බුදු දහම තුළ දෙවියෝ

විකිපීඩියා වෙතින්

බුදු දහම උප්පත්ති දේව,සම්මුති දේව,විසුද්ධි දේව ලෙස දෙවියන් ආකාර 3 කි.උප්පත්තියෙන් දෙවියන් වන දෙවියන් උප්පත්ති දේව වන අතර ඔවුන් වාසස්ථානය අනුව ආකාශථ භූමාටු ලෙසද බලය අනුව අල්පේශාඛය මහේශාඛ්‍ය ලෙසද දෘෂ්ටිය අනුව සම්‍යයක් දෘෂ්ටික සහ මිත්‍යා දෘෂ්ටික ලෙස බෙදේ.සම්මුති අනුව පාලනය කරන රජවරුන් සම්මුති දේව වන අතර විසුද්ධි දේව යනු බුදු පසේ බුදු මහරහත් වහන්සේලාය.මහා කම්ම විභංග සූත්‍රයට ඇතැමුන් බොහෝ යහපත් කර්ම රැස් කරගෙනද තවත් අය අඩුවෙන් යහපත් දේ කර දෙව්ලොව උපදිති.බුදු දහමට මිනිසුන් මෙන්ම දෙවියන්ද සසර සැරිසරන කොට්ඨාසයක් බවත් ඔවුන්ට අනිත්‍ය දුක්ඛ අනාත්ම වූ සංස්කාර වෙති.බුදු දහම නිර්මාණවාදී,ආත්මවාදී අදහස් ප්‍රතික්ෂේප කරයි.බෝසත් අවධියේ මෙන්ම බුද්ධ චරිතය තුළ දෙවිවරු උන්වහන්සේට සමග සම්බන්ධ වූ අවස්ථා බොහොමයක් ඇත.හින්දු ආගමේ ඉන්ද්‍රයා සහ බුදු දහමේ ඉන්ද්‍රයා හෙවත් ශක්‍රයාගේ බාහිර සමානකම් මෙන්ම චරිතයේ අසමානකම් බොහෝ ඇත.එසේ නමුත් සංයුක්ත නිකායේ සගාථ වග්ගයේ සක්ක සංයුක්තයේ සක්ක නමස්සන සූත්‍රයේ ශක්‍රයාට ඔහුගේ රියදුරු මාතලී ත්‍රිවේදත්‍රය හදාරන පොලෝතල වැසියෝද ක්ෂත්‍රියයෝද යසස් ඇති දෙවියෝ මුඹ වදිත්.එසේ වූ නුඹ වදින්නේ කාටදැයි අසයි.මෙහි එන ත්‍රිවේදත්‍රය හදාරන වැසියෝ යන පාඨයෙන් හින්දු ඉන්ද්‍ර සහ බෞද්ධ ඉන්ද්‍ර එක් අයකු බව පෙනී යයි.දෙවියන් කෙරෙන් සසර එතර වීමක් කෙරෙහි සරණ පැතීම බෞද්ධ දර්ශනය ප්‍රතික්ෂේප කරන මුත් ලෞකික ජීවිතය කෙරෙහි එය දේව පිහිට පැතීමක් ප්‍රතික්ෂේප නොකරයි.

"https://si.wikipedia.org/w/index.php?title=බුදු_දහම_තුළ_දෙවියෝ&oldid=491354" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි