දේශපාලන පක්ෂ

විකිපීඩියා වෙතින්
(දේශපාලන පක්ෂය වෙතින් යළි-යොමු කරන ලදි)
The members of political parties coordinate to collectively achieve and use political power.

දේශපාලන පක්ෂයක් (ඉංග්‍රීසි:  political party) යනු මැතිවරණ ව්‍යාපාරයන්හී යෙදෙමින් රජයක් තුල දේශපාලන බලතල ලබාගැනිම ට උත්සාහ කරන දේශපාලන සංවිධානයකි. මොවුන් සාමාන්‍යයෙන් මත වාදයක් සහ දෘෂ්ටියක් දරන අතර සමහර විට විවිධ මත දරන කණ්ඩායම් ගණනක එකතුවක්ද විය හැක. සිය දේශපාලන අදහස් හසුරවමින් සහ ප්‍රචාරකරමින් ඡන්දය ලබාගැනිම මේවා සිදූ කරයි.

නිර්වචන[සංස්කරණය]

දේශපාලන විද්‍යව තුල පක්ෂ සදහා නිර්වචන ගණනාවක් පවති. මුල් නිර්වචන අවධානය යොමුකලේ පක්ෂවල ආයතනික ස්වභාවය,කාර්යයන් සහ පාර්ශවගතිය පළිබද වයි. ‘ තෝටිස් ඔන් ද කෝස් ඔෆ් ප්‍රසන්ට් ඩිස්කන්ටෙන්ට් ’ නම් 1770 වේ මුද්‍රිත කෘතියේ එඩ්මන් බර්ක් විසින් පහත නිර්වචනය සදහන් කරනු ලැබ ඇත. දේශපාලන පක්ෂයක් යනු එකගවූ ප්‍රතිපත්ති මත එකමුතුව ජාතික අභිලාෂය වෙනුවෙන් කටයුතුකරන පුද්ගල සමූහයකි. 1816 දී බෙන්ජමින් කොන්ස්ටන්ට් මතවාදාත්මක නිර්වචනයක් ඉදිරිපත් කල නමුත් එය මෙතෙක් කල අදළව පැවතියේ අවස්ථාවාදී හෝ ප්‍රයෝජ්‍ය පක්ෂ සදහා නොව මතවාදාත්මක පවුල් වලට අයත් පක්ෂ සඳහා පමණ. ඔහුට අනුව දේශපාලන පක්ෂයක් යනු එකම දේශපාලන මතය දරන මිනසුන් ගේ එක්වීමකි. මාක්ස්වාදීන් සිය මතවාදයේ ප්‍රධාන අදහස වන සිය ගැටුම ආශ්‍රිතව දේශපාලන පක්ෂයක් නිර්වචන කරනුයේ සමාජ පන්තියක සවිඥනක මූලාංග වල එකතුවක් ලෙසනි.

මැක්ස් වේබර් බර්ක්ගේ අදහස පිළිගනිමින් එය වඩාත් සංවර්ධනය කළේ භෟතික ආශාවන් උදෙසා ක්‍රියාකරන පිරිස්ද නිර්වචනට ඇතුලු කරමින් ඔහුට අනුව පක්ෂයක් යනු නොමිලේ බඳවා ගැනිම මත පදනම් වූ නෑ කමකි. එහි අරමුණ වනුයේ සිය පරමාදර්ශය උදාකර ගැනිම සදහා භෞතික ආශාවන් සපුරා ගැනිම සදහා නායකයන්ට බලය ලබා ගැනිමය. දෙවන ලෝක යුද්ධයෙන් පසු දේශපාලන විද්‍යාඥයෝ වැඩි අවදානය යොමු කලේ පක්ෂවල තාක්ෂණික ස්වරූප සහ මැතවරණ කාර්යයන් පළිබදවය. ඇන්තනි ඩවුන්ස්ට අනුව දේශපාලන පක්ෂයක් යනු මැතිවරණයක දී ජන ජය ලබා රාජ්‍ය පාලනය කිරීමේ චේතනාව සහත පුද්ගල කණ්ඩායමක. සාම්ප්‍රධායික දේශපාලන විද්‍යාඥයෝ අවධානය යොමු කළේ දේශපාලන පක්ෂ මැතිවරණ අපේක්ෂත්වය ප්‍රචාරනය කරන ක්‍රමවේදයන් ලෙසය. ක්‍රොටීට අනුව දේශපාලන පක්ෂයක් යනු ප්‍රතිපත්ති හා පද්ධතින් පළිබදව ජනතාව දැනුවත් කරන, මහජනපාලනය සදහා පුද්ගලයන් බඳවාගන්නා සහ පොදුජනතාව සහ රාජ්‍ය තින්දු ගන්නා පුද්ගලයන් අතර සම්බන්ධතාවක් ගොඩ නංවන විධිමත් සංවිධානයකි.

එසේම කෝල්මන්ට අනුව දේශපාලන පක්ෂයක් යනු තවත් ඒ හා සමාන සංවිධාන සමග කාලානුරූප මැතිවරණ වලදී තරග වදිමින් විධිමත් රාජ්‍ය යාන්ත්‍රණයට සහභාගි වී රාඡ්‍යයේ පිරිස් සහ ප්‍රතිපත්ති වලට බලපෑම් කිරීමේ අරමුණක් ඇති සංවිධානයකි.

එහෙත් සහභාගි කම දේශපාලන පක්ෂයක අතවශ්‍ය අංගයක් ලෙස සමහර දේශපාලන විද්‍යාඥයෝ වඩා පුළුල් අර්ථයක් ගෙන දෙමින් පවසන්නේ දේශපාලන පක්ෂයක් යනු රාජ්‍ය බලය පාලන කිරීම සහ ජනතා සහ යෝග සදහා වෙනත් මත දරන කණ්ඩායම් සමග තරග කරන සමාජයේ ක්‍රයාකාරී දේශපාලාන කාරකයන්ගේ එකමුතු බවය.

තවද, බොහෝ රටවල සර්වජන ඡන්ද බලය මැතිවරන පැවැත්වීමට ප්‍රතම දේශපාලන පක්ෂ බිහිවිය හැක.

සූර්යාදිනාත පවසන ආකාරයට බටහිර සමාජ වල බිහිවී ඇති නිර්වචන වලට බටහිර නොවන සමාජවල ඇත්තේ සිමිත භාවිතාවකි. ඔහු පවසන්නේ සංවිධානයේ කාර්යයන් ඉතා වැදගත් වන බැවින්,එම සංවිධානයට තමන්ව දේශපාලන පක්ෂයක් ලෙස හඳුනාගැනිමට වඩා වැදගත් වන්නේ දේශපාලන කාර්යයන් මුල් කර ගනිමින් ගොඩනැගිම බවය.

ආශ්‍රිත[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=දේශපාලන_පක්ෂ&oldid=598660" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි