සඳෙහි දුර පැත්ත

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
සඳෙහි දුර පැත්ත.


සඳෙහි දුර පැත්ත යනු පෘථිවියෙන් සදාකල් ඉවතට හැරී ඇති චන්ද්‍ර අර්ධ ගෝලයයි. මෙම අර්ධ ගෝලය පළමුව ඡායාරූප ගත කරනු ලැබුයේ 1959 දී සෝවියට් දේශයෙහි ලුනා 3 රෝබ් මගිනි. එය ප්‍රථමව මිනිස් ඇසින් සෘජුවම නිරීක්ෂණය කරනු ලැබුයේ 1968 දී සිදු කරනු ලැබු ඇපලෝ 8 මෙහෙයුමේදීය. විෂම භූ ලක්ෂණය උල්කාපාත ගැටීම් විශාල සංඛ්‍යාවකින් මෙන්ම සාපේක්ෂව අඩු චන්ද්‍ර මාරියාවලින් වෙන්කොට හඳුනාගත හැකිය. එයට සෞර ග්‍රහ මණ්ඩලයේ දැනට දන්නා විශාලතම ගැටීම් අංගය ඇතුළත් වෙයි. එය දක්ෂිණ ධ්‍රැව එයිට්කන් බේසික් සේ හදුන්වනු ලැබේ. එය පෘථිවියෙන් සිදුවිය හැකි රේඩියෝ නිරෝධනය වීම් මගින් ආරක්ෂා වී ඇති නිසා එය විශාල රේඩියෝ දුරේක්ෂයක් සදහා විභව ස්ථානයක් ලෙස යෝජනා කර ඇත.

ගවේශණය[සංස්කරණය]

ලුනා 3 මගින් ගන්නා ලද සඳෙහි ඈත පැත්තේ ඡායාරූපයකි

ලුනා 3 මගින් ගන්නා ලද සඳෙහි ඈත පැත්තේ ප්‍රථම ඡායාරූපවලින් එකක්, දකුණු උඩ කෙළවරේ වන අදුරු පැහැති පැල්ලම් මාරේ මොස්කොවින්ස් වන අතර කේන්ද්‍රයට පහළින් හා වමෙන් වු අදුරු පැහැති ප්‍රදේශ මාරේ මාගිනස් හා මාරේ සිමිති ලෙස හැඳින්වෙයි.

සඳෙහි දුර පැත්තේ ප්‍රථම ඡායාරූප සිහිගන්වමින් නිකුත් කරන ලද 1959 USSR‍ මුද්දරය.

1950 පසු භාගය වන තෙක් සදෙහි දුර පැත්තෙහි වූ ගති ගුණ ගැන දැන සිටියේ ඉතාමත් අල්ප ප්‍රමාණයකි. සඳ පිළිබදව වු දත්ත එකතු කර සඳෙහි දුර පැත්තෙහි චන්ද්‍ර බාහුව අසල වු ලක්ෂණ පිළිබදව සීමාසහිත තොරතුරු ප්‍රමාණයක් දැක්වීය. කෙසේ නමුත් මෙම අංග එතරම් පුළුල් කෝණයකින් නිරීක්ෂණය නොකරන ලද අතර එය වැදගත් නිරීක්ෂණවලට බාධාවක් විය. සඳෙහි දුර පැත්තේ ඉතිරි 82% නොදන්නාසේ පැවතුණු අතර එහි ගුණ වඩාත් සාකච්ඡාවට (speculation) බඳුන්විය.


දත්ත එකතුව හරහා දැකිය හැකි සඳෙහි දුර පැත්තෙහි වු අංගවලට උදාහරණයක් වන්නේ මාරේ ඔරියන්ටෙල්ය. ගැටුම් බේසමක් වන මෙය කිලෝමීටර් 1000 ක් පමණ ප්‍රදේශයක් පුරා විහිදී පවතී. කෙසේ නමුත් මෙය 1906 දී ජුලියස් ෆ්‍රෑන්ක් විසින් නම් කරන තෙක් නම් කර නොතිබිණි. බේසමෙහි සත්‍ය ස්වභාවය සොයා ගනු ලැබුවේ 1960 දී ය.ඒ නිවැරදි කරන ලද ඡායාරූප හරහාය. මෙය බොහෝ විස්තර සහිතව 1967 දී ලුනා ඕබිටර් 4 මගින් ඡායාරූප ගත කෙරිණි.

1959 ඔක්තෝබර් 7 වැනිදා ලුනා 3 සෝවියට් රෝබය මුල්වරට සඳෙහි දුර පැත්තේ ඡායාරූප ගන්නා ලදී. එම ඡායාරූප 18 ක් මඟින් සදෙහි නොපෙනෙන පැත්තෙන් 1/3 ක් ආවරණය කර ඇත. එම ඡායාරූප විශ්ලේෂණය කිරීමෙන් පසු සදෙහි දුර පැත්තෙහි ප්‍රථම සිතියම USSR විද්‍යාව පිළිබදව වු ඇකඩමිය මගින් 1960 නොවැම්බර් 06 වන දා නිකුත් කරන ලදී. එයට භූ විෂමතාවේ විශේෂිත අංග 500 කින් යුත් අත්පොතක්ද ඇතුළත් විය. වසරකට පසුව පෘථිවියට නොපෙනෙන සදෙහි අංග ඇතුළත් ගෝලයක් USSR මගින් නිකුත් කරන ලදී. ඒ සදහා යොදා ගත්තේ ලුනා 3 මගින් ගන්නා ලද ඡායාරූපයි. 1965 ජුලි 20 වැනිදා තවත් සෝවියට් ප්‍රෝබයක් වන සොන්ඩ් 03 මගින් ලුනා 03 ට වඩා වැඩි විභේදක බලයකින් හා තත්ත්වයකින් යුත් සඳෙහි දුර පැත්තේ ඡායාරූප සම්ප්‍රේෂණය කරන ලදී. එම ඡායාරූප මගින් කි.මී. සිය ගණන් දිග ආවාට දාම නිරූපණය කරන ලදී. 1967 දී සඳෙහි නොපෙනෙන පැත්තේ සිතියමෙහි දෙවන කොටස මොස්කව්හිදී සොන්ඩ් 03 හි දත්ත මත පදනම්ව නිකුත් කරන ලදී. එහි අලුතින් සොයාගත් සඳෙහි නොපෙනෙන පැත්තේ වු විශේෂ භූ ලක්ෂණ 4000 ක් අඩංගු වේ. එම වසරේදීම චන්ද්‍රයාගේ සම්පුර්ණ සිතියමක් හා චන්ද්‍ර මතුපිටින් 95% ක් දක්වන සම්පුර්ණ ගෝලයක් සෝවියට් එකමුතුවේදී නිකුත් කරන ලදී.

සඳෙහි නොපෙනන පැත්තේ වු බොහෝමයක් වැදගත් භූ ලක්ෂණ සෝවියට් අභ්‍යවකාශ ප්‍රෝබ මගින් සොයාගන්නා ලද නිසා සෝවියට් විද්‍යාඥයන් ඒවා සඳහා නම් තෝරාගන්නා ලදී. මෙය යම් තරමක සංවාදයකට බඳුන් වු අතර අන්තර් ජාතික තාරකා විද්‍යා එකමුතුව එම නම් නොයිඳුල්ව පැවතෙන ලෙස එම අර්ධ ගෝලයෙහි වු භූ ලක්ෂණ නම් කිරීමට ක්‍රමයක් හඳුන්වා දෙන ලදී.

සදෙහි දුර පැත්ත ප්‍රථම වරට මිනිස් ඇසකින් නිරීක්ෂණය කරනු ලැබුවේ 1968 දී ඇපලෝ 08 මෙහෙයුම අතරතුරදීය. ගගනගාමී විලියම් ඇන්ඩර්ස් දර්ශනය විස්තර කළේ "The backiside looks like a sand pile my kids have played in for sometime. It is all beatup, no definition, Just a lot of bumps and Holes" (එම පැත්ත මාගේ ළදරුවන් සෙල්ලම් කල වැලි පිට්ටනියක් මෙන් විය යනුවෙනි. එය කිසිදු තේරුමක් නොතිබු ගැටි හා සිදුරුවලින් යුක්ත විය.)

එයින් පසු එය ඇපලෝ 08 හි සියලු කාර්ය මණ්ඩල සාමාජිකයන් විසින් හා ඇපලෝ 10 සිට 17 දක්වා වු මෙහෙයුම් සාමාජිකයින් විසින් දැක ඇත. තවද ලුනා ප්‍රෝබ කිහිපයක් මගින් ඡායාරූප ගත කර ඇත. සදට පිටුපසින් ගමන් ගන්නා අභ්‍යවකාශ යානයක් පෘථිවිය සමග සෘජු රේඩියෝ සන්නිවේදනයෙන් ඉවත් වන අතර කක්ෂය සන්නිවේදනයට ඉඩ දෙන තෙක් බලාසිටිය යුතුය. ඇපලෝ මෙහෙයුම් අතරතුරදීත් සොවා මොඩියුලයේ එන්ජිම ආරම්භ කරනු ලැබුවේ එය සදෙහි පිටුපස ඇති විටය. මෙම යානය නැවත පෙනෙනතෙක් මෙහෙයුම් පාලන මධ්‍යස්ථානයෙහි අපහසු කාල පරිච්ඡේදයක් ඇති කරන ලදී.

විභවය[සංස්කරණය]

සඳෙහි අපට නොපෙනෙන පැත්ත පෘථිවියෙහි වූ රේඩියෝ සම්ප්‍රේෂණවලින් ආරක්ෂා වී ඇති නිසා එය ගඟනගාමීන්ගේ භාවිතය සඳහා රේඩියෝ දුරේක්ෂයක් ස්ථානගත කිරීමට සුදුසු ස්ථානයක් ලෙස සැලකේ. කුඩා පාත්‍ර හැඩැති ආවාට Puerto Rico හි Arecibo ට සමාන ස්ථාවර දුරේක්ෂයක් සඳහා ස්වාභාවික නිපැයුම සපයයි. වඩා විශාල පරිමාණ දුරේක්ෂ සඳහා කිලෝමීටර් 100ක විෂ්කම්භයකින් යුත් සඳෙහි නොපෙනෙන පැත්තේ කේන්ද්‍රය ආසන්නයේ පිහිටා ඇති ඩයිඩලස් ආවාටය හා එහි කිලෝමීටර් 3ක් උස පිටත දාරය කක්ෂගත වී ඇති නොවැදගත් චන්ද්‍රිකාවලින් එන සන්නිවේදන නැවැත්වීමට උදව්වනු ඇත. රේඩියෝ දුරේක්ෂයක් සඳහා තවත් සුදුසු අපේක්ෂකයකු වන්නේ සහා (Saha) අවාටයයි.


සමහර භූගෝලීය ලක්ෂණ මෙම ඡායාරූපයෙහි සලකුණු කර ඇත

සඳෙහි නොපෙනෙන පැත්තේ රේඩියෝ දුරේක්ෂයක් ස්ථානගත කිරීමට පෙර විසඳීමට ප්‍රශ්න ගණනාවක් තිබේ. සඳෙහි වූ ඉතා කුඩා දූවිලිවලින් ගෙන යන උපකරණවලට, වාහනවලට හා අභ්‍යාවකාශ ඇඳුම්වලට අපවිත්‍ර විය හැකිවීම ඉන් එකකි. අංශු නිසා රේඩියෝ තැටි සඳහා යොදා ගන්නා පරිවාරක ද්‍රව්‍ය සූර්ය ගිනි දැල්වල ආචරණවලින් ද ඉතා සුපරික්ෂාකාරීව ආරක්ෂා කළ යුතුය. තවද අවසාන වශයෙන් දුරේක්ෂය අවට ප්‍රදේශය අනෙකුත් රේඩියෝ ප්‍රභවවල සන්නිවේදනවලින් ආරක්ෂා කළ යුතුය.

පෘථිවි චන්ද්‍ර පද්ධතියේ නොපෙනෙන පැත්තෙහි වූ L2 ලැග්‍රාන්ජ් ලක්ෂ්‍යය 62800 km පමණ උසින් පිහිටා ඇත. මෙය ද අනාගත රේඩියෝ දුරේක්ෂයක් සඳහා සුදුසු ස්ථානයක් ලෙස යෝජනා කර ඇත.

නාසාහි අධ්‍යයනය කරමින් පැවති එක් චන්ද්‍ර මෙහෙයුමක් වන්නේ සඳෙහි දක්ෂිණ ධ්‍රැවයේ එයිට්කන් බේසමට සාම්පල නැවත පැමිණීමේ ලෑන්ඩරයක් යැවීමයි. මෙම ස්ථානය ප්‍රධාන ගැටුමක් සිදු වූ ස්ථානයක් වන අතර එයින් 2400km පමණ වූ ආවාටයක් නිර්මාණය කරන ලදී. මෙම ගැටුමේ ප්‍රමාණය සඳ මතුපිට සිට ගැඹුරට විනිවිදයාමක් නිර්මාණය කර ඇති අතර මෙම ප්‍රදේශයෙන් නැවත ගෙන්වා ගන්නා සාම්පල සඳෙහි අභ්‍යන්තරය සැලකීමට අදාළ දත්ත සඳහා විශ්ලේෂණය කළ හැකිය.

අපට පෙනෙන පැත්ත පෘථිවියෙහි වූ සූර්ය සුළංවලින් ආංශිකව ආවරණය වී ඇති නිසා සඳ මතුපිටෙහි අධිකම හීලියම් 3 සමස්ථානිකයේ සාන්ද්‍රණය සඳෙහි නොපෙනෙන පැත්තේ ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම සමස්ථානිකය සාපේක්ෂව පෘථිවියෙහි දුලබ වන නමුත් විලයන ප්‍රතිකාරක තුළ දී ඉන්ධනයක් ලෙස භාවිතා කිරීමේ හොඳ විභවයක් ඇත. චන්ද්‍ර නිපැයුම්වලට පක්ෂපාතී පුද්ගලයන් මෙම ද්‍රව්‍ය සඳ මධ්‍යස්ථානයක නිර්මාණය කිරීමට හේතුවක් ලෙස දක්වා ඇත.

බාහිර සබැදි[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=සඳෙහි_දුර_පැත්ත&oldid=288594" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි