සල ගොවිතැන

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
කෘෂිකර්මය

සල ගොවිතැන[සංස්කරණය]

ලොව ඉතාම වැදගත්ආර්ථීක කටයුතු වලින් එකක් ලෙස කෘෂිකාර්මය හැදින්විය හැක. ලෝක ජන සංඛාවෙන් 2/3 ක් පමණ කෘෂිකාර්මයේ නියැලී සිටී.මානව ඉතිහාස‍යේ පැරණිතම ආර්ථික ක්‍රියාවලිය ද කෘෂිකාර්මය වේ.වර්තමානයේ ඉතා සංකීර්ණ වූ ද විවිධත්වයකට පත් වී ඇත්තා වූ ද ක්‍රියාවලියක් බවට පත් වෙමින් පවතී.

කෘෂිකර්මය යන්නට දිය හැකි නිර්වචන[සංස්කරණය]

"මානව අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා භූමිය උපයෝගී කර ගනිමින් ශාක හා සත්වයින්ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගැනීම "

කෘෂිකාර්මික අර්ථක්‍රමයන් වැදගත් වන්නේ ඇයි?[සංස්කරණය]

1.ලොව විශාල ජන සංඛාවක් නිරත වී සිටින බහුතරයක‍ගේ ජීවන උපාය මාර්ගයක් වීම හා ආහාර සම්පාදනය කිරීම.

2.ඕනෑම කාර්යයක නිරත වී සිටින අයට අවශ්‍ය ආහාර සම්පාදනය කිරීම.

3.කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සපුරාලීම.

4.රටක ආර්ථීකයේ සෑම අංශයක් සමගම දැඩි සබඳතාවක් දැක්වීම.

5.ලොව භූමි පරි‍භෝජනයෙන් වැඩි කොටසක් අයත් වීම.

6.සෙසු ආර්ථීක කටයුතු වලට වඩා වැඩි වටිනාකමක් කෘෂි නිෂ්පාදන වලට හිමි වීම.

7.ආදි යුගයේ සිට පැවත එන ආර්ථීක ක්‍රියිවලියක් වීම.


කෘෂිකර්මයේ ස්වභාවය කෙසේද?[සංස්කරණය]

කෘෂිකර්මය හා භෞතික සම්පත් අතර දැඩි සබඳතාවක් පවතී.දේශගුණය පස භූමියේ ස්වභාවය යනාදී ‍‍භෞතික සාධක රුසක් මත කෘෂිකර්මය රඳා පවතී. එකී ‍‍භෞතික සාධක කලාපීය වශයෙන් විවිධත්වයක් ගන්නා බැවින්කෘෂිකර්මයේ ද විවිධත්වයක් ඇත..කෘෂිකාර්මික නිෂ්පාදනයන් ම්නිසා නිපදවන අතරමිනිසාගේ සහභාගිත්වය එහි ලා ඉතාම වැදගත්ය.ඔහුගේ රුචි අරුචිකම් හැකියාවන් ,ආකල්ප ,හැකියාවන් ,ශිල්ප ක්‍රම නිෂ්පාදන ‍කෙරෙහි බලපායි.එකී මානව සාධක වල ද විවිධත්වයක් දැකිය හැක.ඒ අනුව ලෝකයේ කෘෂිකාර්මික රටාවේ ද විවිධත්වයක් හදුනාගත හැකිය.

Livelihoods7.jpg

සල ගොවිතැන් රටාවේ කැපී පෙනෙන ලක්ෂණ[සංස්කරණය]

1.වගා බිම් මාරු කිරීම -බිම් නිසරු විම-අසීමිත බිම් තිබීම-මත්ව උවදුරු-ග්‍රෝත්‍ර ස‍ටන්.

2.ඉඩම් අයිතිය සාමුහික බව-ග්‍රෝත්‍ර මුලික රටාව-‍‍පෞද්ගලික අයිතියක් නැති කම.

3.වගා ඵ්කකයේ විශාලත්වය හා කායික ශක්තිය අතර සබඳතාව-භූමි හායනය.

4.ශ්‍රම භාවිතයේ අඩු කම-පවුලේ ශුමය පමණක් යෙසීම-දැනුම ආදායම පහත් බව.

5.නොදියුණු නිෂ්පාදන රටාව-බීජ වැපිරීම.

6.පැරණි උපකරණ-අඩු අස්වැන්න.

7.ගිනි භාවිතය වැදගත් වීම-කටුක දේශගුණය-පස පෝර කර ගැනීම .

8.නොදියුණු සමාජ සංස්කෘතික රටාව


Paddy2.jpg

සල ගොවිතැනේ නූතන ප්‍රවණතා[සංස්කරණය]

1.බිම් මාරැ කිරීම වෙනුවට එකම බිම සිගින් දිගට යොදා ගැනීම-ශෂ්‍ය මාරැව,‍පෝර භාවිතය ඉඩම් හිගය ,ජන වර්ගය,නීති රීති බලපෑම.

2.වගා ඒකක වල අයිතිය විශාලත්වය රජය මගින් තීරණය වීම.

3.ශ්‍රම භාවිතය වැඩි වෙමින් පැවතීම.

4.වගා කරන භෝග වර්ග වෙනස් වීම හා වගා රටාවන් නවීකරණය වීම.

5.වාණිජමය හා නවීකරණය ස්වරූපයකට පත් වීම.

6.රාජ්‍ය අනුග්‍රහය,සහතික මිල සහනාධාර අලෙවි හා බෙදා හැරී‍මේ පහහසුකම් ඇත කිරීම.

7.ස්ථාවර වාසස්ථාන ජනාවාස වැඩ සටහන් ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති ඇති කිරීම.

8.සමාජ සංස්කෘතික සංවර්ධනයක් ඇති වීම.

Vegitable.jpg

සල ගොවිතැන් රටාවේ පාරසරික බලපෑම[සංස්කරණය]

1.වනාන්තර ගිනි තැබීම නිසා වන විනාශය.

2.සෝදා පාලුව පාංශු ඛාදනය නිසා පස නිසරු වීම.

3.සුළං ඛාදනය වඩාත් ත්‍රීවුර වීම.

4.වන ජීවීන් විනාශ වීම ,‍ජෛව විවිධත්වය හානි සිදු වීම.

5.පස සෑදීමට උදව් වන පාංශු ජීවීන් විනාශ වීම.

6ගිනි තැබීම නිසා වායුව දූෂණය වීම.

7.භූගත ජල මට්ටම පහත වැටීම.

8.ජල ස්කන්ධ වල ‍රොන් මඩ පිරී ජල ධාරිතාව අඩු වීම.



ශ්‍රී ලංකාවේ සල ගොවිතැ‍නේ මූලික ලක්ෂණ[සංස්කරණය]

1.වියළි කලාප‍යේ දිස්ත්‍රික්ක වලට පමණක් සීමා වීම.

2.වී ගොවිතැන හා සම්බන්ධව පවත්වාගෙන යෑම හා කෘෂිකර්මික ක්‍රම දෙක අතර ශ්‍රමය ‍‍බෙදා ගැනීම.

3සංක්‍රමණික ලක්ෂණ ඉවත් වෙමින් ස්ථිර ගොවිතැන් ක්‍රමයක් බවට පත් වීම.

4.බහු භෝග වගාවමක් ලෙස පවත්වාගෙන යාම.

5.පාරිභෝගික මෙන්ම වෙළදාම අරමුණු කර වගා කිරීම.

6.සාම්ප්‍රදායික ක්‍රම වලට වඩා තරමක් නූතන ශිල්ප ක්‍රම යෙදවුම් භාවිතා කිරීම.


ලංකාවේ හේන් ගොවිතැනේ මෑත කාලීන ප්‍රවණතා[සංස්කරණය]

1.සීඝ්‍රයෙන් වෙනස් වන ආර්ථික ක්‍රමය තුළ හේන් ගොවිතැන් රටාවද වෙනස් වීම.

2.වගාවට යොදා ගෙන ඇති බිම් අඩු වෙමින් පැවතීම.

3.වෙනත් කෘෂිකාර්මික ක්‍රම සමග ඵ්කාබද්ධ වීම.

4.බිම් මාරුව අඩු අතර පුරන්වීමට ගත කරන කාලය අඩුවීම.

‍5.පාරි‍භෝගික ස්වරූපය වාණිජමය තත්වයකට පරිවර්තනය වීම .

6.වර්තමාන විවෘත ආර්ථික රටාව හා සමාජ ආකල්ප යනාදී වෙනස්කම් තුළ යොමු වන පිරිස අඩු වීම නිසා ක්‍රමයෙන් පිරිහීම.


මේ අඩවිත් බලන්න[සංස්කරණය]

වැඩි විස්තර සඳහා[සංස්කරණය]


"https://si.wikipedia.org/w/index.php?title=සල_ගොවිතැන&oldid=56865" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි