සිල්ලාහි ජින්දොක්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
සිල්ලාහි ජින්දොක්
හංගුල්진덕여왕
හංජා眞德女王
සංශෝධිත රොමානුකරණයජින්දොක් යෝවං
මෙකන්–රයිෂවර්චින්දෝක් යෝවං
කොරියාවේ රජවරු
සිල්ලා
(එක්සත් කිරීමට පෙර)
  1. හ්යොක්ගොසේ ක්‍රි.පූ. 57 – ක්‍රි.ව. 4
  2. නම්හේ 4–24
  3. යුරි 24–57
  4. තල්හේ 57–80
  5. පාසා 80–112
  6. ජිමා 112–134
  7. ඉල්සොං 134–154
  8. අදල්ලා 154–184
  9. බොල්හ්යු 184–196
  10. නේහේ 196–230
  11. ජොබුන් 230–247
  12. චොම්හේ 247–261
  13. මිචු 262–284
  14. යුර්යේ 284–298
  15. ගිරිම් 298–310
  16. හ්‍යුල්හේ 310–356
  17. නේමුල් 356–402
  18. සිල්සොං 402–417
  19. නුල්ජි 417–458
  20. ජබි 458–479
  21. සෝජි 479–500
  22. ජිජ්‍යුං 500–514
  23. බොප්හ්‍යුං 514–540
  24. ජින්හ්‍යුං 540–576
  25. ජින්ජි 576–579
  26. ජින්ප්යොං 579–632
  27. සොන්දොක් 632–647
  28. ජින්දොක් 647–654
  29. මුයොල් 654–661

සිල්ලාහි ජින්දොක් රැජින (රාජ්‍ය සමය. 647-654) යනු කොරියාවේ තුන් රාජධානිවලින් එකක් වූ සිල්ලා රාජධානියේ විසූ රාජ්‍ය පාලනය කළ රැජිනියන් අතුරින් අයෙකි. ඇය විසින් 647 සිට 654 දක්වා සිල්ලාවේ රාජ්‍ය පාලනය මෙහෙයවන ලදී. ඇය සිල්ලා රාජධානියේ 28වන රාජ්‍ය පාලකයා වූ අතර එම රාජ්‍යයේ විසූ දෙවන රාජ්‍ය කරන රැජිනිය ද විය. ඇයට පෙර රාජ්‍ය විචාළ ඇගේ පූර්වප්‍රාප්තික සොන්දොක් රැජින එරට පළමු රාජ්‍ය කරන රැජිනිය වූවා ය. ඇගේ රාජ්‍ය සමයේ සිල්ලා රාජ්‍යය චීන ටෑං රාජ මාලිගය හා මිත්‍රව අසල්වැසි බෙක්ජේ රාජ්‍යය සමග ගැටුම් ඇතිකරගත්තේ ය. එසේම ටෑංහි ගඔෂොං අධිරාජයා වෙත කවියක් ලිවීම සම්බන්ධයෙන් ඇය ප්‍රසිද්ධියට පත් වූවා ය.[1]

රාජ්‍ය සමය[සංස්කරණය]

සොන්දොක් රැජිනගේ මරණින් පසු සිල්ලා රාජධානියේ සිහසුනට පත් ජින්දොක් රැජින සිල්ලාවේ දෙවන රාජ්‍ය කරන රැජිනිය වූවා ය. සිල්ලාවේ අනන්‍ය කුල ක්‍රමයේ ඉහළම කුලය වූ සොංගොල් කුලයේ අවසන් රාජ්‍ය පාලකයා වූයේ ද ඇයයි. ඇග් සැබෑ නාමය ස්‍යුංමන් යන්නයි. ඇගේ පියා වූ කිම් ගුක්බන්, ජින්ප්යොං රජුගේ බාලම සොහොයුරා වූ අතර, ඇගේ මව වොල්ම්යොං ආර්යාව නම් වූවා ය.[2] ඇගේ සත් අවුරුදු රාජ්‍ය පාලන සමය තුළ, ජින්දොක් රැජින ප්‍රධාන වශයෙන්ම සිය අවධානය යොමුකළේ රාජ්‍යයේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳවයි. කිම් යුෂින් නැමැති සෙන්පතියාගේ ආධාර ඇතිව ඇය සිල්ලා රාජ්‍යයේ ආරක්ෂාව ශක්තිමත් කිරීමට සමත් වූ අතර, ටෑං චීනය සමග ඇගේ රාජධානියේ සම්බන්ධතා ද වැඩි දියුණු කිරීමට උත්සාහ ගත්තා ය. මෙම උත්සාහයන් පසුකලෙක තුන් රාජධානි (සිල්ලා, බෙක්ජේ, සහ ගොගුර්යෝ) එක්සත් කිරීමට පදනම දැමූයේ යැයි කීම අසත්‍යයක් නොවේ.

මීට අමතරව ඇය විසින් පුම්ජු බදු එකතු කිරීමේ ක්‍රමය පුළුල් කරන ලදී.[3]

ජින්දොක් රැජිනගේ සොහොන ග්යොංජු නගරයේ කඳු ගැටයක් මත පිහිටා ඇත. ඇතැම් ඉතිහාසඥයන් මෙම ස්ථානය සැබැවින්ම ජින්දොක් රැජිනගේ සොහොන වේ දැයි සැක පහළ කරති. සම්ගුක් සගි නැමැති ඓතිහාසික ග්‍රන්ථයේ සඳහන් වන්නේ ඇයව භූමදාන කෙරුණේ සර්යංබු නැමැති ස්ථානයේ බවයි. මෙම ස්ථානය ඉහත සොහොන පිහිටි ස්ථානයට විරුද්ධ පිහිටුමක පිහිටා ඇත.[4]

උරුමය[සංස්කරණය]

887දී ජොංගං රජු මිය යමින් සිටින විට, රජු විසින් සිය සොහොයුරිය වූ සිල්ලාහි ජින්සොං රැජිනව සිය අනුප්‍රාප්තිකයා ලෙස නම් කළේ ය. මේ සඳහා සිල්ලාහි සොන්දොක් රැජින සහ ජින්දොක් රැජින වැනි රැජිනියන්ගේ සාර්ථක රාජ්‍ය සමයයන් පූර්වාදර්ශයක් වන්නට ඇත.

මේවාත් බලන්න[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

  1. කොරියානු අධ්‍යයන ඇකඩමිය: සම්ගුක් සගි, වෙළුම 5 (පිටුව දක්නට නැත)
  2. කොරියානු අධ්‍යයන ඇකඩමිය: සම්ගුක් සගි, වෙළුම 5 (පිටුව දක්නට නැත)
  3. ලී, බේ-යොං (2008). විමෙන් ඉන් කොරියන් හිස්ට්‍රි. එව්හා වුමන්ස් යුනිවර්සිටි ප්‍රෙස්. පි. 141. 
  4. සංස්කෘතික උරුම පරිපාලනය, සිල්ලාහි ජින්දොක් රැජිනගේ සොහොන

මූලාශ්‍ර[සංස්කරණය]

  • ලී, බේ-යොං (2008). Women in Korean History. එව්හා වුමන්ස් යුනිවර්සිටි ප්‍රෙස්. 
සිල්ලාහි ජින්දොක්
 මරණය: 654
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තික වූයේ
සොන්දොක්
සිල්ලාවේ රැජින
647–654
අනුප්‍රාප්තික වූයේ
මුයොල්
"https://si.wikipedia.org/w/index.php?title=සිල්ලාහි_ජින්දොක්&oldid=405225" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි