තේ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
‍තේ
Tea leaves steeping in a zhong čaj 05.jpg
චීන ගයිවාන් හී කොළ තේ පත්‍ර
වර්ගය උණු හෝ සිසිල් පානය
සම්භව රට චීනය
හඳුන්වාදීම දළ වශයෙන් ක්‍රිපූ 10වන සියවසෙහි. [1]
ශ්‍රී ලංකාවේ තේ වෙත පිවිසෙමු.
තේ99.gif

කැමෙලියා සිනෙන්සිස් (Camellia sinensis) යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනූ ලබන 'තේ' පැළෑටිය ඉන්දියාවට ආවේණික පැළෑටියක් ලෙස සැළකේ. ඵය ඉන්දියාවේ හිමාල කඳු පාමුල ඇසෑම් පලාතේ වනාන්තරවල වැවී ඇත.

ලංකාවට මුල්ම තේ බීජ 1824 දී ගෙන එන ලදී. දෙවන වරට ලංකා‍වට තේ බීජ නැවත රැගෙන ආවේ 1839 දීය. මෙම අවස්ථා 2ම පර්යේෂන අරමුනු සදහා මිසක වගා කිරීම අරමුනු නොවින. මෙම තේ බීජ පේරාදෙනිය උද්භිද උද්‍යානයේ පැලකල අතර ඒවා නිදහසේ වර්ධනය විය (දලුනෙලීමකින් තොරව). 1860 දී ජේම්ස් ටේලර් මහතා විසින් මුල් වරට ලංකාවේ වානිජ තේ වගාවක් අරඔන ලදී. මෙසේ ලංකාවේ වාණිජ තේ වගාවේ පියා ඔහු ලෙස සැලකීම වරදක් නොවේ. ඔහු විසින් මුල්ම වරට ලංකාවේ මහනුවර පලාතේ හේවාහැට ලූල්කදුර වතුයායේ වාණිජ තේ වගාවක් ඇති කෙරිණ. එය අක්කර 100ක් පුරා විහිදුන බ‍ව කියවේ. (උපුටාගැනීම: 20th century tea research in Sri Lanka by the Tea Research Institute of Sri Lanka)


ලොව වැඩිම පිරිසකගේ ප්‍රියතම පානය බවට පත්ව ඇති 'තේ' මුලින්ම සොයාගෙන ඇත්තේ චීනය විසිනි.දහවෙනි සියවසේදී පමණ ජීවත් වු අධිරාජයෙකු වු හුයිසුන්(1100-1126) සැබෑම තේ රසවතෙක් සේ සැළකේ. 'තේ'යන්න සෑදී ඇත්තේ ෆියුජියානු වචනයක් වු 'ටේ'(Te)යන්නනෙනි.මහා පරිමාණයෙන් තේ අලෙවි කරනු ලැබු මුල්ම ජාතිය වන්නේ ලන්දේසින්ය. ඊට හේතුව වුයේ මුදල් ඉපැයීමේ මාර්ගයක් ලෙස තේ වගා කෙරුණු ෆිජි දුපත ලන්දේසින්ගේ යටත් විජිතයක් බවට පත්වීමයි. චීනයේ තේ හැඳින්වීම සඳහා 'චා'යන වචනය යොදා ගැනෙන අතර රුසියාවේදි 'චායි' යන්න යොදා ගැනේ. ශ්‍රී ලංකාවද තේ නිසා විශාල කීර්තියක් අත් කරගත් රටකි. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වැවිලි අතුරින් මුල් ස්ථානය හිමි කරගන්නේ තේ වගාවයි. තේ වගාව ශ්‍රී ලංකාවේ විදේශ විනිමය උපයන එක් මාර්ගයක් වන අතර එම වගාව හා සම්බන්ධ රැකියාවල සේවකයින් දශ ලක්ෂයක් පමණ නිරතව සිටින හෙයින් තේ වගාව රටේ රැකි රක්ෂා සපයන ප්‍රධාන මාර්ගයක්ද වේ.

තේ 1.jpg

තේ වත්තේ සිට තේ කෝප්පය දක්වා ගමන[සංස්කරණය]

  • පියවර 01- වගා කිරීම

නිවර්තන හා උප නිවර්තන කලාපීය රටවල කඳුකර ප්‍රදේශවල වැවෙන බෝගයක් හෙයින් තේ වගාවට යෝග්‍ය වන්නේ මාධ්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 15.6- සෙල්සියස් අංශක 27 දක්වා පවතින ප්‍රදේශයන්ය. තේ ගසට අවුරුද්ද මුළුලලේ පැතිරුණු වර්ශාපතනයක් අවශ්‍ය වේ. තේ පැළයේ මුල ජලය රඳා පැවතීම අයෝග්‍ය වන නිසා මඳ බෑවුම් සහිත බිම් වඩාත් සුදුසුය. pH අගය 4.5-5.5 අතර වූ රතු දුඔුරු පසක් ඉතා සුදුසුය. මුහුදු මට්ටමින් පටන්ගත් විට ඉතා විශාල පරාසයක උන්නතාංශ වල වගා කළ හැක.

තේ සිටුවීම සඳහා බීජ මඟින් පැල ලබා ගැනීම පැරණි යල්පැනගිය දෙයකි. නව ආකාරය රිකිලි පැළ කිරීමෙන් තේ පැළ ලබාගැනීමය. මෙය VP (Vegetatively Propergate)ලෙස හදුන්වයි.

  • පියවර 02- කප්පාදු කිරීම

කප්පාදු කිරීම තේ වගාවේදි සිදු කෙරෙන පැරණිතම ක්‍රියා මාර්ගයකි. තේ ගස නැවත නැවත තරුණ කිරීම (rejuvenalization) මෙහි පලමු අරමුණ වෙයිග තවද තේ ගසට ස්වාභාවිකවම මීටර් 10ක් පමණ උසට වැඩෙන්නට හැකියාව ඇති නමුත් වාණිජ බෝගයක් ලෙස වගා කිරීමේදි තේ ගස මීටර් 1ක උසට වඩා වැඩීමට දලු නෙලීමට බාධාවකි. මෙසේ තේ ගස් කප්පාදු කිරීමෙන් පදුර දිගටම දලු අස්වැන්න ලබා දෙන අතරම මල් ඇතිවීම වැළැක්වීම සහ වංගි දලු ඇතිවීම වලකියි. උස පාලනය කිරීමද තවත් අරමුනකි.

  • පියවර 03- තේ දළු නෙළීම

තේ දළු නෙළීම එක්තරා කලාවකි. ඒ සඳහා පුහුණු කළ ශ්‍රමයක් තිබීම අත්‍යවශ්‍ය වේ. තේ දළු නෙළීමේදී විවෘත නොවු දල්ල සහ ඊට පහළින් ඇති දළු දෙක පමණක් නෙළා ගත යුතුය. තේ දළු නෙළීම සඳහා යාන්ත්‍රික ක්‍රමද භාවිතා කරන නමුත් එසේ නෙළා ගන්නා දළුවලින් උසස් රසයකින් යුක්ත තේ නිපදවා ගැනීමට නොහැකි විය හැක.මන්ද යන්ත්‍රානුසාරයෙන් තේ දළු නෙළීමේදී නෙළා ගත යුතු දළු කොටසට වඩා දෘඩ/කාශ්ඨ කොටස්ද මිශ්‍ර විය හැකි හෙයිනි.

  • පියවර 04- තේ නිපදවීම

නෙළන ලද දළු සකස් කිරීම සඳහා තේ වතුවල සිට ඒවා කර්මාන්තශාලාවලට යවනු ලැබේ. එසේ ගෙන යනු ලබන 'තේ' කර්මාන්තශාලා තුළදී පංති 04කින් යුක්තව සකස් කරනු ලැබේ. එනම්;

(i) කොළ තේ(Green Tea)

තේ සකස් කරන අයුරු


(ii) නොපසවන පස තේ(Unfermented Tea)


(iii) කළු තේ (Black tea)


(iv) අර්ධ වශයෙන් පසවන ලද තේ (Semi Unfermented te)

යනුවෙනි. වර්තමානය වන විට 'ක්ෂණික තේ' යනුවෙන් පස්වන පංතියක්ද ඇති අතර ඒවා පහසුවෙන් ජලයේ දියකර ගත හැකිවීම විශේෂත්වයකි. මෙසේ සකස් කරනු ලබන තේ දැව පෙට්ටිවල හෝ හණ මළුවල අසුරා විද්ශීය වෙළඳපොළ කරා නිකුත් කෙරේ.

ඇළ අකුරු පෙළ==ශ්‍රී ලංකාවේ තේ වගා කෙරෙන ප්‍රදේශ==

  • නුවර එළිය
    තේ දළු නෙළන ළදක්
  • මහනුවර
  • තලවකැළේ
  • රත්නපුර
  • ගාල්ල
  • මාතර
  • මාතලේ
  • මොණරාගල
  • කුරුණෑගල (ඉතා සුළු ප්‍රදේශයක පමණි)
  • බදුල්ල
  • කෑගල්ල
  • හම්බන්තොට (ඉතා සුළු ප්‍රදේශයක් )

තේ පර්යේෂණ ආයතනය[සංස්කරණය]

තේ31.jpg

තේ පර්යේෂනායතනය[1] පිහිටුවනු ලැබූයේ 1925 වර්ශයේ ආර්. ජී. කූම්බ්ස් මහතාගේ ප්‍රධානත්වයෙනි. එහි මූලස්ථානය තලවකැළේ පිහිටුවා ඇත. මීට අමතරින් පහතරට මධ්‍යස්ථානය රත්නපුර කරපිංච ප්‍රදේශයේ ද, මැදරට මධ්‍යස්ථාන නුවර සහ පස්සර ප්‍රදේශ වලද පිහිටුවා ඇත. මෙම උප ස්ථාන පර්යේෂන කටයුතු මෙන්ම උපදෙස් සහ ව්‍යාප්ති සේවාවන්ද සපයයි. ගාල්ල ප්‍රදේශයේ කොට්ටව සහ දෙනියාය පිහිටුවා ඇති මධ්‍යස්ථාන උපදෙස් සහ ව්‍යාප්ති කටයුතු පමණක් ඉටු කරයි. ගාල්ලේ වලහන්දූව ප්‍රදේශයේ පිහිටුවා ඇති පාංශු විද්‍යාගාරය පස් සම්බන්ධ ගැටලු වලට අදාලව වැඩකටයුතු කරයි.

වසර 75 කට අධික කාලයක් පුරා තේ පර්යේෂනායතනය ලංකාවේ තේ වගාවට ඉටුකළ මෙහෙය අතිමහත්ය. දැනට වගා කරන රිකිලි තේ වර්ග (උදා TRI2023, TRI2025, TRI3025, TRI3055, TRI4042, TRI4049 ආදී) අභිජනනය කිරීම, මවු ශාක පවතවාගෙන යාම, බෙදා හැරීම, රිකිලි ලබා ගැනීමේ සිට වගාව රෝග පලිබෝධ පාලනය, අස්වැන්න ලබාගැනීම, නිමිතේ නිශ්පාදනය ආදී සියලුම කටයුතු සිදුවනුයේ තේ පර්යේෂනායතනයේ පර්යේෂන සහ නව සොයා ගැනීම් වලට අනුවය.

තේ පර්යේෂනායතනය අර්ධරාජ්‍ය ආයතනයක් වන අතර එය තේ පර්යේෂන මණ්ඩලය යටතේ පාලන‍ය‍ වෙයි. අධ්‍යක්ෂක වරයා මෙම ආයතනයේ නිසි බලධාරියා වන අතර සභාපති වරයා සමතැන් ගනී. ඔවුන් යටතේ අංශ ප්‍රධානීන් සිටින අතර එක් එක් අංශයේ වැඩකටයුතු අදාල ප්‍රධානියාගේ වගකීම වෙයි. එක් එක් අංශය අංශප්‍රධානී සහ ඔහු/ඇය යටතේ සේවය කරන පර්යේෂන නිලධාරීන් ඇතුලු සේවක මණ්ඩලයකින් සමන්විතය. තේ පර්යේෂනායතනය අංශ කීපයකින් සමන්විත වෙයි:

  • ෂශ්‍ය විද්‍යා අංශය,
  • ආර්ථික විද්‍යා අංශය,
  • ජීව රසායන අංශය,
  • පාංශු සහ ශාක පෝශක අංශය,
  • ශාක අභිජනන අංශය,
  • තාක්ෂන විද්‍යා අංශය,
  • ශාක කායික විද්‍යා අංශය,
  • කීට විද්‍යා අංශය, ඉන් සමහරකි.

තිරසාර තේ වගාවක් සදහා නව පර්යේෂන සිදුකිරීම, තේ වගාවේ ඇතිවන ගැටලු ආදියට පිලිතුරු සෙවීම, නව සොයා ගැනීම් වගා කරුවන් අතරට ප්‍රචලිත කිරීම ආදිය තේ පර්යේෂනායතනයේ කාර්යයන් අතරින් කිහිපයකි.

ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය මුහුණ දෙන ගැටළු[සංස්කරණය]

තේ වගාවේ අද පවතින ප්‍රධානම සහ බරපතලම ගැටලුව ශ්රමිකයන්ගේ හිගයයි. මීට අමතරින් පහත කරුනුද වැදගත් ලෙස බලපෑම් කරයි.

  • ලංකාවේ නිමි තේ නිශ්පාදිතයෙන් 40% කට පමණ දායක වන ලොකු වතු අංශයේ උක්ත ශ්රම හිගය නිසා සහ පරිපාලන දුර්වලතා නිසා ඇතිවන අඩු ඵලදායීතාවය.
  • පැරණි තේ වගා නැවත සිටුවීම පමා වීම සහ දැනට පවතින තේ ඉඩම් බොහොමයක් වයස්ගත ඒවා වීම (ලොකු වතු අංශය).
  • තේ වගා කරුවන් තේ පර්යේෂනායතනයේ උපදෙස් සහ චක්ර ලේඛ පිලිනොපැදීම
  • පාංශු ඛාදනය නිසා පස නිසරුවීමෙන් අස්වැන්න අඩු වීම.
  • තේ වගාවට සුදුසු නොවන ඉඩම්වල තේ වගා කිරීම.
  • නිසි ප්‍රමාණයට පොහොර නොයෙදීම.
  • කළමණාකරණය පහත වැටීම නිසා තේ නිශ්පාදනය පහත වැටීම.
  • තේ සකස් කිරීම සඳහා ඇති කර්මාන්තශාලා බොහොමයක් පැරණිවීම.
  • තේ නිශ්පාදන මිල ඉහළ යාම.
  • ප්‍රමිතියෙන් බාල පොහොර දීර්ග කාලයක සිට ආනයනය කර වගා කරුවන්ට ලබාදීම මගින් දළු අස්වැන්න සීග්‍ර ලෙස පහත වැටීම හා බාල වර්ගයේ පොහොර ආනයනය කිරීම තහනම් නොකිරීම

ශ්‍රී ලංකාවේ තේ අපනයනය කරන රටවල්[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ නිපදවන තේ ප්‍රමාණයෙන් 90%කට වැඩි කොටසක් අපනයනය කෙරේ. අතීතයේදී ලංකාවේ තේ විශාල වශයෙන් මිලදී ගෙන ඇත්තේ ඇමෙරිකා එක්සත් රාජ්‍යයයි. 1988 වසරේ සිට මැද පෙරදිග රටවල් සමුහයක් ලංකාවේ තේ ගැනුම්කරුවන් ලෙස වැදගත් වු බව පහත වගුවෙන් පෙනේ.

ශ්‍රී ලංකාවේ තේ අපනයනය කරන රටවල්
ආනයනය කරන
රට
1988
( Kg )
1989
( kg )
ඊජිප්තුව 35.4 33.9
ඉරාකය 34.0 24.2
පකිස්ථානය 19.7 16.9
ඉරානය 12.3 12.6
එක්සත් රාජධානිය 13.0 12.3
සෞදි අරාබිය 14.6 12.0
රුසියාව 3.4 11.2
සිරියාව 11.5 10.0
ලිබියාව 7.3 6.5
අරාබි එමිරේට් 4.1 5.8
වෙනත් 64.6 58.8
එකතුව 219.9 204.2

(මුලය: තේ පාලන වාර්තාව- 1990)


ශ්‍රී ලංකාවේ තේ අපනයනය සඳහා 1990 වර්ෂය වාර්තාගත වර්ෂයක් ලෙස සැළකේ. එම වර්ෂයේදී ශ්‍රී ලංකාව තේ කිලෝ ග්‍රෑම් මිලියන 215.6ක් අපනයනය කරමින් ලොව අධිකතම තේ ප්‍රමාණය අපනයනය කළ රට බවට පත්ව ඇත. එය විශාලතම තේ නිෂ්පාදකයා වන ඉන්දියාවද අභිබවා යාමකි.

ශ්‍රී ලංකාවට අමතරව තවත් තේ වවන රටවල් කිහිපයක්[සංස්කරණය]

තවත් තේ වවන රටවල් කිහිපයක්
  • තුර්කිය


  • දකුණු ඇමරිකාව


  • ඉන්දියාව


  • කෙන්යාව


  • බංග්ලාදේශය


  • ඉන්දුනීසියාව


  • චීනය


  • ජපානය


  • රුසියාව
  • ජෝජියාව

රසවත් තේ කෝප්පයක් සාදා ගන්නා අයුරු[සංස්කරණය]

විඩා නිවන රසවත් තේ

අවශ්‍ය ද්‍රව්‍ය:-

තේ කුඩු තේ හැඳි 2යි.

සීනි තේ හැඳි 2යි.

කිරි පිටි තේ හැඳි 2 2/1යි.

නටන තුරු රත් කරගත් වතුර.


පිළියෙල කරගන්නා අයුරු:-

  • බඳුනක් ගෙන කිරිපිටි සහ සීනි මිශ්‍ර කරගන්න.


  • තේ ගොටුවකට තේ කුඩු දමාගන්න.


  • තේ ගොටුවේ ආධාරයෙන් නටන තුරු රත් කරගත් වතුර කිරිපිටි හා සීනි මිශ්‍ර බඳුනට එක් කරන්න.


  • සුදුසු බඳුනකට (පීරිසි කෝප්පයකට) දමා නිවෙන්නට පෙර පිළිගන්වන්න.




තේ පානයේ ගුණ[සංස්කරණය]

තේ පානය කිරීමට සැරසෙමින්
  • මෑත කාලයේ කරන ලද බොහෝ අධ්‍යයනවලින් හෙළි වී ඇති කරුණක් වන්නේ අපගේ ජීවන රටාව නිසා වැළඳෙන රෝග බොහෝමයකට හේතු වී ඇත්තේ පරිවෘත්තිය ක්‍රියාවල අතුරු ඵලයන් ලෙස ශරිරයේ අතිරේකව "විමුක්ත රැඩිකල (free radicles)" (විමුක්ත රැඩිකල යනුවෙන් හැඳින්වෙන්නේ ඉතා සක්රීය ඉලෙක්ට්‍රෝන හෝ පෝටෝන වර්ගයක් වන අතර ඒවා ඉතා ක්ෂනයකින් දේහ පටක ඔක්සිකරනය කරයි.) ඇතිවීමයි. තේ වල ඇති ප්‍රතිඔත්සිකාරකයන් විමුක්ත රැඩිකලවල සමග ක්රියා කර ඒවායේ ක්‍රියාකාරීත්වය පසුබස්වයි, මෙසේ සෛල සහ පටක හානි වීම අවම කරයි. අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ 'තේ' යනු ප්‍රතිඔක්සිකාරකයන් බහුලවම අඩංගු ස්වාභාවික මූලාශ්‍රයක් බවයි. (තේවලට සිනි හෝ කිරි මිශ්‍ර කිරීමෙන් එම ගුණය නොනැසේ.???)
  • රුසියාවේ ' ඩෝරා ලියසෝරු' විසින් සිදු කරනු ලැබු අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ කළු තේ (Black tea) පානයේ බොහෝ වාසි ඇති බවයි. ගුද මාර්ගයේ පිළිකා ඇති රෝගීන් 663ක් අළලා ඇය කළ

අධ්‍යයනයකින් හෙළි වූයේ ගුදයේ පිළිකා නිවාරණය සඳහා තේවලට අපුරු හැකියාවක් ඇති බවයි.

  • රොටර්ඩෑම් සහ බොස්ටන්හි කළ අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ නිතර තේ පානය කරන්නන් හෘදයාබාධවලට ගොදුරුවීමේ හා ඒවායින් මරණයට පත්වීමේ අවදානම බොහෝදුරට අඩුබවයි.
  • ඔසප් ක්‍රියාවලිය නැවතුණු කාන්තාවන් 35,369 ක් අළලා වර්ෂ 1996දී ඇමෙරිකා එක්සත් ජනපදයේ අයෝවා ප්‍රාන්තයේදී කළ අධ්‍යයනයකින් හෙළිවුයේ ආහාර ජීර්ණ පද්ධතියේ පිළිකා ඇතිවීම මෙන්ම මුත්‍රාශයේගල් ඇතිවීමටද එරෙහිව තේ පානය කරන්නන් තුළ ස්වාභාවික ආරක්ෂාවක් ඇතිවන බවයි.
  • පැරණි චීන ජාතිකයන්ද තේ පානයේ ඇති ගුණාංග ගණනාවක්ම හඳුනාගෙන තිබේ. තේ පානය කිරීමෙන් හුදෙකලා බව, තෙහෙට්ටුව, සහ වේදනාවන් සමනය වන බැව් ඔවුන් සඳහන් කොට ඇත.
  • එමෙන්ම තේ පානය නිසා ආහාර ජීර්ණයට පහසුවක් ඇතිවන අතර ස්නායු පද්ධතිය සැහැල්ලු කරයි. අපගේ ආමාශය, ෂුශුම්නාව, සහ බඩවැල් ප්‍රබෝධමත් තත්වයේ තබන්නටත් තේ පානය හේතුවන බව හෙළි වී ඇත.
  • මතකය ඉහළ නැංවිමට, මානසික සමබරතාවය ඇති කිරීමට, රුධිර නාල සහ රුධිර වාහිනි ශක්තිමත් කිරීමට, තයිරොයිඩ් ග්‍රන්ථියේ මනා ක්‍රියාකාරිත්වයට, දත් දිරායාම වැළැක්වීම සඳහා ෆ්ලෝරයිඩ් ලබා දීමට මෙන්ම සිරුරට විටමින් බී සහ ඊ ලබා දීමට තේ පානය වඩාත් ගුණදායක බැව්‍ ලොව පුරා සිදුකොට ඇති බොහෝ අධ්‍යයනවලින් හෙළි වී ඇත.

පිංතූර ගැලරිය[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  • The twentieth century tea research in Sri Lanka by The Tea Research Institute of Sri Lanka
  • Handbook on TEA, The Tea Research Institute of Sri Lanka
  • 'ශ්‍රී ' සඟරාව -2002 දෙසැම්බර් කලාපය.
  • තේ පාලන වාර්තාව -1990.

අඩවියෙන් පි‍ටත පිටු[සංස්කරණය]

මේ අඩවිත් බලන්න[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

  1. "ටී". එන්කාටා. සම්ප්‍රවේශය 2008-07-23. 
"https://si.wikipedia.org/w/index.php?title=තේ&oldid=376510" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි