Jump to content

ෆීෆා ලෝක කුසලාන

විකිපීඩියා වෙතින්
(FIFA World Cup වෙතින් යළි-යොමු කරන ලදි)

FIFA ලෝක කුසලානය හෝ සරල වශයෙන් ලෝක කුසලානය යනු, මෙම ක්‍රීඩාවෙහි ගෝලීය පාලන කායය වන්නාවූ සම්මේලන පාපන්දු පිළිබඳ ජාත්‍යන්තර ඒකාබද්ධ මණ්ඩලය Fédération Internationale de Football Association (FIFA) සාමාජිකයන්ගේ, ජ්‍යෙෂ්ඨ පිරිමි ජාතික කණ්ඩායම් විසින් තරග වැදෙනු ලබන ජාත්‍යන්තර සම්මේලන පාපන්දු තරගාවලියකි. 1942 සහ 1946 දී දෙවන ලෝක යුද්ධය නිසාවෙන් එය නොපැවැත්වුනු අවස්ථාවන්හිදී හැර, 1930 ප්‍රාරම්භක තරගාවලියෙහි පටන්, සෑම සිව්වසරකට වරක්ම මෙම ශූරතාවය පිරිනමුනු ලැබ ඇත. වත්මන් ශූරයන් වන්නේ 2022 තරගාවලිය දිනූ [[ආජන්ටිනාව ජාතික පාපන්දු කණ්ඩායම|ආජන්ටිනාව] වෙති.

තරගාවලියෙහි සඳහා වර්තමානයෙහි පවතින තරග පැවැත්වීමේ ක්‍රමය අනුව මසක් පමණ කාලයක් තුල සත්කාරක ජාතියට (ජාතීන්ට) අයත් ස්ථාන තුල ශූරතා අභිධානය උදෙසා කණ්ඩායම් 32 ක් තරග වදිති  – මෙම අවධිය බොහෝවිට හැඳින්වෙන්නේ ලෝක කුසලානය අවසන් තරග යනුවෙනි. සත්කාරක ජාතිය(න්) හා ඇතුළුව තරගාවලිය සඳහා සුදුසුකම් ලබන්නේ කුමන කණ්ඩායම් දැයි තීරණය කරනු වස් වර්තමානයේ තරගාවලිය පැවතෙන ප්‍රකාරයට අනුව මෙම අවසන් අවධියට පෙරාතුව තුන් අවුරුදු කාලයක් පුරා සුදුසුකම් ලැබීමේ අවධියක් පැවැත්වෙයි.

දැනට පවත්වා ඇති ලෝක කුසලානය තරගාවලී 19 දිනා ඇත්තේ ප්‍රභින්න ජාතික කණ්ඩායම් අටක් විසිනි. බ්‍රසීලය පස්වතාවක් ජයග්‍රහණය කර ඇති අතර, සැම තරගාවලියකදීම තරග වැදුනු එකම කණ්ඩායම ඔවුහූ වෙති. ලෝක කුසලානයේ අනෙකුත් ජයග්‍රාහකයන් වන්නේ ජයග්‍රහණ සතරක් සමග වන ඉතාලිය; ජයග්‍රහණ තුනක් සමග වන ජර්මනිය; එකිනෙකා ජයග්‍රහණ දෙකක් සමග වන්නාවූ ආර්ජන්ටිනාව සහ එයට අමතරව ප්‍රාරම්භක ජයග්‍රාහකයන්ද වූ උරුගුවේ; සහ එකිනෙකා එක් ජයග්‍රහණයක් සමග වූ එංගලන්තය, ප්‍රංශය, සහ ස්පාඤ්ඤය වෙති.

ලෝකයේ වඩාත් පුළුල් ලෙසින් නරඹන්නාවූ ක්‍රීඩා ඉසව්ව ලෝක කුසලානය වෙයි; නිමානය කෙරුණු මිලියන 715.1 ක ජනකායක් ජර්මනියේ පැවැත්වූ 2006 FIFA ලෝක කුසලානයෙහි අවසන් තරගය නැරඹූහ.[1]

ඊලඟ ලෝක කුසලාන තුන සඳහා සත්කාරකත්වය සපයනු ලබනු ඇත්තේ 2014දී බ්‍රසීලය විසින්, 2018දී රුසියාව විසින් සහ, 2022දී කටාර් විසින් වෙති.

ඉතිහාසය

[සංස්කරණය]

පූර්ව ජාත්‍යන්තර තරගාවලී

[සංස්කරණය]

ලෝක‍යේ ප්‍රථම ජාත්‍යන්තර පාපන්දු තරගය වූයේ ග්ලාස්ගෝහිදී 1872දී ස්කොට්ලන්තය සහ එංගලන්තය අතර පැවැති අභියෝගතා තරගය වන අතර,[2] එය 0–0 වශයෙන් ජය පරාජයකින් තොරව නිමාවට පත්විය. පළමු ජාත්‍යන්තර තරගාවලිය වූ බ්‍රිතාන්‍ය දේශීය ශූරතාවයෙහි ප්‍රාරම්භක අවධිය 1884දී පැවැත්විණි.[3] මෙම අවධියෙහිදී ක්‍රිඩාව එක්සත් රාජධානියෙන් පිටත ක්‍රීඩාකෙරුනේ බොහෝ කලාතුරකිනි.[උපහරණ ඇවැසිය] 20වන සියවසෙහි මුල් භාගය වන විට ලෝකයේ අනෙකුත් කොටස්වලද පාපන්දු ජනප්‍රිය ක්‍රීඩාවක් බවට පත්වෙද්දී, 1900 සහ 1904 ගිම්හාක ඔලිම්පික් තරග වලදී (තෙසේවෙතත්, අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව IOC විසින් ඒවායේ තරාතිරම පරකාරී ලෙසින් නිල ඉසව් ලෙසට අධිශ්‍රේණී ගත කෙරිණි), හා 1906 අන්තර්ස්ථාපිත ක්‍රීඩා තරග වලදී ආදර්ශන ක්‍රීඩාවක් ලෙසින් පැවැත්වූ අතර පදක්කම් පිළිනොගැන්වුන ලදි.[4]

1904දී FIFA සංස්ථාපනය කිරීමෙන් පසුව, 1906දී ස්විට්ස්ර්ලන්තයේදී ඔලිම්පික් රාමුවෙන් ඔබ්බෙහි ජාතීන් අතර ජාත්‍යන්තර පාපන්දු තරගාවලියක් සංවිධානය කිරීමට එය උත්සාහ ගති. මෙම කාල සීමාව අන්තර්ජාතික පාපන්දු ක්‍රීඩාවේ මුල් අවධිය වන අතර FIFAහි නිල ඉතිහාසය තරඟයේ අසාර්ථකත්වය පිළිබඳ ව විස්තර කරයි.

ලන්ඩනයේ පැවති 1908දී ගිම්හාන ඔලිම්පික් වලදී පාපන්දු ක්‍රීඩාව නිල තරඟයක් බවට පත් විය. පාපන්දු සම්මේලනය සහ එංගලන්තයේ පාපන්දු පාලන ඒකකය විසින් ස්ංවිධානය කරන ලද මෙම ඉසව්ව ආධුනික ක්‍රීඩකයන් සඳහා පමණක් වූ අතර එය තරඟයකට වඩා දර්ශනයක් පමණක් විය. මෙහිදී බ්‍රිතාන්‍යයෝ රන් පදක්කම් හිමිකර ගත් හ. ඔවුහූ 1912දී ස්විඩන පාපන්දු සම්මේලනය විසින් ස්ංවිධානය කරනු ලැබූ ස්ටොකෝම් හි පැවති තරඟාවලියෙන් ද මෙවැනිම ජයක් ලැබූහ.

ඔලිම්පික් ඉසව්ව, ආධුනික කණ්ඩායම් අතර පමනක් පැවතීම නිසවෙන් තෝමස් ලිප්ටොන් විසින් 1909 දී Sir Thomas Lipton Trophy නමින් තරඟාවලියක් ටියුරින් නගරයේ පැවැත්වීමට ස්ංවිධානය කරන ලදී. මෙම Lipton තරඟාවලිය යනු විවිධ ජාතීන්ගෙන් පැමිණි පුද්ගලික සමාජ(ජාතික කණ්ඩායම් නොවේ) අතර පැවැත්වූ ශූරතාවයක් වන අතර සෑම අයෙක්ම තම ජාතිය නිරූපණය කලහ. මෙම තරඟය පළමු ලෝක කුසලානය ලෙස ද හැඳින්වූ අතර වඩාත් කීර්තිමත් ම සමාජ පැති ඉතාලියෙන්, ජර්මනියෙන් සහ ස්වීඩනයෙන් ඉස්මතු විය. නමුත් එංගලන්තයේ පාපන්දු සම්මේලනය මෙම තරඟය සමඟ හවුල් වීම ප්‍රතික්ෂේප කළ අතර වෘතිමය කණ්ඩායමක් යැවීමට පසුබට වූහ. එම නිසා Lipton දුර්හම් රාජ්‍යයේ ආධුනික ප්‍රදේශයක් වන බටහිර ඕක්ලන්තයට එංගලන්තය වෙනුවෙන් පෙනී සිටීමට ආරාධනා කරන ලදී. බටහිර ඕක්ලන්තය තරඟාවලිය ජය ගත් අතර 1911දී ඔවුහූ සාර්ථක ලෙස කුසලානය රැගෙන පෙරළා ගියහ. තරඟ නීති වලට අනුව ඔවුන්ට සදහට ම Tropyය තබා ගැනීමට දෙන ලදී.

1914දී ඔලිම්පික් තරඟාවලිය, "ආධුනිකයන් සඳහා වූ ලෝක පාපන්දු ශූරතාවය" ලෙස හඳුනා ගැනීමට එකඟ වූ අතර ඉසව්ව සඳහා වූ සියලුම වගකීම්ද භාර ගන්නා ලදී. මෙය ලෝකයේ ප්‍රථම මහද්වීප අතර පාපන්දු තරඟාවලියට මංසලසන ලද අතර එහි ප්‍රතිඵලයක් ලෙස 1920 ගිම්හාන ඔලිම්පික්හි දී යුරෝපියානු කණ්ඩායම් 13ක් සමඟ ඊජිප්තුවන් තරඟ කළ අතර යුරෝපීය රටක් වන බෙල්ජියම ජය ගත් හ. 1924 සහ 1928දී වූ ඉනික්බිති තරඟාවලි දෙකෙන් උරුගුවේ ජය ගන්නා ලදී. මේවා ප්‍රථම විවෘත ලෝක ශූරතා වන අතර FIFAහි වෘතීමය යුගය ආරම්භ කෙරුණේ 1924දී ය.

Estadio Centenario, ප්‍රථම ලෝක කුසලානය පැවැත්වු ස්ථානය

ඔලිම්පික් පාපන්දු තරඟාවලියන් හි සාර්ථකත්වය නිසා FIFA, [[සභාපති වූ Jules Rimet]] සමඟ නැවත වරක් ඔලිම්පික් වලින් පිට වෙනම ම අන්තර්ජාතික පාපන්දු තරඟාවලියක් වේදිකා ගත කිරීමට බලා සිටි අතර ලෝක ශූරතාවයක් වේදිකා ගත කිරීමට 1928 මැයි 28 වන දින අමෙර්ස්ටර්ඩෑම් හි FIFA කොන්ග්‍රසය තීරණය කරන ලදී. උරුගුවේ දැනට දෙවතාවක් නිල ලෝක පාපන්දු ශූරතාවය දිනාගෙන තිබීමත් ඔවුන් නිදහස ලබා 1930වන විට සියවසක් සම්පූර්ණ වීමත් නිමිත්තෙන් සමාරම්භක ලෝක කුසලාන තරඟාවලියේ සත්කාරක රට ලෙස උරුගුවේ නම් කරන ලදී.

FIFA විසින් තරඟාවලියට තෝරා ගන්නා ලද ජාතීන්ගේ ජාතික සම්මේලනයන්ට කණ්ඩායමක් යවන්නැ යි ආරාධනා කරනු ලැබූ මුත් තරඟාවලිය උරුගුවේ පැවතීම යුරෝපියානු ජාතීන්ට අත්ලාන්තික් සාගරය හරහා වූ ඉතා දිගු සහ අධික වියදමක් දැරීමට සිදුවන ගමනක් වීම නිසාවෙන් කිසිම යුරෝපියානු රටක් තරඟ ආරම්භයට ප්‍රථම දෙ මස තෙක් කණ්ඩායමක් යැවීමට පොරොන්දු නොවී ය. කෙසේ හෝ අවසානයේ දී බෙල්ජියම, ප්‍රංශය , රොමේනියාව සහ යුගොස්ලාව යන රටවලින් කණ්ඩායම් කිහිපයක් ගෙන්වා ගැනීමට Rimet ට හැකි වූ අතර මෙම තරඟාවලියේ දී දකුණු ඇමෙරිකාවෙන් හතක් ද, යුරෝපයෙන් සතරක් ද, උතුරු අමෙරිකාවෙන් දෙකක් ද වශයෙන් මුළු ජාතීන් දහ තුනක් සහභාගි විය.

පළමු ලෝක කුසලාන තරඟ දෙක 1930 ජූලි 13 වන දින පැවැත්වුණු අතර අනුපිළිවෙළින් මෙක්සිකෝව 4-0 අනුපාතයට ද බෙල්ජියම 3-0 අනුපාතයට ද පරදවමින් ඇමරිකා එක්සත් ජනපදය සහ ප්‍රංශය ජය ගත් හ. ලෝක කුසලාන ඉතිහාසයේ පළමු ජයග්‍රහණය කරා ළඟා වූ ක්‍රීඩකයා වන්නේ ප්‍රංශයේ Lucien Laurent ය. මොන්තෙවිදියෝ හි පැවති අවසන් තරඟයේ දී 93,000ක ජන සමූහයා ඉදිරියේ ආජන්ටිනාව 4-2 ට පරාජය කළ උරුගුවේ, මෙම සිද්ධිය නිසා ම ලෝක කුසලානය දිනා ගන්නා පළමු ජාතිය බවට පත් විය.

දෙවන ලෝක යුද්ධයට පෙර ලෝක කුසලාන

[සංස්කරණය]

ලෝක කුසලානය ඇති වීමෙන් පසු, 1932දී ලොස් ඇන්ජලීස් හි පැවති ගිම්හාන ඔලිම්පික් උත්සවයේ න්‍යාය පත්‍රය එක් අංගයක් ලෙස පාපන්දු ඇතුලත් කිරීමට අදහස් නොකෙරිණ. එවක මෙම ක්‍රීඩාවට එක්සත් ජනපදය තුළ පැවති අඩු ජනප්‍රියත්වයත් ඇමරිකානු පාපන්දු ලෙස ජනප්‍රියත්වය වර්ධනය වෙමින් තිබීමත් මෙයට හේතු විය. ආධුනික ක්‍රීඩකයන්ගේ තත්වයට FIFA සහ IOC විසින් විරුද්ධ වීමේ ප්‍රතිඵලයක් ලෙස පාපන්දු , ඔලිම්පික් ක්‍රීඩා වලින් ඉවත් කරනු ලැබීය. 1936 දී ගිම්හාන ඔලිම්පික් සමඟ ඔලිම්පික් පාපන්දු නැවත ආරම්භ කෙරුණු අතර අද එය වඩා වටිනා ලෝක කුසලානයකින් ඔපවත් වී ඇත.

අතීතයේ වූ ලෝක කුසලාන තරඟ වලදී මුහුණ පාන ලද ප්‍රධාන ගැටළු වූයේ මහද්වීප අතර ගමනාගමනයේ වූ දුෂ්කරතා හා යුද්ධය යි. 1934 සහ 1938 තරඟ සඳහා දකුණු ඇමෙරිකානු කණ්ඩායම් කීපයකට පමණක් සහභාගි වීමට හැකි වූ අතර අවස්ථා දෙකේදී ම බ්‍රසීල ජාතිකයන් සමඟ තරඟ වැදීමට සිටියේ මොවුන් පමණි. 1942 සහ 1946 වර්ෂ වල න්ට්සි ජර්මනියේ සහ බ්‍රසීලයේ පැවැත්වීමට තිබූ තරඟ දෙවන ලෝක යුද්ධය නිසාවෙන් අවලංගු විය.

දෙවන ලෝක යුද්ධයට පසු ලෝක කුසලාන

[සංස්කරණය]

1950 දී බ්‍රසීලයේ පැවති ලෝක කුසලානය ප්‍රථම වරට බ්‍රිතාන්‍ය ක්‍රීඩකයන් සහභාගි කරගනු ලැබූ තරඟාවලියයි. බ්‍රිතාන්‍ය කණ්ඩායම් තමන් යුද්ධ කරන ලද රටවල් සමඟ ක්‍රීඩා කිරීමට ඇති අකැමැත්ත නිසා සහ පාපන්දු ක්‍රීඩාවට ඇති විදේශීය බලපෑමට විරුද්ධත්වය ප්‍රකාශ කිරීමක් ලෙස 1920 දී FIFA ලෝක කුසලානයෙන් අයින් වූ අතර 1946 දී FIFA හි ආරාධනය මත නැවත සම්බන්ධ විය.එසේම පෙර පැවති ලෝක කුසලාන දෙකට සම්බන්ධ නොවූ 1930 දී ශූරයන් බවට පත් වූ උරුගුවේ ජාතින්ද මෙම තරඟාවලියේ දී නැවත දක්නට ලැබිණි.මෙහෙදී " Mara Canazo "නම් තරඟයේදී සත්කාරක බ්‍රසීල ජාතීන් පරදවා උරුගුවේ නැවත ජය ලැබීය.

1938 දී ඕස්ට්‍රිලියාව සුදුසුකම් ලැබීමෙන් පසු ජර්මනියට යටත්වීම නිසා කණ්ඩායම් 15ක් සමඟ තරඟාවලිය අතහැර යාම සහ 1950 දී ඉන්දියාව,ස්කොට්ලන්තය හා තුර්කිය කණ්ඩායම් 13ක් සමඟ තරඟාවලිය අතහඇර යාම නිසා 1938 හා 1950 හැර, 1934 හා 1978 අතර පැවති සෑම තරඟාවලියක දී ම කණ්ඩායම් 16 බැගින් තරඟ කළහ. යුරෝපයෙන් සහ දකුණු ඇමරිකාවෙන් වැඩිම සහභාගීත්වයක් තිබූ අතර සුළුතරයක් උතුරු ඇමරිකාවෙන්, අප්‍රිකාවෙන්, ආසියාවෙන් සහ ඕසියානාවෙන් විය. සාමාන්‍යයෙන් මෙම කණ්ඩායම්, යුරෝපා හා දකුණු ඇමෙරිකානු කණ්ඩායම් විසින් පරාජය කරනු ලබයි. 1982 තෙක් යුරෝපා හා දකුණු ඇමරිකානු රටවල් වලට පිටින් පැමිණ ඉදිරියට ගිය ක්ණ්ඩායම් වූයේ 1930දී අවසන් පූර්ව තරඟයට හිමිකම් කියූ ඇමරිකා එක්සත් ජනපදය, 1938දී අර්ධ අවසන් පූර්ව තරඟයට හිමිකම් කියූ කියුබාව, 1966දී අර්ධ අවසන් පූර්ව තරඟයට හිමිකම් කියූ උතුරු කොරියාව සහ 1970දී අර්ධ අවසන් පූර්ව තරඟයට හිමිකම් කියූ මෙක්සිකෝව පමණි.

කණ්ඩායම් 32ක් බවට විස්තාරනය වීම

[සංස්කරණය]

1982දී මෙම තරඟාවලිය කණ්ඩායම් 24ක් දක්වා විස්තාරනය වූ අතර 1998දී එය අප්‍රිකාව, ආසියාව, සහ උතුරු ඇමරිකානු රටවල් වලින් වැඩි කණ්ඩායම් ප්‍රමාණයකට සහභාගී වීමට ඉඩ සලසමින් 32ක් දක්වා වර්ධනය විය. මෑත කාලයේ දී මෙම රටවල් වලින් පැමිණි කණ්ඩායම් විශාල ජයග්‍රහණ භුක්ති විඳි අතර අර්ධ අවසන් පූර්ව තරඟයට ලඟා වූ රටවල් අතරට 1986දී අර්ධ අවසන් පූර්ව තරඟයට සුදුසුකම් ලැබූ මෙක්සිකෝව ද, 1990දී අර්ධ අවසන් පූර්ව තරඟයට සුදුසුකම් ලැබූ කැමෙරූන් ද, 2002දී සතරවන ස්ථනය ලද කොරියා ජනරජය ද, 2002දී අර්ධ අවසන් පූර්ව තරඟයට සුදුසුකම් ලැබූ ඇමරිකා එක්සත් ජනපදය සහ සෙනෙගාල් ද, 2010දී අර්ධ අවසන් පූර්ව තරඟයට සුදුසුකම් ලැබූ ඝානාව ද අයත් වේ. නමුත් යුරෝපා හා දකුණු ඇමෙරිකානු කණ්ඩායම් සෑම විට ම ඉදිරියෙන් සිටී. උදා:- 1998 සහ 2006 වර්ෂවල පූර්ව තරඟයට සුදුසුකම් ලැබූ සියළුම කණ්ඩායම් යුරෝපා හා දකුණු ඇමෙරිකානු කණ්ඩායම් වේ.

2002 FIFA ලෝක කුසලාන තරඟාවලියේ සුදුසුකම් වට සඳහා කණ්ඩායම් 200ක් ද, 2006 FIFA ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමට ජාතීන් 198ක් ද උත්සහ කළ අතර වාර්තාවක් ලෙසින් 2010 FIFA ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමට රටවල් 204ක් සහභාගි විය.

සෙසු FIFA තරඟාවලි

[සංස්කරණය]

කාන්තා පාපන්දු ක්‍රීඩාව සඳහා සම තරඟාවලියක් FIFA කාන්තා ලෝක කුසලානය නමින් ප්‍රථම වරට 1991දී මහජන චීන සමූහාණ්ඩුවේ දී පැවැත්විණ. පිරිමි තරඟාවලියට වඩා ප්‍රමාණයෙන් හා ආකෘතියෙන් කාන්තා තරඟාවලිය කුඩා වන නමුත් වර්තමානයේ වර්ධනය වෙමින් පවතී. 2007 තරඟාවලියට 120ක් සහභාගි වූ අතර එය වසර සමඟ සසඳන කල දෙගුණයකටත් වඩා වැඩිය.

1896 සහ 1932 හැර සෑම ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩාවකම පාපන්දු ඇතුළත් විය. අනෙක් ක්‍රීඩා මෙන් නොව, ඔලිම්පික් තරඟාවලියේ දී පිරිමි පාපන්දු තරඟාවලිය ඉහළ වැදගත් කමක් ඇති ඉසව්වක් නොවන අතර 1992 සිට වයස අවුරුදු 23න් පහළ තරඟාවලියේ දී සෑම කණ්ඩායමකට ම වයසින් වැඩි ක්‍රීඩකයන් තිදෙනෙක් බැගින් තබා ගැනීමට අවසර ලැබිණ. 1996දී ප්‍රථම කාන්තා ඔලිම්පික් පාපන්දු තරඟාවලිය පැවැත් වූ අතර එහි දී වයස් සීමාවකින් තොරව ජාතික කණ්ඩායම් 2ක් තරඟ කරනු ලැබීය.

FIFA ඒකාබ්ද්ධ කුසලානය යනු ලෝක වෙනුවෙන් ඊට වසරකට පෙර, සත්කාරක රටවල් වල පුහුණුවක් ලෙසින් පවත්වනු ලබන තරඟාවලියකි. මෙහි දී FIFA ලෝක කුසලාන ශූරතා වලින් ජය ගන්නා සෑම ජයග්‍රාහකයෙක් ම තරඟ කරන අතර මෙයට ශූරයා සහ සත්කාරක රට සම්බන්ධ වේ.

එමෙන් ම FIFA, තරුණ පාපන්දු ක්‍රීඩකයන්(FIFA U–20 ලෝක කුසලානය, FIFA U–17 ලෝක කුසලානය ,FIFA U–20 කාන්තා ලෝක කුසලානය, FIFA U–17 කාන්තා ලෝක කුසලානය), පාපන්දු සමාජ(FIFA සමාජ ලෝක කුසලානය), සහ Futsal(FIFA Futsal World Cup) සහ Beach Soccer(FIFA Beach Soccer World Cup) වැනි විචල්‍ය පාපන්දු සඳහා ද අන්තර්ජාතික තරඟ සංවිධානය කරයි.


කුසලානය

[සංස්කරණය]

1930 සිට 1970 දක්වා ලෝක කුසලාන ජයග්‍රාහකයාට Jules Rimet කුසලානය පිරිනමන ලදී. එය මුලින්ම Coupe du Monde හෙවත් ලෝක කුසලානය ලෙස සරල ව හැඳින් වූ නමුත් 1946දී ප්‍රථම තරඟාවලිය පවත්වන ලද FIFA හි සභාපති වූ Jules Rimetගෙන් පසු Jules Rimetකුසලානය ලෙස හදුන්වන ලදී. 1970දී බ්‍රසීලයේ තෙවන ජයග්‍රහණය ඔවුනට කුසලානයේ නිත්‍ය හිමිකම ලබා දෙන ලදී. කෙසේ නමුත් 1983දී කුසලානය සොරකම් කරනු ලබූ අතර ඔවුන් විසින් විනාශ කරන ලද මෙය කවරදාකවත් නැවත ප්‍රකෘති තත්වයට පත් නොකරන ලදී.

1970න් පසු FIFA World Cup Trophy නමින් හැඳින්වෙන ලෝක කුසලානය නිර්මාණය කරන ලදී. විවිධ රටවල් හතකින් පැමිණි ප්‍රවීණයන් ඉදිරිපත් කරන ලද ආකෘති 53කින් ඉතාලි නිර්මාණ ශිල්පියෙක් වන Silvio Gazzaniga ගේ නිර්මාණය තෝරා ගන්නා ලදී. මෙම නව කුසලානය සෙන්ටි මීටර 36ක් උස වන අතර කැරට් 18 ඝන රත්‍රන්(75%) වලින් කිලෝ ග්‍රෑම් 6.175ක බරකින් යුක්ත වන ලෙස නිමවා ඇත. පාදම මැලචයිට් නම් ඛණිජ විශේෂයෙන් ස්ථර 2කට සැදී ඇති අතර කුසලානයේ පතුල, 1974 සිට එකී FIFA ලෝක කුසලාන ජයග්‍රාහකයන්ගේ නම් වර්ෂ සමඟින් දරා සිටී.

නව කුසලානය ජයග්‍රාහක ජාතියට නිත්‍ය ලෙස පිරි නමනු නොලබන අතර ඔවුහු ඊළඟ තරඟාවලිය තෙක් කුසලානය තබා ගනී.

වර්තමානයේ ප්‍රථම කණ්ඩායම් තුනේ සියළුම සාමාජිකයන්ට(ක්‍රීඩකයන් හා පුහුණු කරුවන්) පිළිවෙළින් ප්‍රථම ස්ථානයට රන් ද දෙවන ස්ථානයට රිදී ද තෙවන ස්ථානයට ලෝකඩ ද වශයෙන් ලෝක කුසලානයේ ලාංඡනය සමඟ පදක්කම් පිරි නැමේ. 2002 ස්ංශෝධනයෙන් සත්කාරක දකුණු කොරියාවට සතර වන ස්ථානය ලෙස පදක්කම් පිරිනමන ලදී. 1978 තරඟාවලියට ප්‍රථම, පදක්කම් පිරිනමනු ලැබුවේ අවසන් තරඟාවලිය අවසානයේ දී සහ තුන් වන තර්ඟයේ දී අන්තරලයේ සිටින ක්‍රීඩකයන් 11ට පමණි.


ආකෘතිය

[සංස්කරණය]

සුදුසුකම්

[සංස්කරණය]

1934 දෙවන ලෝක කුසලානයේ සිට අවසන් තරඟාවලිය සඳහා යෝග්‍යතා තරඟාවලි පවත්වනු ලැබේ. ඒවා ඔවුන්ගේ ස්වකීය ඒකාබද්ධ සමාගම් විසින් FIFA මහද්වීපික කලාප සය තුළ පවත්වා ගනු ලැබේ. සෑම තරන්ගාවලියක් සඳහා ම එකී මහද්වීපික කලාපයන්ට පිරිනමන ලද ස්ථාන ගණන FIFA කල් තබා තීරණය කරන අතර සාමාන්‍යයෙන් මෙය ස්ංයුක්ත කණ්ඩායම් වල සාපේක්ෂ ශක්තිය මත රඳා පවතී.

යෝග්‍යතා ක්‍රියාවලිය අවසන් තරඟාවලියට වසර 3කට පෙර ආරම්භ කළ හැකි අතර එය අවුරුදු 2ක පමණ කාලයක් පවතී. මෙම යෝග්‍යතා තරඟාවලි ආකෘතීන් ඒකාබද්ධ පිරිස අතර වෙනස් වේ. සාමාන්‍යයෙන් මහද්වීප අතර තරඟ වැදි ජයග්‍රාහකයන්ට ස්ථාන 1ක් හෝ 2ක් පිරිනමනු ලැබේ. උදාහරණයක් ලෙස ඕසියානා කලාපයේ සහ ආසියානු කලාපයේ 5වන තැන හිමි කරගත් කණ්ඩායමත් 2010 අවසන් ලෝක කුසලානයට ඇතුළත් විය. 1938 ලෝක කුසලානයේ සිට අවසන් තරඟාවලිය සඳහා සත්කාරක ජාතීන්ට ඉබේ සුදුසුකම් ලැබුණු අතර 2006 FIFA ලෝක කුසලානයේ සිට ශූරතාවය ලබා ගැනීමට සුදුසුකම් තිබිය යුතු යැයි තීරණය කිරීමත් සමඟ ම එය ඉවත් කෙරිණ. එ අනුව එම අයිතිවාසිකම ලද එකම රට වූයේ බ්‍රසීලයයි.

අවසන් තරඟාවලිය

[සංස්කරණය]

වර්තමානයේදී අවසාන තරඟාවලිය සඳහා ජාතීන් 32 මාසයක් පුරාම සත්කාරක රටේහිදී තරඟ වදිනු ලබයි.එහිදී අදියරයන් දෙකක් යටතේ තරඟවලිය පැවැත්වේ.එනම් කණ්ඩායම් අදියර හා පිළිමළුන් පිටුදැකීමේ අදියර වශයෙනි.

කණ්ඩායම් අදියරේදී එක කණ්ඩායමකට රටවල් හතරක කණ්ඩායම් හතරක් බැගින් කණ්ඩායම් අටක් තරඟ වදිනු ලබයි.මෙම ප්‍රධාන කණ්ඩායම් අට තෝර ගැනීමේදී සත්කාරක රටද ඊට ඇතුලත් වන අතර එම කණ්ඩායම් තෝරාගනු ලබන්නේ FIFA ලෝක ශ්‍රේණී ගත කිරීම් හ මෑත කාලයේ දක්වන ලද දක්ෂතා අනුවය.

අනෙකුත් කණ්ඩායම් භුගෝලීය පදනම අනුව කුඩා කොටස් වලට එක් කරන අතර එම කොටස් අහඹු ලෙස ප්‍රධාන් කණ්ඩායම් අට සඳහා තෝරගනු ලබයි. වර්ෂ 1998 දී සිට මෙම ප්‍රධාන කණ්ඩායමක් සඳහා යුරෝපීය ජාතික කණ්ඩායම් දෙකකට වඩා හෝ වෙනත් රාජ්‍ය සන්ධානයකට අයත් කණ්ඩයම් දෙකකට වඩා ඇතුල් කිරීම සීමා කරන ලදී.

කණ්ඩායම් ශ්‍රේණිගත කිරෙමේදී පහත කරුණු සලකා බලනු ලබයි.

1කණ්ඩායම් තරඟ සඳහා ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව 2 කණ්ඩායම් තරඟ සඳහා පවතින වැඩිම ගෝල වෙනස. 3 කණ්ඩායම් තරඟ සඳහා ලබාගත් වැඩිම ගෝල සංඛ්‍යාව 4 ඉහත ක්‍රියාපටිපටිය යොදා ගැනීමෙන් පසුවත් එක කණ්ඩායමක් හෝ ඉතුරුව පවතී නම් එම කණ්ඩායම් ස්‍රේණිගත ගත කිරීම් පහත පරිදි සිදු කරයි. 1එම කණ්ඩායම් අතර හෙ තරඟ සඳහා ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව 2 එම කණ්ඩායම් අතර හෙ තරඟ සඳහා පවතින වැඩිම ගෝල වෙනස. 3 එම කණ්ඩායම් අතර හෙ තරඟ සඳහා ලබාගත් වැඩිම ගෝල සංඛ්‍යාව 5 ඉහත ක්‍රියාපිලිවෙලද යෙදීමෙන් පසු තවදුරට කණ්ඩායම් ශ්‍රේණිගත නොවී ඇත් නම් දිනුම් ඇදීමක් මඟින් ඔවුන්ගේ ශ්‍රේණිය තීරණය කරනු ලබයි.

පිළිමළුන් පිටු දැකීමේ අදියරේදී ජාතික කණ්ඩායම් එකිනෙක කණ්ඩායම් සමඟ එක් වරක් බැඟින් තරඟ වදින අතර මෙය කණ්ඩායම් ඉවත් කිරීමේ තරඟාවලියක් වේ. මෙහිදී ලබාගත් අතිරේඛ කාල සීමාවන් හා දණ්ඩණයන් අවශ්‍ය නම් ජයග්‍රාහකයා තීරණය කිරීම සඳහා යොදාගනී.ජයග්‍රාහී කණ්ඩායම් අනුශූරතාවය සඳහා තරඟ වදින අවස්ථාවේදී මෙය යොදාගනු ලබයි.එමෙන්ම මෙම ක්‍රමවේදයන් අර්ධ අවසාන පූර්ව තරඟ සඳහාද ,අවසාන පූර්ව තරඟ සඳහාද, තුන්වන ස්ථානය තෝර ගැනීම සඳහාද, අවසාන තරඟය සඳහාද යොදාගනු ලබයි


සත්කාරක රටවල්

[සංස්කරණය]

තෝරා ගැනීමේ ක්‍රියාවලිය

[සංස්කරණය]

අතීතයේ දී FIFA කොන්ග්‍රසය මඟින් පැවැත් වූ රැස්වීම් වලින් ලෝක කුසලාන සඳහා රටවල් තෝරා ගැණින. දකුණු ඇමරිකාව හා යුරෝපය ඉතා ඈතින් පිහිටි රටවල් 2ක් වීම නිසාත් ගමනාගමනය අපහසු වීම නිසාත් තරඟය පවත් වන ස්ථානය තීරණය කිරීම මත බේද ඇති කරවන්නක් විය. මෙයට උදාහරණයක් ලෙස උරුගුවේ පැවති ප්‍රථම ලෝක කුසලානයට යුරෝපියානු ජතීන් 4ක් පමණක් සහභගි වීම දැක්විය හැක. පසුව පැවැත් වූ ලෝක කුසලාන 2ම යුරෝපයේ පැවැත්විණ. 1938 පැවති FIFA ලෝක කුසලානය ආජන්ටිනාව සහ උරුගුවේ විසින් පිටු දකින ලදී.

1958 සිට ලෝක කුසලානයේ ඉදිරි පිටු දැකීම් හා මත බේද වැළැක්වීමට ඇමරිකාව සහ යුරෝපය අතර සත්කාරක රට, රටාවක් ලෙස වෙනස් වන ලෙස ආරම්භ කරන ලද අතර එය 1998 FIFA ලෝක කුසලානය තෙක් පැවතිණ. 2002 FIFA ලෝක කුසලානයට දකුණු අප්‍රිකාව සහ ජපානය විසින් සාමූහික ව සත්කාරකත්වය දක්වන ලද අතර එය එකම බහු සත්කාර තරඟාවලිය වන අතර ආසියවේ පැවති ප්‍රථම තරඟාවලිය යි. 2010 ලෝක කුසලානයේ දකුණු අප්‍රිකාව සත්කාරකත්වය දක්වන ලද ප්‍රථම අප්‍රිකානු ජාතිය විය. 2014 තරඟාවලියට බ්‍රසීලය විසින් සත්කාරකත්වය දක්වනු ලැබේ.

වර්තමානයේ FIFA හි විධායක කමිටුව විසින් සත්කාරක රට ඡන්දයකින් තෝරා ගනු ලැබේ. මෙය exhaustive ballot නම් වූ ප්ද්ධතියක් යටතේ සිදු කරනු ලැබේ. රටක ජාතික පාපන්දු සම්මේලනය සත්කාරකත්වයට පත් කිරීමේ ඉසව්වේ දී ඔවුනට ප්‍රබල ලංසු තැබීමකින් බලාපොරොත්තු වන අවශ්‍යතා සහ පියවර විස්තර කෙරෙන "සත්කාරක එකඟතාවය" FIFA වලින් ලැබේ. මෙහි දී ලංසු තැබීමේ සම්මේලනයට ද අපේක්ෂ්කයන්ගේ නිල තහවුරු කිරීම පෙන්වන ආකෘති පත්‍රයක් ලෑබේ. මෙයින් පසු FඓFඇ විසින් අදාළ රට සුදුසු දැ යි බැලීමට පරීක්ෂක කණ්ඩායමක් යවන අතර එහි වාර්තාවක් සපයනු ලැබේ. කෙසේ නමුත් අනාගත සත්කාරක රටවල් ප්‍රසිද්ධියට පත් කළ ස්ථානයේ උත්සවයක් පවත්වන ලද අතර 2018 හා 2022 දී පිළිවෙළින් රුසියාව සහ කටාර් දිනා ගත් හ.

2010 සහ 2014 ලෝක කුසලානයේ අවසන් තරඟාවලිය තෝරා ගනු ලැබූ ඒකාබද්ද රටවලට පමණක් සත්කාරකත්වය සඳහා ලංසු තැබීමට ඉඩ දෙමින් රාජ්‍ය ස්න්ධාන අතර කැරකෙමින් පවතී. මෙම ප්‍රතිපත්තිය දකුණු අප්‍රිකාව පරදා ජර්මනිය ජය ගැනීමෙන් ඇති වූ මත බේදයෙන් පසු 2006 තරඟාවලිය සත්කාරකත්වයට පත් කිරීමට හඳුන්වා දෙන ලදී.

ක්‍රියාකාරීත්වය

[සංස්කරණය]

බ්‍රසීලය සහ ස්පාඤ්ඤය හැර ජයග්‍රාහකයන් 8කින් 6ක් තම මව් බිමේ ක්‍රීඩා කරමින් ජය ගත් අතර බ්‍රසීලය 1950 තීරණාත්මක තරඟයෙන් දෙවන ස්ථානය ලබා ගනිමින් පරාජය වූ අතර ස්පාඤ්ඤය 1982දී තම මව් බිමේ පැවති තරඟයෙන් දෙවන වටයට ලඟා විය.1966දී එංගලන්තය1998 ෆීෆා ලෝක කුසලාන අවසන් තරඟය ප්‍රංශය ද ඔවුන්ගේ හුදෙක් කුසලාන පමණක් සත්කාරක ජාතීන් ලෙස ක්‍රීඩා කරමින් දිනා ගත්හ. උරුගුවේ(1930), ඉතාලිය(1934) හා ආජන්ටිනාව(1978) ඔවුන්ගේ ප්‍රථම කුසලාන සත්කාරක ජාතීන් ලෙසින් ක්‍රීඩා කරමින් දිනා ගත් අතර වෙනත් තරඟ වලින් ද ජය ගත්හ.

එමෙන් ම අනෙක් ජාතීන් ද ක්‍රීඩා වල සත්කාරකත්වය ගැනීමෙන් ජය අත් කර ගත්හ. සත්කාරක ජාතීන් ලෙස ක්‍රීඩා කිරීමෙන් ස්වීඩනය(1958දී දෙවන ස්ථනයා, චිලී(1962දී තෙවන ස්ථානයා, කොරියානු සමූහාණ්ඩුව(2002දී සතරවන ස්ථානයා සහ මෙක්සිකෝව (1986දී හා 1986දී පැවති අර්ධ අවසන් පූර්ව තරඟයා යන සියළුම රටවල් විශිෂ්ට ප්‍රථිඵල ලබා ගන්නා ලදී. මෙතෙක් පළමු වටයෙන්ම පරාජයට පත් වූ එකම සත්කාරක ජාතිය දකුණු අප්‍රිකාව යි.


සංවිධානය හා මාධ්‍ය ආවරණය

[සංස්කරණය]

ප්‍රථම වරට පාපන්දු ලෝක කුසලාන තරඟාවලියක් රූපවහහිනියේ විකාශනය කරන ලද්දේ 1954 දීය. අද වන විට එය ඔලිම්පික් තරඟාවලියද අභිබවමින් ලෝකයේ වැඩිම පිරිසක් නරඹන ක්‍රීඩා ඉසව්ව බවට පත්ව ඇත. වර්ෂ 2006 දී පැවැත්වූ පාපන්දු ලෝක කුසලාන තරඟවලිය නැරඹු ප්‍රේක්ෂක සංඛ්‍යාව බිලියන 26.29 ලෙස ඇස්තමේන්තු කර ඇත. අවසාන තරඟය පමණක් ප්‍රේක්ෂකයින් මිලියන 715.1 ක් පමන පිරිසක් නැරඹු බවට ගණන් බල ඇත.

එය ලෝක ජනගහණයෙන් නවයෙන් එකකට පමණ සමාන වේ.2006 ලෝක කුසලාන තරඟාවලිය සඳහා විවිධ රටවලින් පැමිණි ක්‍රීඩක කණ්ඩායම්, ක්‍රීඩා කිරීම සඳහා කණ්ඩායම් වලට බෙදීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින් මිලියන 300 ක් පමණ නරඹා ඇත. 1996 වර්ෂයේ සිට සෑම ලෝක කුසලාන තරඟාවලියක් සඳහාම ඊටම ආවේණික වූ ලාංඡනයක් පවතී.

ප්‍රථම ලෝක කුසලාන ලාංඡනය වනුයේ 1996 තරඟවලිය සඳහා තෝරගත් world cup willie ලාංඡනයයි. මෑතකදී සිට ලෝක කුසලාන තරඟවලි සඳහා ඒ වෙනුවෙන් විශේෂයෙන්ම නිර්මාණය කල පාපන්දු භාවිතා කරනු ලබයි.


ප්‍රතිඵල

[සංස්කරණය]

මේවාත් බලන්න : අවසන් FIFA ලෝක කුසලාන ලැයිස්තුව

වර්ෂය සත්කාරක රට ජයග්‍රාහකයන් ලකුණු දෙවන ස්ථානය තෙවන ස්ථානය ලකුණු සතරවන ස්ථානය Number of teams
1930
තොරතුරු

උරුගුවෙ
උරුගුවෙ 4–2 ආර්ජන්ටිනාව ඇ: එ: ජ: සටහන 1 යුගොස්ලාවියාව 13
1934
තොරතුරු
ඉතාලිය ඉතාලිය 2–1
(a.e.t.)
චෙකොස්ලෝවැකියාව ජර්මනිය 3–2 ඕස්ට්‍රියාව 16
1938
තොරතුරු
 ප්‍රංශය ඉතාලිය 4–2 හන්ගෙරියාව බ්‍රසීලය 4–2 ස්වීඩනය 16
1950
තොරතුරු
 බ්‍රසීලය උරුගුවේ සටහන 2 බ්‍රසීලය ස්වීඩනය සටහන 2 ස්පාඤ්ඤය 16/13

සටහන 3

1954
තොරතුරු
  Switzerland ස්වීට්සර්ලන්තය බටහිර ජර්මනිය 3–2 හන්ගෙරියාව ඕස්ට්‍රියාව 3–1 උරුගුවේ 16
1958
තොරතුරු
 Sweden ස්වීඩනය බ්‍රසීලය 5–2 [[File:Flag_of_ Sweden.svg|22px|link=]} ස්වීඩනය ප්‍රංශය 6–3 බටහිර ජර්මනිය 16
1962
තොරතුරු
සැකිල්ල:රටේ දත්ත Chile චිලී බ්‍රසීලය 3–1 චෙකොස්ලෝවැකියාව සැකිල්ල:Fb-big 1–0 යුගොස්ලාවියාව 16
1966
තොරතුරු
 England එංගලන්තය 4–2
(a.e.t.)
බටහිර ජර්මනිය පෘතුගාලය 2–1 සෝවියට් රුසියාව 16
1970
තොරතුරු
 Mexico බ්‍රසීලය 4–1 ඉතාලිය බටහිර ජර්මනිය 1–0 උරුගුවේ 16
1974
තොරතුරු
 බටහිර ජර්මනිය බටහිර ජර්මනිය 2–1 නෙදර්ලන්තය පෝලන්තය 1–0 බ්‍රසීලය 16
1978
තොරතුරු
 Argentina ආජන්ටිනාව 3–1
(a.e.t.)
නෙදර්ලන්තය බ්‍රසීලය 2–1 ඉතාලිය 16
1982
තොරතුරු
සැකිල්ල:රටේ දත්ත ස්පාඥ්ඤය ඉතාලිය 3–1 බටහිර ජර්මනිය පෝලන්තය 3–2 ප්‍රංශය 24
1986
තොරතුරු
 Mexico ආජන්ටිනාව 3–2 බටහිර ජර්මනිය ප්‍රංශය 4–2
(a.e.t.)
බෙල්ජියම 24
1990
තොරතුරු
 Italy බටහිර ජර්මනිය 1–0 ආජන්ටිනාව ඉතාලිය 2–1 එංගලන්තය 24
1994
තොරතුරු
 United States බ්‍රසීලය 0–0
(a.e.t.)
(3–2 pen.)
ඉතාලිය ස්වීඩනය 4–0 බල්ගේරියාව 24
1998
තොරතුරු
 France ප්‍රංශය 3–0 බ්‍රසීලය ක්‍රොයේෂියාව 2–1 නෙදර්ලන්තය 32
2002
තොරතුරු
 South Korea
සහ  Japan
බ්‍රසීලය 2–0 ජර්මනිය තුර්කිය 3–2 දකුණු කොරියාව 32
2006
තොරතුරු
 ජර්මනිය ඉතාලිය 1–1
(a.e.t.)
(5–3 pen.)
ප්‍රංශය ජර්මනිය 3–1 පෘතුගාලය 32
2010
තොරතුරු
 South Africa ස්පාඤ්ඤය 1–0
(a.e.t.)
නෙදර්ලන්තය ජර්මනිය 3–2 උරුගුවේ 32
2014
තොරතුරු
 Brazil ජර්මනිය 1–0
(a.e.t.)
ආජන්ටිනාව නෙදර්ලන්තය 3–0 බ්‍රසීලය 32
  • a.e.t.: after extra time
  • pen.: score in penalty shootout
Notes


කණ්ඩායම් වශයෙන් ලැබූ ජයග්‍රහණ

[සංස්කරණය]
Map of winning countries
  • බ්‍රසීලය: 5
  • ජර්මනිය:4
  • ඉතාලිය: 4
  • ආජන්ටිනාව: 2
  • උරුගුවේ: 2
  • එංගලන්තය: 1
  • ප්‍රංශය: 1
  • ස්පාඤ්ඤය: 1

ඉහලම ස්ථාන සතර කරා ලඟා වන කණ්ඩායම්

[සංස්කරණය]
කණ්ඩායම කුසලාන 2 ස්ථානය 3 ස්ථානය 4 ස්ථානය අවසන් වූ මුළු ගණන
බ්‍රසීලය 5 (1958, 1962, 1970, 1994, 2002) 2 (1950*, 1998) 2 (1938, 1978) 2 (1974, 2014) 11
ජර්මනිය^ 4 (1954, 1974*, 1990, 2014) 4 (1966, 1982, 1986, 2002) 4 (1934, 1970, 2006*, 2010) 1 (1958) 13
ඉතාලිය 4 (1934*, 1938, 1982, 2006) 2 (1970, 1994) 1 (1990*) 1 (1978) 8
ආර්ජන්ටිනාව 2 (1978*, 1986) 3 (1930, 1990, 2014) 5
 උරුගුවේ 2 (1930*, 1950) 3 (1954, 1970, 2010) 5
 ප්‍රංශය 1 (1998*) 1 (2006) 2 (1958, 1986) 1 (1982) 5
 එංගලන්තය 1 (1966*) 1 (1990) 2
ස්පාඤ්ඤය 1 (2010) 1 (1950) 2
 නෙදර්ලන්තය 3 (1974, 1978, 2010) 1 (2014) 1 (1998) 5
චෙකොස්ලෝවියාව# 2 (1934, 1962) 2
හන්ගරියාව 2 (1938, 1954) 2
ස්වීඩනය 1 (1958*) 2 (1950, 1994) 1 (1938) 4
පෝලන්තය 2 (1974, 1982) 2
ඕස්ට්‍රියාව 1 (1954) 1 (1934) 2
පෘතුගාලය 1 (1966) 1 (2006) 2
එක්සත් ජනපදය 1 (1930) 1
චිලී 1 (1962*) 1
ක්‍රොයේෂියාව 1 (1998) 1
තුර්කිය 1 (2002) 1
යුගොස්ලාවියාව# 2 (1930, 1962) 2
සෝවියට් රුසියාව# 1 (1966) 1
බෙල්ජියම 1 (1986) 1
බල්ගරියාව 1 (1994) 1
දකුණු කොරියාව 1 (2002*) 1
* = hosts
^ = includes results representing West Germany between 1954 and 1990
# = states that have since split into two or more independent nations[5]

විවිධ මහද්වීපික කලාප ලැබූ විශිෂ්ට ජයග්‍රහණ

[සංස්කරණය]

මෙතෙක් පැවති තරඟාවලි වලින් වාඩිම වාර ගණනක් අවසාන තරඟ සඳහා තේරී ඇත්තේ යුරෝපීය හා දකුනු ඇමරිකානු රටවල් වේ. එයින් තරඟ දහයක පමන ජය යුරොපීයන් ලබාගෙන ඇති අතර දකුනු ඇමරිකානුවන් තරඟ නවයක පමණ ජය ලබාගෙන ඇත. වෙනත් මහාද්වීප වලින් රටවල් දෙකක් පමනක් අවසන් පූර්ව තරඟ සඳහා සුදුසුකම් ලබා ඇත.ඒ 2002 දී ඇමරිකා එක්සත් ජනපදය හා කොරියානු ජනරජයයි. අප්‍රිකානු ජාතීන් ලබා ඇති හොඳම ජයග්‍රහණ වනුයේ අර්ධ අවසන් පූර්ව තරඟ සඳහා සුදුසුකම් ලැබීමයි.ඒ 1990දී කැමරුන්, 2002දී සෙනෙගල් රාජ්‍යය, 2010දී ගානාව යනාදී වශයෙනි.

දැනට ලෝක කුසලානය ජයග්‍රහණය කර තිබෙන රාජ්‍ය සංගම් වලට අයත් නොවන රටවල් වනුයේ බ්‍රසීලය, ආර්ජන්ටිනාව හා ස්පාඤ්ඤයයි. 1958දී යුරෝපයේදී,1970දී හා 1994දී උතුරු අමරිකාවේදී හා 2002දී ආසියාවේදී බ්‍රසීලය ජයග්‍රාහකයන් බවට පත් විය. 1986දී ආජන්ටිනාව, උතුරු ඇමරිකවේදී ලෝක කුසලානය දිනූ අතර 2010දී ස්පාඤ්ඤය අප්‍රිකාවේදී ලෝක කුසලානය දිනා ගන්නා ලදී. එකම මහාද්වීපයකින් පැමිනි කණ්ඩායම් පිට පිටම ලෝක කුසලානය ජයග්‍රහණය කල අවස්ථාවන් තුනක් ඇත. ඒ ඉතාලිය 1938, බ්‍රසීලය1968, ස්පාඤ්ඤය 2010දී හා නවතත් ඉතාලිය 2006දී වශයෙනි.

සම්මානයන්

[සංස්කරණය]

සෑම ලෝක කුසලාන තරඟාවලියක් අවසානයේදිම ලෝක කුසලානයට අමතරව ක්‍රීඩකයන්ගේ හා කණ්ඩායම් වල කුසලතා ඇගයීමට ප්‍රධාන වශයෙන් සම්මානයන් හයක් පිරිනමනු ලබයි.

  • මාධ්‍ය සාමජිකයන්ගේ ඡන්දයෙන් තෝරන හොදම ක්‍රීඩකයා සඳහා රන් පන්දු සම්මානය හා දෙවන හා තුන්වන ස්ථාන සඳහා පිරිනමන රිදී හා ලෝකඩ පන්දු සම්මානය.
  • වැඩිම ලකුණු රැස්කල ක්‍රීඩකයා සඳහ වන රන් සපත්තු සම්මානය හා දෙවන හා තුන්වන ස්ථාන සඳහ පිලිවෙලින් පිරිනමන රිදී හා ලෝකඩ සපත්තු සම්මානය.
  • හොඳම ගෝලරකින්නා සඳහා වන රන් අත් ආවරණ සම්මනය.
  • වයස අවුරුදු 21 හෝ ඊට අඩු හොදම ක්‍රීඩකයා සඳහා වන හොදම යොවුන් ක්‍රීඩකයා සම්මානය
  • සාධාරණ ලෙස ක්‍රීඩා කල හොදම කණ්ඩායම සඳහා පිරිනමන සාධාරණ ලෙස ක්‍රීඩා කිරීම සඳහා වන සම්මානය.
  • හොඳම විනෝදාත්මක කණ්ඩායම සඳහා වන සම්මනය.


වාර්තා හා සංඛ්‍යා ලේඛන

[සංස්කරණය]

වැඩිම වාර ගණනක් ලෝක කුසලාන තරඟ සඳහා තරඟ කල ක්‍රීඩකයන් ලෙස මෙක්සිකෝවේ ඇන්ටොනියෝ කාර්බජල් හා ජර්මනියේ ලෝතර් මැතිව්ස් යන ක්‍රීඩකයන් දෙදෙනා වාර්ථාවට හිමිකම් කියයි. මොවුන් දෙදෙනාම තරඟාවලි පහ බැඟින් ක්‍රීඩාකර ඇත. බ්‍රසීලයේ පේලේ තුන් වරක්ම ලෝක කුසලාන පදක්කම දිනා ගත් එකම ක්‍රීඩකයා වේ.(1958,1962 හා 1970)

මේ අතර තවත් ක්‍රීඩකයන් විසිදෙනෙකුම ලෝක කුසලාන පදක්කම දෙවරක් බැගින් දිනාගැනීමට සමත්ව ඇත.පවත්වා අති සියලුම ලෝක කුසලාන තරඟ වලින් වැඩිම ලකුනු රැස්කරගෙන ඇති ක්‍රීඩකයා වන්නේ බ්‍රසීලයේ රොනාල්ඩෝය. ඔහු ලකුණු 15 ක් රැස්කරගෙන ඇත.(1998-2006)

ලකුණු 14 බැඟින් රැස්කරගෙන ජර්මනියේ මිරොස්ලොව් ක්ලෝස්(2002-2006) හා බටහිර ජර්මනියේ ගේඩ් මුලර් යන දෙදෙනා දෙවන ස්ථනයේ පසුවේ. වැඩිම ගෝල රැස්කල ක්‍රීඩකයන් අතර හතරවන ස්ථානයේ රැඳී සිටින ප්‍රංශයේ ජස්ට් ෆොන්ටේන් එකම තරඟයකදී වැඩිම ගෝල රැස්කල ක්‍රීඩකය වේ. එම තරඟයේදී ඔහු රැස්කල ගෝල සංඛ්‍යාව 13 කි.(1958)

ක්‍රීඩකයෙකු මෙන්ම ප්‍රධාන පුහුණුකරු ලෙස ක්‍රියාකරමින් ලෝක කුසලානය දිනගත් ක්‍රීඩකයන් දෙදෙනා වන්නේ බ්‍රසීලයේ මාරියෝ සැගලෝ සහ ජර්මනියේ ෆ්‍රන්ස් බෙකන්බෙවර්ය. 1958 දී හා 1962දී සැගලෝ ක්‍රීඩකයෙකු ලෙසද 1970දී ප්‍රධාන පුහුනුකරු ලෙසද ලෝක කුසලනය ඩිනගන්න ලදී.බෙකන්බෙවර් 1970දී නායකයා ලෙසද 1990දී ප්‍රධාන පුහුනුකරු ලෙසද ලෝක කුසලනය දිනා ගැනීමට දායක විය.

සියළුම ජතික කණ්ඩායම් අතුරින් වැඩිම ලෝක කුසලන තරඟ සංඛ්‍යාවක් ක්‍රීඩා කර ඇත්තෙ ජර්මනියයි. වැඩිම ලෝක කුසලාන ගෝල සංඛ්‍යාවක් රැස් කල රට වන්නේ බ්‍රසීලයයි. ඒ ගෝල 210ක් ලබගනිමිනි. මෙම කණ්ඩායම් දෙකම සහභගී වූ එකම තරඟය වන්නෙ 2002දී පවති ලෝක කුසලාන අවසන් මහා තරඟයයි.


මේවාත් බලන්න

[සංස්කරණය]


සටහන් හා ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ "2006 FIFA වර්ල්ඩ් කප් බ්‍රෝඩ්කාස්ට් වයිඩර්, ලෝන්ගර් ඇන්ඩ් ෆර්දර් දෑන් එවර් බිෆෝර්". FIFA.com. Fédération Internationale de Football Association. සම්ප්‍රවේශය 11 ඔක්තොම්බර් 2009.
  2. ^ "ඉංග්ලන්ඩ් නැෂනල් ෆුට්බෝල් ටීම් මැච් No. 1". ඉංග්ලන්ඩ් ෆුට්බෝල් ඔන්ලයින්. සම්ප්‍රවේශය 19 නොවැම්බර් 2007.
  3. ^ "බ්‍රිටිෂ් පීඑම් බැක්ස් රිටර්න් ඔෆ් හෝම් නේෂන්ස් චැම්පියන්ෂිප්". එජන්සි ෆ්‍රාන්ස් -ෆ්‍රෙස්සේ. සම්ප්‍රවේශය 16 දෙසැම්බර් 2007.
  4. ^ එල්බෙක්, සොරෙන්; ස්ටොකෙමාන්ස්, කැරල් (26 ජූනි 2008). "ඉන්ටර්මීඩියෙට් ගේම්ස් ඔෆ් දි IV. ඔලිම්පියාඩ්". rec.sport.soccer Statistics Foundation.
  5. ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; successor නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි


ග්‍රන්ථනාමාවලිය

[සංස්කරණය]

Glanville, Brian (2005). The Story of the World Cup. Faber. p. 44. ISBN 0-571-22944-1.


බාහිර ඇමුණුම්

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ෆීෆා_ලෝක_කුසලාන&oldid=681002" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි