Jump to content

ජනහිතකාමී රැජිනිය (රූපවාහිනී කතා මාලාව)

විකිපීඩියා වෙතින්
(ජනහිතකාමී රැජිනිය (නාට්‍යය) වෙතින් යළි-යොමු කරන ලදි)
ක්වීන් සොන්දොක්
"ක්වීන් සොන්දොක් ප්‍රවර්ධන පෝස්ටරයක්
මෙලෙසද හැඳින්වේThe Great Queen Seondeok (සොන්දොක් මහා රැජිනිය)
ප්‍රභේදයඓතිහාසික කාලාන්තර නාට්‍ය
නාට්‍ය
ප්‍රේම වෘත්තාන්ත
ක්‍රියාදාම
රචනය කලේකිම් යොං-හ්යුන්
පාක් සං-යොන්
අධ්‍යක්ෂණය කලේකිම් ගියුන්-හොං
පාක් හොං-ග්යුන්
රඟපෑමලී යො-වොන්
ගෝ හ්යුන්-ජුං
උම් තේ-වූං
පාක් යේ-ජින්
කිම් නම්-ගිල්
යූ ස්‍යුං-හෝ
සම්භව රටදකුණු කොරියාව
කථාංග ගණන62
නිෂ්පාදනය
විධායකනිෂ්පාදක(යෝ)ලී චං-සූ
කැමරා සැලැස්මබහු කැමරා
ධාවන කාලයසදදා සහ අගහරුවාදා 21:55ට (KST)
ප්‍රචාරණය
මුල් නාලිකාවමුන්හ්වා විකාශන සංස්ථාව
මුල් ධාවනය25 මැයි 2009 (2009-05-25) – 22 දෙසැම්බර් 2009 (2009-12-22)
කාලානුක්‍රමය
පූර්වගමනය වනුයේQueen of Housewives
අනුගමනය වනුයේPasta
බාහිර සබැඳි
වෙබ් අඩවිය
කොරියානු නම
හංගුල්
හන්ජා
ප්‍රතිශෝධිත රෝමානුකරණයSeondeok Yeowang (සොන්දොක් යොවං)
මැකූන්–‍රයිෂවර්Sŏndŏk Yŏwang (සොන්දොක් යෝවං)

ක්වීන් සොන්දොක් (කොරියානු선덕여왕; ප්‍රරෝසොන්දොක් යොවං) යනු 2009 වර්ෂයේ විකාශය වූ දකුණු කොරියානු ඓතිහාසික නාට්‍යයකි. එය විකාශනය කරන ලද්දේ මුන්හ්වා විකාශන සංස්ථාව (MBC) විසින් සිය 48 වන සංවත්සරය සැමරීමට සමගාමීව ය. මෙහි චරිත නිරූපණය ලී යො-වොන්, ගෝ හ්යුන්-ජුං, උම් තේ-වූං, පාක් යේ-ජින්, කිම් නම්-ගිල් සහ යූ ස්‍යුං-හෝ විසින් සිදු කරන ලදී. මෙම නාට්‍යය මගින් සිල්ලාහි සොන්දොක් රැජිනගේ ජීවිතකථාව නිරූපණය වේ.[1] එය දකුණු කොරියාවේ MBC නාළිකාව මගින් එරට 2009 මැයි 25 දින සිට දෙසැම්බර් 22 දක්වා සදුදා සහ අගහරුවාදා දිනවල එරට වේලාවෙන් 21:55ට කථාංග 62ක් පුරාවට විකාශනය කරන ලදී.[2] ප්‍රේක්ෂක ඇගයීම් අතින් ගත් විට මෙම නාට්‍යය එය විකාශය වූ කාලය තුළ එරට රූපවාහිනී වාර්තාවල මුල් තැන හිමි කරගත්තේ 44.7ක ප්‍රතිශතයක් හිමිකරගනිමිනි. [3] එය 2009 MBC නාට්‍ය සම්මාන උළලේදී මහත් ඇගයුමට පාත්‍ර විය. එහිදී රංගන ශිල්පිනී ගෝ හ්යුන්-ජුං හොදම රංගනයට හිමි ත්‍යාගය දිනාගත් අතර විශ්ව සම්භාවනාවට පාත්‍ර වූවා ය. [4]

කථාපුවත

[සංස්කරණය]

දියොක්මාන් කුමරිය උපත ලැබූයේ චුංමියුන් කුමරියගේ නිවුන් සොහොයුරිය ලෙස සිල්ලා රාජකීය පවුලට දාව ය. නමුත් අනාගතවාක්‍යයක් හේතුවෙන් ඇයව ළදරුවියේදීම පවුලෙන් වෙන්කරනු ලබයි. තක්ලමකාන් කාන්තාරයේ සිය ළමාවිය කටුක ලෙස ගෙවූ දියොක්මාන් සිල්ලා දේශයට පැමිණෙයි. එහිදී පිරිමියකු ලෙස වෙස්ගන්නා ඇය නංදෝ සෙබලකු ලෙස පුහුණු වෙයි. එහිදී ඇය සිල්ලා දේශ‍යේ පාලනය සියතට ගැනීමට කුමන්ත්‍රණයන්හි නිරත වූ කෲර මිෂිල් බිසව නම් මුල්පෙළේ තනතුරක් හෙබ වූ රාජකීය උපබිසවකට විරුද්ධව කටයුතු කළ දියොක්-මාන්ගේ නිවුන් සොයුරිය හා අවංක සෙන්පතියකු වූ කිම් යූෂින් හා එක්වෙයි. කාලයත් සමග මිෂිල් ඇගේ සැබෑ අනන්‍යතාව දැනගන්නා අතර නිවුන් කුමරියන් දෙදෙනා රාජධානියෙන් පිටුවහල් කිරීමට කුමන්ත්‍රණය කරයි. එහිදී වුංමියුන් කුමරිය ඝාතනයට ලක් වේ. නමුත් දියොක්මාන් හා යූෂින් එක්ව බිදාම් නම් දාමරිකයකුගේ සහාය ලබාගෙන ඇගේ තනතුර ප්‍රතිෂ්ඨාපනය සිදුකරන අතර කිම් අල්චොන් ඇතුළු බහුතරයක් හ්වාරංවරුන්ගේ පක්ෂපාතීත්වය ඇගේ පසට ලබාගැනීමට සමත්වෙයි. ක්‍රමයෙන් දියොක්මාන් මිෂිල්ගේ දෙවන කුමන්ත්‍රණයද පරදා ඇයට එරෙහිව ජයලැබීමට සමත්වෙයි. ඉන්පසු දියොක්මාන් කුමරිය සිල්ලා දේශයේ ප්‍රථම රැජින ලෙස සොන්දොක් රැජින යන නාමයෙන් රාජ්‍යත්වයට පත් වේ. නමුත් තවදුරත් ගලායන කථාව මගින් බිදාම් සහ යූෂින්රැජිනගේ සිතදිනාගැනීමට සිදුකරන උත්සාහය හා කොරියාවේ තුන් රාජධානිවල ඉරණම පිළිබදව ද නිරූපණය වේ.

චරිත නිරූපණය

[සංස්කරණය]

ප්‍රධාන චරිත

[සංස්කරණය]

සහාය රංගනය

[සංස්කරණය]
  • ලී ස්‍යුං-හ්යෝ, කිම් අල්චොන් ලෙස (හ්වාරංවරුන්ගේ අණදෙන නිලධාරියෙකි, පසුව දියොක්මාන් කුමරියගේ සහායකයා සහ පෞද්ගලික් ආරක්ෂකයා බවට පත් වේ.)
    • හෝ හ්යෝ-හූන්, ළමා කිම් අල්චොන් ලෙස
  • ජුං හෝ-බින්, මුන් නෝ ලෙස (හ්වාරංවරුන්ගේ 8වන නායකයා සහ සිල්ලා රජුට රාජ පාක්ෂික ගුප්ත තැනැත්තෙකි.)
  • ජෝ මින්-කි, ජින්ප්යොං රජු ලෙස (දියොක්මාන් සහ චුන්මියුං කුමරියන්ගේ පියා)
    • බෙක් ජොං-මින්, තරුණ ජින්ප්යොං ලෙස
    • කං සන්, ළමා ජින්ප්යොං ලෙස
  • යූන් යූ-සුන්, මායා බිසව ලෙස (ජින්ප්යොං රජුගේ අගබිසව සහ දියොක්මාන්, චුන්මියුං කුමරියන්ගේ මෑණියන් ය.)
  • සියෝ යොං-හී, සෝහ්වා ලෙස(ජින්ප්යොං රජු සහ මායා බිසවගේ සේවිකාවයි. ඇය දියොක්මාන්ව හදාවඩා ගත්තා ය.)
  • ඉම් යේ-ජින්, මන්මියුං මැතිණිය ලෙස (ජින්ප්යොං රජුගේ වැඩිමහල් සොයුරියයි. කිම් යූෂින්ගේ මවයි.)
  • ජුං සුං-මෝ, කිම් සෝ-හ්යුන් ලෙස (මන්මියුං මැතිණියගේ ස්වාමිපුරුෂයායි. කිම් යූෂින්ගේ පියායි.)
  • පාක් ජුං-චුල්, කිම් යොං-සු ලෙස (ජින්ජි රජුගේ වැචිමහල් පුතණුවන් විය. චුන්මියුං කුමරියගේ ස්වාමිපුරුෂයායි.)
  • දෝ යි-සුං, කිම් යොං-චූන් ලෙස (ජින්ජි රජුගේ දෙවනු පුත්‍රයා වූ මොහු රජයේ අමාත්‍යවරයෙක් විය. චුන්මියුං කුමරියගේ විශ්වාසවන්තයකු විය)
  • ෂින් ගූ, ඉයුල්ජේ ලෙස (ජ්‍යෙෂ්ඨ රාජ්‍ය අමාත්‍යවරයෙකු විය. ජින්ප්යොං රජුගේ මිතුරකු විය.)
  • ලී සූන්-ජේ, ජින්හ්යුං රජු ලෙස (පළමු කථාංගය)
  • ඉම් හෝ, ජින්ජි රජු ලෙස (පළමු කථාංගය)
  • ජුං වූං-ඉන්, මීසැං ලෙස (මිෂිල් බිසවගේ බාල සොහොයුරායි. හ්වාරං සෙබලුන්ගේ 10වන ප්‍රධානියායි.)[16]
  • දොක්ගෝ යොං-ජේ, සේජොං ලෙස (මීෂිල්ගේ සැමියායි. අග්‍රාමාත්‍යවරයා වූ මොහු හ්වාරංවරුන්ගේ 6වන මට්ටමේ ප්‍රධානියායි)
  • ජොන් නො-මින්, සොල්වොන් ලෙස (මීෂිල්ගේ පෙම්වතා සහ හ්වාරංවරුන්ගේ 7වන ආරක්ෂක ප්‍රධානියායි.)
  • කිම් ජුං-හ්යුන්, හේජොං ලෙස (මීෂිල් සහ සේජොංගේ පුතුවන් ය. රාජ්‍ය අමාත්‍යවරයකු වූ මොහු හ්වාරංවරුන්ගේ 11වන ප්‍රධානියා විය)
  • බෙක් දෝ-බින්, ‍බෝජොං ලෙස (මීෂිල් සහ සෝල්වොන්ගේ පුත්‍රයා, හ්වාරං අණදෙනනිලධාරියෙකි)
    • ක්වක් ජුං-වූක්, ළාබාල බෝජොං ලෙස
  • සොං ඔක්-සූක්, සෝරි ලෙස (සිල්ලාහි මුදාං ප්‍රධානියෙකි, මීෂිල් හා මීසැංගේ පැරණි මිතුරෙකි.)
  • ආන් ගිල්-කං, චිල්සූක් ලෙස (පැරණි හ්වාරංවරයකු විය. මීෂිල්ගේ නියෝජිතයෙකි)
  • ලී මූන්-සික්, ජූක්බං ලෙස
  • ර්යූ දාම්, ගෝදෝ ලෙස
  • කං සුං-පිල්, සංටක් (සොක්පුම්ගේ සහ පසුව බිදාම්ගේ ආරක්ෂකයායි)
  • ජූ සං-වූක්, වෝල්යා ලෙස (කයාවරුන්ගේ අවසන් කුමරුයි)
  • ජුං හෝ-කියුන්, සෝල්ජි ලෙස (කයාවරුන්ගේ අණදෙනනිලධාරියෙකි)
  • චෝයි වොන්-යොං, ග්යේබෙක් සෙන්පති ලෙස
  • ජුන් යොං-බින්, ගොක් සා-හියුන් ලෙස
    • ජුං හ්යුං-මින්, ළාබාල ගොක් සා-හියුන් ලෙස
  • පාක් යොං-සියෝ, දේපුං ලෙස
    • ලී සුක්-මින්, ලාබාල දේපුං ලෙස
  • ගෝ යූන්-හූ, හෝජේ ලෙස (හ්වාරං සෙබලුන්ගේ 14වන ප්‍රධානියායි, පසුව රාජ්‍ය අමාත්‍යවරයකු විය.)
  • හොං ක්යුං-ඉන්, සොක්පුම් ලෙස (මීෂිල් බිසවට පක්ෂපාතී හ්වාරං ප්‍රධානියෙකි)
  • කං ජි-හූ, ඉම්ජොං ලෙස (කිම් ‍යොං-චූන්හට පක්ෂපාතී හ්වාරං සෙන්පතියෙකි)
  • ‍සියෝ දෙං-වොන්, දොක්චුං ලෙස
    • ලී දෝ-හ්යුන්, ලාබාල දොක්චුං ලෙස
  • ජං හී-වූං, බක්උයි ලෙස
    • සියෝ සං-වොන්, ලාබාල බක්උයි ලෙස
  • ලී සං-හ්යුන්, පිල්තන් ලෙස
    • කිම් තේ-ජින්, ලාබාල පිල්තාන් ලෙස
  • කිම් දොං-හී, වංග්යූන් ලෙස
    • චෝයි වූ-සුං, ලාබාල වංග්යූන් ලෙස
  • ර්යූ සං-වූක්, දේ නම්-බෝ ලෙස (මිසැංගේ පුතුන් අතරින් ප්‍රකටම පුත්‍රයායි. හ්වාරං අණදෙන නිලධාරියෙකි)
    • කිම් සං-බින්, ලාබාල දේ නම්-බෝ ලෙස
  • කිම් දොං-සූ, හ්යොප්සොං ලෙස
  • මූන් ජි-යූන්, සියොල් ලෙස
    • ෂින් තේ-හූන්, ලාබාල සියොල් ලෙස
  • චෝයි සුං-ජෝ, සොන්යොල් ලෙස
    • ඕ ඉයුන්-සුක්, ලාබාල සොන්යොල් ලෙස
  • ජුං හ්යේ-සුන්, මන්-හෝ බිසව ලෙස (ජින්ප්යොං සහ මන්මියුංගේ මවයි)
  • පාක් ඉයුන්-බින්, බෝර්යං ලෙස (බෝජොංගේ දියණියයි. තිම් චුන්චුගේ බිරිදයි)
  • ක්විරි, යොංමෝ ලෙස (හේජොංගේ දියණයයි. කිම් යූෂින්ගේ බිරිදයි)
  • පාක් ජේ-ජුං, සදහම් ලෙස (මීෂිල්ගේ පළමු පෙම්වතායි. 13වන කථාංගය)
  • මාමෙත්කුලොව්ස් මන්සූර්, කාටන් මහතා ලෙස (යුදෙව් රෝමානු වෙළෙන්දකු වූ මොහු ළමා දියොක්මාන්ට ලතින් බස ඉගැන්වී ය)
  • සියෝ කං, යංකිල් ලෙස

තක්සේරු

[සංස්කරණය]
කථාංගය මුල් විකාශන දිනය (කොරියාවේ) TNMS තක්සේරු වාර්තාව[17] AGB තක්සේරු වාර්තාව[18]
දීපව්‍යාප්ත සෝල් (පුරවර ප්‍රදේශය) දීපව්‍යාප්ත සෝල් (පුරවර ප්‍රදේශය)
1 2009 මැයි 25 16.0% 17.1% 15.3% 16.8%
2 2009 මැයි 26 16.6% 17.8% 15.5% 17.2%
3 2009 ජූනි 1 21.3% 23.3% 18.2% 20.3%
4 2009 ජූනි 2 22.3% 23.8% 20.3% 21.7%
5 2009 ජූනි 8 21.6% 23.7% 20.6% 23.8%
6 2009 ජූනි 9 25.2% 27.1% 23.3% 25.2%
7 2009 ජූනි 15 27.9% 30.0% 25.8% 27.3%
8 2009 ජූනි 16 29.7% 32.0% 26.9% 29.1%
9 2009 ජූනි 22 28.1% 30.0% 25.8% 27.6%
10 2009 ජූනි 23 27.9% 29.4% 25.5% 26.8%
11 2009 ජූනි 29 29.4% 30.8% 27.8% 29.4%
12 2009 ජූනි 30 29.2% 30.5% 29.1% 30.7%
13 2009 ජූලි 6 29.9% 31.6% 29.0% 30.9%
14 2009 ජූලි 7 31.0% 31.9% 30.0% 31.8%
15 2009 ජූලි 13 31.6% 32.8% 30.9% 33.5%
16 2009 ජූලි 14 31.7% 33.5% 31.0% 34.0%
17 2009 ජූලි 20 30.7% 32.0% 30.4% 32.8%
18 2009 ජූලි 21 32.8% 34.4% 30.5% 32.6%
19 2009 ජූලි 27 32.7% 34.1% 32.0% 34.0%
20 2009 ජූලි 28 34.9% 36.0% 34.6% 36.3%
21 2009 අගෝස්තු 3 31.9% 33.2% 29.7% 31.2%
22 2009 අගෝස්තු 4 35.4% 36.4% 33.2% 35.5%
23 2009 අගෝස්තු 10 37.5% 39.6% 35.6% 38.0%
24 2009 අගෝස්තු 11 39.5% 41.7% 38.0% 40.5%
25 2009 අගෝස්තු 17 39.0% 40.4% 37.6% 39.1%
26 2009 අගෝස්තු 18 42.0% 44.3% 39.7% 41.7%
27 2009 අගෝස්තු 24 40.3% 41.7% 38.4% 41.1%
28 2009 අගෝස්තු 25 42.0% 43.6% 41.0% 43.1%
29 2009 අගෝස්තු 31 42.2% 44.7% 40.0% 41.5%
30 2009 සැප්තැම්බර් 1 42.1% 44.4% 41.7% 44.0%
31 2009 සැප්තැම්බර් 7 43.5% 45.4% 39.7% 42.3%
32 2009 සැප්තැම්බර් 8 40.6% 42.9% 38.4% 39.8%
33 2009 සැප්තැමබ්ර් 14 40.6% 42.1% 39.9% 41.7%
34 2009 සැප්තැම්බර් 15 42.3% 43.9% 40.0% 43.2%
35 2009 සැප්තැම්බර් 21 41.6% 44.6% 40.8% 44.4%
36 2009 සැප්තැම්බර් 22 39.6% 41.1% 38.9% 42.3%
37 2009 සැප්තැම්බර් 28 39.1% 40.3% 36.9% 39.9%
38 2009 සැප්තැම්බර් 29 39.5% 40.4% 38.2% 40.6%
39 2009 ඔක්තෝබර් 5 39.3% 40.6% 39.2% 41.3%
40 2009 ඔක්තෝබර් 6 39.6% 40.6% 39.7% 43.4%
41 2009 ඔක්තෝබර් 12 38.1% 39.9% 38.1% 40.3%
42 2009 ඔක්තෝබර් 13 38.0% 38.8% 37.9% 40.2%
43 2009 ඔක්තෝබර් 19 38.3% 38.8% 37.2% 39.3%
44 2009 ඔක්තෝබර් 20 37.6% 38.7% 37.8% 40.4%
45 2009 ඔක්තෝබර් 26 39.3% 41.5% 38.3% 40.9%
46 2009 ඔක්තෝබර් 27 40.8% 43.0% 39.4% 42.3%
47 2009 නොවැම්බර් 2 41.7% 43.7% 39.6% 42.1%
48 2009 නොවැම්බර් 3 42.4% 44.1% 40.2% 42.6%
49 2009 නොවැම්බර් 9 44.9% 46.7% 43.6% 45.8%
50 2009 නොවැම්බර් 10 44.4% 46.1% 43.3% 45.7%
51 2009 නොවැම්බර් 16 42.3% 44.4% 39.0% 42.2%
52 2009 නොවැම්බර් 17 37.7% 39.1% 38.1% 41.1%
53 2009 නොවැම්බර් 23 35.0% 36.1% 34.8% 37.4%
54 2009 නොවැම්බර් 24 36.5% 38.3% 34.1% 36.8%
55 2009 නොවැම්බර් 30 35.3% 36.0% 35.3% 37.8%
56 2009 දෙසැම්බර් 1 36.9% 38.0% 34.5% 37.4%
57 2009 දෙසැම්බර් 7 38.0% 39.1% 34.0% 36.2%
58 2009 දෙසැම්බර් 8 36.2% 37.9% 34.4% 35.7%
59 2009 දෙසැම්බර් 14 35.8% 36.4% 32.3% 33.9%
60 2009 දෙසැම්බර් 15 35.8% 37.4% 32.8% 34.5%
61 2009 දෙසැම්බර් 21 35.1% 37.1% 32.3% 34.5%
62 2009 දෙසැම්බර් 22 37.7% 39.7% 35.7% 38.5%
Special 2009 දෙසැමබ්ර් 28 12.5% 12.3% 13.4% 14.7%
සාමාන්‍යය 35.1% 36.6% 33.6% 35.8%

රූගත කළ ස්ථාන

[සංස්කරණය]

මෙම නාට්‍යය රූගත කර ඇත්තේ එම්බීසී ඩ්‍රාමියා ටෙලි සිනමා උද්‍යානය, චෝයින්-ගු, යොංගින්, ග්යොංගි පළාතේ හි ය. දොං යි, මූන් එම්බ්‍රසිං ද සන් සහ ජුමොං වැනි කොරියානු ‍ඓතිහාසික නාට්‍යද රූගත කර ඇත්තේ එම ප්‍රදේශයේම ය. [19]

කලා අවසරය (Artistic license)

[සංස්කරණය]

නාට්‍යයේ කථාපුවත සදහා ඓතිහාසික සිදුවීම් නිරූපණය කිරීමේදී සුවිශේෂී කලා අවසරයක් ‍ලබාගෙන ඇත. මෙහි සැලකිය යුතු කරුණක් වන්නේ ජින්ප්යොං රජුගේ රාජ්‍ය කාලය දශක දෙකක කාලයක් අක්වා කෙටි කොට තිබීමයි. එසේම මෙහි සොංදොක් රැජින උපත ලබන්නේ රජුගේසිංහාසනාරූඪත්වයෙන් වසරක් තුළයි. (ඇගේ සැබෑ උපන්දිනය නොදනී) එසේම මෙහි පෙර සිටි ජින්හ්යුං රජුගේ රාජ්‍ය කාලයද ඒ හා සමාන කාලයක් දීර්ඝව දක්වා ඇති අතර ඔහු මරණයට පත්වන විට බොහෝ වියපත්ව දක්වා ඇත. මේ නිසා ජින්හියුං රජ සමයේ සහ රැජින රාජකීය කුමරියකව සිටි සමයේ මීෂිල් සහ තව.ත් ප්‍රමුඛ චරිත වඩාත් ඉස්මතු වී පෙනේ. [20][21] එසේම මෙහි කුමරිය කිම් යූෂින් සහ බිදාම් සමවයසේ සිටින බව දක්වා ඇතත් එය ඓතිහාසිකව සනාථ නොවූවකි. ‍එසේම මෙහි කථාපුවතේ ඇති තවත් වෙනසක් නම් ඇගේ මරණය සිදු වූ දිනයයි. සොංදොක් රැජිනගේ මරණයෙන් දින දහයකට පසු ජින්දොක් රැජින විසින් බිදාම්ට පනවන ලද දඩුවම සහ කිම් අල්චොන්ගේ පත් කිරීම මෙහි නිරූපණය කොට නැත. එසේම මෙම නාට්‍යය තුළ ජින්දොක් රැජින පිළිබදව ද සදහන් නොවී තිබීම පුදුමයකි. එසේම තවත් වැදගත් කරුණක් නම් සැබවින්ම සොන්දොක් රැජින කිසිදින සිල්ලා රාජ්‍යය හැරගොස් නොමැති වීමයි. (ඇයගේ ළමා කාලය මාලිගයේ ගත කළ බවට කථාන්තර ඇත) එසේම ඇය ලතින් බස දැන සිටියේ ද නැත.

රචනා චෞරත්ව මතභේදය

[සංස්කරණය]

2009 දෙසැම්බර් 31වන දින සංස්කෘතික කටයුතු පිළිබදව වූ ග්‍රේට් වර්ක්ස් ලිමිටඩ් සමා‍ගමේ නියෝජිතයකු සහ අප්‍රකට නාට්‍ය පිටපත් රචිකාවක වූ කිම් ජි-යොං විසින් MBC සමාගමට සහ පිටපත් රචක කිම් යොං-හ්යුන් සහ පාක් සං-යොන්ට එරෙහිව රචනා චෞරත්වය (plagiarism) යටතේ නඩු පවරන ලද්දේ ඔවුන් විසින් Seondeok, Queen of Mugunghwa නම් සංවිධානය නොකළ සංගීත ප්‍රසංගය වෙනුවෙන් 2005දී නිර්මාණය කළ තිරපිටපත සොරකම් කළ බව පවසමිනි. නමුත් කිම් ප්‍රකාශ කළේ ඇගේ පිටපත සහ තම පිටපත කථාව ගොඩනැගීම සහ චරිත අතර පවතින ආරවුල් සමාන ලෙස නිරූපණය කර ඇති බවයි. එහි දී ප්‍රධාන කාන්ත චරිත ද්විත්වය වන සොංදොක් සහ මිෂිල් අතර අර්බුදය, දියොක්මාන් සහ සෙන්පති කිම් යූෂින් අතර ඇතිවන ප්‍රේමය සහ ළමා දියොක්මාන් කාන්තාරයක සැරිසරන ආකාරය MBC නාට්‍යයේ අන්තර්ගත බවත්, ඒවා ඉතිහාසය මත පදනම් නොවූ ඒවා බවත් තමන් විසින් ඒවා ප්‍රබන්ධ කළ බවත් ඇය පවසයි.. කිම් තවදුරටත් පැවසූයේ තමන් ප්‍රසංගය සදහා මූල්‍යාධාර ලබාගැනීමට Korea Creative Content Agency ආයතනය සමග තම පිටපත් කිහිපයක් හුවමාරු කළ බවත්, එහි දී ඇගේ කථාවේ අනතර්ගතය පිටතට යන්නට ඇති බවත් ය. [22] එසේම නාට්‍යයේ විකාශය නැවැත්වීමට තමන් ලබාගෙන තිබූ නිරොධාඥාව ඉවත් කර ගැනීමට කිම් වොන් මිලියන200ක වන්දියක්ද ඉල්ලා සිටියා ය. නිරොධාඥාව ඉවත් වීමෙන් අනතුරුව ක්වීන් සොන්දොක් නාට්‍යය 2009 මැයි මස සිට දෙසැම්බර් මස දක්වා විකාශය විය. නමුත් එහි ප්‍රකාශන හිමිකම් අයිතිය උල්ලංඝනය පිළිබද ගැටලුව දිගටම පැවතිණි.

MBC මාධ්‍ය ජාලය සහ නාට්‍යයේ තිර රචකයන් පවසා සිටියේ තමන් කිම්ගේ පිටපත පිළිබද නොදැන සිටි බවයි.[23] 2008 මැයි මසMBC සමාගම විසින් එහි ප්‍රකාශන අයිතිය ලබාගෙන තිබිණි. කිම් විසින් විශේෂඥ සහාය ඉල්ලා සිටි පසු සෝල් දකුණු දිස්ත්‍රික් අධිකරණය විසින් සෝල් ජාතික විශ්වවිද්‍යාලයේ නීති සහ තාක්ෂණ මධ්‍යස්ථානය වෙත මේ පිළිබද විමර්ශනය කරන මෙන් පවසා සිටියේ ය. “පිටපත් මරණ පරීක්ෂාව” ("script autopsy,") නම් ක්‍රියාවලියකින් පසු මධ්‍යස්ථානය විසින් පිටපත් දෙකෙහි සමාන අන්තර්ගතයන් පරීක්ෂා කරයි. එහිදී විශ්වවිද්‍යාල ඉතිහාසඥයන් විසින් චරිත සහ කථාතේමාවන් අතර ඇති ඓතිහාසික තොරතුරු සහ ඒවා සාහිත්‍යමය නිර්මාණවලදී වෙනස් කර ඇති අකාරය පිළිබද අධ්‍යයනය කරනු ලබයි ඉන් පසු මධ්‍යස්ථානය විසින් ප්‍රකාශන අයිතිය පිළිබද ඇගයීමක් සිදුකළ පසු අධිකරණය සිය අවසන් තීරණය දැනුම්දෙනු ලබයි. [24] 2011පෙබරවාරි මසදී සෝල් ජාතික විශ්වවිද්‍යාලයේ නෛතික හා තාක්ෂණික මධ්‍යස්ථානය මගින් මෙය රචනා චෞරත්වයක් බව තහවුරු කරන ලදී. [25]

2012 දෙසැම්බර් මස පැමිණිලිකාර පාර්ශ්වයේ කිම් ජි-යොංට පක්ෂපාතීව මහාධිකරණ තීන්දුව ලැබුණු අතර ක්වීන් සොන්දොක් යනු ‍රචනා ‍චෞරත්වයක් නිසා MBC ආයතනයට වොන් මිලියන 200 (ඇමරිකන් ඩොලර් 186,000)ක දඩයක් නියම කරන ලදී. එහිදී ප්‍රකාශ වූයේ චරිත සහ කරුණුවල යම් වෙනසක් තිබුණද "සමස්ත කථාවම එකම බවයි" එසේම "ආයතනය විසින් සිය නාට්‍යය නිර්මාණයට සිය පිටපත සහ සංගීත ප්‍රසංගයේ පිටපත යොදාගෙන ඇතිබව"යි.[26] මීටඅමතරව කේබල් රූපවාහිනී සහ අන්තර්ජාලය මෙහි නැවත විකාශය කිරීම්, DVD සහ පොත් නිර්මාණය කිරීම ද තහනම් කෙරිණි.[27]

සම්මාන

[සංස්කරණය]
2009 MBC නාට්‍ය සම්මාන[4]
2010 කොරියානු නිෂ්පාදකයන්ගේ සහ අධ්‍යක්ෂකයන්ගේ සම්මාන (PD Awards)
2010 46වන බෙක්සං කලා සම්මාන උළෙල[28]
2010 37වන කොරියානු විකාශන සම්මාන
2010 5වන (2010 5th සෝල් අන්තර්ජාතික නාට්‍ය සම්මාන උළෙල[29]
  • හොදම මාලා නාට්‍යය
  • කැපීපෙනෙන කොරියානු නාට්‍ය අංශය- කැපීපෙනෙන කොරියානු නිළිය: ගෝ හ්යුන්-ජුං
  • කැපීපෙනෙන කොරියානු නාට්‍ය අංශය- කැපීපෙනෙන කොරියානු පිටපත් රචකයා: කිම් යොං-හ්යුන්, පාක් සං-යොන්

අන්තර්ජාතික විකාශය

[සංස්කරණය]
  • ශ්‍රී ලංකාව මෙම නාට්‍යය 2015 ජූලි මස සිට ජාතික රූපවාහිනිය මගින් “ජනහිතකාමී රැජිනිය” යන නාමය යටතේ විකාශය කරන ලදී.[30]
  • Thailand 2010 අප්‍රේල් මස සිට තායිලන්තයේ Channel 3 නාළිකාව මගින්, ซอนต็อก มหาราชินีสามแผ่นดิน (සොන්දොක් මහා රාජිනී සම් පන්දින් ) යන නාමය ය‍ටත් මෙම නාට්‍යය විකාශනය කරන ලදී..[31]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ Han, Sang-hee (9 May 2009). "New Epic Drama to Bring Rivalry, Love to TV". The Korea Times. සම්ප්‍රවේශය 2013-04-01.
  2. ^ Yoon, Ina (30 December 2009). "REVIEW: Queen Seon-deok - Final episode". 10Asia. සම්ප්‍රවේශය 2013-06-18.
  3. ^ Kim, Lynn (23 December 2009). "TV series Seon-deok makes proud exit". 10Asia. සම්ප්‍රවේශය 2013-04-01.
  4. ^ a b Park, So-yeon (31 December 2009). "Ko Hyun-joung wins grand prize at MBC Acting Awards". 10Asia. සම්ප්‍රවේශය 2013-04-01.
  5. ^ Lee, Ga-on (8 June 2011). "INTERVIEW: Actress Lee Yo-won - Part 1". 10Asia. සම්ප්‍රවේශය 2013-04-01.
  6. ^ Lee, Ga-on (8 June 2011). "INTERVIEW: Actress Lee Yo-won - Part 2". 10Asia. සම්ප්‍රවේශය 2013-04-01.
  7. ^ Han, Sang-hee (3 August 2009). "Supporting Roles Stealing Spotlight". The Korea Times. සම්ප්‍රවේශය 2013-04-01.
  8. ^ "Ko Hyun-jung Talks About Changes On Screen and Off". The Chosun Ilbo. 6 June 2009. සම්ප්‍රවේශය 2013-04-01.
  9. ^ Choi, Ji-eun (4 November 2009). "Mi-shil does not raise her voice: A look into Ko Hyun-jung's character from TV series Queen Seon-deok". 10Asia. සම්ප්‍රවේශය 2013-06-18.
  10. ^ Choi, Ji-eun (4 November 2009). "Kim Yu-shin has zero versatility: A look into Uhm Tae-woong's character in TV series Queen Seon-deok". 10Asia. සම්ප්‍රවේශය 2013-06-18.
  11. ^ Choi, Ji-eun (11 January 2010). "INTERVIEW: Actor Uhm Tae-woong (Part 1)". 10Asia. සම්ප්‍රවේශය 2013-04-01.
  12. ^ Choi, Ji-eun (11 January 2010). "INTERVIEW: Actor Uhm Tae-woong (Part 2)". 10Asia. සම්ප්‍රවේශය 2013-04-01.
  13. ^ Choi Ji-eun, Wee Geun-woo (4 November 2009). "INTERVIEW: Kim Nam-gil from Seon-deok (Part 1)". 10Asia. සම්ප්‍රවේශය 2013-04-01.
  14. ^ Choi Ji-eun, Wee Geun-woo (4 November 2009). "INTERVIEW: Kim Nam-gil from Seon-deok (Part 2)". 10Asia. සම්ප්‍රවේශය 2013-04-01.
  15. ^ Choi Ji-eun, Wee Geun-woo (4 November 2009). "INTERVIEW: Kim Nam-gil from Seon-deok (Part 3)". 10Asia. සම්ප්‍රවේශය 2013-04-01.
  16. ^ Choi, Ji-eun (4 November 2009). "Mi-saeng loves his sister: A look into Jung Woong-in's character in TV series Queen Seon-deok". 10Asia. සම්ප්‍රවේශය 2013-06-18.
  17. ^ TNmS Multimedia Homepage(කොරියානු)
  18. ^ AGB Nilson Media Research Homepage සංරක්ෂණය කළ පිටපත 2015-02-08 at the Wayback Machine(කොරියානු)
  19. ^ Lee, Cin Woo (16 March 2012). "Beyond Seoul: 19 reasons to explore Korea". CNN Go. සම්ප්‍රවේශය 2013-04-01.
  20. ^ Sohn, Byung-woo (June 2011). "The Historical Drama Queen Seondeok: Imaginary Memory of an Ancient Heroine". The Review of Korean Studies Volume 14 Number 2. සම්ප්‍රවේශය 2013-06-18.
  21. ^ Szczepanski, Kallie. "Queen Seondeok of Korea's Silla Kingdom". About.com - Asian History. සම්ප්‍රවේශය 2013-06-18.
  22. ^ Kim, Jeen-kyung (19 January 2010). "MBC refutes Seondeok plagiarism allegations". Korea JoongAng Daily. සම්ප්‍රවේශය 2013-06-18.
  23. ^ "Writer Kim Yeong-hyeon of Queen Seon-deok, "I am not a thief"". Hancinema. 26 December 2012. සම්ප්‍රවේශය 2013-06-18.
  24. ^ Shim, Seo-hyun (8 November 2010). "Profs playing plagiarism detectives". Korea JoongAng Daily. සම්ප්‍රවේශය 2013-06-18.
  25. ^ "SNU confirms plagiarism for Queen Seondeok drama". Korea JoongAng Daily. 17 February 2011. සම්ප්‍රවේශය 2013-06-18.
  26. ^ Sunwoo, Carla (27 December 2012). "2009 MBC drama work of plagiarism". Korea JoongAng Daily. සම්ප්‍රවේශය 2013-06-18.
  27. ^ "Drama Queen Seon Duk Is Found Guilty of Plagiarism Three Years After Its Broadcast". Soompi. 25 December 2012. සම්ප්‍රවේශය 2013-04-02. {{cite web}}: Check date values in: |date= (help); no-break space character in |date= at position 3 (help)
  28. ^ Kim, Lynn (29 March 2010). "Ko Hyun-jung, Haeundae win grand prize at PaekSang Arts Awards". 10Asia. සම්ප්‍රවේශය 2013-04-01.
  29. ^ "The Slave Hunters Wins Seoul International Drama Award". KBS Global. 24 August 2010. සම්ප්‍රවේශය 2013-06-18.
  30. ^ මෙම නාට්‍යය "Sri Lanka"ව තුළ 2015 ජූලි මස සිට "ජාතික රූපවාහිනිය" මගින් “ජනහිතකාමී රැජිනිය” යන නාමය යටතේ විකාශය කරන ලදී.http://www.rupavahini.lk/dubbed-programmes/family-series.html
  31. ^ "เรื่องย่อ ซอนต็อก มหาราชินีสามแผ่นดิน Queen Seon Deok". Kapook.com. 16 August 2015. තායි: ภาษาไทย

අමතර සබැදුම්

[සංස්කරණය]