කත්මන්ඩු

විකිපීඩියා වෙතින්
     කත්මන්ඩු නාගරික ප්‍රදේශය
     නගරයේ පිහිටීම
රට නේපාලය
සංවර්ධිත ප්‍රදේශ මධ්‍යම
කලාප බාග්මතී කලාපය
දිස්ත්‍රික්කය කත්මණ්ඩු
රාජ්‍ය නායකයා දැනට කිසිවෙක් නැත
වර්ගඵලය 50.67 වර්ග කිලෝමීටර් (19.6 වර්ග සැතපුම්)
උන්නතාංශය 1,400 මීටර් (4,593 ft)
     ජනගහණය (2009)
මුළු එකතුව 3,442,271
ඝනත්වය 67,935.1/වර්ග කිලෝමීටර් (175,951.1/වර්ග සැතපුම්)
වේලා කලාපය නේපාල (UTC+5:45)
වෙබ් අඩවිය නිල වේබ් අඬවිය

කත්මණ්ඩු යනු නේපාලයේ අගනගරය සහ විශාලතම නාගරික ප්‍රදේශය වේ. එම නගරය පිහිටා ඇත්තේ හිමාලයේ කත්මණ්ඩු මිටියාවතේය. එයට බද්ද වුනු තවත් නගර දෙකක් තිබේ. එය පටාන සහ ලාලිත්පුර ලෙස හඳුන්වයි. කිලෝමිටර 5 ක් ගිනිකොන දිශාවෙන්ද (පැරණි ගෘහ නිරමාණ ශිල්පයට අයත් නගරයකි) භත්තපුර් කි.මි 14 ක් හා නැගෙනහරින් ද පිහිටා තිබේ. එය K.T.M නොහොත් ට්‍රයිසිට් යනුවෙන් හඳුන්වයි. කත්මණ්ඩු නගරය මුහුදු මට්ටමේ සිට මි. 1400 ක් උසින් පිහිටා ඇති මේ නගරය, ගෝලාකාර හැඩයකින් ද යුක්තය. මධ්‍යම නේපාලයේ පිහිටා තිබෙන මෙම නගරය ප්‍රධාන කඳු හතරකින් වට වි ඇත. ඒ කඳු මුඳුන් නම් ගිවපුරිත පුල්චයිකු. නගුරජුන් සහ චන්ද්‍රගිරි නම් වේ. 2001 වන විට 6 71 846 ක ජනගහනයක් එහි වාසය කළේය. කත්මණ්ඩු දිස්ත්‍රික්කය සහ අවට දිස්ත්‍රික්ක තුනක ජනගහණ ඝනත්වය වර්ග කිලෝමිටරයට 97 දෙනෙක් පමණ වේ. එහෙත් කත්මණ්ඩු නගරය තුළ ජනගහන ඝනත්වය වන්නේ වර්ග කිලෝමිටරයට 13 500 ක් වේ. එය නේපාලයේ විශාලතම ජනගහන ඝනත්වය වන අතර සමස්ථ ජනයාගෙන් 20% ක් පිරිසක් හෙක්ටයාර් 5067 ක ජිවත්වේ. (අක්කර 12 520).

කත්මණ්ඩු නගරය නේපාල පෙඩරල් ප්‍රජාතාන්ත්‍රික සමුහ ආණ්ඩුවේ අගනගරය පමණක් නොවන අතර එය මධ්‍යම ප්‍රදේශයේ මුලස්ථානයද වේ. පරිපාලන කලාප 14 කින් සමන්විත සංවර්ධිත ප්‍රදේශ 5 කින් මේ නගරය මුල් තැන ගනි. එය මධ්‍යම පලාතේ කලාප 3 ක් වශයෙන් නම් කර තිබේ. එනම්, බග්මනි, නාරායනි, සහ ජනක්පුර් වේ. කත්මණ්ඩු නගරය බක්මති කලාපයේ පිහිටා තිබේ.


"https://si.wikipedia.org/w/index.php?title=කත්මන්ඩු&oldid=499869" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි