිට ම මෙම සිංහල ඉලක්කම් ලංකාව තුළ භාවිත කොට ඇත. සිතුල්පව්ව සෙල්ලිපියේ මෙම පූර්ව බ්‍රාහ්මීය අංකන ක්‍රමවේදය පවතී. මහනුවර යුගය තෙක්ම මෙම ඉලක්කම් භාවිත කොට ඇති බවට සාක්‍ෂි ලැබේ. මහනුවර යුගයේ ඉතාම අලංකාර රවුම් හැඩැති පත්තිරුවල ලියවිය හැකි ආකාරයට පරිණාමය වී ඇත. මේවා හෙළ කුන්‍දජ නමින් ද හඳුන්වා ඇත. පසු කාලීනව පෘතුගීසි, ලන්‍දේසි, ඉංග්‍රීසි බලපෑමෙන් හින්‍දු-අරාබි ඉලක්කම් හදුන්වා දීමත් සමග සිංහල ඉලක්කම් අභාවයට ගොස් ඇත. නමුත් සිංහල යුනිකොඩ් මගින් නැවත සිංහල ඉලක්කම් කරලියට පැමිණ ඇත.

සිංහල ඉලක්කම් සදහා ශුන්‍ය හෙවත් බිංදුවේ අගයක් නැත. සෑම අගයකටම සංකේතයක් ඇත. සිංහල ඉලක්කම් ශාස්ත්‍රයෙන් අනෙකුත් අංක ශාස්ත්‍ර දෙකෙන් කළහැකි සියලුම එකතුකිරීම් අඩුකිරීම් බෙදීම් සිදු කල හැකි ය. වර්ගපුර්ණිකාවේ දුනු මඬලා අනුඛණ්ඩයේ, ප්‍රකාරක්‍ෂීර, ලෝභිතක්‍ෂීර, වාලම් ගත් ක්‍ෂීර, චන්ද්‍රක්‍ෂිර, චක්‍රධික්‍ෂීර වගේ ගණිත න්‍යායයන් පැවති බවත් කූම, විපුට වැනි ගණිත මූල ධර්ම පැවති බවත් සදහන් වෙනවා. නමුත් මේ කමන ආකාරයේ ඒවාදැයි අපිට පැහැදිලි කර ගැනීමට මූලාශ්‍ර නැහැ. ඒ පවා සියවස් එකහමාරක් වැනි කෙටි කලක් තුළ යුරෝපිය ආක්‍රමණිකයා අපේ අංක අපට විමතියක් වන තරමටම භවිතයෙන් ඉවත් කිරීමට සමත්ව තිබෙනවා.

ඕනෑම අයෙකුට ජාතික කෞතුකාගාරයට ගිය කල්හි එහි රාජසභා මණ්ඩපයේ පවතින ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ඔරලෝසුව දැකිය හැකිය. එහි තිබෙන සිංහල පැය තිහ දක්‍වා ඇත්තේ සිංහල ඉලක්කම් වලිනි.උඩරට ගිවිසුමේ සිංහල ඉලක්කම් දක්‍වා ඇත. 1783 වසරේ ලංදේසීන් නිකුත්කළ කාසිවල පවා සිංහල ඉලක්කම් දක්නට ඇත. (හෙළයන්ගේ විද්‍යාවන්: ජානක තරංග ආරියරත්න- 57වන පිට ඡායාරුප සමගින් පළකර ඇත. ඇතැම් යන්ත්‍ර හා බලිවලදී ද ඉලක්කම් සටහන් තබා ඇත. ලංදේසි යුගයේ ලියවුණ ක්‍රිස්තියානි ඇදහිල්ල නම් පොතේ පිටුවල සිංහල ඉලක්කම ද, රෝම ඉලක්කම ද දක්වා ඇත. මේ ආශ්‍රිතව සිංහල හෝඩියට ෆ අක්ෂරය එක්කළ මැන්‍දිස් ගුණසේකර මහතා සිංහලීස් ග්‍රැමර් නම් කෘතියක් කර ඇත. ඩී. ඇන්. ඩී වැලිකල මහාතා ඈපා ප්‍රකාශනයක් වූ "හෙළය ජලය මෙනි" කෘතියෙන් ද සිංහල ඉලක්කම් පිළිබඳව විග්‍රහයක් කර ඇත.

හෙළ ගණන් ක්‍රමයේ දැක්‍වෙන්නේ අති විශාල අගයක් දක්‍වන්නාවූ සංඛ්‍යා ය. මේවා ලිවීමේ දී එක් සිංහල ඉලක්කමක් නමුදු සෑහේ. උදාහරණ ලෙස අසංඛය ලිවීමට ඒ අගය හැදින්වීමට දක්‍වන සංඛේතය පමණක් ප්‍රමාණවත් ය. හිංදු අරාබි ක්‍රමයට ලිවීමේ දී බිංදු රාශියක් ලිවීමට සිදුවේ.

ආශ්‍රිත

[සංස්කරණය]

බාහිර මූලාශ්‍ර

[සංස්කරණය]
  • ලංදේසි යුගයේ ලියවුණ ක්‍රිස්තියානි ඇදහිල්ල- ජාතික පුස්තකාලය
  • සිංහලීස් ග්රැමර්- මැන්දිස් ගුණසේකර
  • හෙළය ජලය මෙනි- ඩී. ඇන්. ඩී වැලිකල
  • සිංහල ඉලක්කම් - ජානක තරංග ආරියරත්න
  • හෙළයන්ගේ විද්‍යාවන් - ජානක තරංග ආරියරත්න
  • උඩරට ගිවිසුම- ජාතික පුස්තකාලය
  • ශ්‍රි විකුම සිංහ රජු භාවිතා කළ ඔරලෝසුව- ජාතික කෞතුකාගාරය

https://lankanewsweek.com/news_view.php?news_id=225&cat_id= සිහළ ‘ෆ’අකුරේ නිර්මාතෘ මහා පඬි මැන්දිස් ගුණසේකර වාසල මුදලි..!

"https://si.wikipedia.org/w/index.php?title=සිංහල_ඉලක්කම්&oldid=453772" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි