Jump to content

ලංකාවේ කැලෑ බළලුන්

විකිපීඩියා වෙතින්
හඳුන් දිවියා

ශ්‍රී ලංකාවේ ජිවත් වන විවිධ සත්ත්ව වර්ග අතුරින් කැලැ බළලුන්ට හිමි වන්නේ විශේෂ ස්ථානයකි.කැලෑ බළලුන් විද්‍යාත්මකව වර්ග කිරීමේදී ක්ෂීරපායි වර්ගයේ,කානිවෝරා ගෝත්‍රයේ,ෆෙලීඩේ කුලය ලෙස වර්ග වේ.ෆෙලීඩේ කුලයට අයත් කැලෑ බළලුන් විශේෂ 36 ක් ලොව පුරා වෙසෙන බව සොයා ගෙන ඇත.ඒ අතුරින් ලංකාවේ වාසය කරන විශේෂ 3 ක් වේ.

  1. හඳුන් දිවියා -(Fishing Cat-Prionailurus viverrinus)
  2. වල් බළලා -(Jungle Cat-Felis chaus kelarti)
  3. කොළ දිවියා -(Rusty sportted Cat-Prionailurus rubiginosus)

අඳුන් (හදුන්) දිවියා

[සංස්කරණය]
හදුන් දිවියා
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: අනිමාලියා
Phylum: කෝඩේටා
වර්ගය: මමාලියා
ගෝත්‍රය: කානිවෝරා
කුලය: ෆෙලිඩේ
ගණය: 'Prionailurus'
විශේෂය: ''P. viverrinus''
ද්වීපද නාමය
Prionailurus viverrinus or Felis viverrina

හදුන් දිවියා ශ්‍රී ලංකාවේ වෙසෙන බළල් කුලයේ දෙවැනි විශාලතම සත්ත්වයායි.ශ්‍රී ලංකාවේ සියලු දේශගුණික කලාප වල හදුන් දිවියා දැකිය හැකිය.රටේ හැම ප්‍රදේශයකම ඉන්නා සතෙකි.කොළඹ වැනි ජනගහනය වැඩි ප්‍රදේශ වල පවා මේ සත්ත්වයා වාසය කරයි.බහුලව දක්නට ලැබෙන්නේ තෙත් භූමි වලය. එසේම කුඹුරු ආශ්‍රිතවද දක්නට ලැබේනමුත් වර්තමානයේදි මෙම සත්ත්වයා ඇතැම් ප්‍රදේශ වලට පමණක් සීමා වී පවතිනවා.

හදුන් දිවියා යනු කොළ දිවියා මෙන් විවිධ වාසස්ථානයන්හි ජිවත් විය හැකි වල් බළළෙකු නොවේ.මොහුට ජිවත් වීමට විශේෂ වූ පරිසරයක් අවශ්‍ය වේ.හදුන් දිවියා වාසස්ථාන විශේෂී(Habitat specialist)සතෙක් ලෙස හදුන්වනවා.ජලාශ්‍රිත ස්ථාන වල පමණක් වෙසෙන,ජලයට ඇලුම් කරන,මේ සත්ත්වයාගේ වාසස්ථාන පහත රට තෙත් කලාපයේ පිහිටි වගුරු බිම්,කඩොලාන ප්‍රදේශ,කලපු හා සියලුම කලාප හරහා ගලා යන ගංගා,ඇළ දොළ,වැව් අමුණුයි.මොහු හොඳ දක්ෂ කිමිදුම් කරුවකුද වේ.හදුන් දිවියාට දිගු ශරිරයක් ඇත. භාගයට වර්ධන‍ය වුණ කොටියෙකු පෙනුමක් ඇත.ලොම් ලා දුඹුරැ පාටයි.එහි අපිළිවෙලට චිහිදුන තද දුඹුරැ ලප ඇත.උදර ප්‍රදේශය සුදුයි.කනෙහි පිටිපස්ස කලුයි.ඒ මධ්‍යයෙහි සුදු ලපයක් ඇත.හදුන් දිවියා නිශාචර සතෙකි.කෑම සොයන්නේ සැරි සරන්නේ රැටය.අහාර ලෙස මාලුන්,කුරැල්ලන්,කුඩා ක්ෂිරපායි.දඩයම් කරයි.

හදුන් දිවියාගේ ලොම් ස්ථර දෙකක් ඇත. එමනිසා මොහු වතුරේ සිටින විට සම දක්වාම තෙත් වන්නේ නැත.මෙ ලොම් වැස්ම හදුන් දිවියාට වියළිව හා උණුසුම්ව ඉන්න උදව් වේ.ඔවුන්ගේ පාද පිහිටා ඇති ආකාරය ඔවුන්ට පිහිනීමට උදව් ‍වේ. ඔහුගේ ඉදිරි පාද වල අසාමාන්‍ය ලෙස දික් වූ ඇගිලි හා නිය ඇත. බිළාල පවුලට අයත් අනිත් සතුන්ගේ මෙන් නොව මොවුන්ගේ නිය සම්පූර්ණයෙන් ආවරණය වී නැත.සාමාන්‍යයෙන් අන් බළල් මෙන් හදුන් දිවියා වතුරට අකමැති නැත.එමනිසා මොවුන් නොගැඹුරු ජලයේ පිහිනමින් මාලුන්,ගෙමබන්,මැඩියන්,ගොලූබෙල්ලන්,කකුළුවන්,ඉස්සන් වැනි සතුන් දඩයම් කරනවා. මොවුන්ගේ ගුහා සාදා ඇත්තේ ඝන පදුරු සහිත ප්‍රදේශ,ඉලුක් ගාල්,බෙන සහිත ගස් හා පර්වත වල පැලුණු තැන් වලය. දින 65-70ක ගර්භනි කාලයකින් පසු පැටව් ඉපදෙයි.මොවුන් අවුරුදු 12ක් පමණ ජිවත් වේ.මොවුන්ගේ තර්ජනයට ඇති ප්‍රධාන තර්ජනය වන්නේ ඔවුන්ගේ වාසස්ථාන වන තෙත් බිම් විනාශ වීමය.

වල් බළලා

[සංස්කරණය]
වල් බළලා
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Animalia
Phylum: Chordata
වර්ගය: Mammalia
ගෝත්‍රය: Carnivora
කුලය: Felidae
ගණය: 'Felis'
විශේෂය: ''F. chaus''
ද්වීපද නාමය
Felis chaus

මොහු ලොව වෙසෙන බළල් විශේෂයේ(Felis chause)හි ඵක් උප විශේෂයකි.හදුන් දිවියාට වඩා කුඩාය.මොහු ලංකාවේ පහත රට,වියළි හා ශුෂ්ක කලාප වල ව්‍යාප්ත වී සිටින්නෙකි.මෙම කලාප වල ඇළ දොළ ආසන්නයේ,විවෘත බිම් හා වගා බම් ආශ්‍රිතව මොවුන් ගැවසෙයි.රාත්‍රියේ කුඹුරු හා කෙසෙල් වතු ආශ්‍රිතවද දැකිය හැකියි.දඹුල්ල,සිගිරිය,තිස්සමහාරාමය,සුරියවැව ප්‍රදේශ වල මොවුන්ව නිතර දැකිය හැකිය.මේ සත්ත්වයා වැඩිපුර ක්‍රියාකාරි වන්නේ රාත්‍රි කාලයේදිය.මොවුන් දිවා කාලයේදි තුරු මුදුන් මත ලැග සිටී.

වල් බළලා තමාට වැඩි බලයෙන් අඩු ඕනිම සතෙක්ව ආහාරයට ගනී.එනම් කුරැල්ලන්,මීයන්,හාවුන් හා කුඩා ක්ෂිරපායි සතුන්.සාමාන්‍යයෙන් ගෘහස්ථ බළලෙකුට හැඩයෙන් සමානයි.ගෘහස්ථ බළලෙකුට වඩා කොට වලිගයක් හා දිගු කකුල් ඇත.පිරිමි සතුන් හා ගැහැණු සතුන් හැඩරුවෙන් වෙනස්ය.ගැහැණු සතුන් කුඩාය.පිරිමි සතුන් සාමාන්‍යයෙන් රාත්තල් 15ක් පමණ බරය.උතුරු ප්‍රදේශ වල ජිවත් වන වල් බළලුන් අලු දුඹුරු පැහැතිය.දකුණු ප්‍රදේශ වල ජිවත් වන බළලුන් වඩාත් කහ හා රතු පැහැතියි.මුහුණේ හා කකුල් වල ලා දුඹුරැ පැහැති ඉරි තිබේ.කන උඩ තද දුඹුරු හා කලු පැහැති ලොම් ඇත.මොවුන්ගේ දඩයම් කරන චර්යා අනිත් බළලුන්ට සමානයි.කුරුමානම අල්ලා දඩයම මතට පනී.කුඩා මුව පැටවුන් වුවද මරා දමයි.දහවල් කාලයේදි ක්‍රියාශීලිය.අන්තරායකදි සැග වීමට හා විවේක ගැනීමට ගුහාවට යයි.ප්‍රජනනය සිදු කරන කාලය පලාත අනුව වෙනස් වේ.ගර්භනී කාලය සති 8ක් පමණ වේ.එකවර පැටවුන්3-4ක් පමණ බිහි කරයි.




කොළ දිවියා

[සංස්කරණය]
කොළ දිවියා
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Animalia
Phylum: Chordata
වර්ගය: Mammalia
ගෝත්‍රය: Carnivora
කුලය: Felidae
ගණය: 'Prionailus'
විශේෂය: ''P. rubiginosus''
ද්වීපද නාමය
Prionailus rubiginosus

කොළ දිවියා ලංකාවේ හා ඉන්දියාවේ පමණක් දැකිය හැකි සත්ත්වයෙකි.කොළ දිවියා ලෝකයේ වාසය කරන කැලෑ බළලුන් අතරින් කුඩාම කැලෑ බළලාය.මේ සත්ත්වයා නිවර්තන තෙත් වනාන්තර,සිංහරාජය වැනි වැසි වනාන්තර,හොර්ටන් තැන්න,නුවර ඵළිය වැනි ප්‍රදේශ වල පිහිටි කදුකර තෙත් වනාන්තර වල මෙන්ම වියළි හා අතරමැදි කලාපයේ කැළෑ හා ශුෂ්ක ප්‍රදේශ වල කටු පදුරැ සහිත ලඳු කැලෑ ආශ්‍රිතවද දැකිය හැකිය.රට පුරා පැතිරී ඇත.කදුකර පළාත් වල ඉඳලා වෙරළබඩ දක්වාත් තෙත් හා වියළි කලාප වලත් වනාන්තර වලත් දක්නට ඇත.

කොළ දිවියා ඉතා කුලෑටි සතෙකු වේ.එසේම මොහු වාසස්ථාන වලට අනුවර්තනය විය හැකි සතෙකු ලෙස(HabitatGeneralist)හදුන්වනවා.ප්‍රමාණයෙන් ගෘහ ආශ්‍රිත කුඩා බළලෙකුට සමානයි.කලාතුරකින් දක්නට ලැබෙන සතෙකි.නිශාචර දඩයක් කරුවෙකි.කෘමීන්,කුඩා කුරුල්ලන්,මීයන්,ගෙම්බන්,කුඩා උරගයින්,ගෘහ ආශ්‍රිතව ඇති කරන කුකුලන් ආහාරයට ගනී.

ප්‍රජනනය අවුරැද්දට එක් පාරක් සිදු වේ.1-3 දක්වා පැටවුන් ප්‍රමාණයක් දින 65ක ගර්භනි කාලයකින් පසු ප්‍රසූත කරයි.වැඩුණු සතුන්ගේ ඇති ලප කුඩා පැවෙුන්ගේ නැත.කලු ඉංගිරියාව ලා නිල් පාටයි.වර්ධනය ගෘහ ආශ්‍රිත බළලෙතුට සමානයි.නිශාචර සතෙකි.ගස් මතත් පදුරු සහිත වන ලැහැබ වලත් දැක ගත හැකිය.පැටවුන්ගේ ලොම් ලා පැහැතිය.මොවුන්ගේ හමේ මලකඩ රතු පාට පැල්ලන් ඇත.එමනිසා මොවුන්ට Rusty spotted යන නම සෑදී ඇත.එම රතු පැහැති ලප හිස මත හා කොන්දේ දාර සේ පිහිටනවා.උදරය යට සුදු පාටයි.සාමාන්‍ය දිග අගල් 18 ක් පමණය.වලිගය ඹහුගේ ශරිරයේ දිගින් භාගයක් පමණක් වේ.

මේ සත්ත්වයාද මිනිස් ක්‍රියාකාරකම් නිසා වාස භූමි අහිමි වීමෙන් වද වී යාමේ තර්ජනයට මුහුණ පා සිටී. එසේම රථ වාහන අනතුරු වලට ලක්වීම මෙන්ම, කුකුල් කූඩු ආදියට හානි කිරීම නිසා වස තැබිමද මෙම සතුන් අඩුවීමට බෙහෙවින් බලපා ඇත. එසේම සුරතලයට ඇති කිරීම නිසාද,ගෙවල් වල සාදන බළලුන් සමග අභිජනනය වීම නිසාද මොවුන් තවදුරටත් වද වී යාමේ තර්ජනයට මුහුණ පා සිටී.

කැලෑ බළලුන් මැරීම හෝ කැලෑ බළලුන්ට හිංසාකිරීම ශ්‍රී ලංකා වනජිවී සංරක්ෂණ පනතට අනුව නීති විරෝධි ක්‍රියාවකි.මේ පනත යටතේ මොවුන් සංරක්ෂිත සත්ත්ව කොටසක් ලෙස නම් කොට ඇත.පරිසරයේ වැදගත් කොටස් කරුවකු වන කැලෑ බළලා විලෝපිකයකු වශයෙන් ආහාර දාමයේ ඉහළින්ම සිටින්නෙකි.ආහාර දාමයේ පහළින්ම සිටින ශාක භක්ෂකයන්ගේද ශාක වර්ග වලද සමතුලිතතාව පවත්වා ගැනීමට ඔවුන් අවශ්‍යයි.ඒ අනුව මොවුන් පරිසරයෙන් ඉවත් වීමෙන් පරිසර සමතුලිතතාව බිද වැටේ.කැලෑ බළලුන් සංරක්ෂණය කල හැක්කේ ඔවුන්ගේ වාසස්ථාන සුරක්ෂිත කිරිමෙනි.එමනිසා මිනිසුන් විසින් මේ සතුන් වාසය කරන පරිසර පද්ධති ආරක්ෂා කිරිමට දායක විය යුතුය.

"https://si.wikipedia.org/w/index.php?title=ලංකාවේ_කැලෑ_බළලුන්&oldid=597750" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි