පරිපාලන නීතිය

විකිපීඩියා වෙතින්
එක්සත් ජනපදයේ පරිපාලන නීතිය බෝහෝදුරට ස්වාධීන නියෝජිතායතනයන් ලෙස හැඳින්වෙන පෙඩරල් වෙළඳ කොමිසම වැනි ආයතනයන් සමඟ බැඳී පවතී. මෙහි දැක්වෙන්නේ වොෂින්ටනයේ පිහිටා ඇති පෙඩරල් වෙළඳ කොමිසමේ මූලස්ථානයයි.

පරිපාලන නීතිය යනු රජයේ පරිපාලන නියෝජිතායතනයන්ගේ කි‍්‍රයාකාරකම් පාලනය කරන නීතියේ අංගයයි. රජයේ නියෝජිතායතන කි‍්‍රයාකාරකම් යටතට රීති සැකසීම තීරණ ගැනීම හෝ විශේෂිත නියාමන වැඩසටහන් කි‍්‍රයාවට නැංවීම යනාදිය ඇතුලත් වියහැක. පරිපාලන නීතිය පොදු නීතියේ කොටසක් ලෙස සැලකෙයි. නීතියේ අංගයක් ලෙස පරිපාලන නීතිය පොලිස් නීතිය, ජාත්‍යන්තර වෙළඳාම, නිෂ්පාදන, පරිසරය, බදුකරණ, විදුලි සන්දේශනය ආගමන සහ ප‍්‍රවාහන වැනි ක්ෂේත‍්‍රයන්හි ජාතික නියාමන ක‍්‍රමවේදයේ කොටසක් ලෙස රජයේ පරිපාලනමය ඒකකයන්හි (උදා. විනිශ්චය සභා මණ්ඩල හෝ කොමිසම්) තීරණ ගැනීම් සම්බන්ධයෙන් එය කටයුතු කරයි විසිවන සියවසේදී වර්ධනය වන සංකීර්ණ සමාජ, ආර්ථික සහ දේශපාලන විෂය පථයන් තුල මිනිසාගේ කි‍්‍රයාකාරීත්වය නියාමනය කිරීම සඳහා ලෝකය පුරාම පරිපාලන නීතිය විහාල වශයෙන් ව්‍යාප්ත වූ අතර ව්‍යවස්ථාදායක මණ්ඩලයන් අලූතින් රජයේ නියෝජිතායතනයන් නිර්මාණය කිරීමත් සමඟ පරිපාලන නීතියද විශාල වශයෙන් ව්‍යාප්ත විය.

"https://si.wikipedia.org/w/index.php?title=පරිපාලන_නීතිය&oldid=465099" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි