දොං යී (රූපවාහිනී කතාමාලාව)
දොං යි | |
---|---|
![]() දොං යි ප්‍රවර්ධන පෝස්ටරයක් | |
මෙලෙසද හැඳින්වේ | Jewel in the Crown (කිරුළෙහි මාණික්‍යය) |
ප්‍රභේදය | ප්‍රේම වෘත්තාන්ත නාට්‍ය ඓතිහාසික |
රචනය කලේ | කිම් යි-යොං |
අධ්‍යක්ෂණය කලේ | ලී බ්යුං-හූන් කිම් සං-හ්යුබ් |
රඟපෑම | හන් හ්‍යෝ-ජූ ජී ජින්-හී ලී සො-යොන් බේ සූ-බින් |
ඇරඹුම් තේමාව | සිහින මාවතක ඇවිදීම, ජං නා-රා විසින් |
සම්භව රට | දකුණු කොරියාව |
භාෂාව(න්) | කොරියානු |
කථාංග ගණන | 60 |
නිෂ්පාදනය | |
විධායකනිෂ්පාදක(යෝ) | කිම් හෝ-යොං ආන් සියුං-ගක් |
නිෂ්පාදක(යෝ) | ලී සේ-ජූං |
ස්ථානය(න්) | කොරියාව |
ධාවන කාලය | සදුදා සහ අගහරුවාදා 21:55ට (KST) |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | මුන්හ්වා විකාශන සංස්ථාව (MBC) |
මුල් ධාවනය | 22 මාර්තු 2010 | – 12 ඔක්තෝබර් 2010
කාලානුක්‍රමය | |
පූර්වගමනය වනුයේ | Pasta |
අනුගමනය වනුයේ | Queen of Reversals |
බාහිර සබැඳි | |
වෙබ් අඩවිය |
කොරියානු නම | |
හංගුල් | 동이 |
---|---|
හන්ජා | 同伊 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Dong-i (දොං-ඊ) |
මැකූන්–රයිෂවර් | Tong-i (තොං-ඊ) |
දොං යි (කොරියානු: 동이; හන්ජා: 同伊) යනු 2010 වර්ෂයේ විකාශය වූ දකුණු කොරියානු ඓතිහාසික රූපවාහිනී මාලා නාට්‍යයකි.. එහි ප්‍රධාන චරිත නිරූපණය හන් හ්‍යෝ-ජූ, ජි ජින්-හී, ලී සො-යොන් සහ බේ සු-බින් විසින් සිදුකරන ලදී.[1] ජෝසුන් රාජවංශයේ සුක්ජොං රජු සහ චෝයි සුක්-බින් හෙවත් හෙවත් දොංයී බිසවගේ ප්‍රේම වෘත්තාන්තය ඇසුරෙන් නිර්මාණය වූ මෙය MBC ආයතනය විසින් 2010 වර්ෂයේ මාර්තු 22 දින සිට ඔක්තෝබර් 12වන දින දක්වා විකාශය කරන ලදී. එහිදී එය කථාංග 60ක් පුරාවට සදුදා සහ අගහරුවාදා දිනවල 21:55ට විකාශය විය.[2][3]
එරට- 20% සිට 30% අතර ප්‍රමාණයෙන් ප්‍රෙක්ෂක ප්‍රතිශතයක් හිමිකරගත් 'තේ ය.[4] මෙහිදී සිය රංගන දක්ෂතාවය උදෙසා හන් සම්මාන දිනා ගත්තා ය.. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව විසින් අතුල රන්සිරිලාල්ගේ අධ්‍යක්ෂණය යටතේ සිංහලෙන් හඩකවා “අභීත දියණිය” යන නාමය යටතේ 2013 පෙබරවාරි 12වන දින සිට ජාතික රූපවාහිනී නාළිකාව ඔස්සේ මෙම නාට්‍යය විකාශය කරන ලදී.
කථා සාරාංශය[සංස්කරණය]
මෙම කථාව ජෝසුන් රාජවංශයේ සුක්ජොං රජ කාලයට අයත් එකකි. මෙයට පාදක වී ඇත්තේ චෝයි සුක්-බින් උපබිසව නම් ඓතිහාසික චරිතයයි. කථාවේ ප්‍රධාන චරිතය දොං යි නම් වාද්‍ය අංශයේ සේවය කළ වහල් සේවිකාවයි. ඇයගේ උදාර පෞරුෂයත්, අවංකත්වයත්, දක්ෂතාවයත් නිසා ඇය හට මාලිගයේ නොයෙකුත් දුෂ්කර ගැටලු විසඳීමට හැකි වේ. මෙමඟින් ඇයට, පහත් කුලයක ඉපිද රජ බිසවක් බවට පත් වූ මාලිගයේ ප්‍රථම කාන්තාව බවට පත්වීමේ භාග්‍යය හිමි වේ.
දුෂ්කර ගැටලුවක් විසඳන විට ඇයට මාලිගයේ විනිසුරුවරයකු ලෙස වෙස් වලාගෙන සිටි රජතුමාව හමු වේ. රජු විනිසුරුවරයෙකැයි සිතා සිටි ඇයගේ සැලකීම නිසා රජු ඇය සමග ප්‍රේමයෙන් බැදෙයි. . එසේම ඇය ඉන්හ්යොන් අගබිසවගේද සිත දිනා ගැනීමට සමත්වන අතර ජෑං හී-බින් හෙවත් ඔක්ජෝං බිසවද ඇයට හමු වෙයි. (එහෙත් මුලදී ජෑං ඔක්ජෝං බිසව දොං යීගේ මිතුරියක් වුවද පසුව දොං යීගේ ප්‍රතිවාදියා බවට පත් වන්නේද ඇයයි.)
ඇය පහත් පන්තිකයන්ට සාධාරණය ඉටු කිරීමට ගවේෂණයේ යෙදෙන විට ඇයට බොහෝ මිතුරන් හමු වේ. චා චුන්-සූ (ඇගේ අයියා ලෙස පැවසුණද ලේ ඥාතියකු නොවේ), සියෝ යොං-ගී නම් ආරක්ෂක ප්‍රධානීතුමා සහ විමර්ශන පාලිකාවන් දෙදෙනෙකු වූ ජුං පාලිකාව හා බොං පාලිකාව ඒ අතරින් කිහිප දෙනෙකි.
අවසානයේ දොංයී රාජකීය ප්‍රධාන උප බිසව හෙවත් “සුක්-බින්” තනතුරට පත් වේ. ඇය විසින් බිහි කරන කුමරා ජෝසුන් රාජවංශයේ 21වන රජු වූ යොංජෝ කුමරුයි. එනම් සහල් බහාලුමක් තුළ සිර කර මරණයට පත් කළ කිරුළහිමි සදෝ කුමරුගේ පියාණන් ය. තවත් අයුරකින් කියතොත් යි සන් කුමරුගේ මුත්තණුවන් ය..
චරිත නිරූපණය[සංස්කරණය]
ප්‍රධාන චරිත[සංස්කරණය]
- හන් හ්‍යෝ-ජූ, දො-යී හෙවත් චෝයි සුක්-බින් උපබිසව [5]
- කිම් යූ-ජුං, කුඩා දො-යී ලෙස
- ජි ජින්-හී, සුක්ජොං රජු ලෙස[6]
- ලී සො-යොන්, ජෑං හී-බින් බිසව/ ඔක්ජොං ලෙස
- බේ සූ-බින්, චා චුන්-සූ ලෙස[7]
සහාය රංගනය[සංස්කරණය]
- පාක් හා-සුන්, ඉන්හ්යොන් අගබිසව ලෙස
- ජුං ජින්-යොං, සියෝ යොං-ගි ලෙස
- ජුං දොං-හ්වන්, ඕ තේ-සුක් ලෙස
- ලී ක්යේ-ඉන්, ඕ තේ-පූං ලෙස
- චෝයි චොල්-හෝ, ඕ යූන් ලෙස
- කිම් යූ-සොක්, ජෑං හී-ජේ ලෙස
- සොන් ඉල්-ක්වොන්, හොං තේ-යූන් ලෙස
- ෂින් ගුක්, දෝ සියුං-ජි ලෙස
- නා සුං-ක්යූන්, ජුං ඉන්-ගුක් ලෙස
- කිම් දොං-යූන්, ෂිම් වූන්-තේක් ලෙස
- පාක් ජුං-සූ, මියොංසොං මව්බිසව ලෙස, සුක්ජොංගේ මව
- කිම් හ්යේ-සුන්, ජුං පාලිකාව ලෙස
- කිම් සෝ-යි, බොං පාලිකාව ලෙස
- ආන් යෝ-ජින්, පාලිකා ජෝ ලෙස
- ඉම් සුං-මින්, චෝයි පාලිකාව ලෙස
- ජොං යූ-මි, ජොං -ඉයුම් ලෙස
- කං යූ-මි, ඒ-ජොං ලෙස
- ඕ ඉයුන්-හෝ, ෂි-බි ලෙස
- හන් දා-මින්, ඉයුන්-ගියුම් ලෙස
- චෝයි හා-නා, මී-ජි ලෙස
- ලී ජුං-හූන්, ලී ජොං-ඕක් ලෙස
- චෝයි ජේ-හෝ, පාක් දෝ-සූ ලෙස
- යෝ හෝ-මින්, ඕ හෝ-යෑං ලෙස
- ලී හී-දෝ, හ්වං ජෝ-ෂික් ලෙස
- ලී ක්වං-සූ, යොං-දල් ලෙස
- ජුං සුං-වූන්, චෝයි දොං-ජෝ ලෙස
- ජුං ඉන්-ගිල්, කිම් හ්වන් ලෙස
- ජුං කි-සුං, කිම් හ්වන්ගේ ශිෂ්‍යයා ලෙස
- ලී සූක්, පාක් මැතිණිය ලෙස
- කිම් හ්යේ-ජින්, සෝල්-හී ලෙස
- චෝයි රන්, යූන් මැතිණිය ලෙස, ජෑං හී-බින්ගේ මව
- යෝ හ්යුන්-සූ, ගේ ද්වෝ-රා ලෙස, දොං-යීගේ කුඩා වියේ මිතුරා
- චෝයි සූ-හන්, කුඩා ගේ ද්වෝ-රා ලෙස
- ජුං ඉයුන්-ප්යෝ, ගේ ද්වෝ-රාගේ පියා ලෙස
- ජුං සුන්-ඉල්, පාක් දෝ-ක්යුං ලෙස
- ක්වොන් මින්, චා සූ-තේක් ලෙස
- චෝයි ජොං-හ්වන්, ජං මො-යොල් ලෙස
- ලී හ්යුං-සුක්, ගුම්/ යෙඔනිං කුමරු
- යූන් චන්, කිරුළහිමිකුමරු, පසුව රජ වූ ග්යොංජොං රජු ලෙස
- හියෝ යි-සියුල්, යොං-සුන් ලෙස
- මේං සං-හූන්, කිම් ගෝ-සුන් ලෙස
- ඕ යොන්-සූ, ඉන්වොන් අගබිසව ලෙස
- චුන් හෝ-ජින්, චෝයි හ්‍යෝ-වොන් ලෙස (පසුබිම් රංගනය)
- ලී ජේ-යොං, ජං ඉක්-හොන් ලෙස (පසුබිම් රංගනය)
- චෝයි ඉල්-හ්වා, සියෝ ජුං-හෝ ලෙස (පසුබිම් රංගනය)
- මින් ජූන්-හ්යු
ඇගයීම් (Ratings)[සංස්කරණය]
කථාංගය | මුල් විකාශන දිනය | TNMS ඇගයීම්[8] | |
---|---|---|---|
දීපව්‍යාප්ත | සෝල් පුරවර පෙදෙස | ||
1 | 2010 මාර්තු 22 | 11.4% | 12.9% |
2 | 2010 මාර්තු 23 | 11.5% | 12.6% |
3 | 2010 මාර්තු 29 | 11.8% | 12.9% |
4 | 2010 මාර්තු 30 | 12.3% | 13.4% |
5 | 2010 අප්‍රේල් 5 | 15.3% | 16.4% |
6 | 2010 අප්‍රේල් 6 | 14.2% | 15.2% |
7 | 2010 අප්‍රේල් 12 | 17.2% | 18.9% |
8 | 2010 අප්‍රේල් 13 | 17.2% | 18.5% |
9 | 2010 අප්‍රේල් 19 | 19.0% | 20.4% |
10 | 2010 අප්‍රේල් 20 | 19.7% | 21.3% |
11 | 2010 අප්‍රේල් 26 | 21.6% | 23.5% |
12 | 2010 අප්‍රේල් 27 | 22.5% | 24.5% |
13 | 2010 මැයි 3 | 22.9% | 25.2% |
14 | 2010 මැයි 4 | 20.4% | 21.9% |
15 | 2010 මැයි 10 | 25.8% | 27.9% |
16 | 2010 මැයි 11 | 28.5% | 30.8% |
17 | 2010 මැයි 17 | 25.0% | 27.1% |
18 | 2010 මැයි 18 | 25.6% | 27.3% |
19 | 2010 මැයි 24 | 24.1% | 26.2% |
20 | 2010 මැයි 25 | 23.8% | 26.0% |
21 | 2010 මැයි 31 | 25.1% | 27.7% |
22 | 2010 ජූනි 1 | 26.6% | 29.3% |
23 | 2010 ජූනි 7 | 28.1% | 30.9% |
24 | 2010 ජූනි 8 | 30.3% | 33.2% |
25 | 2010 ජූනි 14 | 31.0% | 33.3% |
26 | 2010 ජූනි 15 | 33.1% | 35.6% |
27 | 2010 ජූනි 21 | 29.1% | 31.0% |
28 | 2010 ජූනි 22 | 30.1% | 32.6% |
29 | 2010 ජූනි 28 | 31.1% | 32.8% |
30 | 2010 ජූනි 29 | 31.9% | 33.8% |
31 | 2010 ජූලි 5 | 30.8% | 33.3% |
32 | 2010 ජූලි 6 | 31.3% | 33.8% |
33 | 2010 ජූලි 12 | 29.1% | 31.1% |
34 | 2010 ජූලි 13 | 29.7% | 31.7% |
35 | 2010 ජූලි 19 | 27.6% | 30.0% |
36 | 2010 ජූලි 20 | 29.4% | 32.0% |
37 | 2010 ජූලි 26 | 28.8% | 31.2% |
38 | 2010 ජූලි 27 | 30.6% | 33.3% |
39 | 2010 අගෝස්තු 2 | 23.9% | 25.8% |
40 | 2010 අගෝස්තු 3 | 23.1% | 25.0% |
41 | 2010 අගෝස්තු 9 | 23.7% | 25.9% |
42 | 2010 අගෝස්තු 10 | 23.2% | 25.2% |
43 | 2010 අගෝස්තු 16 | 23.3% | 25.0% |
44 | 2010 අගෝස්තු 17 | 24.8% | 26.6% |
45 | 2010 අගෝස්තු 23 | 24.7% | 26.5% |
46 | 2010 අගොස්තු 24 | 26.8% | 29.3% |
47 | 2010 අගෝස්තු 30 | 30.7% | 33.0% |
48 | 2010 අගෝස්තු 31 | 30.3% | 32.5% |
49 | 2010 සැප්තැම්බර් 6 | 29.5% | 31.8% |
50 | 2010 සැප්තැම්බර් 7 | 28.6% | 30.7% |
51 | 2010 සැප්තැම්බර් 13 | 26.4% | 28.8% |
52 | 2010 සැප්තැම්බර් 14 | 27.0% | 29.8% |
53 | 2010 සැප්තැම්බර් 20 | 23.0% | 25.5% |
54 | 2010 සැප්තැම්බර් 21 | 20.2 % | 21.1% |
55 | 2010 සැප්තැම්බර් 27 | 25.7% | 28.3% |
56 | 2010 සැප්තැම්බර් 28 | 23.6% | 25.7% |
57 | 2010 ඔක්තෝබර් 4 | 20.9% | 23.2% |
58 | 2010 ඔක්තෝබර් 5 | 20.3% | 22.2% |
59 | 2010 ඔක්තෝබර් 11 | 24.9% | 27.9% |
60 | 2010 ඔක්තෝබර් 12 | 22.3% | 24.2% |
සාමාන්‍යය | 24.5% | 26.5% |
නිෂ්පාදනය[සංස්කරණය]
මෙහි පිටපත සකසන ලද්දේ කිම් යි-යොං විසිනි. මෙය කළමනාකරණය කරන ලද්දේ ලීඩර්ස් කන්ටෙන්ට්ස් කම්පනි සමාගම විසිනි. මෙය අධ්‍යක්ෂණය කළේ ජනප්‍රිය කොරියානු ටෙලිසිත්තමක් වූ “දේ ජං-ගුම්” නාට්‍යය අධ්‍යක්ෂණය කළ ලී බ්යුං-හූන් විසිනි.[9]
මෙහි රූගත කිරීම් සිදු වූයේ ග්යොංගි පළාතේ චෝයින්-ගුහි, යොංගින්-සි හි පිහිටි MBC ඩ්‍රාමියා ටෙලිසිනමා ගම්මානයේ ය. මූන් එම්බ්‍රසිං ද සන්, ජුමොං සහ ක්වීන් සොන්දොක් වැනි නාට්‍ය රූගත වූයේ ද මෙහිදී ය.[10]
සම්මාන[සංස්කරණය]
- හොදම නිළිය: හන් හ්‍යෝ-ජූ
- හොදම සහාය නළුවා : ජුං දොං-හ්වන්
- ජයග්‍රහණ සම්මානය (Achievement Award): ලී බ්යුං-හූන්
- ප්‍රධාන ත්‍යාගය/දේසං: හන් හ්‍යෝ-ජූ
- විශිෂ්ඨතම නළුවා: ජි ජින්-හී
- විශිෂ්ට නිළිය: ලී සො-යොන්
- හොදම නවක නිළිය: පාක් හා-සුන්
- රන් රංගන සම්මානය, සහාය නළුවා: කිම් යු-සොක්
- හොදම නවක නළුවා: කිම් යූ-ජුං, ලී හ්යුං-සුක්
- ජනප්‍රියම නිළිය: හන් හ්‍යෝ-ජූ
- වසරේ ප්‍රේක්ෂකයාගේ ජනප්‍රියම නාට්‍යය: දොං යී
- 2011 1වන හොංකොං කේබල් TV සම්මාන
- හොදම නාට්‍යය
- හොදම නළුවා: ජි ජින්-හී
- හොදම නිළිය: හන් හ්‍යෝ-ජූ
- හොදම නිළිය (TV): හන් හ්‍යෝ-ජූ
අන්තර්ජාතික විකාශය[සංස්කරණය]
රට | මාධ්‍ය ජාල(ය) | ආරම්භක විකාශය | තේමාව |
---|---|---|---|
![]() |
චැනල් 3 | 2011 නොවැම්බර් | ทงอี จอมนางคู่บัลลังก์ (Dong Yi Cxm Nāng Khū̀ Bạllạngk̒) |
![]() |
5SERIES TV | 2012 පෙබරවාරි | နန္းတြင္ပံုျပင္ (මාලිගයේ පුවතක්) |
![]() |
TRT 1 | 2012 පෙබරවාරි | Sarayın İncisi |
![]() |
ටීවී5 | 2012 නොවැම්බර් | Дун-И (දුන්-ඊ) |
![]() |
ජාතික රූපවාහිනිය | 2013 පෙබරවාරි | අභීත දියණිය |
![]() |
චැනල් 3 | 2012 | دونگی (දුංඉ) |
![]() |
ජීඑම්ඒ නෙට්වර්ක් | 2011 නොවැම්බර් | දොං-යි |
![]() |
Oh!K | 2014 ඔක්තෝබර් | දොංයි: ජුවල් ඉන් ද ක්‍රවුන් |
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ Lee, Ji-hye (7 May 2010). "Han Hyo-joo says she "hold fast" to her role in Dong Yi". 10Asia. Retrieved 2013-08-07.
- ↑ Han, Sang-hee (21 March 2010). "Will Dong-yi Become Next Jewel in the Palace?". The Korea Times. Retrieved 2013-08-07.
- ↑ Oh, Jean (22 March 2010). "Upbeat rom-com vs. court romance". The Korea Herald. Retrieved 2013-08-07.
- ↑ Hong, Lucia (13 October 2010). "Giant places on top and Dong Yi finishes run". 10Asia. Retrieved 2013-08-07.
- ↑ "Han Hyo-joo Changes Tack in Costume Drama". The Chosun Ilbo. 13 April 2010. Retrieved 2013-08-07.
- ↑ Wee, Geun-woo (7 May 2010). "Ji Jin-hee says "happy to break stereotype" as a king". 10Asia. Retrieved 2013-08-07.
- ↑ Kim, Jessica (5 January 2010). "Bae Soo-bin joins cast of drama Dong Yi". 10Asia. Retrieved 2013-08-07.
- ↑ TNmS Multimedia Homepage(කොරියානු)
- ↑ Kim, Jessica (9 June 2010). "INTERVIEW: Dong Yi director says Ji Jin-hee "mischievous"". 10Asia. Retrieved 2013-08-07.
- ↑ Lee, Cin Woo (16 March 2012). "Beyond Seoul: 19 reasons to explore Korea". CNN Go. Retrieved 2012-05-06.
- ↑ Hong, Lucia (31 December 2010). "Kim Nam-joo, Han Hyo-joo win grand prize at MBC Acting Awards". 10Asia. Retrieved 2013-08-07.
- ↑ Hong, Lucia (27 May 2011). "Hyun Bin, Lee Byung-hun win top prizes at Paeksang". 10Asia. Retrieved 2013-08-07.
බාහිර සබැදුම්[සංස්කරණය]
- දොං යී MBC නිල වෙබ්අඩවිය (කොරියානු)
- දොං යී at MBC Global Media
- දොං යී at HanCinema
- දොං යී at Internet Movie Database
- කොරියානු-භාෂා පෙළ ඇතුළත් ලිපි
- Articles containing Korean-language text
- මුන්හ්වා විකාශන සංස්ථාවේ රූපවාහිනී නාට්‍ය
- 2010වර්ෂයේ දකුණු කොරියානු රූපවාහිනී කථාමාලා
- 2010 වර්ෂයේ දකුණු කොරියානු රූපවාහිනී කථාමාලා ඇරඹීම්
- 2010 වර්ෂයේ දකුණු කොරියානු රූපවාහිනි කථාමාලා අවසන්වීම්
- කොරියානු-භාෂා රූපවාහිනී වැඩසටහන්කරණය
- 2010දකුණු කොරියානු රූපවාහිනිය
- රූපවාහිනී කතාමාලා
- ජෝසුන් රාජවංශය පසුබිමෙහි තිරගතවූ රූපවාහිනී මාලානාට්‍ය