සත්තු

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
උඩ වම් පස සිට දක්ෂිණාවර්තව :Loligo vulgaris (a mollusk), Chrysaora quinquecirrha (a cnidarian), Aphthona flava (an arthropod), Eunereis longissima (an annelid), and Panthera tigris (a chordate).

සතුන් යනු අනිමාලියා හෝ මෙටාසෝවා රාජධානියට අයත් බහුසෛලික, සුන්‍යෂ්ඨික ජීවි කොට්ඨාශයකි. ඔවුන්ගේ දේහ විලාශයන් ඔවුන් වර්ධනය වීමේදි යම්කිසි ස්ථිර තාවයකට ලක්වුවද ඇතැම් ජීවින් රූපාන්තරණය නම් ක්‍රියාවලියක් ඔස්සේ ඔවුන්ගේ ජිවිතයේ පසුකාලයන්හිදි යම්කිසි වෙනස් වීම් වලට ලක්වේ. බෙහෝමයක් සත්ත්වයන් හට සංචරණය විමේ හැකියාව පවතින අතර ඔවුන්ට එය ඉබේ හෝ ස්වාධීනව සිදුකරගත හැකිය. සතුන් විෂම පෝෂිකයන් වන අතර ඔවුන් තම පැවැත්ම සඳහා වෙනත් ජීවින් (ශාක) මත පදනම් වේ.

පොසිල සාක්ෂි වලට අමතරව මීට වසර මිලියන 542 කට ප්‍රථම කේම්බ්‍රීය පිපිරුම සිදුවු අවස්ථා වේදි සිදු වු ක්‍රියාවලීන් හේතු වෙන් මුල්ම සාගර ජීවි විශේෂය මගින් සත්ත්ව වංශය ඇතිවු බවට සාක්ෂි ඇත.

සතුන්ගේ ව්‍යුහය[සංස්කරණය]

ඉස්පන්ජියන් වැනි (පොරිෆේරා වංශිකයන්) සුළු ‍ෙවනස්කම් කිහිපයක් හැරුණු කොට සත්ත්වයින්හට වෙන්වෙන් වශයෙන් පටකවලට විශේෂණය වී පවතින දේහ ඇත. මේවා සංකෝචනය සහ සංචරණය පාලනය කරන මාංශ පේෂි සහ ස්නායු සංඥා පරිවහණය කරන ස්නායු පටක වලින් ද සමන්විත වේ. මීට අමතරව විවිර එකක් හෝ දෙකක් සහිත අභ්‍යන්තර ආහාර ජීර්ණ පද්ධතියක් ද අන්තර්ගත වේ. මෙලෙස සංවිධානාත්මක දේහ සහිත ජිවීන් හට මෙටාසොවාවන් යයි හැදින්වේ. මෙටාසෝවාවන් යන වදන සත්වයන් සඳහා පොදුවේ භාවිතා වන අවස්ථාවන්හිදී ඉයුමෙටාසෝවාවන් ලෙස හැඳින්වේ.

සියළුම සතුන්හට සුන්‍යෂ්ඨික සෛල අන්තර්ගත වේ. ඒවා කොලජන් සහ ප්‍රත්‍යස්ථ ග්ලයිකෝ ප්‍රෝටීනවලින් වටවු බහිස්සෛලීය කොටසකින් වටවී ඇත. මේවා අස්ථි, බහිස්සැකිලි, ආවරණය කටු වැනි ආකාති සැදීමට කැල්සිනීත වී ඇත. ජීවීන්ගේ වර්ධනයේදී ඒවා සාපේක්ෂ වශයෙන් සුනම්‍ය ආකෘතියක් සාදන අතර එමගින් සෛලවලට එකිනෙක චලනය වීමේ හැකියාවක් ලබාදෙන අතර එමගින් සංකිර්ණ ආකෘතියක් සාදනු ලබයි. මීට අමතරව වෙනත් ශාක සහ දිලීර වර්ග වැනි බහු සෛලික ජීවි විශේෂවලට සෛල බිත්ති මඟින් එකිනෙක බැඳ පවත්වා ගන්නා සෛල අන්තර්ගත වේ. ඒවා දිගින් දිගටම සිදුවන වර්ධනය මගින් තව දුරටත් වැඩි දියුණු වේ. සත්ත්ව සෛල වලට ආවේනික වන පරිදි ඒවාට අන්තර් සෛලීය බන්ධන පිහිටා ඇත. ඒවා tight සන්ධි, gap සන්ධි සහ ඩෙස්ම සෝම නම් වේ.mfbggnfbnhjghkkgu hurth

සත්ත්වයින්ගේ ප්‍රජනනය සහ වර්ධනය[සංස්කරණය]

ආසන්න වශයෙන් සියළුම සත්වයින් යම්කිසි ආකාරයක ලිංගික ප්‍රජනනයකට භාජනය වේ. පරිණත ජීවින් දුවිගුණ හෝ බහු ගුණ වේ. ඔවුන් සතුව යම් විශේෂණය වු ප්‍රජනක සෛල පිහිටා ඇති අතර ඒවා ඌණන විභාජනයට ලක්වී කුඩා චලනය විය හැකි ශුක්‍රාණු හෝ විශාල චලනය විය නොහැකි ඩිම්භ නිෂ්පාදනය කරයි. ඒවා එකිනෙක පෑහි යුක්තානුවක් සාදන අතර එය නව ජීවියෙකු බවට පරිවර්ථනය වේ.

පෙනහළු වල සෛල ෆුලුවෝරසන්ට් වර්ණක මගින් වර්ණ ගන්වා ඇති අතර ඒවා වියෝග කලාවේ මුල් අවධියේදී අණූනන විබාජනයට ලක්වන ආකාරය පෙන්නුම් කෙරේ

බොහෝසත්වයින් හට අලිංගික ප්‍රජනනයක් ද සිදු කල හැකිය. මෙය සිදුවනුයේ පාතනෝද්භවය මගිනි. මෙහිදී ලිංගික එක්වීමකින් තොරව සරු බීජ උපදවන අතර ඇතැම් අවස්ථා වලදී බෙදීම මගින් ද අලිංගික ප්‍රජනනය සිදුවේ.

යුක්තානුව මුල් අවස්ථ වලදී කුහර සහිත බ්ලස්ටුලාව නම් ගෝලයක් බවට පත් වේ. මෙය පසු කාලීනව නාවත සකස් වීම් වලට සහ විශේෂණය වීමට ලක්වේ. ඉස්සන්ගේ බ්ලස්ටුලා පිළවුන් අළුත් ස්ථානයකට පිහිනා ගොස් නව ආකාරයකට ගොඩ නැංවීමට හැකියාව ඇත. ඇතැම් බොහෝ ආකාර වලදී මේ බ්ලස්ටුලාවන් වඩාත් සංකිර්ණ නැවත සකස් වීම් වලට ලක්වේ. එය මුලින්ම ආහාර ජීර්ණ කුටීරයක් සහිත ගැස්ටෘලාවක් බවට පරිවර්තනය වේ. ඉන්පසු එය වෙන වෙනම පවත්නා ජනක ස්ථර දෙකකට වෙන්වේ. ඒවා නම් පිටතින් පවත්නා බහිෂ්චර්මය හා අන්තස්චර්ණයයි. බොහෝ අවස්ථා වලදී මේවා අතර මධ්‍යස්ථානයක්ද වර්ධනය වන අතර මෙම ප්‍රජනක ස්ථාර පසුකාලීනව සිරුරේ අවයව සහ පටක බවට විශේෂණය වේ.

බොහෝ සත්ත්වයින් සුර්යා ලෝකයෙන් ලබාගන්නා ශක්තිය වක්‍රාකාරව භාවිතා කර ගනිමින් වර්ධනය වේ. ශාක මෙම සුර්යයා ලෝකය ශක්තිය බවට පර්වර්ථනය කරමින් සරල සීනි නිෂ්පාදනය කරන ප්‍රභාසංස්ලේශණය නම් ක්‍රියා වලිය සිදු කරනු ලබයි. මෙය සිදු කිරීම ආරම්භ කරනුයේ කාබන් ඩයෝක්සයිට් අණුවක් සහ ජල අණුවක් භාවිතා කර ගිනිමිනි. ප්‍රභාසංස්ලේෂණය මගින් සුර්යයාගේ ඇති ශක්තිය රසා‍්‍යනික ශක්තිය ලෙසට ග්ලුකොස් අණු අතර ගබඩා කරන අතර ඔක්සිජන් මුදාහරිනු ලැබේ. මෙකි සීනි වර්ග ඉන්පසු ශාක වල වර්ධනය සදහා අවශ්‍ය ගොඩනැගීම් අණු ලෙසට භාවිතා කරනු ලබයි. සතුන් විසින් මෙම ශාක අනුභව කරන අවස්ථාවක දී හෝ වෙනත් සත්වයෙකු විසින් ශාක අණුභව කරන සත්ත්වයෙකු භක්ෂණය කිරීමේදී ශාක මගින් සංස්ලේශණය කරන ලද මෙම සීනි වර්ග සතුන් විසින් ද පරිභෝජනය වීමක් සිදුවේ. මේවා සෘජුවම සතුන්ගේ වර්ධනයට උපකාරි වන අතර ඒවා බිද හෙලිමෙන් එහි ගබඩා වු සුර්යය ශක්තිය මුදා හැරීමෙන් සත්ත්වයින් හට වර්ධනයට සහ සංචරණයට අවශ්‍ය ශක්තිය ලබාදේ. මෙම ක්‍රියාවලිය ග්ලයිකොලිසිය නම් වේ.

අධික ආර්ධතාවය සහිත සහ සිසිල් දේශගුණයක් සහිත සාගර පතුල වල ජීවත් වන ජීවින් සුර්යය ශක්තිය මත පදනම් නොවෙති. ඒ වෙනුවට රසායනික සංස්ලේෂක සහ ඉයු බැක්ටීරියාවන් ආහාර දාම වල පදනම සකසති.

සත්ව කාණ්ඩ[සංස්කරණය]

ප්ලැටිසෝවා සත්ත්වයන්[සංස්කරණය]

Pseudobiceros bedfordi වර්ගයේ පැතලි පණුවෙක්

ප්ලැටිසෝවාවන්හට ප්ලැටිහෙල්මින්තස් හෙවත් පැතලි පණුවන් අයත් වෙයි. මොවුන් මුල් අවධි වලදි සලකනු ලැබුවේ වඩාත්ම ආදි ද්විපාර්ශ්විකයන් ලෙස වන අතර නමුත් දැන් වන විට ඔවුන් වඩාත් සංකිර්ණ පුර්වජයන්ගෙන් පැවත එන බවට පෙනි ගොස් ඇත.

මෙම කාණ්ඩයට අයත් වන ජීවින්ගෙන් බොහෝමයක් පරපෝෂිතයින් වන අතර ඒ සඳහා පටිපණුවන් සහ පැතැල්ලන් අයත්වෙයි. පැතලි පණුවන් හට ඔවුන්ගේ සමීපතම ඥාතීන්වන අන්වීක්ෂීය ගැස්ට්‍රෝට්‍රිකාවන්ට මෙන් සීලෝමයක් හෙවත් දේහ කුහරයක් නොමැත.

අනෙකුත් මෙයට අදාල වංශිකයින් බොහෝමයක් අන්වීක්ෂීය වන අතර ඔවුන් හට ව්‍යාජ සීලෝමයක් පවති. වඩාත්ම ප්‍රමුඛතමයන් වනුයේ රොටිෆේරාවන්ය. මොවුන් ජලජ පරිසර වල වඩාත් බහුලවම දක්නට ඇත. තවද ඔවුන් සඳහා ඇකැන්තෝසෙෆලාවන් හෙවත් උල් සහිත හිසක් ඇති පණුවන්ද අයත්වෙයි. මීට අමතරව Gnathostomulida, Micrognathozoa සහ Cycliophora වන් අයත්ය. මෙම කාණ්ඩ සඳහා සංකිර්ණ හනු පවතින අතර ඒවා සඳහා Gnathifera යැයි ව්‍යවහාර කෙරේ.

ඩියුටෙරස්ටෝම් ජීවින්[සංස්කරණය]

Superb Fairy-wren, Malurus cyaneus

ඩියුටෙරස්ටෝම් ජීවින් ප්‍රො‍ටෝස්ටෝම් වරුන් වන අනෙකුත් ද්විපාර්ශවිකයින්ට වඩා ක්‍රම කිහිපයකින් වෙනස්ය. මෙම දෙකොටසම සම්පුර්ණ ආහාර ජීර්ණ මාර්ගයක් පවති. කෙසේ නමුත් ප්‍රොටොස්ටෝම් වරුන්ගේ ආහාර මාර්ගයෙහි මුල්ම විවරය මුඛය බවට විකසනය වන අතර වෙනමම පිහිටි ගුද මාර්ගයක් ඇති වේ. ඩියුටෙරස්ටෝම් වරුන්හට මෙහි ප්‍රතිවිරුද්ධ දෙය සිදුවේ. බොහෝ ප්‍රො‍ටොස්ටොම්වරුන්ගේ ගැස්ට්‍රැලාවෙහි අභ්‍යන්තරය සෛල මගින් පිරිපවතින අතර එමගින් මධ්‍යචරණය සාදනු ලැබේ. මෙය Schizocoelous වර්ධනය යැයි හැඳින්වේ. නමුත් ඩියුටෙරස්ට්‍රොවරුන්හට මෙය අන්තස්චර්මය ඇතුලට නැමීමක් මගින් ඇති වේ. ඩියුටෙරස්ට්‍රොම් වරුන්හට උදරීය ස්නායු වෙනුවට පාෂ්ඨීය ස්නායු පිහිටන අතර ඔවුන්ගේ කළල විවිධ විභේදනයන්ට ලක්වේ.

මේසියල්ල මගින්ම ඩියුටෙරස්ටෝම්‍ වරුන් සහ ප්‍රොටොස්ටෝම් වරුන් එකිනෙකට වෙනස් ඒක වංශික පරම්පරාවන් බවට යෝජනා කෙරේ. ඩියුටෙරස්ටෝම් වරුන්ගේ ප්‍රදාන වංශිකයින් වනුයේ Echinodermata සහ Chordata වන්ය. මුලින් සඳහන් කරන ලද වංහිකයින් හට අරීය සමමිතියක් ඇති අතර ඔවුන් සම්පුර්ණයෙන්ම කරදියෙහි වාසය කරති. උදාහරණ නම් තාරකා මත්ස්‍යයින්,මුහුදු කොල්ලන් සහ මුහුදු කැකිරිය. කෝඩාටාවන් වඩාත් ප්‍රමුක වන්නේ පාෂ්ඨ වංශකයින්ගෙන් වන අතර ඔවුන් කෂේරුවකින් යුක්ත වන සත්ත්වයින්ය. මොවුන් සඳහා මත්ස්‍යයින්, උභය ජීවින්, උරගයින්, පක්ෂීන් සහ ක්ෂිරපායින් අයත්වේ.

මීට අමතරව ඩියුටරස්ටොම්වරුන්ට අර්ධ කශේරකයින් අයත්ය. ඔවුන් අද වන විට ප්‍රමුඛ නොවුවද වැදගත් ‍ෙපාසිල graptolites මෙම කාණ්ඩයට අයත්වෙයි.

Chaetognatha හෝ ඊතල පණුවන් ද මෙම ඩියුටරස්ටෝම් වර්ගයට අයත්ය. නමුත් වඩාත් මෑතකදී සිදු කල අධ්‍යයනයන් මගින් ඔවුන් සඳහා ප්‍රොටොස්ටොම් වරුන්ට සම්බන්ධයක් ඇති බවට සොයා ගෙන ඇත.


Lophotrochozoa[සංස්කරණය]

රෝමානු ගොලුබෙල්ලෙක්, Helix pomatia

Lophotrochozoa වන් හට සත්ත්ව වංශයෙහි වඩාත් සාර්ථක මෘද්වංශකයින් සහ ඇනලිඩාවන් අයත් වේ. මොලොස්කාවන් හට ගොලුබෙල්ලන්, බෙල්ලන් සහ දැල්ලන් ද ඇනලිඩාවන් හට කණ්ඩනය වු පණුවන් හෙවත් ගැඩවිලුන් සහ කූඩැල්ලන් අයත් වේ. මෙම කාණ්ඩ දෙකම කලක් තිස්සේ සමීප සම්බනන්ධතාවයක් පවතින බවට සලකනු ලබන්නේ ඔවුන්හට පොදු trochophore පිළවුන් හේතුවෙනි. නමුත් ඇනලිඩාවන් සන්දිපාදිකයන් හ‍ට වඩාත් සමීප සම්බන්ධතාවයක් ඇති බවට සැලකේ. මෙසේ වන්නේ ඔවුන් දෙවර්ගයම කණ්ඩනය වී ඇති බැවිණි. මෙය අභිසාරි පරිණාමයක් ලෙස සැලකේ. එසේ වන්නේ එම වංශ දෙකෙහි රූපාකාරයේ සහ ජානමය වශයෙන් ඇති වෙනස්කම් මත පදනම්වය.

Lophotrochozoa වන් හට නෙමටෝඩා හෙවත් පටිපණුවන් අයත්වේ. Sipuncula සහ මුඛය වටා පක්ෂ්ම රාහියක් පිහිටා ඇති ඇතැම් වංහිකයින් හට lophophore යැයි හැදින්වේ. මොවුන් සම්ප්‍රදායික වශ‍යෙන් එක්ව ගත් කල lophophorates යැයි වර්ග කරනය කරනු ලැබේ. නමුත් දැනට පෙනිගොස් ඇති අන්දමට ඔවුන් නෙමටෝඩාවන් හට සමීප සම්බන්ධතාවයක් ඇති සහ ඇතමුන් මෘද්වංශිකයන්ට සහ ඇනලිඩාවන්ට සමාන සම්බන්ධතාවයක් ඇති paraphyletic ලෙසට වර්ගිකරණය කරනු ලැබේ. ඔවුන්හට බෙල්ලන් හෙවත් Brachiopoda වන් අයත්වෙයි. ඔවුන් පොසිල ව‍ාර්තා වල වඩාත් ප්‍රමුඛ වේ. Entoprocta, Phoronida සහ Bryozoaහෙවත් පාසි වැනි සතුන්ද අයත්ය.

"http://si.wikipedia.org/w/index.php?title=සත්තු&oldid=265498" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි