වොලොද්මියර් සෙලෙන්ස්කි
වොලොද්මියර් සෙලෙන්ස්කි | |
---|---|
Володимир Зеленський | |
![]() නිළ ඡායාරූපය, 2019 | |
6 වැනි යුක්‍රේනයේ ජනාධිපතිවරයා | |
තනතුර දරමින් 2019 මැයි 20 | |
අග්‍රාමාත්‍යවරයා | |
පූර්වප්‍රාප්තිකයා | පෙට්‍රෝ පොරොෂෙන්කෝ |
පුද්ගලික තොරතුරු | |
උපත | වොලොද්මියර් ඔලෙක්සැන්ඩ්‍රොවිච් සෙලෙන්ස්කි 25 ජනවාරි 1978 Kryvyi Rih, යුක්රේන සෝවියට් සමාජවාදී ජනරජය, සෝවියට් සංගමය (වර්තමාන යුක්‍රේනය) |
දේශපාලන පක්ෂය | ස්වාධීන[1] |
වෙනත් දේශපාලන සබැඳියා | සර්වන්ට් ඔෆ් ද පීපල් (2018–වර්තමානය) |
කලත්‍රයා | |
දරුවන් | 2 |
දෙමව්පියන් |
|
Residence | මැරීන්ස්කි මන්දිරය |
අධ්‍යාපනය | කීව් ජාතික ආර්ථික විශ්වවිද්‍යාලය (නීතිවේදී උපාධිය) |
රැකියාව |
|
අත්සන | ![]() |
වෙබ් අඩවිය | president.gov.ua/en |
වොලොද්මියර් ඔලෙක්සැන්ඩ්‍රොවිච් සෙලෙන්ස්කි (යුක්‍රේන: Володимир Олександрович Зеленський; උපත 1978 ජනවාරි 25) යනු යුක්‍රේන දේශපාලනඥයෙකු, හිටපු විකට නලුවෙකු සහ යුක්‍රේනයෙහි 6 වැනි සහ වර්තමාන ජනාධිපතිවරයා ද වෙයි.
උපතින් රුසියානු භාෂාව කතා කරන්නෙකු වූ සෙලෙන්ස්කි මධ්‍යම යුක්‍රේනයේ නිප්‍රොපෙට්‍රොව්ස්ක් ප්‍රාන්තයේ ක්‍රීවි රිහ් නගරයේ හැදී වැඩුනි. රංගන ක්ෂේත්‍රයට පිවිසීමට පෙර ඔහු කීව් ජාතික ආර්ථික විශ්වවිද්‍යාලයෙන් නීතිවේදය පිළිබඳ උපාධියක් ලබාගත්තේය. ඉන් පසු ඔහු ක්වාර්ටල් 95 නමින් නිෂ්පාදන ආයතනයක් නිර්මාණය කල අතර එමගින් චිත්‍රපට, කාටූන් සහ රූපවාහිනී කතා මාලා නිෂ්පාදනය කරන ලදී. ඉන් එකක් වූ 2015 සිට 2019 දක්වා විකාශය වූ "සර්වන්ට් ඔෆ් ද පීපල්" රූපවාහිනී කතා මාලාව විශාල ප්‍රසිද්ධියක් ලැබූ අතර, එහි යුක්‍රේන ජනාධිපතිගේ භූමිකාව සෙලෙන්ස්කි විසින් රඟපානු ලැබීය. එම කතා මාලාවෙහිම නමින් (සර්වන්ට් ඔෆ් ද පීපල්) 2018 දී දේශපාලන පක්ෂයක් නිර්මානය කෙරුනි. 2018 දෙසැම්බර් 31 වැනිදා සෙලෙන්ස්කි 2019 යුක්‍රේන ජනාධිපතිවරනයට ඉදිරිපත් වීමට අපේක්ෂා කරන බව ප්‍රකාශ කල අතර, ජනාධිපතිවරණයේ දෙවන වටයේදී 73.23% ක ඡන්දයකින් ඔහු ජනාධිපති බවට පත් විය.
- ↑ Зеленський Володимир Олександрович [Elections of the President of Ukraine 2019]. Central Election Commission (Ukraine) (යුක්රේනියානු බසින්). Archived from the original on 14 February 2022. සම්ප්‍රවේශය 10 March 2022.