දහම් චින්තා

විකිපීඩියා වෙතින්

මහා සතර සතිපට්ඨාන සුත්‍ර විග්‍රහය[සංස්කරණය]

මහා සතර සතිපට්ඨාන සුත්‍රයේ විසි එක්වරක් අවධාරණය කෙරෙන කොටසක් තිබේ. ආර්ය මාර්ගයට පැමිණිමට බලාපොරොත්තු වන ඕනෑම කෙනෙන්ක් මේ සුත්‍ර කොටස හොඳින් අවභොඩ කොට ගත යුතුවේ.

"අනිස්සිතොච විහරති නච කිංචි ලෝකේ උපාදෙති" අපේ සිතේ ඇතිවන් කැමැත්ත හෝ අකමැත්ත යන වේගය අනුව දෙයක් උපාදානය කොටගනී. අප කැමැත්තට අනුව පැවැත්විය හැකි දෙයක් මේ ලෝකය තුල නැත. මෙම පාඨය තනි වාක්‍යකින් දැක්වුවද එහි අන්තර්ගතය තුල ආනපාන පියවර හතක් ඇතුලත් වේ.

අනිච්චානු පස්සි විහරති - නිච්ච සංඥා පජාති

දුක්කානු පස්සි විහරති - සුඛ සංඥා පජාති

අනත්තානු පස්සි විහරති - ඇත්ත සංඥා පජාති

නිබ්භිතානු පස්සි විහරති - අභිනන්දී සංඥා පජාති

විරාගානු පස්සි විහරති - රාග සංඥා පජාති

නිරෝධානු පස්සි විහරති - සමුදය සංඥා පජාති

පටිනිස්සග්ගානු පස්සි විහරති - සබ්භුපති පජාති

ආලවක සූත්‍රය[සංස්කරණය]

කථංසු තරතී ඔඝං - ඕඝයන් කෙසේ තරණය කෙ‍රේද?

කථංසු තරති අණ්ණවං - සාගරයෙන් කෙසේ ඔතෙරවේද?

කථංසු දුක්ඛං අච්චේති - කෙසේ දුක ඉක්මවයිද?

කථංසු පරිසුංජති. - කෙසේ පිරිසිදු වේද?


සද්ධාය තරතී ඔඝං - සද්ධාවෙන් ඔඝය තරණය කෙරේ.

අප්පමාදේන අණ්ණවං - අප්පමාදයෙන් සාගරය තරණය කෙරේ.

විරියේන දුක්ඛං අච්චේතී - වීරියෙන් දුක ඉක්මවයි.

පඤ්ඤාය පරිසුජ්ඣතී - ප්‍රඥාවෙන් පිරිසිදු බව වෙයි. - (ආලවක සූත්‍රය -ඛුද්දක නිකාය, සුත්ත නිපාත.)

ධම්ම සාකච්ඡා[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=දහම්_චින්තා&oldid=347064" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි