ගම්පොල

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ගම්පොල
—  නගරය  —
ගම්පොල is located in Sri Lanka
ගම්පොල
ගම්පොල
ඛණ්ඩාංක: 7°9′53″N 80°34′36″E / 7.16472°N 80.57667°E / 7.16472; 80.57667ඛණ්ඩාංක: 7°9′53″N 80°34′36″E / 7.16472°N 80.57667°E / 7.16472; 80.57667
පළාත මධ්‍යම පළාත, ශ්‍රී ලංකාව
පාලනය / පරිපාලනය
 • සභාපති
ජනගහණය (2011)
 • සම්පූර්ණ 27,660
වේලා කලාපය ශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30)

ගම්පොල ශ්‍රී ලංකාවේ, මධ්යම පළාතේ, මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති නගරයකි. නගර සභාවක් මගින් පාලනය කරනු ලබයි.

අතීතය[සංස්කරණය]

දාහතර වන ශතවර්ශයේ මැදභාගයේ වසර හතරකට රට පාලනය කළ සිවුවන බුවනෙකබාහු රජතුමා විසින් ගම්පොල අගනුවර කරගන්නා ලදි. ගම්පොල අවසාන රජු වූයේ, පස්වන බුවනෙකබාහු රජතුමාය. එතුමා විසින් වසර 29ක් රට පාලනය කරන ලදි. මෙම කාලය අතරතුර අලගක්කෝනාර නැමැති වංශවතෙකු විසින් වෙනම නගරයක් කෝට්ටේ ඉදිකරන ලදි. දකුණූ ආසියාවේ දිගම සැතපෙන බුද්ධ ප්‍රතිමාව ගම්පොල සාලියලාපුර විහාරයේ වැඩ හිඳීයි.


ආකර්ශණ[සංස්කරණය]

අම්බුලුවාව කන්ද මුහුඳු මට්ටමේ සිට අඩි 3,567ක් උසින් පිහිටා ඇති අතර, පාරිසරිකවේදයට හා සංස්කෘතික හා ආගමික විවිධත්වයට ගරු බුහුමන් දක්වමින් සංචාරකයින් සඳහා ජෛව විවිධත්ව සංකීර්ණයක් මෙහි ගොඩනගා ඇත. මෙම සංකීර්ණයේ සැලකිය යුතු අංගයක් වන්නේ, විශාල බුද්ධ ස්ථුපයක් හා සමාන වක්මං කුළූණක් කඳූ මුඩුනේ පැවතීමයි. ගම්පොල නගරය කඩ සාප්පු රාශියකින් හා විශාල පදිංචි වපසරියකින් යුතු වේ. 'නුවර පාර, ගම්පොල', ගම්පොල නගරයේ වැදගත් ස්ථානයක් වන්නේ, එහි ගම්පොල සහිරා විදුහල හා ජිෆ්‍රි මහතාගේ නිවස පිහිටා තිබීමයි.

ගම්පොල යුගයේ ශේෂයන් අතර කීර්තියක් උසුලන විහාරාරාම වන්නේ, ලංකාතිලක විහාරය, ගඩලාදෙණිය විහාරය හා ඇම්බැක්ක දේවාලයයි. ලංකාතිලක විහාරයේ ඉපැරණි ශිලා ලේඛන, ගම්පොල යුගයේ වැදගත් තොරතුරු රැසක්ම සොයාගනිමට උපකාර වී ඇත. විහාරයේ ඇති බුද්ධ ප්‍රතිමාව දකුණු ඉන්දීය කලා විලාසය නිරූපණය කරයි. ශ්‍රී ලංකාවේ වෙනත් කිසිදු විහාරයක නොමති ආකාරයේ විශාල ලී කැටයම් එකතුවක් ඇම්බැක්ක දේවාලය සතුවේ.

දේශගණය[සංස්කරණය]

ගම්පොල නගරය ශ්‍රී ලංකාවේ මධයම කඳූකරයේ පිහිටා ඇති නිසාම වසර පුරාම සෞම්ය කාලගුණයක් පවතියී.

ජනගහණය[සංස්කරණය]

ගම්පොල නගරයේ බහුතරයක් සිංහල ජනතාව වන අතර සැලකිය යුතු මුස්ලිම් ජනතාවක්ද, කුඩා ප්‍රමාණයක් [ඉන්දියානු දමිළ] ජනතාවද පදිංචිව සිටියී.

චිත්‍රාගාරය[සංස්කරණය]

සිතියම්[සංස්කරණය]

යොමුව[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=ගම්පොල&oldid=270105" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි