යොන්ගින් දේජංගුම් උද්‍යානය
පිහිටීම | යොන්ගින්, ග්යොංගි, දකුණු කොරියාව |
---|---|
ඛණ්ඩාංක | 37°07′16″N 127°20′13″E / 37.121202°N 127.337052°Eඛණ්ඩාංක: 37°07′16″N 127°20′13″E / 37.121202°N 127.337052°E |
තේමාව | සම්ගුක් ගොර්යෝ ජොසොන් |
හිමිකරු | මුන්හ්වා විකාශන සංස්ථාව |
විවෘත | ජුනි 21, 2011 |
පෙර හැඳින්වූ නම් | MBC ඩ්‍රාමියා (හංගුල්: MBC 드라미아) |
භූමි ප්‍රමාණය | 2,500,000 square metres (250 ha) |
වෙබ්අඩවිය | djgpark.imbc.com |
තත්ත්වය | ක්‍රියාකාරී |
යොන්ගින් දේජංගුම් උද්‍යානය (හංගුල්: 용인 대장금 파크; lit. යොන්ගින් දේ ජං ගුම් උද්‍යානය), හෙවත් මින් පෙර එම්බීසී ඩ්‍රාමියා (හංගුල්: MBC 드라미아), යනුවෙන් හැඳින්වූයේ දකුණු කොරියාවේ ග්යොංගි පළාතේ යොන්ගින් නගරයේ පිහිටි, මුන්හ්වා විකාශන සංස්ථාවට අයත් එළිමහන් චිත්‍රපට පසුතලයකි.
පසුබිම
[සංස්කරණය]2005 දී නිර්මාණය වූ මෙය,[1] 2,500,000m² ක වපසරියකින් යුක්ත ය.[2] ඉන් සැබෑ පසුතල ඇත්තේ 165,000 m2 භූමි ප්‍රමාණයක ය.[3] මෙම සංකීර්ණය තුළ සම්ගුක්, ගොර්යෝ සහ ජොසොන් යුගවල ගොඩනැගිලි අනුකරණය කරමින් තැනූ ස්ථිර පසුතල දක්නට ලැබේ. මෙය හල්ල්යු උදෙසා ක්‍රියාකාරී ස්ථානයක් ද වේ.[4] මෙහි නාමය වන එම්බීසී ඩ්‍රාමියා යන්න නිර්මාණය කොට ඇත්තේ “drama" සහ "utopia" යන වදන් සංයුක්ත කිරීමෙනි. මූන් එම්බ්‍රසිං ද සන්, දොං යි සහ ක්වීන් සොන්දොක් වැනි ඓතිහාසික නාට්‍ය මාලා රූගත වූයේ මෙහි ය.[5]
2011 ජූනි 21 දින මෙම සංකීර්ණය ප්‍රථම වරට නරඹන්නන් සහ සංචාරකයන්ට විවෘත කෙරිණි.[3] මෑතක දී, එනම් 2015 දී ප්‍රවර්ධන හේතූන් මත මෙම උද්‍යානය යොන්ගින් දේජංගුම් උද්‍යානය ලෙස නම්කෙරුණේ එම්බීසී නාලිකාවේ 2003 ඓතිහාසික නාට්‍යයක් වූ දේ ජං ගුම් හි ප්‍රධාන චරිතය ආශ්රයෙනි.[6]
යොන්ගින් එම්බීසී දේජංගුම් උද්‍යානයෙහි රූගත කළ වැඩසටහන්
[සංස්කරණය]පහත රූපවාහිනී කතාමාලා රූගත කෙරුණේ යොන්ගින් එම්බීසී දේජංගුම් උද්‍යානයේ ය:[7]
- ශින් දොන් (2005)
- ජුමොං (2006)
- යි සන් (2007)
- ක්වීන් සොන්දොක් (2009)
- දොං යි (2010)
- ද ඩුවෝ (2011)
- ග්යේබෙක් (2011)
- මූන් එම්බ්‍රසිං ද සන් (2012)
- මූෂින් (??) (2012)
- ඩොක්ටර් ජින් (2012)
- අරාං ඇන්ඩ් ද මැජිස්ට්‍රේට් (2012)
- ද කිං'ස් ඩොක්ටර් (2012)
- හුර් ජුන්, දි ඔරිජිනල් ස්ටෝරි (2013)
- ගු ෆැමිලි බුක් (2013)
- ගොඩස් ඔෆ් ෆයර් (2013)
- ද කිං'ස් ඩෝටර්, සූ බෙක්-හ්යං (2014)
- එම්ප්‍රස් කි (2014)
- ට්‍රයෑන්ගල් (2014)
- ද නයිට් වොච්මන්'ස් ජර්නල් (2014)
- ශයින් ඕ ගෝ ක්‍රේසි (2015)
- ස්ප්ලෙන්ඩිඩ් පොලිටික්ස් (2015)
- ස්කොලර් හූ වෝක්ස් ද නයිට් (2015)
- ස්ප්ලෑෂ් ස්ප්ලෑෂ් ලව් (2015)
- ජං යොං-සිල් (2016)
- ෆ්ලවර්ස් ඔෆ් ද ප්‍රිසන් (2016)
- ද රෙබල්: තීෆ් හූ ස්ටෝල් ද පීපල් (2017)
- දි එම්පරර්: ඕනර් ඔෆ් ද මාස්ක් (2017)
- ද කිං ඉන් ලව් (2017)
- ද ක්රවුන්ඩ් ක්ලවුන් (2019)
- හේචි (2019)
- එක්ස්ට්‍රාඕඩිනරි යූ (2019)
- මයි කන්ට්‍රි (2019)
වෙනත් භාවිතා
[සංස්කරණය]සංගීත වීඩියෝ
[සංස්කරණය]- Stray Kids - “Double Knot (ඉංග්‍රීසි ප්‍රභේ.)” Performance Video (2020)
- Agust D (බීටීඑස් සුගා) - Daechwita (2020)
ගැලරිය
[සංස්කරණය]මේවාත් බලන්න
[සංස්කරණය]ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ "MBC Dramia". Korea Tourism Organization. සම්ප්‍රවේශය 2014-01-12.
- ^ "Introduction". MBC Dramia. January 12, 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-01-12.
- ^ a b "Shooting scenes in Gyeonggi Province". Gyeonggi Women’s Information Webzine Woori. 2012-07-05. January 12, 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-01-12.
- ^ "Yongin MBC Dramia". KOBIZ. සම්ප්‍රවේශය 2014-01-12.
- ^ "Beyond Seoul: 19 reasons to explore Korea". CNN Travel. 2012-03-16. සම්ප්‍රවේශය 2014-01-02.
- ^ "Must-Visit Places for 'The Sun and The Moon' Fanatics". MWAVE. 2012-03-19. සම්ප්‍රවේශය 2014-01-12.
- ^ "Dramas Shot in Dramia". MBC Dramia. සම්ප්‍රවේශය 2016-01-17.
බාහිර සබැඳි
[සංස්කරණය]Yongin Daejanggeum Park හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත