සිංහල හෝඩි

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
සිංහල අකුරු
Type අබුගිඩා
Spoken languages සිංහල
Time period c. 700–present
Parent systems
Child systems Dhives Akuru
Sister systems තෙලිඟු අකුරු
කන්නඩ අකුරු
මලයාලම් අකුරු
තමිල් අකුරු
Tulu script
Unicode range U+0D80–U+0DFF
ISO 15924 Sinh
Note: This page may contain IPA phonetic symbols.

අක්ෂර මාලාව[සංස්කරණය කරන්න]

ව්යාරකරණ යන පදය සංස්කෘත පදයකි. මෙහි සරළ අදහස වන්නේ නිරාකරණය කිරීම, පැහැදිලි කිරීම හෝ විස්තර කිරීම යන්නයි. ඒ අනුව සිංහල භාෂාවේ ව්යාමකරණය යනු සිංහල බසෙහි ස්වරූපය නිරාකරණය කිරීම, පැහැදිලි කිරීම යන්නයි. සිංහල භාෂාවේ ව්යායකරණ පිළිබද අදට ගරු කරන ග්රනන්ථය වන්නේ සිදත් ස`ගරාවයි. 13 වන සියවසේ දෙවන පැරකුම් රජ කාලයේ දේවපතිරාජ පරිවෙනාධිපති හිමියන් විසින් මෙය රචනා කරන ලදැයි සැලකේ. ඊට අනුව වියරණ විධි 20 ක් ස`දහන් වේ. “එබැවින් සං සද ලිගු විබත් සමස් පියවි පස කිරිය ලොප් දෙස් අගම් පෙරරූ දෙරූ පෙරැලි වැඩි අඩු නිපා නියම් අනියමන් අවිදුමන් විදි වී විසි වැදෑරුම් වියරණ විධි සපයා” මෙහි දැක්වෙන පරිදි පලමුවන වියරණ විධිය “සං” හෙවත් අක්ෂර වේ. “අක්ෂ” යනු සලකුණුයි. “ර” යනු හැඩවීමයි. ජීවයක් සහිත අකුරක් වීමට නම් ශබ්ද සංකේතය හැඩවිය යුතුය. අක්ෂරය භාෂාවේ කුඩාම ඒකකය යි. අක්ෂරයක් සම්මත පිළිවෙලට පෙල ගැස්වීමෙන් අක්ෂර මාලාව නිර්මාණය වේ. පළමු වරට ලිඛිතව හමුවන නිශ්චිත සිංහල අක්ෂර මාලාව වන්නේ “සිදත් සගරා හෝඩිය” යි. “පණකුරු පසෙක් එද - ලුහු ගුරු බෙයින් දසවේ ගතකුරු ද වේ විස්සෙක් - වහරය යුහු සිය බසැ“ ඉහත පාඨයට අනුව ලුහුගුරු (කෙටි දීර්ඝ) ප්රා.ණාක්ෂර 10 ක් ද ගාත්රාික්ෂර 20 ක් ද සහිත වූ සිදත් හෝඩියෙහි අක්ෂර මාලාව 30 කි. අ. ආ. ඉ. ඊ. උ. ඌ. එ. ඒ. ඔ. ඕ. ක ඛ ජ ට ඩ න ත ද ණ ප බ ම ය ර ල ව ස හ ල අං මෙම හෝඩියේ ‘ඇ, ඈ සහ අඃ’ නැත. මෙහි ඉහත අක්ෂර අන්තර්ගත නොවූව ද සාමාන්යද ව්ය වහාරයේ පැවති බැවින් විවිධ තර්ක විතර්ක පැන නැගුණි. ඒ මත ‘ඇ, ඈ’ අක්ෂර දෙක සහිතව ශුද්ධ සිංහල අක්ෂර මාලාව නිර්මාණය වේ. මින් අනතුරුව සංස්කෘත භාෂාවේ බලපෑම මත ප්රාකථමික විස්තෘත සිංහල හෝඩිය නිර්මාණය වේ. වදන් කවි පොතෙහි අන්තර්ගත මෙහි සම්පූර්ණ අක්ෂර 50 කි. ස්වර 14 ක් හා ව්යංොජන් 36 ක් එහි ඇත. ඉන් අනනතුරුව නිර්මාණය වූ විස්තෘත සිංහල හෝඩිය (මිශ්ර4 සිංහල හෝඩිය) අක්ෂර 54 න් යුක්ත වේ. මෙහි අන්තර්ගත “ඇ, ඈ, ඒ, ඕ” අක්ෂර 04 මිශ්ර6 සිංහල හෝඩියේ අන්තර් ගත නොවේ. ලේඛණ වියවුල් හා විවිධ ගැටළු පැනනැගීම හේතුවෙන් 80 දශකයේ අගභාගයේ ජාතික අධ්යාැපන ආයතනය මගින් සිංහල ලේඛණ රීතිය නමින් පොතක් එලි දක්වමින් නූතන සිංහල අක්ෂර මාලාව හදුන්වා දුනි. මෙහි සම්පූර්ණ අක්ෂර 60 කි. මිශ්රස සිංහල හෝඩියේ සඤ්ඤක අක්ෂර 05 සහ ෆ අක්ෂරය එකතු වීමෙන් නූතන සිංහල අක්ෂර මාලාව නිර්මාණය වී ඇත. මෙහි ස්වර 18 ක් හා ව්යොඤ්ඤන 42 ක් අන්තර්ගත වේ.



යොදාගන්නා භාෂා[සංස්කරණය කරන්න]

  1. සිංහල භාෂාව
  2. පාලි භාෂාව (මූලික බෞද්ධ ග්‍රන්ථවල)
  3. සංස්කෘත භාෂාව (කලාතුරකින්)
  4. භාෂා මැලේ (ලංකේය මැලේ පුද්ගලයන් විසින්)

සිංහල හෝඩි කිහිපයකි[සංස්කරණය කරන්න]

ශුද්ධ සිංහල හෝඩිය / එළු හෝඩිය/හෙළ හෝඩිය / නුමුසු සිංහල හෝඩිය[සංස්කරණය කරන්න]

හෙළ බසෙහි සියළු වචන ලිවීමට ප්‍රමාණවත්ය..
අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ එ ඒ ඔ ඕ (ස්වර 12 කි)
ක ග ජ ට ඩ ණ
ත ද න ප බ ම
ය ර ල ව ස හ ළ අං (ව්‍යංජන 20 කි)

සිදත් සඟරා හෝඩිය[සංස්කරණය කරන්න]

දඹදෙණි යුගයේ සකසන ලද්දකි. කව් ලැකියට අවැසි අකුරු පමණක් දක්වා ඇත.
අ ආ ඉ ඊ උ ඌ එ ඒ ඔ ඕ (ස්වර 10 කි)
ක ග ජ ට ඩ ණ
ත ද න ප බ ම
ය ර ල ව ස හ ළ අං (ව්‍යංජන 20 කි)

පන්සල් හොඩිය[සංස්කරණය කරන්න]

සිංහල බස ලිවීමට වඩා පාලි සහ සංස්කෘත ලිවීමට යෝග්‍යවේ
පණකුරු (16)
අ ආ ඉ ඊ උ ඌ
ඍ ඎ ඏ ඐ
එ ඓ ඔ ඖ
අං අඃ

ගතකුරු (34)
ක ඛ ග ඝ ඬ
ච ඡ ජ ඣ ඤ
ට ඨ ඩ ඪ ණ
ත ථ ද ධ න
ප ඵ බ භ ම
ය ර ල ව
ශ ෂ ස හ ළ

මිශ්‍ර සිංහල හෝඩිය[සංස්කරණය කරන්න]

ශුද්ධ සිංහල හෝඩිය, පාලි සහ සංස්කෘත වචන නිවැරදිව ලිවීමට ප්‍රමාණවත් නොවුනු බැවින් අළුතින් අකුරු යොදාගැනීමට සිදුවිය. මෙම හෝඩිය මුලින්ම දක්නට ලැබෙන්නේ 1891 පලකළ A Comprehensive Crammer of the Sinhalese Language නම් ව්‍යාකරණ පොතෙහිවේ.
පණකුරු(18)
අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ
ඍ ඎ ඏ ඐ
එ ඒ ඓ ඔ ඕ ඖ


ගතකුරු(36)
ක ඛ ග ඝ ඬ
ච ඡ ජ ඣ ඤ
ට ඨ ඩ ඪ ණ
ත ථ ද ධ න
ප ඵ බ භ ම
ය ර ල ව
ශ ෂ ස හ ළ
අං අඃ

සිංහල වර්ණ මාලාව[සංස්කරණය කරන්න]

ජාතික අධ්‍යාපන ආයතනය විසින් 1989දී සම්මත කළ හෝඩියයි. පෙර හෝඩි වලට සාපේක්‍ෂව මෙහි ප්‍රධාන වෙනස්කම් 3කි.

  1. ෆ අකුර ඇතුළත්වීම.
  2. සඤ්ඤක අකුරු 5 ඇතුළත්වීම.
  3. ං සහ ඃ වෙනත් ස්ථානයක තැබීම.

පණකුරු (20)
අ ආ ඇ ඈ ඉ ඊ
උ ඌ ඍ ඎ ඏ ඐ
එ ඒ ඓ ඔ ඕ ඖ
(අං) (අඃ)


ගතකුරු(40)
ක ඛ ග ඝ ඬ ඟ
ච ඡ ජ ඣ ඤ ඦ
ට ඨ ඩ ඪ ණ ඬ
ත ථ ද ධ න ඳ
ප ඵ බ භ ම ඹ
ය ර ල ව
ශ ෂ ස හ ළ ෆ

සමකාලීන සිංහල හෝඩිය(නූතන සිංහල අක්ෂර මාලාව)[සංස්කරණය කරන්න]

1990 වසරේදී ජේ.බී. දිසානායක විසින් මුලින්ම පලකරන ලදී.


ස්වර (17)
අ(සං) අ(වි) ආ ඇ ඈ ඉ ඊ
උ ඌ ඍ ඎ එ ඒ ඓ
ඔ ඕ ඖ


ව්‍යංජන(43)
ක ඛ ග ඝ ඬ ඟ
ච ඡ ජ ඣ ඤ ඥ ඦ
ට ඨ ඩ ඪ ණ ඬ
ත ථ ද ධ න ඳ
ප ඵ බ භ ම ඹ
ය ර ල ව
ශ ෂ ස හ ළ ෆ
(අං) (අඃ)

නවීන සිංහල හෝඩිය[සංස්කරණය කරන්න]

20, 21 සියවස තුල ක්‍රමිකව පරිනාමයව වර්තමානයේ අඩු වැඩි ලෙස යොදාගන්නා සිංහල අකුරු මාලාවයි. ස්වර


අ අ' ආ ඇ ඈ ඉ ඊ
උ ඌ ඍ ඎ
( ඏ ඐ) වත්මන් සිංහල බසෙහි නොයෙදේ
එ ඒ ඓ ඔ ඕ ඖ

අර්ධ ස්වර
අං අඃ

ව්‍යංජන

ක් ඛ් ග් ඝ් ඪ ඟ්
ච් ඡ් ජ් ඣ් ඤ් ඥ්
ට් ඨ් ඩ් ඪ් ණ ඞ්
ත් ථ් ද් ධ් න් ඳ්
ප් ඵ් බ් භ් ම් ඹ්
ය් ර් ල් ව්
ශ් ෂ් ස් zස් හ් ළ් ෆ්

සඤ්ඤක
ඬ ඟ ඬ ඳ


ආශ්‍රිත ලිපි[සංස්කරණය කරන්න]

සබැඳි සම්පත්[සංස්කරණය කරන්න]

සටහන්[සංස්කරණය කරන්න]


යොමුව[සංස්කරණය කරන්න]

බාහිර පුරුක්[සංස්කරණය කරන්න]

"https://si.wikipedia.org/w/index.php?title=සිංහල_හෝඩි&oldid=358347" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි