හමුදා නීතිය

විකිපීඩියා වෙතින්

හමුදා නීතිය යනු ආරක්‍ෂක හමුදා සාමාජිකයන්ට අදාල වන්නාවූ විශේෂ නීති ක‍්‍රමයකි. බොහෝ රටවල් සිය පුරවැසියන්ට අදාල නොවන නමුත් හමුදාවට පමණක් අදාලවන විශේෂ අතිරේක නීතීන්ගෙන් සමන්විත නීති ක‍්‍රමයකට හිමිකම් කියයි. හමුදා විනය, නීත්‍යානුකූල අණදීමක් ලෙස සැලකිය හැක්කේ හා සැලකිය නොහැක්කේ කුමක්ද සහ හමුදා සේවයේ නිරත අයකුගේ බැඳිම් යනාදිය සම්බන්ධයෙන් හමුදා නීතිය කටයුතු කරයි.

හමුදා නීතිය හමුදා යුක්තිය ලෙසින්ද හැඳින්වෙයි. එය සිවිල් අධිකාරයට ආදේශකයක් ලෙස සිවිල් පුරවැසියන් මත හමුදා ආධිපත්‍යය පැනවීමද සමහර අවස්ථාවන්හිදී සිදුවිය හැකි අතර මෙම තත්වය යුද්ධ නීතිය ලෙසින් හැඳින්වේ. හදිසි අවස්ථාවන්, යුධ හෝ සිවිල් නොසන්සුන්තාවයන් පවත්නා අවස්ථාවලදී යුධ නීතිය පනවනු ලැබිය හැක. යුධ නීතිය පනවනු ලබන අවස්ථාවන්, එය පැනවීම සහ එය කෙතෙක් කාළයක් පවත්වාගෙන යා හැකිද ආදිය සම්බන්ධ සීමාවන් බොහෝ රටවල්වල නීතියේ දක්වා ඇත.

යුධ නීතිය ප‍්‍රකාශයට පත්කිරිම සිය පාලනයන් බලාත්මක කිරීම සඳහා බොහෝ අවස්ථාවන්හිදී ඒකාධිපති පාලකයෝ, විශේෂයෙන්ම හමුදා පාලකයෝ සිදුකරති.

හමුදාමය සංවිධානය[සංස්කරණය]

රටක හමුදා බලකායක් යනු එරට රජයට අනුග්‍රහය දක්වන ආරක්ෂක සහ සටන් බලකායන් වන අතර ඔවුන් රජය වැඩි දුරටත් බලාපොරොත්තුවන අභිප්‍රායන් සාක්ෂාත් කර දෙති. සමහර රටවල ජාතික හමුදා බලකායන් තුළ යුධ හමුදා බල ඇණිවලට සම‍ාන බලකායන් ද ඇතුළත්ය.

ප්‍රජාතන්ත්‍රවාදී සහ අනෙක් බොහෝ ආණ්ඩු ක්‍රම පවත්නා රටවල හමුදාවන් සිවිල් රාජ්‍යය දෙපාර්තමේන්තුවක් හරහා රජයන්‍ට සම්බන්ධිතය. බොහෝ විට මෙම දෙපාර්තමේන්තු, ආරක්ෂක දෙපාර්තමේන්තුව, යුධ දෙපාර්තමේන්තුව හෝ ආරක්ෂක අමාත්‍යාංශය ලෙස හඳුන්වනු ලබයි.

"https://si.wikipedia.org/w/index.php?title=හමුදා_නීතිය&oldid=349304" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි