ප්‍රස්ථා පිරුළු (සිංහල භාෂාව)

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

තැනට ගැලපෙන ආකාරයට විවිධ අවස්ථාවන්හිදී විශාල අර්ථයක් ප්‍රකාශ කිරීම වෙනුවට කෙටි වැකියක් (ප්‍රස්ථා පිරුළු) යොදාගැනීම සිංහල භාෂාවේ නිතර දක්නට ලැබේ. මෙය යම්විටෙක උපහාසාත්මක ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ද යොදා ගනී. බොහෝ අවස්ථා වලදී මෙම ප්‍රස්ථා පිරුළු බිහිවීම ගැන පසුබිම් කතන්දර/ජනකතා පවතී.

''ප්‍රස්තාව'' යනු අවස්ථාවටයි. වෙලාවටයි. සුදුසු මෙහොතටයි. ශ්‍රී සුමංගල ශබ්ද කෝෂයේ ''ප්‍රස්තාව'' යන්නට අවස්ථාව, වෙලාව අධිකාරිය, පටන් ගැන්ම 'විවාහය' යන අර්ථ ද දී තිබෙන අතර, පිරිවුඵ (පාරිවට්ට) යන්නට ඒ වෙලාවට පමණක් ප්‍රයෝජනය ගෙන පසුව හිමියාට භාරදෙනු පිණිස ඉල්ලාගත් දෙය (තාවකාලික දෙයක්) ලෙස පැහැදිලි කර තිබේ.

මේ අනුව බලන විට ''සුදුසු අවස්ථාවට ප්‍රයෝජන ලබාගැනීම සදහා අනුන්ගෙන් ලබාගත් වැකි'' යන්න ප්‍රස්තාව පිරුළු යන්න සුදුසුම. අාසන්න අරථය බව දැක්වීම නිවැරදි වෙයි. .

ජනප්‍රිය සිංහල ප්‍රස්ථා පිරුළු[සංස්කරණය]

  1. හඅනුන්ට කල දේ තමන්ට පලදේ - අනුන් වෙනුවෙන් කල නරක ක්‍රියාවක ප්‍රතිඵල තමන් වෙත ද ලැබිය හැක
  2. ඉවසීමෙන් සැනසීම ලැබේ - ජයග්‍රහණ ලබාගැනීමට නම් ඉවසීමෙන් කටයුතු කල යුතුය
  3. ඉක්මන් කොටයි - වැඩි හදිස්සියක් හොඳ නැත
  4. උගුරට හොරා බෙහෙත් බීම - තමන් ව තමන් විසින් ම රවටා ගැනීම
  5. කබලෙන් ළිපට වැටුනා වගේ - විපතට පත්වූ අයෙක් ඊටත් වඩා විපතකට පත් වීම
  6. අතීසාරෙට අමුඩේ ගැහුවා වගේ - නිෂ්ඵල කාර්යයක නිරත වීම
  7. කකුළුවා නටන්නේ දිය රත්වෙන තුරුලු - විපතකට පත්වීමට පෙර තාවකාලික සතුටක් ලැබීම
  8. ගැරඬි මරා පව් පුරවා ගැනීම - අහිංසකයන් ට හිරිහැර කිරීම සුදුසු නොවන බව
  9. ගිලී මලේ ඇත දත සුද්දෝ - ඉතා දුර්ලභ මිනිසුන් සිටීම
  10. දී කිරට බළලුත් සාක්කිලු - කවුරුත් වාසි ඇත පැත්ත ට එකතු වේ
  11. නරියා හුවෙන් හඳුනා ගත හැකිය - කපටියා කතාවෙන් හඳුනා ගත හැකිය
  12. නයාට අඳුකොළ වගෙයි - දැකීමට කොහෙත්ම අකමැති වීම
  13. නටන්නට බැරි කෙනා පොලව ඇදයි කීම - අදක්ෂයා තම බැරිකම වහගැනීමට වෙන දෙයක වරදක් කීම
  14. පනින්නට පෙර සිතා බලනු - යමක් කිරීමට පෙර කල්පනා කර බැලිය යුතුයි
  15. පුහුල් හොරා කරෙන් දැනේ - බාහිර ඉරියවු වලින් වරදකරු සොයා ගැනීම
  16. පවට පින් දෙන්න බෑ - බලහත්කාරයෙන් කෙනෙකුට යහපතක් කල නොහැකිය
  17. පිරුණු කලේ දිය නොසැලේ - උගතුන් නිහතමානී වේ.
  18. පුවක් ගහෙන් බහින්නා වගේ - යම්දෙයක් ඉතා පහසුවෙන් සහ ඉක්මනින් කිරීම
  19. බීරි අලියා ට වීනා වයනවා වගේ - අවවාද නොඅසන්නෙකුට අවවාද කිරීම
  20. දිලිසෙන සියල්ල රත්තරන් නොවේ - බාහිර ඔපයට නොරැවටිය යුතුයි
  21. අටුව කඩා පුටුව සෑදුවා වාගේ - වටින දෙයක් විනාශ කර නොවටිනා බාල ක්‍රියා කිරීම
  22. පිරුණු කළේ දිය නොසැලේ. - උගතුන් ඉතා නිහතමානිව සිටි අනුවණයි පුරසාරමෙන්කල් ගෙවයි
  23. වක්කඩේ හකුරු හැංගුවා වාගේ - යම් දෙයක් ප්‍රවේසම් කිරීමට ඊට නොගැළපෙන ස්ථානයක සැඟවීමෙන් එය විනාශ වීම
  24. ගමරාළ දිව‍්‍ය ලෝකේ ගියා වගේ.
  25. ගමරාළගේ වංගෙඩිය වා‍ගේ - සෑම දෙයකටම පාවිච්චි වන භාණ්ඩයකට මේ නම යෙදේ
  26. අබරා (අබරං) සිල් ගත්තා වා‍ගේ. (ගමරාළ සිල් ගත්තා වාගේ.)
  27. ආඬි හත්‍ දෙනාගේ කැද හැලිය ‍වාගේ.-එකිනෙකා රැවටීමට ගොස් තමාම රැවටීම.
  28. පනින රිලවුන්ට ඉනිමං බදින්නා වා‍‍ගේ.-උරුමාවෙන් යමක් කරන වර්ගයාට අමටර උදව් කිරීම.
  29. කපන්න බැරි අත ඉඹිනවා වාගේ.-පළිගැනීමට නොහැකි වූ විට ව්‍යාජ ලෙස පිළිගැනීම.
  30. නටන්න බැරි මිනිහා පො‍ළව ඇදයි කිව්වා වාගේ.
  31. ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වාගේ.
  32. වත්ත බද්දට දී ඇස්සට දත නියවනවා වාගේ.
  33. වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව.
  34. ලූලා නැති ව‍ලට කනයා පණ්ඩිතයා.
  35. හිත ඇත්නම් පත කුඩාද.
  36. හිඟන්නාගේ පාත්තරේට හෙනහුරා ‍වැටුනා වා‍ගේ.
  37. හිඟන්නාගේ තුවාලය වාගේ.
  38. කම්මලේ ඉන්න බල්ලා වාගේ.-නිතර ම කරදර පැමිණීමෙන් ජීවිතය එයට හුරු වේ.
  39. බුරන බල්ලා හපා නොකයි.
  40. බල්ලට ඇති වැඩකුත් නෑ හිමින් ගමනකුත් නෑ.
  41. බල්ලා පිඳුරු කන්නෙත් නෑ, කන ගොනාට දෙන්නෙත් නෑ.
  42. බල්ලෙක් බිරුවට කන්දක් පාත් වේද?
  43. ගලේ පහරපු බළලා වාගේ.
  44. දී කිරට බළල්ලුත් සාක්කිලු.
  45. බළලුන් ලවා කොස් ඇට බාවනවා වාගේ.
  46. වඳින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටුනා වාගේ.
  47. පනින්න පෙර සිතා බලනු.
  48. ඌරන් කැකුණ තලනකොට හබන් කුකුළන්ට ජය මඟුල්.
  49. හැමදාම දකින කුකුළගේ කරමලේ සුදු වුණා වාගේ.
  50. උඩ පැන්නොත් බිම වැටේ.
  51. ඇඟිල්ලේ තරමට ඉඳිමෙන්න.
  52. ගඟට කැපුව ඉනි වගේ.
  53. කළුවා මාරපන ගියා වගේ.
  54. උගුරට හොරා බෙහෙත් බොනවා (කනවා) වාගේ.
  55. හොරාගෙ අම්මගෙන් පේන අහන‍වා වාගේ.
  56. දිළිසෙන සියල්ල රත්තරං නොවේ.
  57. අතීසාරෙට අමුඩෙ ගැහුවා වාගේ.
  58. කබලෙන් ලිපට වැටුනා වාගේ.
  59. කිඹුලා කන එක ඉවසන්න පුළුවන්, කොහිල කටු ඇනෙන එක තමයි ඉවසන්න බැරි.
  60. ගිලීමලෙත් ඇත දත සුද්දෝ.
  61. විෂ්ණු දෙයියෝ බටකොළ කෑවා වාගේ.
  62. ඉහේ ඇම්මට කොට්ටෙ මාරුකලා වාගේ.
  63. පරංගියා කෝ‍ට්ටේ ගියා වාගේ.
  64. ඉඟුරු දීලා මිරිස් ගත්තා වාගේ.
  65. අන්දරේ සීනි කෑවා වාගේ.
  66. ඉත්තෑවාගේ ගෙට කබල්ලෑවා රිංගුවා වාගේ.
  67. ඉස්සරින් ආපු කනට වඩා පස්සේ ආපු අඟ ලොකු වුනා වාගේ.
  68. නටපු නැටුමකුත් නෑ, බෙරේ පළුවකුත් නෑ.
  69. කන්න හිතුනම කබරගොයත් තලගොයා වෙනවලු.
  70. උණහපුළුවාට උගේ පැටියා මැණිකක්ලු.
  71. මුහුද හත් ගව්වක් තියා අමුඩ ගහන‍වා ව‍ාගේ.
  72. කොකාට වාරයක් නම් තිත්තයාටත් වාරයක් එනවලු.
  73. කොකා බක තපස් රැක්කා වාගේ.
  74. කන කොකාගේ සුද පේන්නේ ඉගිලෙනකොටලු.
  75. ඉබ්බා අහසින් ගියා වාගේ.
  76. ඉබ්බා දියේ දැම්මා වාගේ.
  77. පෙරලෙන ගලේ පාසි නොබැදේ.
  78. ගල හොඳනම් අඹරන කහ මක් වේද?
  79. කතාව දෝලාවෙන් ගමන පයින්.
  80. කොහොඹ ගහට කරවිල වැල ගියා ව‍ගේ.
  81. කටුස්සාගේ කරේ රත්තරං බැන්දා වාගේ.
  82. මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑවා වාගේ.
  83. මඩ සෝදා ගත් කළ ගොවියා රජකමටත් සුදුසුය.;
  84. කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වගේ.
  85. හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ.
  86. අඬන්න ඉන්න මිනිහට ඇඟිල්ලෙන් අනින්නා වාගේ.
  87. උරුලෑවා ගිය පාර වගේ.
  88. අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයිලු.
  89. අ‍‍ඟේ ඉඳං කන කන‍වා වාගේ.
  90. ගිනිපෙනෙල්ලෙන් බැට කාපු එකා කණාමැදිරි එළියටත් බයයිලු.
  91. වෙහෙර ගිලපු එවුන්ට අග්ගලා කජ්ජක්ද?
  92. කන කැස්බෑවා විය සිදුරෙන් අහස බලන්නා වාගේ.
  93. පුහුල් හොරා කරෙන් දැනේ.
  94. ගලෙන් පට්ට ගන්නවා වාගේ.
  95. දත් නැති දා උක් දඬු ගිනි තපින්නද?
  96. ලැජ්ජා නැතිකම මහමුදලි කමටත් වඩා ලොකුයිලු.
  97. ඇටි කෙහෙල් කාපු උගුඩුවා වාගේ.
  98. ඉබ්බාගෙන් පිහාටු ඉල්ලනවා වාගේ.
  99. පල නොකියා පලා බෙදන්නා වාගේ.
  100. ගහ දන්න මිනිහට කොළ කඩා පාන්නා වාගේ.
  101. නංගි පෙන්නලා අක්කා දෙනවා වාගේ.
  102. ගහේ කටු උල් කරන්න ඕන ද?
  103. දාහට අරං සීයට දුන්නා වාගේ.
  104. ඇතා වැහැරුනත් කොරහේ නාවන්නට බැරුවා වාගේ.
  105. අත්හැරෙන දීගේ හෙවනැල්ලත් ඇදයිලු.
  106. අබ කෑ මිනිහගේ මොළේ දනවා වාගේ.
  107. අතු කඩා මොර කන්නා වාගේ.
  108. අනුන්ගේ පහනින් එළිය බලනවා වාගේ.
  109. පෙරහැරේ යන අලි කොට අදින්නේ නැතුවා වාගේ.
  110. යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද?
  111. වඩුවගේ ගෙදර පුටුව නෑ වාගේ.
  112. උණු හින්දා බොන්නත් බෑ, කිරි හින්දා හලලත් බෑ.
  113. එළිපත්ත උඩ ඉන්න බළලා වාගේ.
  114. රයිගමයයි, ගම්පලයයි වාගේ.
  115. වන්සේ කබල් ගාන්නා වාගේ.
  116. ඌරගේ මාළු ඌරගේ ඇගේම තියලා කපනවා වාගේ.
  117. කිතුලට ගිය එකාටත් කියන්න දේවල් තිබුනලු.
  118. බල්ලගේ වැඩේ බූරුවා කරන්න ගියා වාගේ.
  119. අන්ධයෝ අලියාගේ හැඩ කිව්වා වාගේ.
  120. ගඟෙන් දිය බී මුහුදට ආවඩන්නා වාගේ.
  121. උරුලෑව බළලෙකු කරන්නට බැරි වීම - ඇතැම් වැඩ කල නොහැකි වීම
  122. කිරි ගහට ඇනීම - හරියටම හරි
  123. කිඹුල් කඳුළු හෙලීම - බොරුවට අඬනවා
  124. කබරයාට තලනවා - නිෂ්පල දඬුවමක් දීම
  125. පරංගියා කෝට්ටේ ගියා වාගෙයි - කෙටි මගක් තිබියදී දිගු මගකින් යාම (සරල ක්‍රියාවක් මහා පරිමාණයෙන් කරන්නට යෑම)

ආශ්‍රිත[සංස්කරණය]

  • හෙළ පිරුළුඋපාසක බලල්ලු මි⁣⁣ෙයා දෙන්නා දෙන්නා අල්ලනවලු