චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනය

විකිපීඩියා වෙතින්
චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනය
ගොනුව:China National Space Administration.svg
කාර්‍යාංශයේ ලාංඡනය
රාජ්‍ය කාර්‍යාංශය සමාලෝචනය
සංස්ථාපනය 22 අප්‍රේල් 1993; වසර 30 කට පෙර (1993-04-22)
පූර්වරාජ්‍ය කාර්‍යාංශය අභ්‍යවකාශ කර්මාන්ත අමාත්‍යංශය (අර්ධ වශයෙන්)
අධිකරණපාත්‍රතාව චීනය
මූලස්ථානය හයිඩියන්, බෙයිජිං
වාර්ෂික අයවැය එ.ජ. $8.9 බිලියන (2020)[1][Note 1]
රාජ්‍ය කාර්‍යාංශය විධායකය Zhang Kejian, අධ්‍යක්ෂක
පිතෘ දෙපාර්තමේන්තුව කර්මාන්ත සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යංශය
වෙබ් අඩවිය
cnsa.gov.cn
චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනය
සරලීකෘත චීන අක්ෂර国家航天
සම්ප්‍රදායික චීන國家航天
සාහිත්‍යමය අර්ථයජාතික ගගනවිද්‍යා පරිපාලනය

චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනය (CNSA; චීන: 中国国家航天局) යනු මහජන චීන ජනරජයේ සිවිල් අභ්‍යවකාශ පරිපාලනය සහ අන්තර්ජාතික අභ්‍යවකාශ සහයෝගීතාව ගැන වගකිවයුතු රාජ්‍ය කාර්‍යාංශයයි. මෙය චීනයේ තොරතුරු තාක්ෂණ සහ කර්මාන්ත අමාත්‍යංශය යටතේ පවතින අතර, මූලස්ථානය බෙයිජිං හී හයිඩියන් දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.

1993 වර්ෂයේ පිහිටුවන ලද CNSA විසින් එහි කෙටි ඉතිහාසය තුල අභ්‍යවකාශයේ ජයග්‍රහණ කිහිපයක්ම අත් කරගන්නා ලදී. චැන්ග් ඊ 4 මෙහෙයුම මගින් චන්ද්‍රයාගේ පෘථිවියට නොපෙනෙන පැත්තට ප්‍රථම වරට ගොඩ බැසීම, චැන්ග් ඊ 5 මෙහෙයුම මගින් සඳෙහි නියැඳි පෘථිවියට රැගෙන ඒම, සහ ටියන්වෙන්-1 මෙහෙයුම මගින් අඟහරු මත රෝවරයක් ගොඩබැස්වීම යනාදිය ඒ ජයග්‍රහණයි.

ආශ්‍රිත[සංස්කරණය]

  1. "What's Driving China's Race to Build a Space Station?". ChinaPower Project. සම්ප්‍රවේශය 19 Dec 2021.


උපුටාදැක්වීම් දෝෂය: "Note" නම් කණ්ඩායම සඳහා <ref> ටැග පැවතුණත්, ඊට අදාළ <references group="Note"/> ටැග සොයාගත නොහැකි විය.