Jump to content

උපුල්වන් දෙවියෝ

විකිපීඩියා වෙතින්

උපුල්වන් දෙවියන්

ශ්‍රී උත්පලවන්න දිව්‍ය රාජයා වූ කලී නිල් පැහැයක් ගන්නා උපුල් මලක පැහැය ගත් දේශීය දේවතාවෙකි. උන් වහන්සේ ලංකාරක්ෂක දේවතාවා ලෙසින් අතීතයේ මහ ජනතාව අතර ගෞරවයට පාත්‍රවූවෙකි.

ගෞතම බුදු රජාණන් වහන්සේ පිරිනිවන් මණ්චකයේදි මාගේ සසුණ වසර පන්දහසක් පුරා වැඩිම කාලයක් පවතින්නේ හෙළදීපයේ බැවින් එය ආරක්ෂ කිරීමේ වගකීම සක්‍ර දේවේන්ද්‍රයාට පැවරිය. එතුමා විසින් එය උපුල්වන් දෙවියන්ට පැවරූ බව කියවේ.

විවිධ විදේශික සතුරු විපත් වලින්ආරක්ෂා වීමට උපුල්වන් දෙවියන් සරණ ගිය බව දැක්වේ. ලක්වැසියන්ට මහත් ලැදිකමක් දක්වන මෙම දෙවියන් බෞද්ධ සම්‍යක්දෘශ්ඨික දේවතාවෙකි. සමන්, උපුල්, මහසෙන්, නාථ යන පැරණි ලාංකීය සතරවරම් දේව සංකල්පයට ඇතුලත් දේවතාවෙකි.

උපුල්වන් දෙවියන් වෙනුවෙන් මුහුදුකරයේ හැදූ දේවාලයන්ට නාවිකයන් පමනක් නොව ධීවරයින් පවා භාරහාරවූ විය.

උපුල්වන් දෙවිදුන් ගැන මුලින් ම සඳහන් වන්නේ දීපවංස, මහාවංස යන කෘතිවලය. බුදුන් වහන්සේ වදාළ මෙහෙවරින් සක් දෙවිඳුන් විසින් සිරිලක රැකුම උපුල්වන් වෙත පවරන ලදී. මේ අනුව විජය කුමරුන් මෙහි පැමිණි කල්හි උත්පලවර්ණ ඒ පිරිසට සියලු ආරක්ෂාව සලසා දුන් බව වංස කථා වාර්තා කරයි. ඉක්බිති, දීර්ඝ නිශ්ශබ්දතාවකින් පසු ඔවුන් ගැන සඳහන් වන්නේ සත් වන සියවස මැද භාගයේ දාපුලු සෙන් ( පලමු දප්පුල) රජු දවසය. උපුල්වන් දෙවි රත් සඳුන් කඳක වෙසින් දෙවිනුවර වෙරළට ගොඩ බට බව පැරකුම්බා සිරිතේ ද ජනප්රනවාදයේ ද වාර්තා වෙයි.දාපුලු රජු බදිරාලි විහාරය කරවා දෙවියන් පිදූ බව මහාවංශය කියයි. උපුල්වන් නමට කිහිරැළි යන කොටසක් එකතු වූයේ දෙවිනුවරට භාවිත කල ගිරිහෙළ යන නාමය නිසා හෝ ඛදිරාලේපනයක් එනම් කිහිරි ආලේපනයකින් නිල් පැහැ ගැන්වූ දේවරූපයක් නිසාවෙන්ද යන ලෙස මත පවතී.කිහිරැළි යන්න කිහිරෙළි, කිරැළි, කිරොළ යන රූපවලින් ද යෙදේ. පූර්වෝක්ත දාපුලු සෙන් රජුගෙන් පසු දඹදෙණි පරාක්රිමබාහු, යාපහු භුවනෙකබාහු, කුරුණෑගල පරාක්රිමබාහු යනාදි රජුන් සම්බන්ධයෙන් උපුල්වන් දෙවිඳුන්ගේ කටයුතු සඳහන් වී ඇත්තේය.මයුර ආදී සන්දේශ ලියවුණ ගම්පොළ - කෝට්ටේ යුගවල දී කවීන්ට මෙන් ම රාජමහාමාත්යාරදීන්ට ද මේ දෙවියන්ගේ ආරක්ෂාව හා අශිර්වාදය අවශ්යග වූ බව පැහැදිලිය.උපුල්වන් දෙවිඳු ගේ විකුම් වනන කොවුල් අසුන් කරුවා:- ‘විසේස වන විකුමෙන් සදිසි දිය බඳ’ යැයි පවසයි. දිය බඳ යනු, වෙන් (විෂ්ණු) දෙවියාට නමෙකි. ‘වෙසෙස් වූ රුපුන් මැඬීමේ සමත් කමින් වෙනු (විෂ්ණු) බඳු යැ’යි උපුල්වන් දෙවිඳු සඳහා කිමෙන් කොවුල් අසුන් කරුවා ගේ අවදියේ බුදුනුවන් උපුල්වන් දෙවිඳු වෙනු (විෂ්ණු) නො වන බව දැනැ සිටි තියා පෙනේ.එහෙත් ඊට ආසන්න යුගයකම ලියවුනු පහතරට සින්දු වන්නම්වල හා ගාලු ත්‍රිභාෂා ලිපිය තුල උපුල්වන් යනු විෂ්ණු ලෙස දක්වා තිබීමෙන් එකලද මේ එක් දෙවිකෙනෙකු ද යන්න ගැටලුවක්ව තිබී ඇති බව පෙනේ.

රයිගම් කෝරළයට අධිපති දෙවියන් ලෙසින්ද හදුන්වන්නේ උපුල්වන් දෙවියන්ය. ගොරකාන කන්දේ විහාරයේ, උඩගම දෙගන් තිලකාරාමයේ වැනි විහාරවල උපුල්වන් දේවප්‍රතිමා දක්නට ලැබේ. රයිගම් කෝරළයේ පුරාණතම උපුල්වන් දෙවොලක් කුඹුක පත්තුවේ ඔළබොඩුවේ පැවති බව කියවේ. මෙහි නටබුන්ද දක්නට ලැබේ.

දෙවුන්දර මහ උපුල්වන් දේවාලය පැවති අතර ආරම්භයේ පටන් එහි වූයේ බ්‍රාහ්මණ පාලනයකි.

උපුල්වන් දෙවියා ලංකාවට ආවේනික සමන් මහසෙන්, දැඩිමුණ්ඩ වැනි බෞද්ධ දේවතාවෙකි.ඇතැමුන් ඔහුට විෂ්ණු යැයි කීවද උපුල්වන් දෙවතාවා වෙනුවෙන්ම වෙන් වූ වෙනම දේශීය සාහිත්‍යක් ඇත. විශේෂයෙන් රයිගම් කෝරළයේ පවතී.

විශ්වාසය යනු එකකි. නමුත් සංකෘතිය නම් අනෙකකි. උපුල්වන් දේවතාවාගේ බැතිමතෙක් වුවද නොවුවද, උපුල්වන් දෙවියන් වටා හෙළ සංකෘතික දහරාවක් පවතී.

කිණිහිරි උපුල්වන් නමින් හැදින්වෙන්නේ එතුමාගේ ප්‍රතිමා අතීතයේ කිණිහිරි නම් ලී වර්ගයෙන් නිර්මානය කළ බැවින්ය. ඇතැම් විද්වතුන්ගේ මතය කිණිහිරි යනු රත්හදුන් බවය.

රයිගම් කෝරළයට අධිපති දෙවියන් ලෙසින්ද හදුන්වන්නේ උපුල්වන් දෙවියන්ය. ගොරකාන කන්දේ විහාරයේ, උඩගම දෙගන්තිලකාරාමයේ වැනි විහාරවල උපුල්වන් දේවප්‍රතිමා දක්නට ලැබේ. රයිගම් කෝරළයේ පුරාණතම උපුල්වන් දෙවොලක් කුඹුක පත්තුවේ ඔළබොඩුවේ පැවති බව කියවේ. මෙහි නටබුන්ද දක්නට ලැබේ.

සිද්ධාර්ථ බෝසතානෝ පාරමි පුරා බුදු බවට පත්වීමට ආසන්න බව තේරුම් ගත් වසවර්ථී දිව්‍ය ලෝකයේ මාර දිව්‍ය පුත්‍රයා භයානක රූපී සේනාවන් එවා උන්වහන්සේව බිය ගැන්වීමට උත්සාහා කළේය. මෙය කෙතරම් භයන්කාර ස්වරූපයක් ගත්තේද යත් පහළ දිව්‍යෙලෝකවල දෙවිවරු පලාගියහ. නමුත් එසේ පලානොගියේ උපුල්වන් දේවතාවා බව පැවසේ. ධර්මය කෙරෙහි කෙතරම් ලැදියාවක් පැවතියේද යත් බුදුන් වැඩසිටින සමයේ ජේතවනාරාමයේ මුර දේවතාවුන් දෙදෙනාගෙන් අයෙක් ලෙස සිය වාසස්තානය ලෙස තෙළඹු ගසක් තෝරාගත්තේය.

අනෙක් මුර දේවතාවා සුමන නම්විය. මෙම විශ්වාසය මත පංසල්වල විහාර ගෙයි බුද්ධ ප්‍රතිමා දෙපස සුමන සමන් දෙවියන්ගේ හා උපුල්වන් දෙවියන්ගේ ප්‍රතිමා ඇඹීම හෝ චිත්‍රණය කර තිබෙනු දැක ගත හැකිය.උපුල් සහ සමන් යන නාම දෙකම හෙළ බසෙහි මල් විශේෂ දෙකක් හැදින් වීමට යොදා ගනී. මෙම නාමයන් දරන දෙවිවරුන්ගේ ප්‍රතිමා හා චිත්‍රවල දෙවිවරුන් එම මල්වල වර්ණයෙක් වර්ණවත් කර ඇත.  

බුදුන් වහන්සේගේ පිරිණිවන් මංචකයේදී සිදු කරන ඉල්ලිම අනුව ශක්‍ර දේවේන්ද්‍රයා හෙළදිවත්, හෙළ ජාතියත්, සම්බුදු සසුණේ ආරක්ෂාවත් භාර ගන්නා උපුල්වන් දෙවිදු පිරිත් පැන් සහිත කෙණ්ඩියක්ද රැගෙන හෙළදිවට පැමිනේ. එදවස පටන් හෙළයේ වැසින්ගේ දුකට සැපට පිහිටවන බව විශ්වාසයයි. උපුල්වන් දේව වන්දනය රයිගම් කෝරළයේ ඇතුළු මායා රටේ ප්‍රචලිත විය.    

උපුල්වන් යනු විෂ්ණු යැයි මතයක් වුව ද සියළු පුද සිරිත් සහ සංකල්ප මතුබුදුවන උපුල්වන් දෙවියන් උදෙසාය. නමුත් නාමිකව හා ප්‍රතිමා ශිල්පයෙන් විෂ්ණු කරනය වී පවතී.

ගම්පළ ලංකාතිලක විහාරයේ විෂ්ණු හා උපුල්වන් දේව රූප වෙන වෙනම නම්කර දක්වා ඇත. එහි අරුත ගම්පල යුගය වන විටත් උපුල්වන් සහ විෂ්ණු යන දේව සංකල්ප ද්විත්වයක් ලෙස ද පැවති බවයි.

අතීත පංසල්වල බ්‍රහ්ම, විෂ්ණු, ශිව යන හිංදු ත්‍රිමූර්තිය සේම දේශීය දේවතාවන්ද යන කොටස් දෙකම සිටි බව ලංකාතිලක විහාරය,ගඩලාදෙණි විහාරය සේම ඒ විහාරයෙනහී සෙල්ලිපි තුලින්ද පෙනී යයි.             

කට යුතු ‍නිදෙස[සංස්කරණය]

ය ස ඟ පොරණැ ගුණ මිතුරනට කළ තමා

ස ස ඟ වුවත් උන් අත් පත් වේ යැ ඇමා

නි ස ඟ පුරුදු තම හට ඉන් කියනු කිමා

අ ස ඟ මඳක් ව-තෙපල තා සවන් නමා

ස ව් දිගු බිතැ කිරණව් යස උදුල් වන

සැ ව් බල පෑ එ දිනෙව් බුදු මඟුල් වන

දෙ ව් නුවරෙහි හට දෙව් රජ උපුල් වන

දෙ ව් මේ හසුන් මතු සව් සිරි විපුල් වන


මහත් තෙදැති පුල්වන් සුරිඳු මුල් කොට"-හංස සන්දේශය

"ලංකාවට අරකගත් කිහිරැලි උපුල්වන් දෙවි මහ රජ්ජුරුවන්වහන්සේ"-ලංකාතිලක සෙල්ලිපිය

"උත්පලවන්න දෙව් රජ්ජුරු සාමින් සන්තක කොට..."-දෙවිනුවර මහ දෙවොලේ රන් සන්නස

"සව් දිගුබිත කිරණෙව් යස උදුල්වන-සැව් බලපෑ එදිනෙහි බුදු මඟුල්වන"-මයුර සඳෙස

"පමා නොවී පැමිණෙත යුදට වසවතු-ත මා මැ සැව් බල පෑ සිටි නොබා සිතු"-කෝකිළ සඳෙස

උපුල්වන් දෙවියන් පිළිබඳ ඉහතින් කී සියලු සන්දේශ කාව්‍ය අනුව එතුමා ලෝකයාටම සෙත සලසන කල්ප වෘක්ශයකි. එතුමන් සිහි කල පමනින් හැම සම්පත්ති පහලවෙයි. සිහිනයෙන් දුටුවාක් මෙන් ඔහු පිරිපත දුරලයි,යස,තෙද නැණ,සැපත් ආසිරි ලබා දේ.

කෝකිළ සන්දේශය අනුව උන්වහන්සේ විශේෂ වූ වික්‍රමස්ථානයෙන් තුන්ලොව තුන් පියවර සමාරට මැන මහා බලි අසුරේන්ද්‍රයා පාතාලයට යැවූ ජයභද්‍ර නාරයනයන් හට සමානය. "විසේස වූ විකුමෙන් සදිසි දියබඳ"-කෝකිළ සඳෙස

උපුල්වන් සුරේන්ද්‍රයා යනු අසුරයන්ට එරෙහි දෙවියෙකි."රොසේ රැපෑ පෙර-අසුර කුරිරු මන් බිඳ"ලෙස කොකිළ සන්දේශය උපුලවන් දෙවිඳුන් පෙර අසුරයන්ගේ ක්‍රෑර වූ මාන්නය බිඳ දැමූ බව කියන අතර එයින් පෙනෙන්නේ උන්වහන්සේ පෙර පැවති(ධජග්ග සූත්‍රයේ හා සෘග් වේදයේ සඳහන්) සුර අසුර යුද්ධයේදි සුරයන්ගේ පක්ශය ගත් වීර දෙවියෙකු ලෙස මේ සියවල් තුලදි ලක්වැසියන් සැළකූ බවයි.එය කෝකිළ සන්දේශය තවත් මෙසේ විස්තර කරයි.

"පැහැති සිපත් මින් පටහළ කුමු පෙළ ද

නැමැති සක`වි උදු රුදු දිය සලා බද

දිගති නො`සළ දන්වා රද සෙන් මුහුද

නැවති මෙසුර රද වද නිය වෙලළ වැද"

මෙය සුර-අසුර යුද්ධයේදි උපුල්වන් දෙවිඳුන් අසුරයන් යටත් කරගැනීම හා දෙවිනුවර මහා දේවාලය අසල ඇති රළ නැගෙන මහා සමුද්‍රය එකට සංකලනය කල අලංකාර කවියකි. ප්‍රභාවත් වූ අසිපත් නමැති මත්ස්‍යයන් හා පලිස් නමැති කැස්බාවන්ද සහිතව චක්‍රායුධ නමැති ප්‍රචන්ඩ දියසුළිද සහිතව දිශාන්තයෙන් ගොඩබට දානව(අසුර.) රාජයන්ගේ සේනා නමැති මුහුද මේ සුරේන්ද්‍රයගේ පාදනඛ නමැති වෙරළට පැමින නතරවේ.මීට ඉතාම සමාන අදහසක් මයුරයේ 146 පද්‍යයද කියයි.

"දැඩියෙන් අසුරසෙන් යස ඇලුණා සෙයිනි-තෙවුනෙය සතන සරණත නියකැන් සිරිනි"අසුර සේනා උපුල්වන් සුරිඳුන් අභිමුව අවනතව වැඳ වැටුණෝය.එවිට ඔවුන්ගේ කීර්තිය උපුල්වන් දෙවිඳුගේ පාදයේ නියකැන් වල වැදීමෙන් එතුමාගේ පාදය නිතර බබලන බව මෙහි අදහසයි.

මෙසේ අසුරයන් පරාජය කිරීම නිසා සුර-අසුර යුද්ධයේ අසුරයන්ට නායකත්වය දුන් වේපචිත්ති (විප්‍රචිත්ති-පද්ම පුරාණය.) අසුරේන්ද්‍රයා උපුල්වන් දෙවිඳුන්ට බියෙන් අසුර භවනය පිහිටි ත්‍රිකූට පර්වතාභ්‍යන්තරයේ සැඟවී සිටී.

"විකු මට පසිඳු මොහු වෙපසිත් අසුර රද

දැකුමට බියෙන් සැඟවී බල කොට මෙරද

තිකු ළත වෙසෙයි හිතෙනුය වට කර නිරද"-කෝකිළ සඳෙස


"දුනු පෙර සුරන් ගනරන් දුනු සර දරව

දුනු පුල්වන් දෙව් රජ කුළ ගරු තරව"පරවි සන්දේශය -206 පද්‍යය

දීර්ග සාහිත්‍යක් පවතින උපුල්වන් දෙවියා වනාහී බුදු දහමට අනුකූල දේශීය දෙවිකෙනෙකි.

දෙව්නුවර හා උපුල්වන් දෙවියෝ

වේද ව්‍යසර මෙකුන් පුත් තේනුවරපෙරුමා හස්තිනා

හාද වී විත් දෙවුන්දර දෙවාලේ අධිපති වීමෙනා

පෑද සිත තම කොඩිය ඉරහඳ පෙරටුකර ආවා විනා

ඒ ද මානය එයින් සිව්කෝරළේ හට ඇන්නෑ හිනා

-සතර කෝරළේ ලේකම් මිටියේ කවියකි-

උපුල්වන් යනු උත්පලවර්ණ හෙවත් නිල් මානෙල් පැහැති යනුයි.ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා "උදක-පාල-වරුණ" යැයි ඒ නම නිරුක්ති කලද සියලු උපුල්වන් දේව ප්‍රථිමා සහ සිතුවම් මානෙල් මල් පැහැයෙන් තනා තිබීමත් ගම්පොළ යුගයේ මයුර සන්දේශය තුල උපුල්වන් දෙවිඳුන් "ගතිනුපුලේ" ලෙස වර්ණනා කර තිබීමෙනුත් උපුල්වන් යනු උත්පල වර්ණයෙන් යුතු දෙවියන් බවම පැහැදිලිවේ.

මෙම උපුල්වන් දෙවියන් පිළිබඳ මුල්ම වරට සඳහන්වන්නේ ක්‍රි.ව3-4 සියවස තර ලියවුනු දීපවංසයේය(පරි.7 ගාථා 5-9).ඒ මෙසේය; "දීපදෝත්තම සර්වඥයන් වහන්සේ වනාහී පරිනිර්වාන සමයෙහි...විජය නම් ක්ශත්‍රියයෙක් ලක්දිව රජ වන බව ප්‍රකාශ කල සේක.එසේ ප්‍රකාශ කල ඉක්බිතිව ඒ ශාස්තෘන් වහන්සේ "එම්බා කෝසිය(ශක්‍රය) තොප ලංකාද්වීපය රැක ගැනීමට උත්සහ ගැනීමෙහි පමා නොවේ වැයි" දේවේශ්වර අමතා පැවසීය.සුජම්පති නාම දාර ශක්‍රයා සම්‍යක් බුදුන්ගේ වදන් අසා උපුල්වන් දේවයන් හට ලක්දිව ආරක්ෂා කිරීමට කරුණු කීයේ ය.මහත් වූ සෘද්ධි ඇත්තා වූ ඒ උපුල්වන් දෙවි පුත් තෙමේ(දේව පුත්තෝ මහිද්ධිකෝ) සක් රජ වදන් අසා පරිවාර දෙවියන් සහිතව ලක්දිව ආරක්ෂාවට එලඹ සිටියේය."

5න සියවසේ රචිත මහාවංසයේදි මේ විස්තරය තවත් සංවර්ධනය කරමින්(පරි.7 ගාථා 5-9) උපුල්වන් දිවි‍ය පුත්‍රයා පරිබ්‍රාජක වේශයක් ගෙන ලක්දිවට ගොඩබට විජය කුමරුන් හමුවී ඔහු අත පිරිත් නූල් බැඳ පිරිත් පැන් ලබාදුන් බව සඳහන් වෙයි.

ක්‍රි.ව.8-9 සියවස්වල හෝ පරණවිතාන මහතා කියන පරිදි ක්‍රි.ව11 සියවසේය.සීරිසවත්ථු නගරයෙහි විවාහ මඟුලකට රැස්වුනු යකුන් නසා දැමීමට පෙර විජය උපුලවන් දෙවිඳුන්ගේ පිහිටාරක්ශාව යැද සිටි බව එහි මෙසේ කියයි. "පළමුව උපුල්වන් හට බලි කරමාන්ත කිරීමෙන් හා ආයුධ සෙලවීම ආදි තම සියළු පිළිවෙල නොයික්මවා කොට ඒ දිව්‍ය පුත්‍රයාගේ ආනුභාවයෙන්..." (ව.-19135-පිටු.260)මේ විස්තරයෙන් පැහැදිලිවන්නේ වංසත්ථප්පකාසිනීය රචනා වූ සමයේ තිබූ උපුල්වන් දේව විශ්වාසයයි.බලි කර්මාන්ත කිරීම,ආයුධ සෙලවීම ආදි යාග රටාවක් මගින් උපුල්වන් දෙවිඳුන් පිදීමට අනුරාධපුර යුගයේ ජනයා සිදු කල බව ඉන් ඔප්පුවේ.විශේෂයෙන්ම "සියලු වත් පිළිවෙත් නොයික්මවා"(නයංච සබ්බං අවිරජ්ජෙත්වා) යන මේ පාඨය මගින් උපුල්වන් දේව වන්දනාව පිළිබඳ පිළිගත් පිළිවෙත් සම්ප්‍රදායක් ගොඩනැගී තිබූ බව හෙලිවේ.ආයුධ සෙලවීම යාග රටාවට අයත් බැවින් මෙය යුධ ජයග්‍රහණ පතා සිදුකරන පූජා විදියක් වන්නටද ඉඩ ඇත.

ක්‍රි.ව660-661 අතර රුහුණේ රජකම් කල 1න දප්පුල රජ විසින් ඛදිරාලි විහාරය කරවා දෙවියන් පිදු බව මහාවංසය කියයි.මේ මහාවංස පාඨය පැහැදිලි කිරීමට තවත් මූලාශ්‍ර පසු පස යා යුතුයි:15න සියවසේ රචිත පැරකුම්බා සිරිතත්, අලුත්නුවර දේවාලය කරවීම යන ග්‍රන්ථයත්,තුඩුගල විසිදාගම බණ්ඩාරවලියත් දෙවිනුවර ප්‍රදේශයේ ජනප්‍රවාදත් අනුව දප්පුල රජ දවස මහා සමුද්‍රයේ සිට දෙවිනුවරට (ගිරිහෙළපුරට.) පාවි ආ උපුල්වන් දෙවිඳුන් අධිගෘහිත යැයි විශ්වාස කල සඳුන් කොටයකින් උපුල්වන් දේව රූපයක් කරවා දෙවිනුවර මහා දේවාලය ආරම්භ කල බව සඳහන් වෙයි.ඛදිර දේහලී වංශෝද්භූත...-යන්නත් කිහිරැලි හෙවත් මාගධි ඛදිරාලි පදයත් උපුල්වන් දෙවිඳුන්ට නිතර යෙදුනු අභිදානයෝය.මේ සියල්ල සැලකූ කල ඉහතින්ම දැක්වූ මහාවංස සටහනින් මේ කියන්නේ දෙවිනුවර දෙවොලේ ආරම්භය ලෙස දෙවියන්ගේ නමින්;කිහිරැලි/ඛදිරාලි නමින් විහාරයක් සහ දේවාලයක් ඉදිවීම බව පෙනී යයි.උපුල්වන් දෙවිඳුන් උදෙසා දෙවිනුවර ආරම්භ වූ මේ මහා දේවාලය මෙම දේව ඇදහිල්ල සමාජය තුල ව්‍යාප්ත වීමට බලපෑ ප්‍රබලතම සංසිද්ධියයි.

මෙයින් කාලාන්තරයකට පසු දඹදෙණියේ අභිසෙස් ලැබූ 2න පරාක්‍රමබාහු රජු උපුල්වන් දෙවොල සම්පූර්ණ ප්‍රති සංසකරණ්යකට ලක් කොට ඇසළ පෙරහැර පැවැත්වීමට නියෝග කල බව මහාවංසය කියයි(පරි-83 ගාථා-85-89).මේ යුගයේදීද පෙර විජය රජ මෙන් යුධ ජයග්‍රහණ පතා උපුල්වන් දෙවියන්ට පුදපූජා පැවැත්වූ බව වීරබා ආදිපාද චන්ද්‍රභානු හා කල යුධයෙන් ජයගෙන කල උපුල්වන් පූජාවෙන් පෙනේ(පරි-81 ගාථා-36-47).

බලි යාග හා පූණමඩු හා උපුල්වන් දෙවි හා බැදි ජනශ්‍රැති

බලි ශාන්තිකර්මයේ උපත ගැන  බටුගම්පළ සුනිල් ප්‍රේමලාල් මහතා දක්වන්නේ අපූරු කතාවකි. සිංහලයේ පළමු රජු ලෙසින් මහාසම්මත මනු රජුව සිංහලේ ගම් නියෝජනය කළ ගමරාලලාගේ සම්මේලනයකදී මහාසම්මතයෙන් පත්කර ගනී. එතුමාගේ බිසව වන්නේ උපුල්වන් දෙවියන්ගේ නැගනිය වූ මැණික්පාලියයි. අතිශය රූමතියක්වූ මෑ ගැන සය දෙව්ලොවේම කීර්තිය පතලව තිබින. වසවර්තියට අධිපති මාරයාද ඇය ගැන සිතක් පහළවී තිබිණ.

නමුත් ඇය මහාසම්මත මනු රජුට අයත්වීම නිසා ඉරිසියාවෙන් ලෝකයට අණ සහ විණ එවූ බව කියැවේ. මේ අණවිණ වලින් ගැලවෙන්නට මගක් ඇදුරන් සොයන විට ඉසිවර දෙවියෝ නොයිදුල් සළුවක් හා පුහුලක් ඉල්ලා සිටියෝය. බලි ශාන්ති කර්මය හා පූණමඩු ශාන්තිකර්මය මෙලොවට කියාදුනි.


උපුල්වන් දෙව් රද වැනුම්- මයුර සංදේශය


134. සැ දූ සඳෙව් යස සිරි11 පිරිසුදු සු දු

මු දු කුලුණු සිලිලින් සිලිලඳු බ ඳු

මි දූ ගිමන් වන් නව මේ රදූ රු දූ

ව ඳු සුරිඳු සඳ දිය12 සෙත යෙදූ උ දූ

135. සිරි ලත පැවැරු11 හැගි පුරඳර දැරැ14 මුඳුනි

සැදු තෙද දළ උදුළ සියපා15 සිය සෙයිනි

එ සුරිඳු පැළැදි රන් මිණි ගිහිණි කිරුළිනි

සෙලඳුන් සුනිල් මතැ සිහ රද රඳන16 වැනි

136. ගති නුපුලේ පැහැ ගත හිමි නළල් තෙලේ

රැඳැ17 නිමලේ රන් පට වොරඳනෙකතුසේ18

උදු සුනිලේ ගන පැහැන’වල ගන වෙලේ

කිව විදුලේ කිම දිළියෙනු ද ඇම කලේ

1.තනවන(ගු) 2.උන් 3.කරවත 4.කතුන්(ගු) 5.පැතුරුණු 6.අඹුවන්නේ(ගු) 7.නළුවන්නේ(ගු); ලේවට රගන නෙක නළුවන්නේ (දි) 8.රූ රැය සීලස කැනතෙන වන්නේ(ගු); සීලසයෙන් තෙත ලන්නේ(ද)9.පව්තුට 10.දුටුවන්නේ11.දිය 12.පද ලොව(ගු) 13.පවර 14.ගෙන 15.සිය පත 16.සුදුල් වර සිහ රද රැඳුණු(දි) 17.රැද 18.රදන ඇම කලේ

137. සුර’ඹ නෙතා මින් ඇදි බිළි පෙළ වැ1 ගතා

දෙ බැම ‍ලතා2 සිරි දැකැ උලෙළ කැලුමැතා

සහස නෙතා සැවු සරි නො වත විළි සිතා

පෙනෙන ඉතා කලෙකිනි නො දිසැ ගිය අතා

138. අ න ත යු රේ රිසි යැදි යැදි සතන් කෙරේ

ඉ සු රු ත රේ දෙන බැලු මතිනි3 නොවිතරේ

ව න ත තු රේ පුරනුව නෙතට4 එක’යුරේ

ක ව ර ව රේ මේ සිරි දිසි ද ඉඳුවරේ

139. දිලි රත්5 තෝඩු යුග රිවි මඬලෙකි වෙතළ6

හිමි මුව තඹරැ ඉන් ඇම කල් සිරි දිසිළ

එත එක රිවි දුරිනි පුබුදින සිනැ දි කෙළ7

සියපත් නේ පත් ගඳ ගුණ සිය8 අසිතසළ9

140. අ ත ළ10 කුලුණු දිය පිරි උර විලැ11 වතළ

ල ක ළ දිමුතු මුතු වැළ වම් තරඟ වැළ

අ ස ළ නුර’ඹ නරඹන ලොළ නුවන් පෙළ

එ ර ළ12 ඇතුළැ පැයි පැනැ කෙළන මින් රළ12

141. යු ග බා සොඳුරු විසිතුරු සිරි සුලබාය

සු ර ‘ඹා ගෙලෙහි පළදන මන පොලඹාය

ස සොබා සිනිඳු ඉඳුවර දම් පසු බාය

නොතබා වනත හොත් අනත ද කර බාය

142. සිරි කමලේ වන්14 රඳනුයෙනි නිති නෙළේ

වත විපුලේ දෙත15 උර බිතැ බියෙනැලැළේ16

ඉති අතුලේ නම් පද’රුතනුරූ17 කළේ

හිමි අතුලේ සිරි සරි කෝ ද මේ ලේ තුළේ18

1.පෙළෙව්(ගු) බැඳි වන් නිලිපුලෙයි(දි) 2තදෙ මළ කතා 3.බැලුමකිනි (ගු) 4.වනන්තුරේ සර නුවනතට 5.රන් 6.රිවි යුග ‍මඩලෙන් වතුල(ගු) රිවි යුග මඩලෙකි වෙතළ 7.එක රිවි දුරින් යන පුබුසුන දින සියල(ගු) එක රිවි දුරිනි යන පුබුදන නෙක කමල(දි) 8.තුන්සිය සැට(ගු)නඳ නිති සිය(දි) 9.ගුණෙන සල(දි) 10.අතුල 11.උර බිතැ 12.එ දල(ගු) 13.ලකල ම්න් රැලය පැයි කෙළෙන රල වැල(දි) 14.මෙන් 15.වැණ(ගු) 16.රුතින් ඇලේ(ගු) සතත් ඇලේ(දි)බියෙන් ඇලේ17.නන් සදරුත් දැරු කලේ(ගු)18 මෙ තුන් කලේ(ගු).

143. ළ ක ල් කලුන්1 නරඹන නෙත් කැලුම් බර

සි ලි ල් වමන තුනු යටියට නැඟි පවර

සුනි ල් වසා ලිය යට වටැ රැඳි නිතොර

වි ම ල් සොඳුරු තෝ තැන්නෙකි නැබ ගැඹර

144. දිය සෙත නියුත හිමි උර බිතතුරුල්පත2

නිරතුරු උතුරුවනුතුරු කුලුණු බර’නත3

උසුලන බැවින් ලෙළ සිතු වලහින්4 සතත

ගත5 රැළි සෙයන් තුන් විලි දිසිනේ එ මත6

145. පසිඳු සිඳුරු කර සිදුරැ යි දුරැ ම තමා

සොඳුරු සිනිඳු රසුදුළ යුවළ දඟ7 තමා

උසස පෙදෙස සිහිනැ යි යනු අඩුව8 තමා

මොනර කර යැ සරි නම්9 යම්තමත් තමා

146. සිරි කත මතිනි මුත10 මලිගිය මල’යුරිනි11

පැහැ රළ පැහැරැ නැඟි තුනු යිඳු මුතු ලෙසිනි

දැඩියෙන් අසුර සෙන් යස ඇලුණා සෙයිනි

තෙවුනේ යැ සතත සරණත නිය කැන් සිරිනි

147. වි ‍ ස් මය කැරැ දුටු සඳැ නො මැ ඇරෙන ලොබා

තොස් වඩවන රූ රස සමුදුරෙයි පබා

ඇ ස් පිල් පෙළ දිටු තට නො කළ කලැ බඹා

ඇ ස් දෙකෙකින් නැරැඹියැ හැකි ද ඇති සුබා

148. සුරනිඳු කුලුණු සඳ යදි සිඳු වැන්නේ යැ

සිහි කළ සඳැ යැ ඇම සිරි පමුණන්නේ යැ

සිහි‍නෙන් දුටෙව්13 පිරිපත දුරු ලන්නේ යැ

යස තෙද සුව නුවණ14 ආ සිරි දෙන්නේ යැ

1.වරඹ(ගු() 2.බිත රතුරු පත(ගු) බිත තුරේ පත(දි) 3.වත කුළුණේ බර අනත(ගු) 4.වලඟෙහි(දි) 5.ගණ(ගු) ගන(දි) 6.දිමුත 7.දග යුගට 8.වෙසෙස (ගු) 9.කර ද සරි වත(ගු) කර ම සරි වෙය(දි) 10.මත ද්රපමුත 11.මල් සෙයිනි 12.සතක දිය සෙත මුල් වන්නේය(ගු) සෙත දෙන්නේය(දි) 13.දුට ද (ගු) 14. නැණ සැපත්.

149. සිතු මණි සුරබි ළඟ

නෙ වත කිව කිවි කෙ ලෙසේ

සිතු යුරු සුර ඉසුරු හිමි1

සිරි දෙනු වනනු කුම් සේ2

150. කු ළි න් කුළැ තුඟු සුනෙර හිය ගිරි මුඳුන

මු ලි න් මුලැ නඳුනුයන කප් රුක් සදන3

තෙරි න් තෙරෙහි සුර ගඟැ සුර’ඟන රඟන4

තෙනෙන් තෙන5 ඉති කියති යස ගී නදින6

151. සෙත යදි සක් හට දෙන දිගු බිතැ ඉසිරි7

පිරි මුලු සක් වළැ පුල් සුරිඳු යස සිරි

ලෙස වෙසෙසක් කැරැ8 නත නා හටත් සරි

වත දහසක් තව ලදුවත් වනත9 බැරි

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=උපුල්වන්_දෙවියෝ&oldid=442771" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි