අන්ත-වාමාංශික දේශපාලනය

විකිපීඩියා වෙතින්

අන්ත-වාමාංශික දේශපාලනය යනු වම්-දකුණු දේශපාලන ප්‍රේක්ෂාවලියෙහි සම්මත දේශපාලනික වමට වඩා වමට බරවූ දේශපාලනික මතවාදයි. මෙම යෙදුමට එක් සංගත නිර්වචනයක් නොමැති අතර, ඇතැම් විද්වතුන් එය සමාජ ප්‍රජාතන්ත්‍රවාදයට වඩා වාමාංශික මත සඳහා ද, වෙනත් විද්වතුන් එය කොමියුනිස්ට්වාදයට වඩා වාමාංශික මත හැඳින්වීමට ද භාවිතා කරයි. විශේෂයෙන්ම ප්‍රවෘත්ති මාධ්‍ය තුල, "අන්ත වම" යන යෙදුම අධිකාරවාදය, අරාජකවාදය, කොමියුනිස්ට්වාදය සහ මාක්ස්වාදය වැනි මතවාද සමග බැඳී පවතී. අන්ත-වාමාංශික ත්‍රස්තවාදය යනු අන්තවාදී, සටන්කාමී හෝ කැරලිකාරී කණ්ඩායම් විසින් ඔවුන්ගේ අන්ත-වාමාංශික දේශපාලනික අරමුණු ඉටු කර ගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද වෙනුවට දේශපාලනික ප්‍රචණ්ඩත්වය යොදා ගැනීමයි.