රතු දත්ත පොත

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

වඳ වී යාමේ තර්ජනයට ලක්වූ ශාක හා සත්ත්ව කොටස් ලැයිස්තු ගත කිරීම සඳහා රතු දත්ත පොත බිහි වී ඇත. ලෝකයේ විවිධ පාරිසරික හා මානව ක්‍රියාකාරකම් හේතු කොටගෙන වඳ වී යන සත්ත්ව ශාක ප්‍රජාව සංගණනයකට ලක් කොට ඒ කෙරෙහි අවධානය යොමු කිරීම හා අදාළ සත්ත්ව වර්ග රැකගෙනීම මෙහි මූලික පරමාර්ථය විය. ලැබෙන දත්ත විධිමත් ක්‍රම වේදයකට අනුව සලකා බලා සත්ත්ව හා ශාක කොටස් පිලිබඳ තොරතුරු මෙහි ඇතුලත් කෙරේ. මෙහි වගකීම දරනු ලබන්නේ ස්වභාවික සම්පත් සංරක්ෂණය පිලිබඳ ජාත්‍යන්තර සංගමය විසිනි. (IUCN - International Union for the Conservation of Nature and Natural Resources)

ස්වභාවික සම්පත් සංරක්ෂණය පිලිබඳ ජාත්‍යන්තර සංගමය (IUCN)[සංස්කරණය]

පරිසරය පිළිබඳ සුවිශේෂී අවධානයෙන් යුක්තව ලෝක මට්ටමෙන් බිහි වූ ප්‍රථම සංවිධානය වන්නේ(IUCN) පාරිසරික සංරක්ෂණය පිලිබඳ ජාත්‍යන්තර සංගමයි.ස්වාධින ජාත්‍යන්තර ආයතනයක් වන මෙම සංගමය 1948 දී පැරීසියේ හොන්ටන් බ්ලු නගරය මුලස්ථානය කරගෙන බිහි විය. 1956 දී ස්වාභාවික ධර්මතා හා ස්වභාවික සම්පත් සංරක්ෂණය පිලිබඳ ජාත්‍යන්තර සංගමය ලෙස යලි නම් කරන ලද අතර එහි වත්මන් මුලස්ථානය ස්විට්සර්ලන්තයේ ග්ලෑන්ඩ් නගරයේ පිහිටා තිබේ. IUCN හි ක්‍රියාකාරී තේමාව වන්නේ “මිනිසාගේ ස්වභාවික පරිසරයේ සදාකාලික පැවෙත්ම සහතික කිරීම උදෙසා විද්‍යාත්මක පදනමක් සහිත ක්‍රියාකාරිත්වයක් පවත්වාගෙන යාමයි”. එහිලා ඔවුන් දක්වන ප්‍රධාන අරමුණක් වන්නේ “ මිහිපිට ඇති කිසිඳු ශාක හෝ සත්ත්ව විශේෂයක් වඳ වීමේ තර්ජනයට ලක් නොවන පරිදි ඒවායේ ආරක්ෂව සහතික කරලීම සඳහා ක්‍රමෝපායන් යෙදවීමයි. එකී අරමුණ මුලික කොටගෙන 1914 දී වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින සත්ත්ව හා ශාක විශේෂ පිලිබඳ දත්ත හා තොරතුරු ඇතුලත් ප්‍රකාශනයක් වන රතු දත්ත පොත (red data book) පලකිරීමට පියාර ගන්න ලදී. එහි මුලිකත්වය IUCN Species Survival Commission (SSC) වෙත භාර දී තිබේ.

රතු දත්ත වර්ගීකරණය[සංස්කරණය]

වඳ වී යාමේ තර්ජනයට ලක් වී ඇති ස්වාභාවය සැලකිල්ලට ගෙන IUCN මගින් විවිධ නිර්ණායක ගොඩ නගා තිබේ.කාලීන විවිධ වෙනස්කම් සමගින් රතු දත්ත වර්ගීකරණයකොටස් 09 ට වෙන් කොට තිබේ.

  1. වඳ වී ගිය Extinction (EX)
  2. පරම්පරා ගත ගහනයෙන් තොර වූ Extinction in Wild (EW)
  3. වඳවී යාමේ උග්‍ර තර්ජනයට ලක්වූ Critically Endangered (CR)
  4. වඳ වී යාමේ ඉහල අවධානමක් ඇති Endangered (EN)
  5. අනතුරට ලක්විය හැකි Vulnerable Species (VU)
  6. අවදානම හමුවේ ඇති Near Threatened (NT)
  7. අවම අවදානමේ ඇති Least Concern (LC)
  8. වර්ගීකරණයට ලක් නොකළ Not Evaluated (NE)


1 වඳ වී ගිය Extinction (EX)

විශේෂයකට අයත් අවසාන ජීවියත් මිය ගොස් ඇති අතර අදාළ විශේෂයේ නව පරපුරක් බිහි කිරීම සඳහා කිසිඳු සත්ත්වයෙක් වාර්තා නොවෙන බවට පැහැදිලි සාක්ෂ්‍ය සහිත සත්ත්ව හා ශාක විශේෂ මෙම වර්ගීකරණයට ඇතුලත් කෙරේ. අදාළ සත්ත්ව ගහනයේ පෙර වාර්තා අනුව ශ්‍රිතු ගත චර්යා රටාවන් , ආවේනික භුමි ප්‍රදේශ ඇතුලත දක්නට නොලැබුණු මෙන්ම කිසිඳු ආකාරයේ වාර්තාගත වීමක් දක්නට නොලැබුණු සත්ත්ව හා ශාක කහඳ මීට එක්වේ. වර්ගීකරණයට ඇතුලත් කිරීම සඳහා අදාළ වර්ගීකරණ විශේෂයේ ජීවන චක්‍රය හා ජීවන රටා ආශ්‍රිත වූ කාල රාමුවක් භාවිත කරනු ලැබේ. බලපාන හේතු • පරිනාමය වීම • ජානමය ගැටළු • වාස භුමි අහිමි වීම • විලොපිකයන්ට ගොදුරු වීම • යෙපෙන්නන්ගේ වඳවී යාම • ස්ෆොටන අවදි පසු කිරීම • ස්වභාවික වරණය උදා-: • මෙම වර්ගීකරණයට ගැනෙන ප්‍රදානතම උදාහරණය ඩයිනෝසිරස්ය.ඔවුන් මිහිමතින් සම්පුර්ණයෙන් වඳවී ගොස් තිබේ. ඊට අමතරව දඩයම් කිරීම හේතුවෙන් පැසෙන්ජර් පිගන් පක්ෂියා , Golden Toad, Hasstles’ eagle , Dodo පක්ෂියා මෙන්ම සමනල විශේෂ බොහොමයක්ද මේ වනවිට ලෝකයෙන් සදහටම වඳ වී ගොස් තිබේ. • Wooly Mamoth • Javan Tiger • Atlas Bear Japanese Sea Lion


2 පරම්පරාගත ගහනයෙන් තොර වූ - Extinction in Wild (EW)

පෙර වාර්තා වූ පරම්පරා ගත ගහනයන් හා සංසන්දනය කරන විට අතිශය පසුබැස්මක් වාර්තාවන විශේෂ මීට අයත් වේ. මෙවෙනි විශේෂ වල වාර්තා වීමක් දක්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින් වන අතර එයද පැවති වාර්තාගත වීම් වලට සාපේක්ෂව අවම අගයක් ගනී. ඇතැම් විට එය එක් ජීවියෙක් පමණක් වීමට ඉඩ ඇත. වර්ගීකරණයට ඇතුලත් කිරීමේදී අදාළ විශේෂයේ චර්යා රටා ඇතුලත් කාල රාමුවක් තුල නිරීක්ෂණයන් කිරීම කල යුතුය. උදා-: • Pinta Island Tortoise ගලපගොස් දුපතේදී හඳුනා ගන්නා ලද අවසාන සත්ත්වයා 2012 දී මිය ගිය අතර Lonesome Gorge යනුවෙන් හැදින්විය. එම සත්වයා ලොව පුරා මහත් ජනප්‍රියත්වයට පත් වූ සත්වයෙක් ලෙස හදුන්වා දිය හැකිය. • Hawaiian Crow • Alagoas Curassow • Guam Rail • Red Wolf Java Rhino


3. වඳ වී යාමේ උග්‍ර තර්ජනයට ලක් වූ Critically Endanger (CE)

වඳ වී යාමේ උග්‍ර තර්ජනයට ලක් වූ ජීවී විශේෂ මෙමෙ වර්ගීකරණයට එතුලත් කෙරේ. වර්තමානයේ සත්ව විශේෂ 2139ක් හා ශාක විශේෂ 1831ක් මෙයට එතුලත් කර ඇත. ඒ සඳහා ඒ සිට ඊ දක්වා නිර්ණායක ඉදිරිපත් කොට ඇති අතර ඉන් කවර හූ කොටසකට අයත් වන ශාක සත්ව විශේෂ මෙයට එක කෙරේ. A .100KM2 ප්‍රදේශයකට වඩා අඩු කොටසක දක්නට ලැබෙන 1. චර්යා රට වල පැහැදිලි වෙනසක් සහිත 2. වාර්තාගත චර්යා රට වල, පරිනත ගහනයේ පැහැදිලි අවගමනයක් සහිත 3. වාර්තාගත පැවැත්මේ , සැරිසරන ප්‍රදේශ වල ළදරු ගහනයේ හා පරිනත ගහනයේ පැහැදිලි උච්චවචනයක් සහිත B.ඉහත 1-3 ඇතුලත්ව 10KM2 අඩු ප්‍රදේශයක දක්නට ලැබෙන C.ගහනය පරිනත ජීවීන් 250 ට අඩු හෝ 1. පරම්පරා 3ක /වසර 10ක සත්ව ගහනයෙන් පරිනත සත්ව ගහනය 25% දක්වා අඩු වූ 2. කිසිදු ගහනයක් තුල 50%ක පරිනත සත්ව ගහනයක් වාර්තා නොවන / උප සංගහන තුල 90%ක පරිනත සත්ව ගහන අඩු වීමක් දක්නට ලැබෙන D.50කට අඩු පරිනත සත්ව උග්‍ර තර්ජනයට ගහනයක් සහිත E.වඳ වී යාමේ සම්භාවිතාවය 50% දක්වා වර්දනය වුවක් බව දක්නට ලබන 2008-10 වාර්තා වලට අනුව රටවල් 17 ජීවී හා ශාක විශේෂ 15ක් වඳ වී යාමේ උග්‍ර තර්ජනයට ලක්වූ (CR) ඛණ්ඩයට ඇතුලත් කරණ ලදී. • Cross River Gorilla • Sumatran Orangutan • Silky Sifaka • Delacour’s langur • Golden Head Langur මෙම ගහනය පොදුවේ දක්වන ලද අතර ඉතිරි විශේෂ මැඩගස්කර‍ය වියට්නාමය ඉන්දුනීසියාව යන රට වලින් වාර්තා විය.

4. වඳ වී යාමේ ඉහල අවදානමක් ඇති Endangered (EN)

• Asian Elephant • African Penguin • Tiger • Persian Lepord • Volcano Rabbit • Gient Panda • Green Sea Turtile

වඳ වී යාමේ තර්ජනයට ලක්වී නොමෙති නමුත් මුහුණ පෑමේ ඉහල අවදානමක් සහිත විශේෂ මෙයට අයත්ය. A.පරම්පරා 3ක හෝ වසර 10ක කාලයක් තුල ගහනයේ 50%ක අඩුවීමක් පැහැදිලිව දක්නට ලැබෙන B. වාර්තාගත වන භුමි ප්‍රදේශය 5000 KM හෝ 500 km දක්වා අඩු වීමක් දක්වන C. ගහනයේ ප්‍රමාණය 2500 කට අඩු පරිනත සත්වයන් ගෙන් සමන්විත හෝ පරිනත සත්ව ගහනයේ 20%ක අඩුවක් වසර 5ක හෝ පරම්පරා දෙකක් අතර දී දක්වන D . පරිනත සත්වයන් ගණන 250ට අඩුවන E.ප්‍රමාණාත්මක සංගණන මගින් අවම වශයෙන් 20%ක වඳ වී යාමේ ප්‍රවනතාවයක් වසර 20ක් තුල හෝ පාරම්පර 5ක් තුල දක්වන


5. අනතුරට ලක්විය හැකි (Vulnerable Species) CE හෝ EN වර්ගීකරණයට අයත් නොවන නමුත් නුදුරු අනාගතයේ දීම වඳ වී යාමේ අනතුරට ලක් විය හැකි සත්ව ඛණ්ඩ මෙයට ඇතුලත් කෙරේ. ඒ සඳහා පහත නිර්ණායක අදාළ වේ . A. ගහනයේ අඩුවීමක් දක්නට ලැබෙන හදුනාගන්නලද , ගණනය කරණ ලද හෝ අනුමාන කරණ ලද අඩු වීමක් වසර 10ක් හෝ පරම්පරා 3ක් තුල අවම වශයෙන් 20%ක් ලෙස දක්නට ලැබෙන B. ගහනයේ පැහැදිලි අඩු වීමක් 20000 km ක ප්‍රදේශයක් තුල හෝ 2000 kmක් තුල දක්නට ලැබෙන C. ගහනයේ සංගණන වාර්තා තුල පරිනත සතුන් 10000ට අඩු ගණනක් වාර්තා වන D. ගහනය ඉතා කුඩා වීමක් හෝ සීමිතා වීමක් දක්නට ලැබෙන E. ප්‍රමාණාත්මක සංගණන වාර්තා වලට අනුව ගහනයේ අවම වශයෙන් 10%ක අඩු වීමක් වසර 100ක් තුල දක්වා තිබෙන • African Elephant • American paddlefish • Clouded Leopard • Cheetah • Red Panda • Mountain Zebra • Fossa • Galapagos Tortoise • Gaur • Blue-eyed cockatoo • Golden Hamster


6. අවදානම හමුවේ ඇති Near Threatened(NT)
• African Grey Parrot, • American Bison, • starry blenny • Asian Golden Cat • Blue-billed Duck,Emperor Goose • Emperor Penguin • Eurasian Curlew • Jaguar • Leopard • Magellanic Penguin,



7. අවම අවදානමේ පවතින Least Concern (LC)
• American Alligator • American Crow • Indian Peafowl • Baboon • Bald Eagle • Brown Bear • Brown Rat • Brown-throated sloth • Cane Toad • Common Wood Pigeon • Cougar • Common Frog • Orca • Giraffe


8. වර්ගීකරණයට ලක් නොවූ Not Evaluated (NE)

• Amazon tree boa • Arnhold's Mouse Lemur • Ayu • Bicolour parrotfish • Black-headed Python • Black Swallower • Blue Malaysian Coral Snake • Brown Marmorated Stink Bug • Candiru • Children's python • Chinese high fin banded shark • Clown Loach • Chubby flashlight fish

රතු දත්ත පොතට ඇතුලත් වූ ලංකාවට ආවේනික විශේෂ[සංස්කරණය]

බුලත් හපයා

ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් වැඩිම ප්‍රමාණයක් අයත් වන Cypriniforms කුලයේ මසුන් වෙඩි ප්‍රමාණයක් රතු දත්ත පොතට ඇතුලත්ය. සීමිත් ව්‍යාප්තිය ඊට බෙහෙවින් බලපෑ තිබේ.[1]
මත්සයන් -

  • දුම්බර පෙතියා - Puntius martenstyni
  • පතිරණ සාලයා - Devario Pathirana
  • බන්දුල පෙතියා - Puntius bandula
  • බුලත් හපයා - Puntius nigrofasciatu
  • හීත මස්සා - Puntius pleurotaenis
  • ලේ තිත්තයා - Puntius titteya
  • හල් මල් දණ්ඩියා - Rasboroides vaterifloris

උරගයන්

  • මුදු කරවලා - Bungarus ceylonicus
  • පලා පොලගා -Trimeresurus trigonocephalus

ක්ශීරපායින්

  • කළු වදුරා Trachypithecus vetulus
  • රිලවා - Macaca sinica
  • රන් හෝතඹුවා - Paradoxyrus zeylonensis

පක්ෂීන්

  • ශ්‍රී ලංකාවේ අළු කැදැත්තා - Ocyceros gingalensis
  • පීතකන් කොන්ඩයා - Pycnonotus penicillatus
  • සැලළිහිණියා - Gracula indica
  • අළු ගිරවා - Centropus calthropae
රන් හෝතඹුවා

ජෛව විවිධත්ව දර්ශකයක් ලෙස රතු දත්ත පොතේ වැදගත්කම[සංස්කරණය]

වඳ වීයාමට ලක් වන හා ලක්වූ ජීවීන් ලිස්තු ගත කිරීමේ රතු දත්ත සමුදාය , ජෛව විවිධත්ව ආරක්ෂා කිරීම සඳහා ලෝකයේ අවදානය දිනාගන්නට සමත් වූ වැදගත් පියවරකි. මේ තුලින් ලෝකයේ පරිසර සංවිධාන හා පරිසරවේදීන් අතර මනා සබන්දියාවක් එති වූ අතර අදටත් රතු දත්ත පොතේ වාර්ෂික ප්‍රකාශන පිළිබඳව ලෝකයේම අවදානය යොමු වේ. වර්ගීකරණයන්ට අදාළ ජීවීන් සහිත පරිසර කොටස් වෙත විශේෂ අවදානය යොමු කරමින් ඔවුන් රැක ගැනීමට පියවර ගැනීම සඳහා රාජ්‍ය පාලකයන්ගේද උනන්දුවක් දක්නට ලැබේ. කෙසේ වුවත් ප්‍රමාණවත් දත්ත නිසි පරිදි ලබා ගැනීමේ අපහසුව , ක්‍රියාකාරී සාමාජික හිගයන්, ඇතැම් රට වල පවතින නීති ක්‍රියාදාමයන් ද රතු දත්ත පොතේ ඉදිරි ක්‍රියාවලින්ට බාධා එති කරණ බව සෙලකිය යුතුවේ. එසේම සත්ත්ව හා ශාක විශේෂ ඇති විශාල ගණනක් ලෝකයේ වාසය කරති. ඇතම් ජීවීන් හඳුනා ගෙනීමට ලක් කිරීමක් කර නොමෙති අවස්ථාද පවතී. එසේ තිබියෙදී ඔවුන් අද්‍යනය විශ්ලේෂණය හා ලැයිස්තුගත කිරීම එක්තරා අයුරක ප්‍රායෝගික බාධාඇති කරන්නක් බවටද පත්ව තිබේ. එහෙත් වර්තමානයේ ලොව පවතින පිළිගන්නා ලද එකම වර්ගීකරණය හා විශ්ලේෂණය වශයෙන් “රතු දත්ත පොත ” පිළිගැනීමකට ලක්ව තිබේ.


රතු දත්ත පොතේ වර්ගීකරණයනට මැදි වන විට මීට දශක ගණනාවකට පෙර පෙවති සොබා දහම පිළිබදව ද මතකය දිවයයි. “අප පෘතුවියේ කොටසක් වන අතර පෘතුවිය අපේම කොටසකි. සුවදැති මල් වර්ග අපේ සහොදරියෝ වෙති. මුවා, අශ්වයා, රාජාලියා, යන මොවුහු අපේ සහෝදරයෝ වෙති. ගිරි මුදුන් මෙන්ම ත්ස්න්ස් බිම් තුලින් රූරා බසින ද්‍රව දහරාවන් ද අශ්වයාගේ හා මිනිසාගේ ගතේ උණුසුමද යන මේ සියල්ල අයත් වන්නේ එකම පවුලේ සාමාජිකයන්ටය. ” - සියැටල්

එදා පැවති ආකල්ප අදටත් පැවතුනි නම් , රතු දත්ත පොතක් බිහි නොවනු ඇති. කෙසේ වුවද රතු දත්ත පොතෙන් යොමුවන අවධානය හමුවේ නැවතත් එවන් සොබා දහමක් බිහි කරන්නට යත්න දැරීමට ලෝකය එක වෙමින් සිටි. රතු දත්ත පොතේ අනාගතය , හෙට දවසේ සත්ව ශාක ලෝකයේ ඉරණම සනිටුහන් කරනු ඇති.

බාහිර සබැඳුම්[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Critically_endangered_species#IUCN_definition
http://worldwildlife.org/species/directory?sort=extinction_status&direction=desc
http://education.nationalgeographic.com/education/encyclopedia/endangered-species/?ar_a=1
http://www.colombozoo.gov.lk/index.php?option=com_content&view=article&id=141&Itemid=233&lang=en

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "රතු දත්තපොතට ඇතුලත්වු සතුන්". ජාතික සත්වෝද්‍යානය - කොළඹ. http://www.colombozoo.gov.lk/index.php?option=com_content&view=article&id=141&Itemid=233&lang=si. සම්ප්‍රවේශය කෙරුණු දිනය 25 January 2013. 
"http://si.wikipedia.org/w/index.php?title=රතු_දත්ත_පොත&oldid=251774" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි