හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(හෝර්ටන් තැන්න වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, සොයන්න
මහඑළිය (හෝටන් තැන්න)
IUCN ප්‍රවර්ගය II (ජාතික වනෝද්‍යානය)
Srilankamountainforest.jpg
{{{float_caption}}}
{{{base_caption}}}
මහඑළිය
පිහිටුම Central province, ශ්‍රී ලංකාව
සමීපතම නගරය නුවරඑළිය
ඛණ්ඩාංක 6°48′N 80°48′E / 6.800°N 80.800°E / 6.800; 80.800Coordinates: 6°48′N 80°48′E / 6.800°N 80.800°E / 6.800; 80.800
වර්ග ප්‍රමාණය 3,160 hectares (12.2 sq mi)
සංස්ථාපනය 1969
පාලක ස්ථිතිය වන ජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව
World Heritage Site in tentative list 2006

මහ එළිය හෙවත් හෝටන් තැන්න වනාහී දෙස් විදෙස් කාගේත් නෙත් සිත් ආකර්ශනය කළ ශ්‍රී ලංකාවේ පිහිටි අති සුන්දර භූමියකි. ඉමක් දැකිය නොහැකි ගෝලිය වස්තුවක් වූ මෙය ජෛව විවිධත්වයෙන් මෙන්ම පුරා විද්‍යාත්මක වටිනා කම අතින් ද ඉතා විශේෂ අසිරිමත් වූ ජාතික වනෝද්‍යානයකි. ලෝකාන්තය සොයා යන ‍කෙනෙකුට අප රටෙ වෙනත් කිසිම පරිසර පද්ධතියක හමු නොවන අපූර්වතම හුදෙකලාවකින් යුත් සුන්දර තැනි තලාවක් හමු වෙයි. මෙම අති සුන්දර ජෛව විවිධත්වයෙන් යුතු වූ සීතල නුවර එළියේ පිහිටි වනෝද්‍යානය වනාහි හෝටන් තැන්නයි.


හෝටන් තැන්නේ පිහිටීම[සංස්කරණය කරන්න]

ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ පිහිටි එකම ජාතික වනෝද්‍යානය වන හෝටන් තැන්න මහ එළිය නමින් මුලින්ම හඳුන්වා ඇති අතර මෙය ලංකාවේ පිහිටි උසම තැනි තලා භුමිය යි. මුහුදු මට්ටමේ සිට මීටර් 1200-2300 පමණ උසින් මධ්‍යම කදුකරයේ පිහිටා ඇත. එසේම නොයෙක් විද්වතුන් ‍මෙය විවිධාකාරයෙන් අර්ථ දක්වා ඇත. එල්.සී කුක් (1930)නිරක්‍ෂිය වනාන්තර හා පහත් තණ බිම් කාණ්ඩයට ද, චැමිපියන් (1936) කදුකර වනාන්තර ලෙසට ද, චැප්ටන් (1947) නිවර්තන සදා හරිත වනාන්තර ලෙසට ද හදුන්වා ඇත.

පුරාවිද්‍යාත්මක වටිනාකම[සංස්කරණය කරන්න]

1920 දශකයේ ඉංග්‍රීසි ජාතික කපිතාන් විළියම් පිෂර් ,කර්නල් ඇල්බට් වොටිසන් යන දෙදෙනා විසින් මුලින්ම හෝටන් තැන්න සොයා ගෙන ඇත. එහෙත් මෙයට හෝටන් තැන්න යන නාමය ලැබී ඇත්තේ ශ්‍රීමත් හෝර්ටන් ආණ්ඩුකාරවරයාගේ සංචාරයෙන් පසුවයි. 1969 දී මෙම වනාන්තරය ස්වභාවික වනාන්තරයක් ලෙස නම් කරන ලදි.

හෝටන් තැන්න පිළිබඳ ව කරන ලද පුරාවිද්‍යාත්මක පර්යේෂණ දෙස අවධානය යොමු කළහොත් 1992 අරබණ ලද පර්යේෂණවලදී හෝටන් තැන්නේ අතීත පාරිසරික තත්වය ,දේශගුණික තත්වය ,හා පැළෑටි වල ඉතිහාසය කෙරෙහි අවධානය යොමු කර තිබුණි.කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ස්වීඩනයේ ස්ටොන්හොම් විශ්ව විද්‍යාලයේ චතුර්තක භූ ගර්භ විද්‍යා ආයතනය හා උත්සලා විශ්ව විද්‍යාලයේ විද්වතුන් එකතු ව මෙම පර්යේෂණ සිදු කරන ලදි.

ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ප්‍රේමතිලක මහතා සඳහන් කරන ආකාරයට මෙහි දී සොයා බලන ලද්දේ ලෝකයේ අවසාන ම අයිස් යුගයේ එනම් ප්ලයිස්ටොසීන යුගයේ ලංකාවේ පැවති පාරිසරික තත්වය පිළිබඳවයි. මෙහිදී අනාවරණය කර ගත් තොරතුරු අතර

  • වසර 20000 කට පමණ පෙර ලංකාවේ කඳුකර වැසි වනාන්තරවල ස්වභාවය
  • මීවනශාක වල තත්වය
  • මිනිසා ඇසුරේ වැඩුණ ශාක
  • ක්‍රි.පූ.8000 තරම් ඈත යුගයේ වගා කටයුතු

ආදිය පිළිබඳව ලත් තොරතුරු ලක් ඉතිහාසයට වැදගත්ය. මෙහි දක්නට ලැබෙන යෝධ මී වන හා මහ රත් මල ඉතා ඈත අතීතයේ සිටම පැවති ඒ වාය.

එමෙන්ම මීට වසර 9000 කට පමණ පෙර පරිසර උශ්නත්නය ඉහළ යාම නිසා වර්ෂාපතනය අධික වී විවිධ ස්ථානවල ඇති වූ ජලාශ හෝටන් තැන්නේ ද ඇති වූ බව සොයා ගැනුණී.මෙහි මධ්‍ය ශිලා යුගයේ (Mesolithc Man)මානවයා වාසය කළ බවත් ඔවුන් කෘෂිකාර්මික යුගයට පරිවර්තනය වූ බවත් මේ ආශ්‍රිතව කෙරුණ පර්යේෂණ වලින් සොයා ගෙන ඇත.එසේ ම හෝටන් තැන්න ‍‍ඓතිහාසික වශයෙන් ද ඉතා වැදගත් වූවකි.


ජෛව විවිධත්වය[සංස්කරණය කරන්න]

1992 දී සිදුකරණ ගද පර්යේෂණවලට අනුව මෙහි ශාක විශේෂ 101 ක් පමණ ඇත. ඉන් 49 ක්ම ශ්‍රී ලංකාවට පමණක් ආවේනික ඒ වාය. බහුතරයක් හෝටන් තැන්නට පමණක් ආවේනික ඒවා වීම විශේෂ වුවකි. ඇතැමුන් මෙහි පොදු ශාකය ලෙස වල් කදුරු (innamounonalifolium) හඳුන්වන අතර ඇතැමුන් දඹ (Syzygium ravolutum) යැයි පවසති. හෝටන් තැන්නේ ශාක ඝනත්වය එනම් හෙක්ටර්යාර එකක ඇති ශාක සංක්‍යාව 2.861 කි. මෙහි පක්ෂීන් විශේෂ 98 ක් ද ක්ෂීරපායින් විශේෂ 14 ක්,උභය ජීවීන් විශේෂ 16-20 ක් පමණ ද, සමනල විශේෂ 40 ක් ද දැනට හඳුනාගෙන ඇත.

මෙහි දක්නට ලැබෙන පක්ෂීන් අතර


මෙහි වෙසෙන තවත් ජීවීන් කහිප දෙනෙක්


Hortan Plains.jpg

මෙහි වනාන්තරය දෙස අවධානය යොමු කළ හොත් එම වනාන්තර කුරු වනාන්තර වල ස්වභාවය දරයි. එය එසේ වී ඇත්තේ එම ප්‍රදේශයේ ඇති දැඩි සුළඟට ඔරොත්තු දිය හැකි වන පරිදිය.විශේෂයෙන් ජූනී මාසය වන විට පැයට කිලෝ මීටර 31 ක පමණ වේගයෙන් සුළඟ හමන බව පැවසේ.මෙහි ශාක සාමාන්‍යයෙන් මීටර 12-15 ක් පමණ උසට වැඩෙන අතර ගස් මුදුන කුඩයක හැඩයන් ගනු ලබයි.

හෝර්ටන් තැන්නේ ශාක ප්‍රජාව පිළිබඳ ව අවධානය යොමු කළ හොත් එහි භාර කාර ඒ.එච්. සුමනසේන මහතා මෙහි ශාක ප්‍රජාව ප්‍රධාන පරිසර පද්ධති හතරකට ගොනු කරයි. එනම්

  • විශේෂ අනන්‍ය වූ වනාන්තර
  • සදාහරිත මිශ්‍ර වනාන්තර
  • තෙත් පහත තෘණ භූමි හා වගුරු බිම්
  • ගංගා ධර ජලඦ පරිසර පද්ධති

මෙසේ ඉහත සඳහන් ආකාරයට පුරාවිද්‍යාත්මක මෙන්ම ජෛව විවිධත්වයෙන් ද ඉතා පොහොසත් වූ සොබා දහමේ අපුර්ව දායාදයක් මෙන් ම ලෝක උරුමයක් ද වන හෝටන් තැන්න රැක ගැනීම පරිසර හිතකාමී අප කාගේත් වග කීමක් ‍මෙන්ම යුතුකමක් ද වන්නේය.


  • හෝටන් තැන්නේ සොඳුරු දසුන් කිහිපයක්*

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය කරන්න]

ආශ්‍රිත ග්‍රන්ථ[සංස්කරණය කරන්න]

සරත් විජේසූරිය,පුරා විද්‍යාව

මිහිමඩල සඟරාව